tag:blogger.com,1999:blog-1352090076257654442024-03-05T14:49:23.249+05:30...මල් මිටියාවත ......මල් මිටියාවත ...
නිදහසින් පියඹමු නෙක තුරුලිය මැද්දෙන් ...Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-135209007625765444.post-14544279090015000382015-11-27T15:43:00.000+05:302015-11-27T15:43:04.651+05:30පොඩි පුතාගේ නෝනා ලියූ කවි හෙමිහිට කලුවර එනකොට

නුබත් එන්න රෑ වෙනකොට

පුත් කුමරුත් දොයියනකොට

මසිත දුවයි අතීතයට....

සරසවියෙදි මුන ගැහුනට

දෙසිත් ප්‍රේමයෙන් බැදුනට

අපිට අපිව ගැලපුනාට

විරොදේ ගෙයින්....

ඇයි මොකද්ද මගේ අඩුව

කියන් නගේ අඩු පාඩුව

ඉහට අරන් නුබත් කඩුව

ඇහුව සින්හලෙන්...

කාලය හෙමිහිට යනකොට

අපි එකහිත සුරකිනකොට

දෙයියො මූණ බලල යසට

මනාපෙ දුනි මව් ඔහු හට...

මංගල සීනුව හඩවා

ගමටම මගුලක් කියවා

පෝරු මස්තකේ හිදුවා

මා මනමාලිය වූවා...

කාසි පනම් හිග උනාට

අගහිගකම් බෝ උනාට

කල යුතු යුතුකම් ඕසෙට

තිබුනි අප වටේ ...

පඩිපත අත ගෑවෙනකොට

ඇමතුම එනවා ඔහුහට

අම්මට අක්කට නන්ගිට

ඊට ඉව තිබේ....

අක්කට මනමාලයා

සදුදා එනවා කියා

කපුවා ගියෙ දැන් කියා

පුතු ආවොත් වෙයි ශ්‍රියා...

පුංචි මල්ලි මේ අහපන්

පොඩි ලෝන් එකක් දීපන්

අපි ගැන පොඩ්ඩක් හිතපන්

මේ උදව්ව මට කරපන් ...

අය්යා මට අර කෝස් ය

උපාදියත් බාහිරින් ය

ඔක්කෝටම මෙච්චරයි ය

හෙට එව්වොත් මහ පිනක්ය

පුතේ නුබට ලියා දෙන්න

අප්පච්චි හිතා උන්න

මහගෙදරට ඇවිත් යන්න

නිවාඩුව තියෙයි ?

ගේ දිරලා යන හින්දා

පොඩි අක්කා පැල් බැන්දා

මෙව්වා අහලා මන්දා

පුතාට වෙයිදෝ නින්දා

පරණ කාර් මොටද පුතුට

අලුත් කාර් එකක් ගන්ට

පුතු දුන් එක තාත්තාට

මල්ලි අරන් රවුන් යන්ට

මයෙ පුතු හරි වාසනා

ලේලි පොඩ්ඩ හරි මනා

ඔබ සැම දෙන යන එනා

මග පිපේලු මල් හිනා

එහා ගෙදර ඩොටී නැන්ද

මාසයකුත් විතර කැන්ද

ගෙන ගෙහුන්ලු පුතා නන්ද

මාත් ආස නැද්ද මන්ද

හාමුදුරුවො පන්සලේ

අහනව නුබ සැම වෙලේ

චයිත්තියට පන්සලේ

දායක මම වෙමි මලේ

පුතාගෙ නම කියවනකොට

යකඩ කටින් ගමේ උන්ට

ආඩම්බරකමට ඔන්න

පොරොන්දු උනි හදා දෙන්ට

Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com9tag:blogger.com,1999:blog-135209007625765444.post-7181660867778176852013-03-06T13:52:00.000+05:302013-03-06T13:52:50.555+05:30ඔබ එන්න සෙනේහෙන් මල් තුහින වගේ - සිත් මලට වැටී
ඔබ එන්න මගේ ලොව කරා සෙනේහෙන් ..
බලා සිටිමි ඒ කෙදින කියා ...

දින සතිද ගෙවී - සිත් මල වියැකී
ඔබ එන්න එපා මා නොසිටීවී ...
පවන ලෙසින් නොව මේඝ වලා සේ
මගේ ලොවට තව කෙනෙක් වඩීවී ...
සෙනෙහස නැතිමුත් මා ඉවසාවී ...

මල් තුහින වගේ - සිත් මලට වැටී
හනික එන්න මා කරා සෙනේහෙන් ...
බලා සිටිමි ඒ කෙදින කියා ...

හිරු පිපෙන වෙලේ - සදු එබෙන වෙලේ
ඔබ හිදී මගේ හද ගැබට එබී
අපේ අහස් කුස නුඹට අයිති වුව
තවත් අයෙකුගේ රැස් විහිදේවී
සෙනෙහස නැතිමුත් මා ඉවසාවී ...

මල් තුහින වගේ - සිත් මලට වැටී
හනික එන්න මා කරා සෙනේහෙන් ...
බලා සිටිමි ඒ කෙදින කියා ...Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com11tag:blogger.com,1999:blog-135209007625765444.post-40564581970687328452012-07-16T13:55:00.000+05:302012-07-16T13:55:05.658+05:30චින් චින් ගේ සිහිනය - කවියෙන්යාලුවනේ මේ අහන්න
පොඩ්ඩක් මට සවන් දෙන්න
පුංචි කතාවක් කියන්න
අද සැරසෙන්නේ ...

හැමදාමත් අපි ලිව්වට
රසට රසේ රස වින්දට
පුංචි පැටව් ගැන නෑ නොව
කවි ලියැවෙන්නේ ...

ඒ බව මොහොතකට සිතා
ලියනෙමි අද සිගිති කතා
පුංචි කලදි මා රස විදි
චින් චින්ගේ සිහිනේ ...

චින් චින් හරි පොඩි ළමයෙකි
හැබැයි හරිම දග කෙල්ලෙකි
අම්ම කියන දේ නාහන
හුරතලයට හැදී වැඩෙන ...

කිසිම වැඩක් ඈ නොකරයි
සපත්තු වුව අම්ම දායි
පාසල් යන්නටද හොරයි
සෙල්ලම පමණී ...

බලු තඩියෙක් තුරුලු කරන්
පූස් නැට්ටා ළගට අරන්
අම්ම බෙදන බත් පිගාන
උන්ට කවන්නේ...

බත් ටික දෙනවලු බල්ලට
මාලු කූරියා පූසට
එළවලු ටික තාරාවට
චින් චින් හරි අපූරුවට ...

දවසක් දා මේ විදියට
සතුන්ට කන්නට දීලා
ඈ මේසය මත වැටිලා
පාවී යනවා දැනුනා ...

අනේ හරිම ලස්සනයිනෙ
බැලුම් ගොඩක් තියෙන්වානෙ
මං පාවී යනවානේ
චින් චින් සිතුවා ...

හිටි හැටියෙම එක පාරට
බැලුම් පිපිරි ඈ පහලට
වැටෙන්න යනවිට හනිකට
කූරෙක් එයි ඇගේ පිනට ...

කූරා ඇය රැගෙන යසට
ගස් මල් අතරින් හෙමිහිට
යනවා කුරුමිණි ලෝකෙට
හරිම ලස්සනයි ...

රතු කලු මුසු වුණු කුරුමිණි
කොයි කවුරුත් එකතු වෙලා
චින්චින් වෙනුවෙන් දැමුවා
ලොකුම සාදයක් ...

ලොකු කුරුමිණි හාමි ඇවිත්
රගමුකො රැගුමක්ය කියා
චින් චින් හා කැරකි කැරකි
නටන්න ගත්තා ...

කුරුමිණියා නටනවාලු
කැරකි කැරකි නටනවාලු
චින් ට කලන්තේ හැදිලා
බිමටම ඇද වැටෙනවාලු

ඈ හට දැන් හරි ලැජ්ජයි
නින්දක් වත් ඈට නොයයි
කුරුමිණියන් කියන කතා
අහගෙන හිටියා ...

චින් හරි කම්මැලියි නේද?
නටන්නවත් බැරිලු නේද?
අම්ම කියන දේ වත් ඈ
ගනන් ගන්නේ නෑලු නේද?

ඊලග දින උදෑසනම
ඉබ්බා මත ඈ නැග්ගම
කොහෙදෝ සිට ආ ගෙම්බා
විහිලුවක් කලා ...

ගෙම්බෝ කට වහගෙන හිටු
මට පුලුවනි දුවල යන්ට
එහෙම කියා චින් දුවගෙන
යන්ට දැගලුවා ...

ඉබ්බා හා ගොලුබෙල්ලා
ඈ පසුකරගෙන ආවා
චින් තාමත් බඩ ගාගෙන
එන්ට තනනවා...

පළා ගිරව් ජෝඩුවක්ම
වැටී සිටින චින් දැකලා
මී පුරයට අරන් ගොසින්
මී පැණි දුන්නා ...

මී මැස්සෝ කඩිසර ලෙස
පැණි පිරවූ පුංචි බදුන්
අතින් අත යවයි හනිකට
මී වදයක් හදා ගන්ට ...

පැනි බදුනක් ගත් චින් චින්
ඊලග මැස්සට දුන්නා
දැන් චින් ළග බදුන් ගොඩයි
චින්ට තෙහෙට්ටුයි ...

පය ලිස්සා ඈ වැටුණා
මකුලු දැලක ඈ රැදුණා
හනික නැගිට හිස් බදුනට
පා පහරක් එල්ල කළා ...

පෙරලි පෙරලි ඒක ගියා
ආයෙත් හුළගට ආවා
ඈ බයවී දුව එනවා
බදුනත් පස්සෙන් එනවා ...

දැන් දැන් අහසෙන් වැටේවි
හිස් බදුනට පිට රිදේවි
චින් චින් යටිගිරියෙන් මෙන්
උදව් ඉල්ලුවා ...

දවල් දැක්ක මේ හීනෙන්
චින් ඇහැරෙනවා
හීනෙ මතක් වන හැමවිට
ඈ බයවෙනවා ...

එදා පටන් චින් ළමයා
කීකරු වෙනවා
තනියම ඇදුමුත් ඇදගෙන
ලෑස්ති වෙනවා ...

උදේ කෑම ඇය තනියම
හොදහැටි කනවා
පූස්, තාරා බලු පැටවුන්
බලා ඉන්නවා ...

Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com24tag:blogger.com,1999:blog-135209007625765444.post-8500600807586080002012-07-05T10:17:00.000+05:302012-07-05T10:17:01.641+05:30සුබම සුබ උපන් දිනයක් !!!"බෑ මට අදනම් රෑට ගෙදර කොහොමටවත් ඉන්න බෑ..."

වේදනාව වැඩි තැන මං කිව්වෙ ගෙදර ඉදල රෑ අමාරු වුණොත්...

"ඔයාට අමාරුම කියල හිතෙනවනම් අපි යමු.. ඒත් දැන් ගියොත් ඔය බබා ලැබෙන්න එන අමාරුව නොවුනත් නවත්ත ගන්නව හවස නිසා.. ඇදක් හෙම නැතිඋනොත් කොහොමද ඉන්නෙ? ඒ නිසා කෝකටත් කියල අපි තව ටිකක් බලමුද?"

"හා එහෙනම්... "

එයා කෝකටත් හොදයිනෙ කියල වාහනේ ගේට්ටුවෙන් එලියෙ නැවැත්තුවා.. මොකද ඒ වෙනකොට අපි හිටපු කුලී ගෙදර මහල් ඔක්කොගෙම පවුල් කීපයක් හිටිය.. එන එන පිළිවෙලට වාහන නැවැත්තුවම ආයෙ ඒව ගන්න ගියාම හරිම කරදරයි.. රෑට වාහන හොලවන්න ගෙවල් ඔක්කොටම ගිහින් අයිතිකාරයින්ව ඇහැරවන්න ඕනෙ..

"එයාලව ඇහැරවල වාහනෙ ගන්නකොට බබා ලැබෙයි"

එයා වාහනෙ එලියෙන් දාල එනින් ගමන කිව්ව... එක එක ජාතියෙ හුරතල් සත්තු මහල තිබුනු පොඩි ඇදුම් ගොඩාරියක් දාල තිබිච්චි ලොකු බෑග් එක එයා ආයෙත් ඇරියා..

"ආයි අදින්න එපා... දැන් පොඩි වෙනවත් එක්ක" මං කිව්ව...

ඒවයෙන් එක එක අරගෙන ආයෙ මදින්න ගත්ත එයා... අයන් එකටත් වඩා පුංචි ඇදුම් පොඩි ඉඹ ඉඹ එයා අයන් කරනව මට අද වගේ මතකයි...

"හරි ඔක්කොම තියෙනව.."

බෑග් එකේ සිප් එක වහන ගමන් එයා කිව්ව...

දැන් එයාගෙයි මගෙයි ඇදුම් අයන් කරන්න ගත්තා රෑ යන්නවත් උනොත් කියල...

රෑ නින්දෙ උන්නු මං එකපාර්ම ඇහැරුණා.. මේ හොස්පිට්ල් යන්න වෙලාව.. මට ඉවෙන් වගේ තේරුණා..

"මේ අයියෙ, යං දැන් යං... " මම හොදටම බයවෙලා... දාඩිය වැක්කෙරෙනව... වෙලාව පාන්දර තුනයි පහයි...

දඩිබිඩියෙ මං ලෑස්ති උනා...

බුදු පහනට තෙල් දාල පහන පත්තුකරල ඉල්ලුවා කරදරයක් නැතිව මගෙ දරු පැටිය මේ ලෝකෙට එන්න කියල...

"අනන්ත වේදනා විදිමින්, ඔබේම මහන්සියෙන් මේ ලෝකෙට ඔබේම කිරිකැටියා ගෙන ඒම ඔබ මෙලොවදී ලබන උපරිම සතුට බව හැමවිටකදීම මතක තබාගන්න... "

ගමේ ක්ලිනික් එකෙන් නොමිලේ දුන්නු පොතේ තිබිච්චි වාක්‍යක් මතක් උනා.. හිත ධෛර්යමත් කරගෙන එලියට බැහැල අපෙ මරුටියට ගොඩ උනා...

"ඔච්චර වේගෙන් යන්න එපා... එච්චර අමාරුවක් නෑ... " එයා සැරින් සැරේ මං දිහා බලනව...

අපේ ආර්ථිකේ හැටියටත්, ගොඩක් අයගෙන් ලැබිච්චි උපදෙස් අනුවත් අපි රජයේ ඉස්පිරිතාලෙක තමා රෙජිස්ටර් උනේ... මහත්තයගෙ අක්කත් දොස්තර වරියක්.. එයා තමා කිව්වෙ බය නැතිව රජයෙ ඉස්පිරිතාලෙකටම යන්න කියල...

ඉතිං විනාඩි දහයකින් අපි ඉස්පිරිතාලෙ...

නම ලියා ගන්න ඒව එහෙම කරගෙන මාව වාට්ටුවට ඇතුළ් කලා.. අනිත් ලෙඩ්ඩු වගේ නෙවි, බඩදරු අම්මලව ඉක්මණට වෝඩ් එකට දානව අවදානම නිස... එයා කාර් එකට වෙලා.... මං ඇවිදිනව එහාට... මෙහාට...

හිතුව වගේම ඇදක් තිබුනෙ නෑ...

"දැන් ඩොක්ටර් එයි බලන්න, අම්ම ඔතන වාඩිවෙලා ඉන්න.." ඉක්මණට එන්න දෙවියනේ මං යැද යැද හිටිය....

ඈතින් ඔලුව කස කස ඇස් පිහද පිහද එක ගෑනු කෙනෙක් ආව... ත්‍රී ක්වාට කලිසමක් ඇදල...

"කවුද දැන් ගෙනාවෙ?"

නර්ස් කෙනෙක් මාව පෙන්නුව...

"ආහ් බලමු... "

මගේ දරුවගේ පිහිටීම එහෙම බාහිරින් පරීක්ශා කරන ගමන් ඩොක්ටර් මට බනින්න ගත්තා...

"මොකක්ද අම්මෙ ඇයි දන්නැද්ද මේක මේ බබා ලැබෙන්න එන ලක්ශණයක්ද ? ලාබ්ලා ලා............................................... "

ඒ ලස්සන දොස්තරවරිය මට බනිනවා.. ඒ අතරේ ඇස් කසනවා.. නිදිමත ඇති ...

ඇත්ත තමා කාටද නිදිමත නැත්තෙ පාන්දර තුන පහු උන විතරනෙ...

"හරි දැන් අම්ම උදේ වෙනකන් ඔහෙ වාඩිවෙලාවත් ඉන්නකො, ඇදනුත් නෑනෙ... "

"හා ඩොක්ටර්.. " වේදනාවනම් උපරිමයි, ඒත් දොස්තර නෝනා කියනවනම් වරදින්න ඇත්තෙ මට කියල මං හිතුවා...

කාත් කවුරුවත් ළග නොහිටපු හින්දා මහත්තයා ගමේ උන්නු එයාගෙ දොස්තර අක්කට ආරංචිය දීල... උදේ ලෙඩ්ඩු බලන වෙලාවට ආපු වෙලාවෙ එයා කිව්වෙ දැන් දැන් ලගම එයාල එනව ඇති කියල..

තාම ඇදක් නෑ... මං පුටුවකට වෙලා කොන්දට අතක් තියාගෙන වේදනාවෙන්..

ලෙඩ්ඩු බලන වෙලාව ඉක්මනින්ම ඉවර උනා.. එයා ගියා.. කොන්දට අත තියාගෙන එහාට මෙහාට ඇවිදින අම්මලා අතරෙ මාත් එක්කෙනෙක් උනා, එන්න එන්න වේදනාව වැඩි මිසක අඩුවක් නම් උනේ නෑ... හිටිහැටියේ එක පාරම අම්ම කෙනෙක් වේදනාවෙන් කෑගහනකොට කට්ටිය දුවගෙන ඇවිත් ට්‍රොලියකට දාගෙන අරගෙන දුවනවා...

කන්නත් බෑ ඒත් දරුව වෙනුවෙන් නොකාත් බෑ.... පුටුවෙ ඉදලා අමාරු වෙනකොට පොඩ්ඩකට තව අම්ම කෙනෙක්ගෙන් ඇද පොඩ්ඩක් ඉල්ලගෙන හාන්සි වෙලා ටිකකින් ආයි එයාට දෙනවා..

"කීය ගියත් කමක් නැ, ප්‍රයිවට් හොස්පිටල් යන්න තිබුනෙ" ඒ අතරෙ මගෙ හිත කියනවා....

"රජයෙ ඉස්පිරිතාල තමා හොදම, බය නැතුව යන්න නංගී.... මාත් එන්නංකො... " මගෙ නෑනා කලින් ඉදන්ම එහෙම කියලා තිබුණා.. ඒත් දැන්නම් මට ඒ තීරණෙ වැරදියි කියා හිතිලයි තිබුනෙ.. හැම කෙනෙකුටම එහෙම නෙවෙයි වෙන්න ඇති.. ඒත් මටනම් එපාම උණා...

දවසත් හෙමීට ගෙවිලා ගිහින් රාත්‍රිය උදා වුණා.. වේදනාවනම් හරිම අසාමාන්‍යයි, දොස්තර මොනා කිව්වත් මට හිතෙන්නෙම බබාට එලියට එන්න ඕන වගේ.. මං අමාරුවෙන් ආයෙත් නර්ස් නෝනා කෙනෙකුට කිව්වා.. දැන් ආවෙ පිරිමි දොස්තර කෙනෙක්, ඒ පිටිපස්සෙන් අර ලස්සන දොස්තර නෝනත් ආව...

"හා, අම්මේ ඔයාට එච්චර අමාරුවක් නෑනෙ, අපි හෙට ටිකට් කපන්නම්, මේ ලගමනෙ ඉන්නෙ ඕනෙ වුණොත් ඉක්මණට එන්න බැරිය නේද ! "

මං හිතුවෙ මගෙ දරුවත් අරගෙනම යන්න පුලුවන් කියලා, ඒත් ඉතින් දොස්තර මහත්තුරු අපිට වඩා දන්නවනෙ.. එහෙනම් හෙට ගිහින් ආයෙ අමාරු වෙනකොට එනවා... දොස්තර මහත්තයා මාව පරීක්ශා කරනකන් ණයට ඉල්ල ගත්තු ඇද අයිතිකාරයට දෙන්න ඕනෙ හින්දා මං ඇදෙන් බහින්න ලෑස්ති උනා විතරයි. මට සුර ලෝකෙන් වගේ මගෙ නෑනගෙ කටහඩ ඇහුනා..

"ඩොක්ටර්, මං ...................... , අහවල් හොස්පිටල් එකේ .............,, මගෙ නංගි ඉන්න්වා බලන්න ආවෙ... "

"එයා මාව දැක්කෙ නැ, නමුත් මට කදුලුත් පැන්න... "

"බොහොම හොදට අපේ අක්කව පිළිගත්තු දොස්තර නෝනයි මහත්තයයි හිනාවෙලා මෙහෙම කිව්වා.."

"මෙයාද නංගි, අපි බලමුකො එහෙනම් මෙයාගෙ ටෙස්ට් එකක් කරල... ලා බ්ලාඅ..... ඉක්මන් කරලා බහින්නකො කෙල්ලෙ... "

හෙහ් මට දොස්තර මහත්තයා කෙල්ලෙත් කියනවා.. මටම හිනා...

අක්කත් ඉස්සරහ ඉද්දිම මාව පරීක්ශා කරපු දොස්තර කිව්වෙ ඉක්මණින්ම මාව ලේබර් රූම් යවන්න ඕනෙ කියල..

මට හරිම කේන්තියක් ආව දොස්තර ගැන. දැන් පොඩ්ඩකට කලින් මාව ගෙදර යවන්න හිටපු දොස්තර මේ.. වෙලාවට අක්ක ආවෙ,,, නැත්නම් ඒ රාත්‍රියෙ මං කොයිතරම් අපහසුතාවයට පත්වෙන්න තිබුණද ! අක්කටත් ඒ බව තේරුනා, එයත් දොස්තර කෙනෙක් ඒත් ඒ වගේ නොසැලකිලිමත් එක්කෙනෙක් නම් නෙවෙයි...

ලහි ලහියේ අක්කගෙ උදව්වෙන් අවශ්‍ය කාර්යයන් ඉක්මණින්ම කරගත්තු මාව ලේබර් රූම් එකට දැම්ම...

කෝම කෝමහරි තව පැය කීපයක් යනකොට ඒ සුන්දර මල් කැකුල මගේ ලෝකෙට ආව. ඉතින් ඒ ලස්සන මොහොත සිදුවෙලා අදට හරියටම වසර දෙකයි........

ඉතින් මගේ රත්තරන් පුතේ, හැම අම්ම කෙනෙක්ම වගේ ඔයා වෙනුවෙන් මේ අම්මත් වින්ද වේදනාව අපමණයි. ඒත් ඔය රෝසපාට මූණු දකිනකොට ඒ ඔක්කොම දුක් වාශ්ප වෙණවා වගේ, එතකොට සතුටු කදුලු දෝරෙ ගලනවා, නොදන්න ගාථා පවා මතක් වෙනවා. සියලු දෙවිවරු මගේ දරු පැටියා රකීවි කියා නිරායසයෙන්ම පතනවා.

ඉතින් ඒ තරම් උතුම් මාතෲත්වයට, පීතෲත්වයට අපිව පත්කළ අපේ සුදු පුතුට සුබම සුබ උපන් දිනයක් !!!Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com33tag:blogger.com,1999:blog-135209007625765444.post-67872313724632816572012-06-15T13:50:00.000+05:302012-06-15T14:25:50.336+05:30ඉරණම - 2ඉරණම - 2

ඉරණම - 1

සාලයේ පුටුවක ඔහේ දිග ඇදී සිටි ක්‍රිස්ටි නම් තරුණයාගෙත් මීනාගෙත් දෑස් එකට ගැටුණා.. ඔහු විගස නැගී සිටියා. මීනාට කිසිත් සිතන්නටවත් ඔහු ඉඩක් දුන්නේ නෑ, ඔහු ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන ඈ දෙසට තම සුරත දිගුකළා..

"හායි මේනාහ් .... " ඔහු මීනාට තාමත් සුරත දිගුකරගත්ත ගමන් ... තාමත් තම අත රැදි මහේශ්ගේ දෑතේ උණුසුම තවත් කෙනෙකුන්ගෙ දෑතක් මත තවරන්නට ඈට සිතුණෙ නහැ,

ඔහු පැහැයෙන් සුදුයි... උඩු රැවුල වවා තිබෙනවා, කොන්ඩය සම්පූර්ණයෙන්ම කපා තිබුණා, සාමාන්‍යයෙන් වයස 30ක් පමණ ඇති, සුදු පැහැ සැහැල්ලු කමිසයක් හා ක්‍රීම් පැහැ දිග කලිසමක් හැද සිටියා.

"කෝ, කනට දාපු කරාබු, බෙල්ලට දාපු ලොකු දම් වැල් වගේ චේන්, " ඈ ඒ ආයිත්තම් සෙව්වා, වෙනසකට උනේ ඔහු ඒ ආබරණ නොපැලද සිටීමයි, ඔහු තාමත් මීනාට සුරත දිගු කරගත්ත ගමන් ...

ඈ නොකැමැත්තෙන්ම "නොට් මේනා ආ හ් , ජස්ට් මීනා" කියමින් තම කාමරයට ගියා.

කළයුත්තක් නැ, ස්ව දෙමාපියන්ගේ තීරනයට යටත් වෙනවා හැරෙන්නට. ඈට තමා ගැනම ලොකු අනුකම්පාවක් දැනුනා, ඒත් සමගම ලැජ්ජාවක්, "ඇයි මං මෙහෙම බාල්දු වෙන්නෙ, මට තීරණයක් ගන්න බැරිද ? අම්මල මාව සුද්දෙකුට බිලි දෙනව වගේ ! " සිතුවිලි අතරින්ම ඈට ඇඩුම් ආවා..

"ඇයි දුවේ, අඩන්න දෙයක් නෑනෙ, දරුවො , ඔයා කොච්චර ලකීද ?"

නිවසේ පාලිකාව ඇගේ හිස අතගාන්නට වුණා, මීනාට අවශ්‍ය වුනේ මේ විශම ලෝකෙන් මිදී ඉහළ අහසේ පියඹා යන කුරුල්ලෙක් මෙන් මිදී නිදහසේ සිටින්නට, ඒ සිහිනවලට යළිත් පණ නොලැබෙන බව ඈ දැන උන්නා, .....

ඈ රිය කවුලුවෙන් ඈත බලා සිටියා, තෙන්නකෝනුත් ක්‍රිස්ටිත් විටෙන් විට කතා කරමින් උන්නා, ඒ දෙස උවමනාවෙන් සවන් නොදුන්නත් ඇයට යම් විශේශත්වයක් දැනුනා, ඒ ක්‍රිස්ටි සිංහල භාශාව කතා කිරීමට උනන්දු වීම, ඇදහිය නොහැකි තරමට ඔහු හොදින් බොහෝ වචන උච්ඡාරණය කළා, සමහර තැන්වලදීනම් ඇයට සිනහ යන්නට පවා ආවා, එවන් විටෙක ඔහුගේ මුහුණ අදුරු වනු දැක ඈ කුරිරු සතුටක් ලැබුවා.

රිය නිවෙස් ආසන්න්යට එනවිටම හීන් වැහි පොදයක් පැතිර ගියා, මීනාට මතක් උනේ මහේශ්ව. හදිසියේ පන්ති නොපැවැත්වූ මෙවන් වැහි දිනයක ඈ ඔහුත් සමග ඇගේ මල් කුඩේ යටින් කොටුගොඩැල්ල වීදිය දිගේ ඔහේ කරක් ගැහුවා.. ඊට පස්සෙ යටිනුවර වීදියට ... ඒ මිහිරි මතක ඉවරෙටම ඉවරයි ...

අම්මා කුඩයක් රැගෙන හනික රිය ළගට ආවා, ඈ කේන්තිය පිට කළේ වැස්සේම ගෙට දුව ගනිමින්, අම්මා ක්‍රිස්ටිව කුඩේ යටින් එක්කරගෙන එනයුරු දුටු ඈට සිනා නැගුණා,

"සමයං.."

දින කිහිපයක් යනතුරු ඈ තාත්තාටවත් ක්රිස්ටිටවත් හරියට මුහුන දුන්නේ නැ. කිසිම වෙනසක් නැතිව ක්‍රිස්ටි තමන්ගේ ගෙයක් ලෙස සලකා තම නිවසේ වාසය කිරීම මීනාගේ පුදුමයට හේතු උනා, කෙසේ නමුත් මීනා එක් දෙයක් තේරුම් ගෙන තිබුණා, ඒ සිතූ තරම්ම ක්‍රිස්ටි නරක මිනිසෙක් නොවන බව. ඔහු තාත්තාගේ බිස්නස් කටයුතුවලදී සෑහෙන කලක සිටන්ම ළගින් සිටිය බව ඈට මතකයි, ඈ කුඩා කලදීත් මේ නිවසට ඔහු ඇවිත් ගියා ඈට මතකයි, නමුත් ඔහු තමාව විවාහ කරගන්නට උත්සාහ දරනු ඇතැයි ඈ සිහිනෙකින්වත් සිතුවේ නෑ.

දවස තිස්සේම ඔහු තාත්තා සමග බිස්නස් වැඩවලට කියා පිටතට යනවා. නිවසේ රැදෙන වෙලාවලට මීනාත් සමග කතාවට උත්සාහ කලත් උත්සාහය ව්‍යර්ථ වෙනවිට තෙන්නකෝන් හා අම්මා එක්ක හෝ කතා කරමින් සිටිනවා. ඒත් සිංහලෙන්. ඇත්තෙන්ම ඔහු හරි පුදුමාකරයි.

"දූ මොනාද ඔය හැටි කල්පනා කරන්නේ?" අම්මා ළගටම ඇවිත් .. ඒත් මීනා තාමත් ජනේලෙන් එපිට ලෝකෙක නතරවෙලා.

"ඔය හැටි හිතන්න දෙයක් නැහ් පුතේ.. ඔයාගෙ හොදටයි හැමදේම වෙන්නෙ.. ක්‍රිස්ටි නරක ලමයෙක් නෙවෙයි. මටත් දැන් ඉස්සරට වඩා ඒ දරුව ගැන පැහැදීමක් තියෙනවා.. ඔයා බය නැතුව ඉන්නකො පුතේ, එයා ඔයාව හොදට බලාගනියි. "

ඇත්තෙන්ම ඒ බව ඈත් තේරුම් අරන් තිබුණා, ඒත් ඈ දන්නා තවත් කාරණයක් තියෙනවා. ඒ ඔහු මහේශ් තරම් නම් හොද නැති බව.

"ඒත් අම්මා ක්‍රිස්ටි සුද්දෙක්නෙ.. මං උන්ට කැමති නෑ.."

"පුතේ , ඒ ළමයා සුද්දෙක් වුණාට අපෙ සමහරුන්ට නැති හොද සිරිත් ඒ ළමය ළග තියෙනවා, අනික ගොඩක් වෙලාවට ගෑනු අපිට තියෙන එකම දේ හොදම දේ කියල හිතන්න වෙනවා අපෙ ජීවිතවල සමහර වෙලාවට. මාත් ඒ විදියට නොහිතුවානම් අද අපි කොහෙ ඉදියිද දන්නෙ නෑ, "

මොකක් නමුත් අම්මා කියන කතාව දුක්බරයි වගේ, මීනා අම්මා ළගට ගියා, ඈ සිටියේ ඇද මත වාඩිවී. මීනා එතැන බිම වාඩිවුණා, පුරුදු පරිදිම අම්මා ඇගේ හිසේ කෙස්ගස් අතරින් සිය ඇගිලි යවන්නට උනා. දැනෙන සනීපෙ.

"ඔයාගෙ අප්පච්චි නැතිවෙනකොට ඔයාට කිසි දෙයක් තේරෙන්නෙ නැති පොඩි එකෙක්, අප්පච්චි නැතිවෙලා අවුරුද්දකට විතර පස්සෙ තමයි පුතේ තාත්ත මට මුණ ගැහුනෙ.. හ්ම්ම් ..

එයාත් එතකොට මැරි කරල ඩිවෝස් වෙලා උන්නෙ. මං ගැන එයා උනන්දු වෙන බව මට තේරුණාට පුතේ මට ඕනෙ උනේ ඔයාව ලොකු කරගන්න විතරයි. ආයෙත් මැරි කරන්න උවමනාවක් උනේ නැ මට. ඒත් අත්තම්මලාට , මාමලාටනම් ලොකු බයක් තිබ්බ අපෙ ජීවිත ගැන, ඉතින් එයාල එක පයින් තාත්තට කැමති උනා, අන්තිමට උනේ මගෙ කැමැත්තක් නැතුවම අපිව තාත්තා එයා ලගට ගත්තු එක. ඒත් පුතේ එදා තාත්තා ගත්තු තීරණෙ වැරදි එකක් නෙවෙයි.. එයා කවදාවත් ඔයාට අඩුවක් කලේ නැ, මල්ලිල ඉපදෙන්න ටිකක් කල් යනකොට තාත්තලගෙ ගෙවල්වල අය පොඩ්ඩක් අරක මේක කියන්න ගත්තා, අපි එයාලව හිතාමතා පරක්කු කළෙත් ඔයාට වෙනස්කමක් වෙයි කියල බයට. මල්ලිල හිටිය කියලත් ඔයාට තාත්ත වෙනසක් කලේ නෑ.. ඒ නිසා මට විශ්වාසයි තාත්තා ගත්තු මේ තීරණයත් වැරදි නැ, ක්‍රිස්ටි සිංහල නොවුනට ඒ දරුව හොදයි. ඔයා එයාව බදින්න කැමති වෙන්න පුතේ. ඔයාට වරදක් වෙන්නෙ නෑ.. ඔයාගෙ අප්පච්චි ඔයා දිහා බලාගෙන ඇති."

"හ්ම්"

දිනෙන් දින ගෙවී ගොස් ඇගේ මංගල දිනය උදා වුනා. ක්‍රිස්ටිගේ පාර්ශවයෙන් මංගල උත්සවයට සහභාගී වුණේ ඉතාම ස්වල්ප පිරිසක්. ඒ පිරිස සතුටු කිරීම උදෙසා මීනාට පල්ලියේ චාරිත්‍ර සහිතවද, තම සමීප අය්ගේ සතුට වෙනුවෙන් පෝරුවේ චාරිත්‍ර ද සියල්ල සහිතව මංගල උත්සවය ගන්නට සිදුවුණා. සියල්ලෝම සතුටින්.

කිසිම දෙයක් කිසිම දිනක පැතූ ආකාරයෙන් නොවන්නේ ඇයිදැයි යන ප්රශ්නය ඔස්සේ ඈ අතරමං වී සිටියා.

උදැසන පිපුනු කුසුමක් මෙන් සුන්දරව තමා අසලින් සිටින තම ප්‍රියම්බිකාව පිළිබදව ක්‍රිස්ටි බොහෝ සේ අමන්දානන්දයට පත්ව සිටියා..

"මහේශ්, මට සමාවෙන්න මහේශ්... " මීනා සිතින් දහස්වර කියා සිටියා..

සිය විවාහයෙන් දෙසතියක් ඉක්ම ගිය කල්හි ක්‍රිස්ටි තම මව් රට බලා යාම පිළිබද මීනාගෙන් කැමැත්ත විමසුවා. ඔහුට අවශ්‍ය වූයේ ඇත්තෙන්ම ඇගේ කැමැත්තටම ඉඩ දීමට. කෙසේ වෙතත් මීනාත් ගැහැණු නුවණ උපයෝගී කරගනිමින් තම ජීවිතයට අනුගත වෙමින් සිටියා. ජීවිතයේ ඉදිරි කාලය ගෙවීම උදෙසා ක්‍රිස්ටිගේ රටට යායුතු යැයි මීනා තදින්ම කියා සිටියා. මීනාට අවශ්‍ය වූයේ මහේශ් පිළිබද මතකය කොහේ හෝ වළලන්නට. එහි ප්‍රතිඵලය ලෙස ඔවුන් ඔහුගේ රටට පැමිණියා. ක්‍රිස්ටි සුද්දෙක් වුවත් ඔහු බොහෝ සෙයින් වෙනස් මිනිසෙක් බව ඈට හැගී ගියා. එවන් මිනිසෙකුට වෛර කරමින් සිටීම තේරුමක් නැති ක්‍රියාවක් බව ඈ අවසානයේ වටහා ගත්තා.

කාලයත් සමගින් ඇගේ සියලු පැතුම් ඉටුවුණා. ඈ බොහෝ සෙයින් ස්වාමියාට ලැදි පිය බිරිදක්ම වූවා, සියල්ලට රහස ඔහු බලාපොරොත්තු නොවූ විරූ අයුරින් සුන්දර මිනිසෙක් වීමයි. සතුට පිරුණු කැදැල්ලක හිමිකාරියක් ලෙසින් ඈ තම දෙමාපියන්ටත් තොරතුරු දැන්වූවා.

සුදු හිසකෙස් හා නිල් ඇස් ඇති සුදු පැහැ පුතෙකුත්, සුරන්ගනාවක් බදු වූ කුඩා දියණියකුත් ඔවුන්ගේ ජීවිත කැදැල්ල සම්පූර්ණ කළා.

හදිසියේම තාත්තා රෝගාතුර වූ ආරංචිය ලැබුණු මොහොතේදී ඔවුන් බොහෝ කම්පනයට පත්වුණා, හැකි ඉක්මණින් සියරට කරා පියාසර කළා, ඒත් ඒ වනවිටත් තාත්තා ඔවුන් සියලු දෙනා හැර ගොස් තිබුණා, මීනා සේම ක්‍රිස්ටිත් කම්පා වුණා, තාත්තාත් නැති සෙයින් සොයුරන් වෙනුවෙනුත්, දරුවන්ගේ අනාගතය සිංහල සන්ස්කෘතියට සම්බන්ද වීම යහපත් බැවින් මහගෙදර නතර වීම හොද තීරණයක් බව ක්‍රිස්ටිගේ අදහස වූවා, මීනාවත් අම්මාවත් කිසිවක් කියන්නට ගියේ නෑ. බාහිර ස්වරූපයට වඩා ඔවුන් තුළ ජීවත් වන මිනිසුන් කොයිතරම් නිවැරදිද යන්න ඔවුන් වටහාගෙන තිබුණා.

ඈ ක්‍රිස්ටිගේ අතක එල්ලී දළදා මාලිගාව කරා යමින් සිටියා. දරු දෙදෙනා ඔවුන්ගේ මාමලා අතර සුරතල් වෙමින්, අත්තම්මාත් ඒ අසලින්මයි, මෙවන් සතුටු ජීවිතයක් ලබා දුන්නාට ඈ දළදා හිමියන්ට ස්තුතිවන්ත උණා.

වළාකුලු බැම්ම එදා සේමයි, තැනින් තැනට තරුණ ජෝඩු රැදී සිටියා.. පුරුද්දකට මෙන් ඈ අතීතයේ හුරුපුරුදු ස්ථාන වෙත ඔහේ බැලුවා. ඇගේ නෙතට දිස්වූයේ සුන්දර තරුණියක් සමග අත්වැල් පටලා කතා කරමින් සිටින මහේශ්.. වැව් දිය මත එදත් රැළිති නංවමින් කොකුන් පියඹ පියඹා යමින් සිටියා, මහේශ් හා ආගන්තුක තරුණිය අසලින් රතුම රතු කාරයක් නවත්වා තිබුණා, මීනාගේ දෑසට අහේතුකව කදුලක් පැන නැංගා, ඒත් මේ සතුටු විය යුතු වෙලාවක් ..

ඈ කෙළින්ම මහේශ් ඉදිරියේ පෙනී සිටියා, මහේශ් වරදක් කල අයෙක් සේ තැති ගත්තද මීනා බොහෝ කුලුපග ලෙසින් කතා කලා. ඔහුගේ වාහනය ඉදිරිපස රතු කතිර ළකුණක් සහිත ස්ටිකරයක් අලවා තිබුණා.

"මට ගොඩක් සතුටුයි මහේශ්... " ඈ එසේ පවසමින් තම හිමියන් අසලට පැමිණියා...

හදවතේ ගැඹුරුම තැනක හිර වී තිබුණු ලොකු බරකින් තමා නිදහස් වූවායැයි ඈට සිතුණා..

--------------- නිමි ---------------------

Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com14tag:blogger.com,1999:blog-135209007625765444.post-8611775966886826262012-06-13T14:22:00.000+05:302012-06-13T14:22:49.600+05:30ඉරණමවැව් දිය මත රැළිති නංවා පියඹා ගිය කොකෙකු දිහා ඈ වුවමනාවකින් තොරවම ඔහේ බලා සිටියා. ඈට වුවමනා වූයේ කෙසේ හෝ කාලය ගෙවා ගැනීමට පමණයි. නිශ්චිත අරමුණක් නොමැතිවම ඈ අත රැදි ඔරලෝසුව දෙස දෑස යොමු කළා..

"තව මිනිත්තු 10 ක් යනකොට එයා එයි . " ඈ හිතෙන් කියාගත්තා..

ඈ හිටියේ නුවර වැව රවුමේ සිමෙන්ති බංකුවක් මත. පුරුද්දට වගේ පුංචි බංකුවේ කෙළවරක ඈ වාඩිවෙලා උන්නත් ආයෙත් අනෙක් කෙළවරේ එයා වාඩි වෙන එකක් නැතිවෙයි කියා ඈට සිතුණා. දෙනෙත් අගින් මෝදු වුන පුංචි කදුලු බින්දු මුලු ඇස් දෙකම බොද කරමින් කම්මුල් තෙත් කරන්නට පටන් ගත්දී ඈ ඒවා වළක්වා ගන්නට මෙන් උඩ බලන්නට වුණා. බහිරව කන්දේ බුදු සමිදුන් ඈ දෙස බලා සිටින්නා මෙන් ඈට පෙනුණා ..

"මීනා, ඔයා කලින්ම ඇවිල්ලා... "

ඔහු ඇවිත් , ළගටම ඇවිත්, "අපරාදේ දුර තියා දැක්කනම් එන දිහාව බලාන ඉන්න තිබ්බ, මේ අවසාන හමුවීම...." ඇගේ සිත කතා කළා..

"මීනා, ඇයි මොකෝ ක්ලාස් කට් කලේ, මං බස් එකෙත් බැලුව, ඔයා නැංගෙ නෑ කියල සමන්ති කිව්ව, මොකක් හරි කේස් එකක්ද ? මොනා උනත් හවස ක්ලාස් එකට යන්න ඔයා මේ වෙලාවට මෙතෙන්ට එයි කියල මං හිතුවා ... "

කතා කරන්නේ ඔහු පමණයි. ඈ කිසි සද්දයක් නෑ ...

"මහේශ් !" බින්දුව බින්දුව මෝදු වුණු කදුලු මහ වැස්සක් වගේ වැටෙන්නට වුණා ...

"ඇයි සුදූ, මොකද වුනේ?? කියන්නකො මොකක්හරි අසනීපයක්ද?"

"නෑ අපිට මේ එෆෙයාර් එක නවත්තන්න වෙනෝ ! "

"මොකක්, හදිසීයෙම ! මොකක්ද අවුල .... මීනා, මෙතන කතා කරන්න බෑ, අපි යං සුදර්මාරමෙට යන්, ක්ලාස් එක පටන් ගන්නත් ලගයි ."

ඇයට පන්ති යන්නටනම් කොහොමටවත් උවමනා වුනේ නෑ, ඈට අවශ්‍ය වුනේ ඔහුත් සමග තනිවෙන්නට .. නමුත් ඔහුගේ ඉල්ලීමට පිටතින් යන්න බෑ.. ඇරත් අද වගේ දවසක . ඔහුට අමතර පන්ති ගොඩක් වටිනවා, ඇයට වගේ නෙවෙයි, අනික ඔහු ඇත්තෙන්ම ඉගෙනුමට දක්ශයෙක්, රුසියෙක්,

"හා, යංකො ... " මීනා ඔහුගේ අසලින් වැටුනා.. සමාන්තරව ගමන් කරමින් තිබුනු මීනාගේ සුරතත්, ඔහුගේ වමතත් එකට පැටලුනා..

"මහේශ් තාත්ත ලංකාවට ඇවිල්ලා!"

"ඒ... ඇත්තද ? අරූත් ඇවිල්ල ඇති එහෙනම් .."

"හ්ම්ම්ම්..." ඈ අසරණව මහේශ් දෙස බලා උන්නා.. මහේශ් අදුරු වූ මුහුණින් වලාකුලු බැම්මට බර වුනා..

"මීනා ඔයාගෙ තාත්තට තේරෙන් නැද්ද ඌ ඔයාට ගැලපෙන්නෙ නෑ කියල ඇත්තට ඈ?"

"නැතුව ඇති, අනික එයා මගේම තාත්ත නෙවෙයිනෙ මහේශ්, මං අර සුද්දට දීල බිස්නස් ඩිවලොප් කරගන්නවා, "

"ඉතින් දෙය්යනේ අම්මට තේරෙන් නැද්ද ? "

"අම්මට නොතේරෙනව නෙවෙයි මං හිතන්නෙ, ඒත් අම්මට කරන්න දෙයක් නෑ.. බොරුවට මේ මගුලට කැමතියි වගේ පෙන්නගෙන ඉන්නව,, තාත්තා වසයිනෙ මහේශ් .. අද උදේ අම්ම බෝඩිමේ ඇන්ටිටත් කියල... මගුලක් ලග එනවය කියල.. "

"ඔය මනුස්සයගෙ දෙමාපියො මොනාවත් හොයල බලන් නැද්ද මීනා, "

"නැතිලු, එයාල එච්චර හොයන්නෙ නැතිලු මහේශ් එයාලගෙ සංස්කෘතියෙ හැටි එහෙමනෙ... මට අප්පිරියයි මහේශ්...... "

"මට අද පන්ති යන්න බෑ මීනා, අපි මාලිගාවට යන්ද ?"

"ඕන නෑ මහේශ්, ඔයා ක්ලාස් යන්න, මට යන්න බෑ, ඔයා කොහොමහරි කැම්පස් යන්න ඕනෙ, ඒක තමා මගෙත් හීනෙ... මං පාස් වුනත් වැඩක් නෑ, තව පොඩි කාලෙකින් අර මිනිහගෙ සර්වන්ට් වෙන්න වෙනව මට .. "

ඈ සුසුමක් හෙළුවා...

"නෑ අපි බලමුකො, අද යන්කො මාලිගාවට, ඔය විදියට ඉගෙන ගන්න පුලුවනෑ අද ? "

ඔහු තවත් බලාපොරොත්තු දෙනවා... ඒත් ඒව පල රහිත බව ඈ දන්නවා, ඇගේ සිතට ආත්මානුකම්පාවක් ඇතිවුනා..

"මීනා, ඔයාට බැරිද ඔය හැමදේම දාල එන්න මං එක්ක ?" ඈ පුදුම වූ දෑසින් ඔහු දෙස බැලුවා. මොන යෝජනාව කලත් ඈ මේ යෝජනාව ඔහුගෙන් බලාපොරොත්තු වූයේ නෑ,...

"මං කොහොමද ඔයත් එක්ක එන්නෙ මහේශ්? අපි එහෙම කලොත් ඔයාට මං ලොකු අසාදාරණයක් කලා වෙනව ඒක, එතකොට ඔයාට නැති ප්‍රශ්න ඇති වෙනව.. ඔයා හොදට විභාගෙ කරන්න ඕනේ.... ඒනිසා මෙහෙම දෙයක් කරන්න බෑ... "

"විභාගෙ ගියදෙන් බල්ලට.. මං දැනුත් කරන ඉගැන්නිල්ලෙන් ජීවත් වෙන්න පුලුවනි ... "

"විකාරද මහේශ් ! ඔයා ලස්සන ලොකු දොස්තර මහත්තයෙක් වෙන්න ඕනෙ කවදහරි, අම්ම අප්පච්චිව දාගෙන රතුපාට කාරෙකක ට්‍රිප්ස් යන්න ඕනෙ... "

අන්තිම ටික කියද්දී ඈට නැවතත් ඇඩුම් ආවා... මේ කියවුනේ ඔවුන් එකට පැතුව සිහිනයක්මයි... ඒ සිහිනයට සමුදිය යුතුම වී තිබෙනවා..

තව සුලු කලකින් ඇගේ ජීවිතය කොයි පැත්තකට තල්ලු වේ දැයි ඈටත් සිතා ගත නොහැකි වුණා.. ඔහුත් සමග මුලින්ම දළදා හිමියන්ව වැද පුදා ගන්නට ආවේ ඔහු මුණ ගැසුනු ප්‍රතම දිනයේදීම බව ඈට මතක් වුනා. අදත් අපි ආවා, ආයෙ නො ඒවි.... ඈ හිතෙන් මිමිණුවා..

පඩි පෙළ බැසවිත් වැල් බෝධියටත් ගිය ඔවුන් එකිනෙකාගෙන් සමුගන්නට නොහැකිව අසරනව උන්නා..

"දැන් කවද්ද ඔයා නුවරින් යන්නෙ?"

"හෙට තාත්ත එයි... "

"හ්ම්ම්ම්, පුදුම තාත්තල තමයි,... මං ඔයාගෙ තාත්තා එක්ක කතා කරන්නද? "

"වට් ??? ඔයාට පිස්සුද මහේශ් ??

"පිස්සු නොහැදුනොත් තමා පුදුමේ!"

"හ්ම්ම්. ඒකනම් ඇත්ත තමයි .."

"මම යන්න ඕනෙ මහේශ්.. ඔයා ක්ලාස් යනවනම් යන්න දැන්, ඉන්ටවල් එකෙන් පස්සෙ යන්න පුලුවන්නෙ. "

"නැහ් මං යන් නෑ, ඔයාව බෝඩිමට ඇරලන්නම්, යං.."

නිහඩ බව බිදිමින් මහේශ් මොනවදෝ මොනවදෝ කියනව මීනට ඇසුණා. ඒත් ඇගේ සිත බෙහෙවින්ම ව්‍යාකූලයි. කිසිවක් ඇයට වැටහුනේ නැ.. ආයෙ කවදාවත් අපි මෙහෙම එක ළග බස් එකේ යන එකක් නැතිවෙයි. ආයෙ කිසිම දිනෙක ඔහු වැව රවුමෙදී, සුදර්මාරාමයේදී, වැල් බෝදියේදි ඇයට කවදත් අසීරු රසායන විද්‍යාව ලිහිල් බසින් කියා නොදේවි ... ඇගේ සිතුවිලි අතීතයේ මිහිරි මතක තුළට ඇදී ගියා..

මහේශ් ඇගේ සුරත සෙමෙන් අල්ලා ගන්නා විට ඈ ගැස්සී පියවි ලොවට පිවිසියා. ඒ දෑස් වල තිබූ අසරණ බව දුටු මීනාට කියන්නට කිසිම වචනයක් ආවෙ නෑ. උගුරේ යම්කිසි ගුලියක් හිරවී වචන එලියට ඒම හිරකර තිබුණා..

ඈ අරුප්පොලදී බසයෙන් බැස බෝඩිමට පැමිණියා. ඒ වනවිටත් ඈව නිවසට එක් කරගෙන යාමට තාත්තා ඔහුගේ රියදුරු එවා තිබුණා.

රියදුරු තැන ඈ දැක සිනාසුනා.

"තෙන්නකෝන් මොකෝ හදිස්සියේම ?" ඈ කිසිවක් නොදන්නා සේ විමසුවා.

"බබා, මහත්තයා ආවනෙ... බබාව එක්ක එන්නෙය කිව්වා, අර ක්‍රිස්ටි මහත්තයත් එක්ක ආවෙ... එයා ඇතුලෙ වාඩිවෙලා ඉන්නවා ... "

ඇගේ මුලු සිරුරම අප්‍රාණික වුනා...

"අහවල් එකකට මෙහෙ ආවද !" ඈට කේන්තියටම කියවුණා.. ඒ හඩට බෝඩිමේ හිමිකාරියද වහා මිදුලට පැමිණියා..

සාලයේ පුටුවක ඔහේ දිග ඇදී සිටි ක්‍රිස්ටි නම් තරුණයාගෙත් මීනාගෙත් දෑස් එකට ගැටුණා.. ඔහු විගස නැගී සිටියා. මීනාට කිසිත් සිතන්නටවත් ඔහු ඉඩක් දුන්නේ නෑ, ඔහු ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන ඈ දෙසට තම සුරත දිගුකළා..
Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com19tag:blogger.com,1999:blog-135209007625765444.post-70210636923167616662012-05-24T12:34:00.000+05:302012-05-24T12:34:31.829+05:30අනේ ඒ වන් දුකක් එපා අන් කවර කළ ...සෑහෙන කලක සිට කවියක් නොලිව්වෙමි
වෑහෙන රසය ඇති පදයක් අද ලියමී
පෑහෙන නොපෑහෙන බවනම් නොම දනිමී
සෑහෙන වෙලා ඇතිනම් කියවනු මැනවී ...

කාලේ මෙකල මං හිටියේ තුරුණු කලේ
ආලේ තමයි හැම සුසුමම සොදුරු කලේ
මාලේ බැන්ද අපි නැකතින් එකතු කලේ
කාලේ රුදුරු අපි දෙන්නා දෙමංසලේ

පස් වසරක්ම නුබ ඉගෙනුම කෙරුවාට
දොස් නැත නගේ නුබහට ජොබ් නැතුවාට
ඇස් දෙක වගේ නුබ රැක ගමි හැමදාට
වස් නොවදීවි යන් මගෙ ක්වාටස් එකට ...

හිමි කිවු දෙයින් මා සිත සැනසීල ගියා
නිමි කර රැකියාව මං ඉල්ලා අස්ව ගියා
පිමි පැන වගේ හිමිගේ උණුසුමට ගියා
වෙමි ප්‍රිය ගෘහණියක් අද සිට නුඹට කියා ...

අක්කර පහක් විතරක් වෙයි ඒ ඉඩම
අක්කර දෙකක් වත් ඇති ඒ මහ ගේම
දුක්බර දෙයකි ඒ මහ ගේ අතුගෑම
ඒ හින්දාම නොකළෙමි එය හැමදාම ...

මේ කිසිදෙයක් මගෙ සිත් ගත්තේ නැතිද
වේ එක් දෙයක් තවමත් මතකෙට සබැද
ගේ වට තිබිණි මහ අඹ ගස් නේක විද
මේ ගස් ටිකට මං ආදර කලා සොද ...

තනිකම වැඩියි බෑ පාලුව ඉවසන්ට
හනිකට අම්මෙ මලයා මෙහෙ ඇරලන්ට
කලකට පසුව බැරියැයි මට හුරුවෙන්ට
එතකොට එවන්නම් අම්මේ පිං නුබට ...

උදේ පටන් මං හා මගෙ පොඩි මලයා
ගල්ද පොලුද ගෙන අඹ ගස් රකිනු නියා
මදේ රසය වින්දෙමු නෑ වචන ලියා
අඹේ රසය සුර ලෝකෙට එහා ගියා ...

හවසක දිනෙක මලයා ගහ උඩට නැග
ආයාචනා කෙරුවයි මට ගහ උඩට
නැති වුව පුරුද්දක් මට ගස් වලට පැන
මොහොතක් පසුව මං සිටියෙමි අතු අතර

කෙලින් පාර ඈතට පෙනෙනවා සොද
පෙලින් පෙලට වාහන පැමිණෙනා සද
දුටුව දෙයින් මං සිහි නැති නොඋනා වෙද
හිමි එන්නේය මිතුරන් සමගින්ම අද .....

හනිකට මල්ලි උඩ බිම බලමින් පැන්නා
වටකොට අතුරිකිලි මං ගහ උඩ තව ඉන්නා
අඩියට දෙකට හිමි මිතුරන් හා එන්නා
"කෝ බං උබේ බාරි" යැයි විමසන්නා ...

විස්මය හැගෙන දෑසින් මගෙ ස්වාමියා
වටපිට බලා මලයා වෙත අඩිය තියා
සැකහැර දැනුනු පසු මං ගස මතය කියා
"අනේ මචං නානවලුනෙ එයා" කියා ගියා

අඩ පැයක් ගෙවී ගොස් කලුවරත් වැටුනු විට
විදි දුකක් අනේ මං තනියෙන්ම ගහක් උඩ
දුරු කළා මදුරුවන් මැස්සන්ද මගේ තනිය
අනේ ඒ වන් දුකක් එපා අන් කවර කළ ...

තව මොහොතකින් ඒ නරි රැළ පිටව ගියා
ආයිත් දිනෙක එන බව සැක හැරම කියා
දිග ඉනිමගක් ගෙනවිත් ගහ මුලට තියා
මං ගොඩ වුනෙමි නිවසට මලයාට රවා ....
Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com18tag:blogger.com,1999:blog-135209007625765444.post-18382773980111327912012-05-22T10:34:00.000+05:302012-05-22T10:34:08.127+05:30අත්තම්මා හා මගේ සිතුවමමේ ළගදි මට ආයෙත් පොඩි කාලෙ වෙච්චි සිද්දියක් මතකෙට ආවා.. ඒක මතක් වෙද්දිත් මට කට කොණට හිනාවක් ආව නිසා නිකමට වගේ බ්ලොග් එකටත් ලියලා දාන්නම් කො...

මේ කාලෙ මම එක වසරෙ විතර... ගමේ ඉස්කෝලෙ ගිය මම පොඩ්ඩක් විතර කලින් ගෙදර එනවා.. ඊට ටික වෙලාවකට පස්සෙ නගරේ ලොකු ඉස්කෝලෙ ගිය අක්කි ගෙදර එන්නෙ... ඉතින් එයා එනකම් සෙල්ලමක් වත් කරන්න විදියක් නැතුව ඉන්න මම තනියම කරන්න පුලුවන් සෙල්ලම් සොයාගැනීමේ මෙහෙයුම් දියත් කරනවා.. ඔය අතරින් ගොඩක් සෙල්ලම් අවසානයේ මුල්ලක මට නින්ද යෑම තමා සිද්ද වෙන්නෙ...

අපෙ අත්තම්ම තමා හැම එකටම ඉන්නෙ ඉතින්... මොකක් හරි වැඩක් කරගන්න බලන්නෙ අත්තම්මා... මං අහුවෙයි ඔව්වට...

අක්කි එනකන් ගේ ඉස්සරහ සිමෙන්ති පඩිය උඩ බලාගෙන හිටපු මට අපූරු සිතුවිල්ලක් ආවා.. මට අක්කි ඉස්කෝලෙ සිට එන හැටි චිත්‍රයක් අදින්න හිතුනා.. දුවගෙන කාමරේට ගිහින් මං ප්ලැටිග්නම් පෙට්ටියක් අරන් ආවා... දැන් මං මගේ හැකි උපරිමය චිත්‍රයට නගනවා.. අත්තම්මගෙනුත් කිසිම සද්දයක් නෑ.. පොඩ්ඩකට එහා ගෙදරවත් යන්න ඇති.. ඉතින් මං නිදහසේ සිමෙන්ති පඩිය උඩ දිගාවෙලා කඩදාසි කොලේක අක්කිව සිත්තම් කරනවා... ඔන්න එතකොට මට ආයිත් එනවා අපූරුම අයිඩියා එකක් .. "මොකටද කොලේ අදින්නෙ? සිමෙන්ති පොළවෙම අදිනවා... සිනිදුම සිනිදු රතුම රතු පාට සිමෙන්තියෙ ලස්සනට ඇදෙනවනෙ.. "

පොඩි වෙලාවයි ගියෙ, මං කොළ පාටින්ම අක්කිව ඇන්දා, ටිකක් පොඩියට ..... පොඩි කාලෙත් ඉතින් මං ගත්තු දෙයක් ආපහු එතැනින්ම තියන නිසා ප්ලටිග්නම් පෙට්ටියත් කාමරෙන් තියල අත්තම්ම හොයන්න ගියා...

දැන් හවස... අක්කියි මායි සෙල්ලම් කරනවා.. මිදුලෙ සෙල්ලම් ගෙයක් දානවා.. මට චිත්‍රෙ ගැනත් අක්කිට කියන්න අමතක උනා... ඔන්න ඔය වෙලාවෙ තමයි අර අසහාය සිත්තම අත්තම්මට දර්ශනය වුණේ... ගෙදර ප්‍රධාන දොර ඉස්සරහම ඇදපු බලිය දැක්ක අත්තම්ම හොදටම කේන්ති අරගෙන ..

"කවුද මේ විනාශෙ කළේ?"

"අත්තම්ම මං නෙවෙයි... "

අක්කි කෙළින්ම කිව්වා... එතකොට ඉතින් මංනෙ.. මාත් වීරය වගේ බොරු කියන්න පටන් ගත්තා..

"අත්තම්ම මාත් නෙවෙයි.. "

"ඔය දෙන්න නෙවෙයි නම් මමද මේක ඇන්දෙ ?"

"දන්නෑ අත්තම්මෙ, අපි නෙවෙයි"

අක්කි ඒ පාර මං වෙනුවෙනුත් පෙනී සිටිනවා..

එක පාරටම අපේ අත්තම්ම වෙනස් වුණා.. හරිම ලස්සනට හිනා වෙලා මෙහෙම කිව්වා...

"කවුරු උනත් හරිම ලස්සනයිනෙ.. කමක් නෑ පුතේ, ඔයාල දෙන්නටත් බැරිද මේ වගේ ලස්සනට චිත්‍ර අදින්න... මේ විදියටම ඇන්දොත් මං එයාට දෙනව තෑග්ගක්..."

"මට පුලුවන් අත්තම්ම, මං අදින්නද?"

මං පටස් ගාල ගෙට දිව්වා ප්ලැටිග්නම් ගේන්න... (හනේ මෝඩ මං...) අක්කිත් දුවගෙන ආවා ...

දැන් අපි දෙන්න අදිනවා චිත්‍ර... මටනම් වැඩි වෙලාවක් ගියෙත් නෑ.. ඉකමණටම ඉවර කරපු චිත්‍රෙ දිහා බලපු අක්කිගෙ ඇස් දෙකත් ලොකු උනා..

"ඔයාද මේකත් ඇන්දේ?"

"ඔව්... " මං ආඩම්බරෙන් කිව්ව... අත්තම්මත් කිව්වනෙ ලස්සන චිත්‍රෙ කියල..

"ඕක ටිකක් වෙනස් කරල අදිනව, නැත්නම් අත්තම්ම දැනගන්නව ඔයා තමයි මේක ඇන්දෙ කියල..."

අක්කි පුන පුනා කිව්වත් මං නෙවෙයි ඒ ලස්සන චිත්‍රෙ වෙනස් කලේ!

ටික වෙලාවකින් අත්තම්ම ආව.. චිත්‍ර ඇන්දපු කොල දෙකම අතට ගත්තු අත්තම්මගෙන් ඊට සුලු මොහොතකට පස්සෙ මගෙ පස්සට ගුටියක් ලැබුනා.. ඊට පස්සෙ මෙහෙම කිව්ව..

"ඔය ගුටිය චිත්‍රෙ ඇන්දට නෙවෙයි බොරු කිව්වට... "

ඊට පස්සෙ අක්කියි මායි අත්තම්මයි තුන් දෙනාම එකතු වෙලා තිනර් ටිකක් ද කොහෙද දාලා අර චිත්‍රෙ මකල දැම්මා..

Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com18tag:blogger.com,1999:blog-135209007625765444.post-89316024970058163292012-04-09T13:27:00.000+05:302012-04-09T13:27:39.362+05:30අතීතයට ගියෙමි ..."පොඩ්ඩක් ඉන්නව ළමය, දැන් අතත් පුච්ච ගන්නව !"

අත්තම්ම කියනව, ඒත් අපි සැලෙයි ඔව්වට. කොහොමහරි අත්තම්ම ලිපට එහා පැත්තෙන් තියාගෙන විටින් විටේ ඒකට දාන කැවුම් ටික දිහා බලාගෙන ඉන්න එක තමයි අපේ වැඩේ.. වැඩිය උසත් නැති නිසා අක්කි ගෙනාවා පොඩි ස්ටූල් එක.. දැන් ඒකට නගිනව අපි දෙන්නම. හරි දැන් අපූරුවට පේනවා. දෙන්නම දගල දගල ඕක දිහා බලා ඉන්නකොට අත්තම්ම සැර කරනව..

"ඕක උඩ නටල දැන් වැටෙයි ළමයි.. !" ඒත් මොනා කිව්වත් කැවුම් නම් ලැබෙනවා..

බැන බැන් හරි අත්තම්ම අහනව

"රසද ?"

"ම්ම් තේරුන් නෑ තව එකක්... "

කිව්වා වගේම තමයි .. ටික වෙලාකින් ලිපට යටින් අත්තම්ම සීරුවට ගොඩ ගහලා තියෙන දර ගොඩෙන් දර කීරක් ඇනිලා අපි දෙන්න දගලනකොට කොහොමත් වැටෙනවා... හරි දැන් අක්කි දුවනව ඉස්සරහ මිදුලට.

වැලි දාපු මිදුලෙ කට්ටිය ගොඩක් රවුමට වාඩිවෙලා බෙල්ලො දානවා... චූටි මාම, ලොකු මාමා, ලොකු පුංචි, තව එහා ගෙදර බාප්පල... ඔක්කොම මෙතන.. අපි දෙන්නත් ඔය අස්සෙ පොඩි ඉඩකින් රිංගලා වාඩි වෙනව.. අපිට ඇහෙනව අමුතුම වචන..

"අත කාටද ? "

"පොඩි දුව දාන්න, දිනුම් ඔත්තෙයක් ද? කෝ තැන්තුව? ඒක අදින්න එපා ... "

"හරි රුපියලක් ඔට්ටුයි, වැටෙන්නෙ ඉරට්ටයක් .. "

"ඔට්ටුයි ඔත්තෙයක්.. "

එතන එක ගාලගෝට්ටියක් වගේ... ඔය අතරෙ අපිටත් බෙල්ලො කුට්ටම අල්ලන්න චාන්ස් එක එනවා...

"ඔන්න මගෙ අත දාන්නෙ චුට්ටි, "

ඒ චූටි මාමා, මාත් ඉතින් දන්න සෙල්ලම් දාල පංච කුට්ටම හොලවල දානවා...

"දිනුම් ඔත්තෙයක් ම වැටියන්.. "

චූටි මාමා ඒ අතරෙ මුමුණනවා.. වැරදිල හරි එයා දින්නොත් මට තවත් එයාට වාසනාව ගේන්න එතන ඉන්න වෙනව.. නැත්නම් කොහොමත් අපිව එලවනව..

අපි දුවගෙන එනවා. පහල ගෙදරට. එහේ ඉන්නෙ අපෙ අත්තම්මගෙ අය්ය. ඒ සීයාගෙ මිණිබිරීලා මුණුබුරාල අමුතුම තාලෙ ඔන්චිල්ලාවක් හදලා.. බෙල්ලො පොළේ වැඩිහිටියො නිසා කිසිම කරදරයක් නෑ හිතේ හැටියට ඔන්චිල්ලාව පදින්න පුලුවන්. පුදුම ඔන්චිල්ලාවක් තමයි . තනි ලණුවෙ ඔන්චිල්ලාවක්. පොඩි කන්දක් වගේ තියෙන වත්තේ උඩම ගහක හොදට ළනුවක් බැදල ලනුවෙ කෙළවරට ලෑලි කෑල්ලක් ගැට ගහල.. අමුතුයිම නේන්නම්..

ඔන්චිල්ලාව පදින්න පෝලිමෙ ඉන්න ඕනෙ.. මම පොඩි නිසා ඉස්සරහට යන්න චාන්ස් එක එනව.. ලෑලි කෑල්ල උඩ වාඩි වෙලා කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙනවා.. පිටිපස්සෙන් ඉන්න කට්ටිය තල්ලු දානවා,.. හම්මේ කන්ද පාමුල පැත්තට පැද්දීගෙන යනකොට හුස්මත් නතර වෙනව වගේ..

ටික වෙලාවකින් ටිකිරි අය්යට කල්පනාවක් එනව ටීම් එකම යන්න.. මම සුපුරුදු විදියට වාඩි වෙනව. මගෙ දෙපත්තෙන් අපෙ අක්කියි එහා ගෙදර අක්කයි වාඩිවෙනව. ඉඩ තියෙන තැන්වලින් අනිත් තුන් දෙනත් ලෑල්ලෙ එක කකුල ගානෙ තියාගෙන තනි ලණුවෙ එල්ලෙනවා. අඩි දෙක තුනයි යන්නෙ.. දඩෝන් ගාගෙන කඩාගෙන වැටෙනවා.. බෙල්ලො පොළේ හිටපු අයත් දුවගෙන එනවා සද්දෙ මොකක්ද කියල බලන්න.. ඔන්චිල්ලාව බදාගෙන හිටපු මම දුරටම ගිහින් ලණුවත් එක්ක රෝල් වෙලා යනකොට මගෙ පස්සෙන් අනිත් අයත් රෝල් වෙනව.. අවුලක් නෑ අපි හැමෝම නැගිටිනව.. දෙක තුනක් වදිනවා පුංචිලාගෙන් මාමලගෙන්..

"ඕව සුපුරුදු දේවල්නෙ.. "

"ආයි හදමු, " ඒ ටිකිරි අයියා..

අපි දෙන්න අක්කියි මායි එනවා ගෙදර.. බස් එක එන සද්දෙ ඇහිල අපි දෙන්නට එක සැරේට මතක් වෙනව මද්දු පුංචිව.. කොලඹ ඉදල එන්නේ, අනිවාර්යයෙන්ම අපිට තෑගි ගේනවා.. ආයි දුවනවා පඩි පෙළ නැගල පාරට.. එනව නේන්නම්.. සුදුපාට කම්මුල් රතු වෙලා මහන්සියට..

මහන්සි අරින්න වෙලාවක් දෙන්නෙ නෑ අපි..

"මට මොනාද ගෙනාවෙ?"

අක්කියි මායි හොරෙන් හොරෙන් ගිහින් අහනවා..

ඔන්න පුංචි පොඩි කාමරේ ඇද උඩට වෙලා අර ගෙනාපු තෑගි එක එක අදිනවා.. කොහොමත් එක වගේ ලස්සන ගවුන් දෙකක් එලියට ගන්නවා.. එක වගේම උනත් අපි පුරුද්දට වගේ රංඩු වෙනවා. හිතෙන්නෙම මගෙ එකට වඩා අනිත් එක චුට්ටක් හරි ලස්සනයි වද්ද කියල... කොහොමෞනත් කොලඹ ෆැශන් ගවුන්නෙ.. අපි හිත හදා ගන්නවා..

අක්කි දුවගෙන ගිහින් කලින්ම හදාගෙන තිබුණු ලිස්ට් එකේ මද්දු පුංචි කියන නම ඉස්සරින් හරියක් දාගන්නව.. දැන් තව තෑගි එන්න තියෙන්නෙ එක පුංචි කෙනෙක්ගෙන් විතරයි.. මොකක් ලැබෙයිද දන්නෙ නැ.. එයත් එන්නෙ කොලඹ ඉදන්.. අපි හීන මවනව..

හැමදේම වෙලාවට කරන අත්තම්ම අපි කවුරුත් පෙරටු කරගෙන පන්සල් යනවා.. ලොකු මාම යි චූටි මාමයි උණ වෙඩි දානවා..

ලිප පත්තු කරන නැකත එනකොට වෙලාව හරියට බලන්න ටී වී එක ළගකීපදෙනෙක් ඉන්නවා.. අත්තම්ම කොහොමත් විනාඩි ගානකට කලින් ඉදන්ම ලිප ලග හිටගෙන බුදුන් වැදගෙන ලෑස්තිවෙනව.. . පුංචි දර කීරි ටිකක් ලොකු දර කීරි ටිකක් තමන්ගෙ වෙලාව එනකන් අත්තම්ම එක්ක ලිප ළග ඉන්නවා. කිරි මුට්ටිය කොහොමහරි උතුරවන්න බලාගෙන තවත් කට්ටිය එතන ඉන්නවා..

කවන නැකත එනකොට ලොකු පොඩි කවුරුත් පෝලිම් ගැහෙනවා.. ආයෙත් මං ඉස්සරහම.. මංනෙ පොඩිම.. ඉතින් හරිම නැකතට හැමදාම කැවෙන්නෙ මට.. කිරිබතට දාපු හකුරුද තලද තව තව ජාති එක්ක අත්තම්ම අපි කාටත් කට කට පෝලිමේ එන හැටියට කවනව, හරිම රහයි..

දැන් ගනු දෙනු කරන වෙලාව. අපි ආසම වෙලාව.. බුලත් කොලවල ඔතල පුංචි බාප්පල මාමල ඔය කවුරුත් කාටත් ගනු දෙනු කරනව.. රුපියල් දහයක් ලැබුණොත් ඒක අපිට ලොකු දෙයක්.. වැඩ අල්ලන නැකත් කියල අම්මි කියනවා පොතක් බලන්න කියල, අලුත් අවුරුද්දෙත් බැනුම් අහන්න බැරි නිසා පරණ පොතක බලියක් වගේ එකක් ඇදල අපි ශේප් වෙනව...

හිසතෙල් ගාන නැකත එනකොට අපි හැමෝම පංසලට යනවා.. ලොකු හාමුදුරුවො තමයි ඒ වැඩේ කරන්නෙ..

ඉතින් පුංචිල ආයි යන්න ලෑස්ති වෙනවා, නිවාඩු ඉවරලු ... හිතට දුක හිතෙනවා... අවුරුදු දවස් ටික අල්ලගෙන තියාගන්න පුලුවන්නම් යන්න නොදී .....

Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com23tag:blogger.com,1999:blog-135209007625765444.post-9511159024473245992012-04-09T11:49:00.002+05:302012-04-09T11:49:46.658+05:30පොඩි පහේ තේරවිල්ලක්.... 2කලින් තේරවිල්ලට ලැබුණු ප්‍රතිචාරත් එක්ක තවත් පරණ තේරවිල්ලක් දාන්න හිතුවා.. ගොඩක් අය දන්නවාද කියන්නනම් දන්නෙ නෑ, නමුත් බලමු නොදන්න අයත් ඇතිනෙ...

ඔන්න බස් එකක් තිබුණලු. හොදටම පිරිල... අමාරුවෙන් මිනිස්සු ටිකත් අරගෙන බස් හෝල්ට් එක ළගට බස් එක ආවාලු, ඒත් බස් එකට නගින්න හිටපු සෙනග දැකපු කොන්දොස්තරට තරු විසි වුණාලු. කොහොමටවත් ඉඩක් නැති බස් එකට තවත් කට්ටිය නග්ගගන්නෙ කොහොමද කියලා කල්පනා කරපු කොන්දොස්තර බහින්න ඉන්නවානම් ඒ මිනිස්සුන්ට බහින්න කියලාත් නගින්න ඉන්න මිනිස්සුන්ව ප්‍රතික්ශේප කිරීමත් එකම එක වචනයක් පාවිච්චි කරලා ප්‍රකාශ කලාලු... මොකක්ද ඒ වචනෙ ??

කොන්දොස්තර එක වචනයක් පමනක් පාවිචිචි කළේ ඇයිදැයි මම ද නොදන්නා බවත් ඒ පිළිබද වැඩිදුර කල්පනා කිරීම ඵල රහිත බවත් කියා සිටිමි.Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com11tag:blogger.com,1999:blog-135209007625765444.post-27941736473263462872012-04-05T12:30:00.000+05:302012-04-05T12:30:39.590+05:30නූරි --- 14තමාව ගමේ මහගෙදර තනි කොට මල්ලි සමගින් අම්මාත් අප්පච්චීත් නැවත නුවර යාමට පිටත් වූ පසු නූරි ඔහේ ඇද මත හාන්සී වූවාය.

"මයෙ පුතේ, මං වත්තෙන් පොළොස් ගැටයක් කඩං එන්නම්, ඔයා ඩිංගක් ඇලවෙලා ඉන්ට.. දැන් නැන්දත් එයි .. "

අත්තම්මා කුස්සියේ සිටිමින්ම කිව්වාය.

හිටි හැටියේ විදුලියක් කෙටුවා මෙන් නූරිගෙ සිතට යමක් ඇතුල් විණි. ඈ වහා ඇදෙන් පැන බෑගයට අත දමා ගැහෙන දෑතින් තරින්ද ගුරුතුමන් ගේ ලියුම විවෘත කළාය.

දයාබර සෙනෙහෙබර දියණියේ,

මං ගුරුවරයෙක්, ඔයා වගේම ලෝකෙ හරියට අදුනා ගත්තෙ නැති, අතපත ගාල ලෝකෙ තේරුම් ගන්න උත්සාහ කරන, ඒ මගින් තේරුම් ගන්නා රාමුවකම ලෝකෙ ඇතියි කියා සිතන බොළද අහිංසක දරුවන්ට සැබෑ ලෝකය මෙයයි යන්න වටහා දෙන්න උත්සාහ කරන ගුරුවරයෙක්.. සැබැවින්ම ඔබත් මා දුටු ආකාරයට ඉතා බොලද අහිංසක ඉගෙනීමට දක්ශ දැරියක්. අනෙක් දරුවනුත් ඔබත් අතර මා විශේශ වෙනසක් දකින්නේ නැහැ, ඒබොලද බවත් අත්දැකීම් අඩු බවත් නිසාවෙන්ම අද ඔබට ඔබත් මාත් කිසිවෙකුත් නොසිතූ ආකාරයේ සිදුවීම් වලට මුහුණ පෑමට සිදුවී ඇතැයි යන්න මගේ හැගීම වනවා. ///

නූරි ඇද මත පෙරළී සිටිනවා වෙනුවට කොට්ටයක් ඇද විට්ටමට තබා ඒ මතට හේත්තු වූවාය.

/// .. ඔබත් මාත් අතර වයසින් විශාල පරතරයක් නැතත්, අඩු වශයෙන් එය වසර හතක් වත් වනු ඇතැයි මා සිතනවා. මීට වසර හතකට පෙරාතුව මගේ චර්යාරටාව මට තවමත් හොදින්, ඉතාමත් හොදින් මතක ඇති බැවින් ඔබේ ක්‍රියාකාරකම් දඩබ්බර ලෙසට දැකීමට සිත් දෙන්නේ නැහැ. දරුවන් එසේයි, ඔවුන්ගේ ක්‍රියාකාරකම් කිසිම ගුරුවරයෙක් සදාකාලිකව මතක තබා ගන්නේ නැහැ. ඉතින් මට කියන්නට උවමනා දේ කෙටියන් පවසන්නම්, නැවත පාසැලට එන්න.. ඔබේ යුතුකම ජීවිතෙන් හැංගී ගොස් මුල්ලකට වී හැඩීම නොවෙයි. දහඩිය වගුරමින් උදේ සිට හවස් වනතුරු රාජකාරි කොට ගෙදර ආ පියාට මූණ එල්ලගෙන සිටින එකම දියණිය දැකීමට සැලැස්වීම ඒ තරම් හොද දෙයක් නොවේ යයි මා සිතනවා. කවුරු අතිනුත් වැරදි වෙනවා. වඩා වැදගත් වන්නේ නැවත ඒ වැරැද්ද නොකිරීමයි.

මා මේ ලියූවේ ගුරුවරයෙකු ලෙසින් මගේ සිතේ ඔබට කියන්නට යැයි බලකල සිතුවිලි ටික පමණයි. මගේ වයසේ පසුවන සාමන්‍ය තරුණයෙක් මෙන්ම මගේ සිරුර තුළ පාසලට පිටදී පමණක්ම සිටින දගකාර තරුණයාගේ සිතුවිලි ස්වල්පකුත් මේ සමගින්ම අමුණමි.

නූරි, දැන් හැමදේම හරි කියල හිතන්න, ඔයා ඉස්කෝලෙ එන්න, අම්ම අප්පච්චිගෙ බලාපොරොත්තු වලට පයින් ගහල ඉන්න බෑ ඔයාට. ඔයා මට ආදරේ කළාද කියන එක මම ඒ තරම් දුරට හිතන්නෙ නෑ, නමුත් එදා ඔයා ඉස්කෝලෙ ඉන්න දවස්වල මා නොදැන සිටි දෙයක් මං දැන් දන්නවා. ඒ මටත් හොරෙන් මං ඔයාට ආදරේ කරන්න පටංගෙන කිය එකයි. නූරිට මේ දේවල් හිත පාරයිද කියන්න මං දන්නේ නෑ, නමුත් මං බලාපොරොත්තු වෙනවා එදා ඔය හිතේ තිබුණු ආදරේ තාමත් නොවෙනස්ව ඇතැයි කියලා.

කොහොම උනත් ඒ සියල්ල වෙනුවෙන් මං තීරණයක් ගත්තා. අරමුණක් කරා යනවානම් කැපකිරීම්වල දිග පළල බලන්න හොද නෑ කියලයි මං හිතන්නෙ. ඉතිං මං ගමෙන් පොඩ්ඩක් ඈතට වෙන්න තියෙන ....... ඉස්කෝලේට මාරු වීමක් හදා ගත්තා. ඒක ඔයාටත් මටත් හොදයි. විබාගෙට තියෙන්නෙ තව මාස කීපයක්නෙ, බය වෙන්න එපා, වෙච්චි පරක්කුව ගැන නොසිතා දැන්ම මේ දැන්ම ඉදැන් පාඩම් කරන්න පටන් ගන්න. ඔයා ඉස්කෝලෙ එන්න පටන් ගත්තම මට කියන්න, මං ගෙදරට හරි ඇවිල්ල පහුගිය පාඩම් ටික කවර් කරන්නම්... මගෙ ෆෝන් නම්බර් එකට පුලුවන් වෙලාවක කෝල් කරන්න.

වඩා වැදගත් වෙන්නේ විබාගය, දෙවනුවයි විවාහය. විබාගය ඉවර උනු ගමන් මං අප්පච්චිට කියන්නම්, ඔයා කිසිදෙයක් බරට ගන්න එපා.. ඒ අහිංසක දෙමාපියන්ට සතුට ගේන්න මහන්සි වෙන්න.. මං නවතිනවා....

තරින්ද ........

දැස් අගින් සෙමෙන් ගලන කදුලු වලට නූරි ඔහේ යන්නට ඉඩ හැරියාය. හිනා වෙන්නටද අඩන්නටද කියා තේරුම් ගන්නට ඈ අපොහොසත් වී සිටියා කිව්වොත් නිවැරදියි. ...

ලිපිය නවා සගවා ඈ කාමරයෙන් එලියට පැමිණ අත්තම්මා එනතුරු මග බලන්නට වූවාය.

"අනේ පුතේ කොයි වෙලාවෙද ආවෙ, ?" සුදු නැන්දා පැමිණ සිටියාය.

"දවල් ආවෙ නැන්දෙ... " කෙටි පිළිතුරකින් සුදු නැන්දාටද සෑහිමකට පත් වන්නට විය.

සිතුවම් පටයක් දිග හැරෙන්නා සේ නූරි ගේ සිතට එක් එක් සිද්දි මැවී පෙනුනාය. අම්මා අප්පච්චි හා තාමත් ලදරු වියේ සිටින සහෝදරයා වෙනුවෙන් හදවත බර වන්නට විය.

"මං මෙච්චර දවසක් මොනාද කලේ.. . පව් මගෙ අප්පච්චී, අම්ම පව් දෙය්යනේ... මල්ලිට මං නැතුව පාලුත් ඇති ... "

කුරුල්ලන් එකින් එකා කූඩුවලට යනවිට, හාත්පස අදුර ඇයව වෙලගන්නට තනද්දී ඇය සෙමෙන් හිද උන් තැනින් නැගිටින්නට උත්සාහ කලාය...

"නූරි, මොකද ලමයා අද පහන පත්තුකරන්නෙ නැද්ද?" , නැන්දනියගෙ ප්‍රශ්නයට පිලිතුරක් වත් නොදී ඇය තම කාමරයට වැදී සෙමෙන් ඇදට වැටුනාය....

තවත් මොහොතකින් ඇය සෙමෙන් නැගිට්ටාය. දුරකථනය වෙතට ගමන් කළාය.

"හෙලෝ... "

එහා පසින් ඇසුණු ළපටි කටහඩ නූරිගේ හදවතේ ගැඹුරුම තැනකින් පටන් ගත් රිදුම මුලු සිරුර හරහාම ගමන් කරන්නට විය.

"මල්ලි, කෝ අම්ම , ?"

"අක්කි, මේන් ආයෙත් කටක් හැදිල. .. අම්මි මෙන්නෝ අක්කි. ... "

"පුතේ... "

"අම්ම පරිස්සමින් ගියාද ? "

"ඔව් මගෙ පුතේ ඇයි , හදිස්සියක් වත්ද ?"

ජයසේන මහතාද විස්මය රැදි දෑසින් බිරිදගේ මුව දෙස බලා සිටියේය.

"නැ අම්මෙ, මං එන්නම් "

"ඇ ඇයි පැටියො,, අත්තම්මවත් මොනා හරි කිව්වද ?"

"අනේ නැ අම්මෙ, විබාගෙට තව මාස කීයද අම්මෙ, ඉස්කෝලෙ යන්නත් එපැයි ... "

"හොදයි පුතේ,.. අපි එහෙනම් හෙට එන්නම් මේන් අප්පච්චි කතා කරනවා... "

"මයෙ පුතේ... ඇයි මේ.. "

නූරිට එකදු වචනයක්වත් පිට කර ගන්නට නොහැකි විය. මොහොතකින් ඉකිබිදුමක් බවට පෙරලුණු හැඩුම නිසා නූරි දුරකථනය තබා නැවත කාමරයට ගියාය.

"කමක් නෑ මං හෙට ගෙදර යනවා,, ආයි කවදාවත් මේ දේවල් ගැන නොසිතා අම්ම අප්පච්චි මල්ලි ගැන හිතල වැඩ කරල විබාගෙ පාස් වෙනව මං දන්නව මට බැරි නෑ, මට හරි මාර්ගෙ පෙන්නල දුන්නට සර්ටත් පිං... "

ඈ කාලාන්තරයකට පසුව කදුලු අතරින්ම හිනැහුණාය.

*********************** නිමි ******************************

Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com19tag:blogger.com,1999:blog-135209007625765444.post-83549703081074754172012-03-22T14:33:00.000+05:302012-03-22T14:33:24.889+05:30නූරි --- 13සිතේ ඇතිවන වේදනාව නූරිව විඩාවට පත් කළේය. සියල්ල සිදුවූයේ තමාගේ වරදින් යැයි ඈ කල්පනා කළාය. යෞවන වියේ ඇතිවන ක්ශණික හැගීමකට මුල්තැන දෙමින්, හෙට සිට තරින්දට මුහුණදීමේ අපහසුතාවය නැවත මතකයට නගා ගනිමින් ඈ දුව ගොස් අල්මාරිය මත තිබූ කුඩා බෝතලය සිය සුරතට තද කර ගත්තාය.

"නූරි, ළමයො ඇයි කලුවරේ, ලයිට් ගියා වද්ද ? " අම්මා කඩයට ගොස් නැවත එන අතරදී අඩ අදුරේ ගිලී ඇති නිවස දැක, දියණිය පෙනෙන්නට නැතත් විමසුවාය.

පිළිතුරක් නොලද තැන ඈ හඩ නගා "නූරි ඊ ..." යැයි පැවසුවාය.

"පුතේ බලන්න අක්කි කොහෙද කියල... "

"අම්මි, අක්කි කාමරේ වැටිල ... එන්න....."

කුඩා ඔනෙල්ගේ කෑගැසීමෙන්. මව කාමරයට දුව ගියාය. එය වැටීමක් නම් නොවන බව අවබෝධ කරගත් ඇගේ මව, බොහෝ සේ අවුල් වූ සිතින්, අහළ පහළ පිරිසකගේ උදව්වෙන් නූරිව රෝහලට රැගෙන යන ලදි.

"අහවල් එකක් උනාද මගෙ දරුවට , දෙය්යනේ... "

රෝහලට යන අතරදීත් නූරිගේ මවගේ වේදනාබර වචන ඈ සමග උන් අන් පිරිසවද අඩවන්නට සමත් විය. සැමදෙනාගේම සිත්වල තිබුනේ කුතුහලයකි.

"ඇයි අක්කෙ, දරුවට මොකකටවත් සැර වැර වත් කෙරුවද මේ දවස්වල ?"

පිරිස අතර සිටි කාන්තාවක් විමසුවාය..

"අනේ,, මයෙ කෙල්ලට අපි කවද්ද දෙය්යනේ නිය පිටින් පාරක් වත් ගැහුවෙ.. "

රෝහලට ඇතුලත් කල විගස ජයසේන මහතාද රෝහලට පැමිණියේය. වහ වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය හදිසි ප්‍රතිකාර අංශය වෙත නූරි ව යොමු කළහ.

නූරි සියදිවි නසා ගැනීමට තැත් කර තිබිණි. රෝහල් බංකුව මත ජයසේන මහතාද, ඔහුගේ සිරුරට හේත්තු වී කදුලු වගුරමින් සිටිනා බිරිදද දුටු වෛද්‍යවරයා ඔවුන්ව පසෙකට කැදවා ප්‍රශ්න කරන්නට විය.

"බයවෙන්න දෙයක් නැ, ළමය බය කරන්න වෙන්නැති මෙහෙම දෙයක් කරන්න ඇත්තෙ... ඒත් මට මේකට හේතුව නම් දැනගන්න ඕනෙ.."

"ඩොක්ටර් මේ ඇත්තමයි, අපිට කිසිම දෙයක් හිතාගන්න බෑ.. අපෙ දරුවට එහෙම දෙයක් කරගන්න කිසිම හේතුවක් තිබ්බෙ නෑ අපි දන්න විදියට.. "

"ඒක හරි පුදුමයක්නෙ.. මොකද අපි ළගට ඔහොම ළමයි ගොඩක් එනව, මං කියන්නෙ මේ වයස හොද නෑනෙ, එක එක දේවල්වලට පැටලිල ජීවිතෙ නැති කරගන්න උත්සහ කරන ලමයි සෑහෙන්න ඉන්නව... ඔය මොකක් හරි පොඩි හේතුවක් ඇති මේ වයසට... "

"අනේ මන්ද ඩොක්ටර්, අපි දැනුවත්ව නම් කිසි හේතුවක් නෑ, කෝකටත් මං දූගෙ ඉස්කෝලෙ යාලුවෙක්ගෙන් වත් ආරංචි කරල බලන්න්නම්කො.. "

නූරිගෙ පියා මේ පිළිබදව තරින්ද ගුරුන්ගෙන් විමසීමට සිතා ගත්තේය.

"දන්න අදුනන තරුණ සර් කෙනෙක් ඉන්නව ඩොක්ටර්, මං ඒ සර්ගෙන්වත් අහල බලන්නම්.. දරුවට මෙහෙම දෙයක් කරගන්න ඕනෙනම් ඒක කරගන්න ඕනතරම් හේතු තිබ්බ පහුගිය කාලෙනම් අපි පවුලම වැටිල හිටිය නිසා.. "

පියා තවදුරටත් වෛද්‍යවරයාට ගෙවුණු කළ සිදුවූ සිදුවීම්ද සැකෙවින් විස්තර කළේය.

නූරි වස බී රෝහලේ යන පුවත විදුලි වේගයෙන් පාසැලේ ළමුන් අතර පැතිරෙන්නට විය. හේතුව සැම කෙනෙකුටම කුතුහලයක් බැවින්, හේතු නිර්මාණය කරන්නට ද බොහෝ අය පටං ගෙන තිබිණි.

තරින්ද විජේරත්න ගුරුන්ටනම් මෙය ප්රහේළිකාවක් නොවීය. නූරි දක්ශ දැරියක් හා යමක් කියූ විට අවබෝධ කර ගැනීමේ සමතියක් යැයි සිතූ බැවින්ම මිසක ඔහු දුරකථනයෙන් ඈට කථා නොකරන්නට ඉඩ තිබිණි. ගුරු කාමරයෙ හිස් පුටුවකට බරදී ඔහු අරමුණක් නොමැතිව හිස් බැල්මෙන් ඈත බලා සිටියේය.

"මගෙත් වැරැද්ද, ඒ ළමයට ප්‍රශ්න මදිවට මේ වෙලාවෙ ඕක කිව්වෙ... "

සිතුවිලි සිතට එන්න පටන්ගත්විට ඔහුගේ සිත ඔහුට දොස් පවරන්නට විය. ඊයේ දිනදී නූරිගේ පියාද ඔහු හමු වී මේ පිළිබද දන්නා තොරතුරක් ඇතිදැයි විමසූ අවස්ථාවේදී ඔහු බොහෝ සේ අපහසුතාවයට පත්වුණු අයුරු සිහියට නැගිණි.

"පුතා, අපෙ ළමයගෙ මොනාහරි පටලැවිල්ලක් එහෙම තිබ්බ කියල ආරංචියක් වත් නැද්ද ?"

"අනේ , නෑ අන්කල්, මේ ළමයගෙ එහෙම කිසි හේතුවක් තිබ්බෙ නෑ, අපි ළමයි එක්කමනෙ ඉන්නෙ ... "

"දරුවගේ ජීවිතේටනම් අනතුරක් නෑ කියපු හින්ද හිතට බයක් නෑ.. ඒත් අපි හොයල බලන්න එපැයි දරුවො, කාගෙන්වත් බලපෑමකට බයේවත් ළමය මෙහෙම කරගන්න ගියාද කියල.. "

"ඔව්, ඒක නම් ඇත්ත තමයි.. අන්කල් බය වෙන්න එපා, ඉස්කෝලෙන් මම විස්තර හොයල බලන්නම්කො ... "

තෙසතියකට පසුව නූරි සුවය ලබා නිවෙසට ආවාය. පෙරදී කෙළිදෙලෙන් පසුවූ සිසුවිය වෙනුවට, බොහෝ සෙයින් නිහඩ දැරියක් වූ නූරි වැඩි කාලයක් තම කාමරයටම වී කාලය ගත කළාය. පාසැලට යාම බොහෝ සේ ප්‍රතික්ශේප කරන්නට වූවාය. සතියකට වතාවක් මිතිලා අවුත් දුක් සැප බලා යාම සිදු විය.

"මගෙ රත්තරන් පුතේ, ඔයා ඔහොම හැසිරුණොත් අපි කාටත් හිතට වේදනයි නේද ! අපිව දාල නුවරට එන්න පුලුවන්කම අප්පච්චිට තියෙද්දිත්නෙ අප්පච්චි අපි ඔක්කොම අරගෙන නුවර ආවෙ .. ඒ අපි හැමෝම සතුටින් එකට ඉන්න ඕනෙ හින්දනෙ දරුවො.. ඔයා ඔහොම කථා නොකර පැත්තකට වෙලා හිටියොත් අපෙ සතුට කෝ පුතේ.. ඇයි මගෙ පුතාට ඉස්කෝලෙ යන්න බැරි .. ? මොකක්ද ප්‍රශ්නෙ ... "

නූරි කට පියාගෙන කාමරයට ගියාය. සිය හැගීම් වෙනුවෙන් පොර බැද, ඒ අසාර්ථක වූ කල්හි, ඈ පලිගන්නේ ඇගේ අහිංසක දෙමාපියන්ගෙන් බව බොහෝ තරුණ දුවනියන්ට මෙන්ම ඈටද අමතක වී තිබිණි.

තරින්ද ගුරුන්ගේද සිත බොහෝ ව්‍යාකූල වී තිබිණි. මේ සියල්ල සිදුවූයේ ඔහුගේ වරදින්ය යන හැගීමෙන් මිදෙන්නට ඔහුට නොහැකි වී තිබිණි. පන්තිය අතරතුරදී නූරිගේ දෑස් සොයා ඒ අකීකරු දෑස් සරන්නට පටන්ගෙන තිබිණි. නූරි සිටින දිනවල ඇගේ වගක්වත් සිතට නොදැනුන නමුත් ඈ නොසිටින මේ දිනවල ඈම සිහිවන්නේ ඇයිදැයි සිතට වදදෙන ප්‍රශ්නයක්ම විය. ඒ රවුන් මුහුණ නැතිව ඔහුටද පාලු දැන්නෙන්ට පටන් ගෙන තිබිණි. "මේ කෙල්ල මට වශියක් වත් කළාවද්ද" සමහර අවස්ථාවලදී ඔහු එහෙමද සිතුවේය.

නිතර හිනාවෙන් තිබූ නිවෙස කෙටි කලකින්ම අදුරු ගුප්ත ස්වරූපයක් ගන්නා ලදි. කළ හැකි දෙයක් නොවූයෙන් නූරිව තාවකාලිකව ගමේ මහගෙදර නැවැත්වීමට ඇගේ දෙමාපියන් විසින් තීරණය කරන ලදි.

වෛද්‍ය වරුන් පවසන ආකාරයට ඇයට රෝගයක් නොමැති බැවින්, ඇයට අවශ්‍ය දිනෙක නිහඩ බව බිදිනු ඇතැයි ජයසේන මහතාට වෛද්‍යවරුන් කියා තිබිණි.

"ඔන්නොහෙ එයාට තව ටිකක් කල් දෙමු.. ඊට පස්සෙ බලමු. .. අපි කෝකටත් දරුවව, ගමේ එක්කරන් යං.. අක්ක එක්ක ඉන්නකොට ඔය කට ඇරිල එයි .. "

මිතිලා පැමිණ මිතුරියට කතා කොට, සුපුරුදු ලෙසම පිළිතුරක් නොලැබුවාය. ඒත් අද ඈ වෙනදා මෙන් ඉක්මණින් නොගියාය. බලෙන්ම මෙන් රැදී සිට, නූරිගේ මව නොමැති අවස්ථාවකදී හතරට පහට නැමූ කොලයක්, නූරිගෙ සුරතේ ගුලි කළාය.

"මොකක්ද ?" දුබල කටහඩින් නූරි විමසුවාය.

"සර් දුන්නෙ, ලියුමක් වෙන්නැති"

"මට, ඇයි ?"

"මං දන්නෙ නෑ, ඔයා පස්සෙ බලන්න.. " පහත් ස්වරයෙන් මිමිණූ මිතිලා යන්නට ගියාය.

නූරි ගැහෙන දෑතින් ලියුම අතට ගත්තාය.

"එක්කො හෙට ගමේ ගියාම බලනවා" ඈ එය පරෙස්සමින් ඇදුම් බෑගයේ යටටම දැම්මාය.

Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com19tag:blogger.com,1999:blog-135209007625765444.post-35782749649610999392012-03-21T14:35:00.002+05:302012-03-21T15:50:04.092+05:30කෝ කොහිද කවුරුන්ද මේ වෙනස ඇති කළේ !අහස සිඹින නෙක බිල්ඩිම් මැද්දේ

දවස ගෙවන නෙක තත්පර මැද්දේ

හවස දිනක් ගේ තුළ දී සද්දේ

දෙබස මතක් විය කවියෙන් විද්දේ ........

හවහට හෙමිහිට පුතු ගෙන උකුලට

හැඩේට ළංකොට පොඩි පුතු සිරුරට

කාලෙට වුණු දේ විය පවසන්නට

අපහට වුණි එය අහගෙන ඉන්නට ......

දසක අටක් වයසයි අත්තම්මා

දසක පහක් වෙයි මගෙ සුදු අම්මා

දසක තුනක් වත් මට නැත නිම්මා

දෙබස පටන් ගති අපි තුන් අම්මා .....

අත්තම්මා :

කන්ද උඩින් ඉර එබෙන්න පළමුව

නින්ද මතින් අපි නැගිටල විදි සුව

මන්ද උඹල මේ කරනා විහිලුව

ඉර දුටු විට හිස පොරවයි තව තව !

නදේ සියොත් මැද ළිදට දිව්ව අපි

වදේ නොකිය ලිං දියත් ඇද්ද අපි

පදේ මොටද මගෙ අනේ අහෝ තොපි

බාත් රූම් මිස ළිදට යයිද තොපි !

අම්මා :

පාසැලට ගුරු පාර දිගේ ඇවිදන් එදා

සීරුවට අඩි තබා ගියෙමු ඒ අපි එදා

පූරුවට කල පවක්දෝ සිතේ මට මෙදා

උඹලාට අඩි දෙකට වාහනය හුරු මෙදා !

අත්තම්මා :

සිල් ගන්න පෝ දාට නැතේ අදිමදි කළේ

මල් පුදා බුදුන් හා දෙගුරුන්ට පෙම් කළේ

ගල් ලෑලි ගල් කූරු පමණකිය රජ කළේ

පොල් මල්ල වැනි බරක් පොඩි පිටේ අද කළේ !

අම්මා :

හූණු බිජු රසකැවිලි රස බැලුව අපි එදා

සත දෙකේ සියඹලා ගුලි ගිලපු ඒ එදා

පීසා ද මැකරෝනි විශ ගිලින මේ මෙදා

බලයෙන්ම ලෙඩ බදාගෙන විදිති දුක් සදා ......

නැතත් කිසි කෙනෙක් ගං දියට පැන නැටූ අපි

පාර දෙක වදින විට අඩ අඩා දුවපු අපි

පූල් එක මිස පැටව් දානවද ගගට අපි

අහෝ ඇයි නැති කළේ සොදුරු බව උන්ට අපි !

අත්තම්මා:

රාස්සිගෙ අව් රැල්ල මිදුල සිප ගන්නවිට

ගම පුරා කුප්පිවල එලිය විහිදෙනා විට

හැම දෙනා ගෙට අවුත් එකතු වෙයි පිල උඩට

ඩොලැක්කය ගහන විට අපි ගයමු හරි හැඩට .....

ඩොලැක්කේ ගියත් විසිවෙමින් කුණු බක්කියට

ගිටාරේ ගේනවලු සුවය අද පැටි උන්ට

අපි එකල ටීටරේ නාට්ටිය බැලුවාට

දැන් උන්ට නාට්ටිය ගේනවලු සාලයට !

අම්මා :

පාසලේ සිට සෙමෙන් ඇවිද ආ යාලුවෝ

දෙපා පොඩි ඇලට දා කොටනතුරු මාලුවෝ

වේලි වල තිබුණු ඒ බිගු කැදලි හෑරුවෝ

අහෝ නැත දැන් උන්ට ඒ සොදුරු කාලයෝ !

අත්තම්මා:

කාලයේ ඇවෑමය අමුතු දේ සිදු කළේ

බාලයේ සොදුරු බව ඇයි උන්ට නැති කළේ

තාලයේ හැටි ගමන නැතේ සුබ මේ කලේ

කෝ කොහිද කවුරුන්ද මේ වෙනස ඇති කළේ !Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com24tag:blogger.com,1999:blog-135209007625765444.post-21684937075782411462012-03-19T13:39:00.001+05:302012-03-19T15:40:07.647+05:30නූරි --- 12

සිත ඔහේ පාවී යද්දී රත් මල් වැට මැද්දෙන් වැලි පාර මතින් නූරි පන්තියට ආවාය. අද ඇගේ පන්තිය අතුගාන දිනය නොවූවත් ඒ වනවිටත් පන්තිය අතුගාන යෙහෙළියන් නොපැමිණ සිටිය හෙයින් ඈ කොස්ස ගෙන අතුගාන්නට ගත්තාය. කුලුදුලේම පාසලට අද ගිය ඇගේ සොයුරු ඔනෙල්ව ඈට සිහියට නැගිණි. "මොන විකාරයක් කරලද දන්නෑ දැනටම ! " ඈ තමාටම කියාගත්තාය.

ටික වේලාවකින් පාසලේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් දේශාභිමාන ගී ප්‍රචාරය වන්නට විය. මෙය ඇගේ පාසලේ සෑම සදුදා දිනකම පාසල පටන් ගන්නාතුරු සිදුකෙරෙන දෙයකි. ඒ ශබ්දයට මුවාවී පන්තිවල කෙල්ලන්ද කොල්ලන්ද ශබ්ද නගා ගී වලට අත්වැල අල්ලති. කිසිවෙක් එයට එපා නොකීහ. නූරිද තනියෙන් වුවද ශබ්ද නගා අනිත් මිතුරින් එනතුරුම ගී ගායනයේ යෙදුනාය.

සාමාන්‍යයෙන් භෞතික විද්‍යාව කාලයේදී තරින්ද ගුරුතුමන් ඈ සමග විශේශයෙන් කතා නොකලද, අන් සියලු සිසුන් සිසුවියන්ට මෙන්ම ඈටද සලකුවේය. නමුත් අද ඔහු නූරි දෙස හිතාමතාම නොබැලුවේය. සියලුම ළමුන් දෙස එකවර බලමින්, කිසිම කෙනෙක්ගේ දෑස් වෙනම ග්‍රහණය කරනොගැනීමට ඔහු අද වගබලා ගත්තේය.

නූරිගේ මුහුණ හොද නැත. ඈ මිතිලාත් සමගින් පාසැල අවසන බසය කරා යමින් සිටියාය. ඈ කුමක්දෝ දෙයකට මුහුණ නරක් කරගෙන සිටියාය. උදේ බොහොම උද්යෝගයෙන් සිටි මිතුරියට කුමක් වූවාදැයි මිතිලාටද නොවැටහෙන බැවින් ඈ නිහඩ බව බින්දාය.

"මොකෝ, දැන් ඇතිනෙ මූණ කොරහක් වගේ කරගෙන හිටිය! කියපංකො, මොකක්ද අව්ල?"

නූරි රවා බැලුවාය.

"මට ඇති අව්ලක් නෑ, ඔයාට පේන හැටි.."

"මට විතරක් නෙවි නූරි, හැමෝටම පේනව ඔයාගෙ මූනෙ කැත, ඇයි කල්පවත් මොනාහරි කිව්වද?"

"අනේ පිස්සුද මිතිල. කල්ප හිතේ තියාගෙන ඉන්නව, අපි ඒව දන්නව කියලත් දන්නව, ඒත් ෆෝවඩ් නෑ, ඒක හොදයි ... කරදරයක් නෑනෙ එතකොට,"

"ඔව්, කෙලින් අහනකං නොදන්නව වගෙ ඉන්න පුලුවන්නෙ නේද? හරි දැන් ඌත් නෙවෙයි නම් කේස් එක මොකක්ද?"

"කේස් එකකුත් නෙවේ මිතිල, මට හරි දුකයි බං, සර් අද මගෙ මූණවත් බැලුවෙ නෑ, හරියට මං සර්ට වැරැද්දක් කරල වගේ, "

මිතිලාට සිනා යන්නට පටන් ගත් විට නූරිට තවත් කේන්තිය වැඩි විණි.

"ඕකනෙ මං කිව්වෙ නැත්තෙ, ඔයාලට ඉතින් කවදත් විහිලුනෙ, කමක් නෑ මගෙ ප්‍රශ්නෙ මං විසදගන්නම්, ඔයා පැත්තකට වෙලා ඉන්න......."

"අපෝ නෑ නූරි මං හිනා වුනේ එහෙම ඔයාව පල් කරන්න නෙවෙයි.. ඔයාත් හරි පුදුමයි එක අතකින් බැලුවම.. "

"ඉතින් අනිත් අතින් බලපන්, එතකොට පුදුම නැති විදියට පෙනේවි... හිහ්"

"නෑ නූරි ඒ සැරේ ඔයා විහිලු කරනව, ඔයා තරින්ද සර්ට ඇත්තටම හිත යටින් ආදරේ කරනව නේ !"

නූරි ගැස්සී ගියාය. ලෝකෙටම ඇහෙන්නට "ඔව් මං සර්ට ආදරෙයි ඊ ඊ " කියන්නට උවමනා උවත් එයට සුදුසු වේලාවක් නොවේ මේ. එහෙයින් ඈ මෙලෙසින් පිළිවදන් දුන්නාය.

"එහෙම්මත් නෙවෙයි මිතිල, අනේ මන්ද !"

"ඔයා ඔය හිත රවට්ට ගන්න ඔහොම කිව්වට ඕකට ඔයා හැර හැමෝම කියන්නෙ ආදරේ තමයි .. කමක් නෑ නූරි , ඕක මොකක් වුනත් මමනම් ඕකට කැමති නෑ නූරි"

"ඒයි, ඒ ඇයි ඔයා එහෙම කියන්නේ ?"

"ඔයා මනෝලෝකෙක අතරමං වෙලා වගේ පිස්සුවෙන් සර් ගැන හිතුවට ඔයාවත් අපිවත් කවුරුවත් සර් ගැන හරියට දන්නෙත් නෑ. ඒක එකක්, අනික ඒ සර් කෙනෙක්, ඔයා සර්ගෙන් ඉගෙන ගන්න ළමයෙක්, ඒක වෙනස් වෙන්නෙ නෑ කොහොමවත්.. ඔයා සර් එක්ක යාලුවුනොත් ඒක ඉස්කෝලෙටත් හරි නෑ ... "

"ඔයා කියන ඒව හරි මිතිල, ඒත් අපි ඒවට උත්තර හෙව්වොත් ඒ ප්‍රශ්න විසදගන්න පුලුවන් නේද ?"

"ඒවට උත්තර නෑ බං, මන් ඔයාට නොකිව්වට දිලිනි එක්කත් මේක කතා කළා.. "

"අනේ , දිලිනි මොනාද කිව්වෙ, පව් මිතිල ඔයා මං වෙනුවෙන් මහන්සි වෙලා... "

"ඇත්තම කියනවනම් දිලිනි උබත් එක්ක වැඩිය කථා කරන්නවත් එන්නෙ නැත්තෙ ඔය මගුල් සිතුවිලි හින්ද බං"

"ඒ පිස්සුනෙ බං දිලිනිට, මං එයාව ගිලිනවයැ !, සමයංද කොහෙද?"

"ඔයාට සමයං උනාට නූරි පොඩ්ඩක් හිතන්න, අපෙ ඉස්කෝලෙ නුවර තියෙන හොදම ඉස්කෝලයක් .. ඇයි ඔයා ඒ ගැන නොහිතන්නෙ... "

"හ්ම්ම්, හරි මම නරක දෙයක් කරන්නෙ නෑ මිතිල, අපි බලමුකො.. දැන් මට පොඩි උදව්වක් කරහං.. "

"ඒ පාර මොකක්ද?"

"අපි අර කමියුනිකේශන් එකට ගිහින් එමුද?"

"කාටද කෝල් ගන්නෙ,? සර්ටද?"

"හ්ම්, මට එදා ක්ලාස් ගියා කියල කියන්න බැරි උනා බං... මං මේ කෝල් එකෙන් පස්සෙ ආයි සර් ගැන නොහිත ඉන්න බලන්නම්කො... "

නූරි සෙමෙන් තරින්ද ගුරුන්ගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කළාය.

"හෙලෝ...."

අනෙක් පසින් ඇසුණු ගැහැණු කටහඩ හමුවේ නූරි නිරුත්තර වූවාය.

තමා අතින් අංකය වරදින්නට ඇතැයි ඈ අනුමාන කළාය.

"හෙලෝ කවුද, තරින්ද සර්ට ද කථා කරන්න ඕනෙ, හෙලෝ... ".

"හෙලෝ ඔව්, සර් ඉන්නවද!"

"මල්ලි නම් දැනුයි ආවෙ, ලිදට ගියා තව ටිකකින් එයි, කවුද කතා කරන්නෙ මල්ලිගෙ පන්තියෙ ළමයෙක්ද , යාලුවෙක්ද කිව්වොත් එයාට කියන්න පුලුවන් ... "

"මං සර්ගෙ පන්තියෙ ළමයෙක්, නම නූරි... "

"ආහ් නූරි ද ? හරි නංගි මම කියන්නම් මල්ලි ඔයා ගැන කියල තියෙනව මට, ... "

"මං ගැන,,.. මො .. මොනාද සර් කියල තියෙන්නෙ"

"හරි නංගි, එහෙනම් මං කියන්නම්කො ඈ"... ඈ දුරකථනය විසන්දි කළාය.

දැන් තවත් ප්රශ්නයකි.... සියලු විස්තර අපේක්ශාවෙන් මිතිලා දුරකථන කුටියට පිටින් බලා සිටී. සියල්ල විස්තරාත්මකව පැවසූ නූරි අවසානයේ මෙසේද ඇසුවාය.

"මොකක්ද බං සර්ගෙ අක්ක මට එහෙම කිව්වෙකේ තේරුම..?"

"ම්හු, මොකක් උනත් ඒක උබ අද සර් කෝල් කරාම අහගනිං..."

"හ්ම්ම්... "

නිවෙසට පැමිණි වහාම ලහිලහියේ මුව සෝදාගත් නූරි දුරකථනය පේන මානයේ වාඩී වී ආහාර ගත්තාය. වෙනදා මෙන් නොව අද ඈට කාමරයට යාමේ කිසිම අවශ්‍යතාවයක් නැත්තා සේය. සාලයේ කෑම මේසය මතම පොත් පෙරලාගත් නූරි තමාට කරදර කරන්නට එන ඔනෙල්ට බැන වැදුණාය.

"පුතේ ඔයාට ඔතන වැඩ කරන්න බැරිනම් කාමරේට යන්නකො, මල්ලිට නිකම් බැන බැන ඉන්නැතුව,,, "

අම්මාගේ විධානයෙන් නූරි ඔනෙල් මොනවා කෙරුවත් ඉවසා සිටින්නට වූවාය. දුරකථනය නාද වන සෑම වේලාවකම නූරි වහා පැන එයට ප්‍රති උත්තර දෙයි.

"මොකද ළමයො... "

වරෙක දුරකථනය නාදවන විට එදෙස දුවන්නට ගොස් මේස කකුලක පය ගැටිණු මොහොතක අම්මා එසේ ඇසුවාය.

"අහ් නෑ අම්මෙ, මේ විකාරෙ රින්ග් වෙනව, පොතක් බලන්නවත් නෑනෙ නිදහසක්..."

"ඉතින් ඔයා ඉන්න මං ගන්නංකො... "

හවස කලුවර වැටෙනවිට නූරි සෙමෙන් කාමරයට ඇදුණාය. "මං නිකම් බලං හිටිය විතරයි ... මං මෝඩයෙක් වෙලා හවස් වරුවම කෑව, පාඩමවත් කරගත්තෙ නෑ.. අපරාදෙ! " ඇගේ සිත කියන්නට වූවාය.

නැවතත් දුරකථනය නාද වෙනු ඇසී ඈ සාලයට දිව්වාය.

"අනේ සර්ම වෙන්න දෙය්යනේ... අම්මයි මල්ලියි කඩේ ගියා... සර්ම වෙන්න....... "

"හෙලෝ ... "

"හෙලෝ නූරි ........"

"සර්, නූරි තමා..."

"ඇයි නූරි කථාකළේ ?"

"අහ් සර්, මං මං මේ කථාකලේ අර සර් කිව්වෙ අර පන්තිවලට යන්න කියල.. "

"ඔව් .. නූරි යන්න හිතුවද?"

"ඔව් සර් මං ගිය සතියෙ ඉදන් යන්න පටන් ගත්ත... "

"ඉතින් හොදයිද පන්තිය.. ඉස්කෝලෙට වඩා තේරෙනව ඇති නේද?"

"තාම සර් එක දවසනෙ ගියෙ,,, "

"යන්න පටංගත්තු එක හොදයි. තව මාස කීයද විබාගෙට... දැන් ඉතින් හැම දෙයක්ම විබාගෙ වෙනුවෙන් තමයි වෙන්නෝ නෙ නේද නූරි ... "

"ඒ කිව්වෙ සර් ?"

"නෑ මේ මං කිව්වෙ නූරි, ඔය මේ වයසෙදි කොයි තරම් නම් දේවල් ළමයි කරනවද විබාගෙ අමතක කරල... ඔය හැමදෙයක්ම අමතක කළොත් තමයි තමංගෙ ඉලක්කෙට යන්න පුලුවන් ... "

"ඔව් සර්, මට තේරුණා... මාත් එහෙම කරන්නම් සර් ... "

"හ්ම්, නූරි තනියමද ගෙදර ඉන්නෙ ?"

"නෑ සර්, දැන් අම්ම ඉන්නවනෙ, දැන්නම් පොඩ්ඩකට කඩේට ගිහින් මල්ලිත් එක්ක..."

"එහෙනම් නූරි පොඩ්ඩක් මං කියන එක හොදට අහගන්න... අපි ගුරුවරු.. අපි කවුරුත් ඔය වයස පහු කරල තියෙන්නෙ, ඔය වයසෙදි ඇතිවන හැම හැගීමක්ම වගේ අපිටත් එහෙම කාලයක් තිබුණු නිසා දැන් ළමයි හැරෙනකොට ගුරුවරුන්ට හිතාගන්න පුලුවනි.. නූරි ගොඩක් දක්ශ ළමයෙක්... නූරි අහගෙනද ඉන්නෙ?? හෙලෝ .."

"ඔව් සර් මං අහං ඉන්නෙ... "

"ඔයාගෙ යාලුව, මිතිලත් ගොඩක් හොදයි දක්ශයි ... ඉතින් දෙන්නම එකතු වෙලා වැඩ කරන්න... මේ කාලෙ පිස්සු නැටුවොත් ජීවිතෙ හැමදාම දුකින් තමයි ... මට නූරිගෙ හැගීම් තේරෙනව.. ඉස්සෙල්ල අපි විබාගෙ කරගනිමු... මොකද නූරි මම දන්නව මට ගුරුකමෙන් සැනසෙන්න වුනේ ඇයි කියල ... ඉතින් දැන දැන අපි ගින්දරට පනින්නෙ ඇයි ?? "

"මං තියන්නම් සර් එහෙනම්... "

නූරිට ඕනෑ කළේ කෑ ගසා හඩන්නටය. තව දුරටත් සර්ගේ මුහුණ බලන්නේ කෙසේදැයි ඈ සිතුවාය.

"හරි තියන්න ඕනෙ නම් තියමු නූරි , හැබැයි හෙට ඉදල ඔයිට වඩා උවමනාවෙන් වැඩ ටික කරන්න ඕනෙ මනස්ගාත අතහැරල... "

"හරි සර්... මං තියනව... "

යටිතොල විකාගෙන කදුලු නවත්වාගනිමින් නූරි දුරකථනය තැබුවාය. ඈ හැඩුවේ ආදරය වෙනුවෙන් තැබූ බලාපොරොත්තු කඩවීමටත් වඩා ඇතිවූ ලැජ්ජාවටය.

"අයියෝ මං කරගත්ත විනාශෙක තරම... දැන් ඉතින් හොදට පාඩම් කරගන්න එක කොහොම වෙතත් හෙට ඉදල සර්ගෙ මූණ බලන්නෙ කොහොමද ?.. ඔයහැටි ගුරුවරුන්ට සාත්තර කියන්න පුලුවන්නම් තව ගුරුවරු කී දෙනෙක් ඉන්නවාද දන්නෙ නෑ මගෙ හැටි දැනගෙන... හපොයි දෙයියනේ... මට මොලේ පෑදෙන්න කල් ගියේ ඇයි මෙච්චර ..." නූරි ඇගේ කාමරයට ගොස් තම සිත හා තර්ක කරමින් ඇදේ පෙරළී කදුලු වගුරන්නට වූවාය.Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com11tag:blogger.com,1999:blog-135209007625765444.post-29474630890097810552012-03-16T09:19:00.000+05:302012-03-16T09:19:59.207+05:30බලා සිටිමු අපි ඔබ එන පෙරමග .....

පුංචි කුරුලු පොඩිත්තෝ

කූඩුවලට වදිත්තෝ

රංකැටි මගෙ සිගිත්තෝ

මගෙ උකුලට පනිත්තෝ .......

ඉර මාමත් හැංගෙනවෝ

හද මාමට ඉඩ දෙනවෝ

රන් තැටියක කිරි පැණි දී

මගෙ කුමරුන් නලවනවෝ ......

පුලුන් වලා කුට්ටි වගේ

උදේ තිබුනු සුදට සුදේ

අන්න අපට හොරෙන් පුතේ

පාට සේල පොරවාගෙන ......

අන්න බලන් පුංචි පුතේ

බට්ටි පැටව් හතර අතේ

රෑ කලුවට බයෙන් පුතේ

අම්ම ළගට තුරුල් වෙනව ........

අනේ ඉතින් පුංචි නෙතට

නිදිමත සළකුණු ආවට

එපා එපා දොයියන්නට

අප්පච්චී තවම මගලු .......

හැමදාමත් ඔහු එනවිට

සුදු පුතු දොයියන උන්නට

අදවත් අපි හිදිමු බලා

බැල්කනියේ කොනට වෙලා ......
Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com20tag:blogger.com,1999:blog-135209007625765444.post-63925519815382256472012-03-15T12:01:00.001+05:302012-03-15T12:01:49.772+05:30නූරි --- 11නූරි --- 11

දරා ගත නොහැකි වූ බොහෝ දුකකින් නූරි ඇගේ මව දෙස බලා සිටියාය. සති කීපයකට පෙරාතුව ලස්සනට තිබුණු වත කමල අපාටව, දුර්වර්ණව ගොස් වැන්න.

සෑහෙන කලකින් අම්මා දැකීමේ ප්‍රීතිය ඔනෙල්නම් හොදින් භුක්ති වින්දේය, මාරුවෙන් මාරුවට අම්මා ළගටත් තාත්තා ළගටත් ගොස් තුරුල් වන්නට විය.

"පුතේ අම්මට මහන්සි ඇති, තේ ටිකක් හදමු" සුදු නැන්දා ගේ විධානයෙන් නූරි මුලුතැන්ගෙයට ඇදුණාය.

යාන්තම් ඉර එළිය පොළොවට පතිත වන්නටත් මත්තෙන් නූරි බසයට දුව ආවාය. අද ඇයට බොහෝ සෙයින් සතුටු දිනයකි. ගෙදර අසලින් බසයට නැගගත් ඈ තවත් මිනිත්තු කීපයකින් කලින් කතාකරගත් පරිද්දෙන් දළදා මාළිගාව අසලදී මිතිලාට එකතු වූවාය. නුවරදී ටියුශන් පන්තියකට යන ප්‍රථම වතාව බැවින් මිතිලාගේ අතකිනුත් අල්ලාගත් නූරි අප්‍රමාණ සතුටකින් වළාකුලු බැම්ම අසලින් පා නැගුවාය.

"මේ ඔහොම හෙමින් ගියොත් නම් අද ඉන්න වෙන්නේ අන්තිම පේළිවල තම්යි නූරි... යමංකො ඉක්මනට.. "

"ඇයි මිතිල,, මෙච්චර උදෙන් ඇවිල්ලත් අන්තිම පේලිවල ඉන්න වෙයිද ඈ? "

"ඔයා මේ ෆස්ට් ඩේ නිසා දන්නෑනෙ නූරි .. ගිහිං බලන්නකො තෙරපෙන විදිය එතන......"

"මිතිලා.... ඒක නෙවී ........පන්ති ඉවරවුණාම මං එක්කො සර්ට කෝල් කරල කියනව ... "

"මොකක්ද ? "

"මොකවත් නෙවෙයි.. සර් කියපු විදියට ක්ලාස් ආව කියල.. "

"ඕන් නෑ බං... දැන් සර්ද ක්ලාස් කාඩ් ගන්න සල්ලි දුන්නෙ? නෑනෙ... සර් ඉතින් යන්න කිව්ව විතරනෙ.. ඕක කිව්වම ඊට පස්සෙ වෙන එකක් කියන්නත් උබට හිතෙයි ...."

"සර් නං නෙවේ තමා සල්ලි දුන්නෙ... ඒත්...කිව්වොත් තමා හොද"

"අනේ නූරි ඔයාට ඔය හැදීගෙන එන ලෙඩේනම් එච්චර හොද එකක් නෙවෙයි... ඔච්චර කොල්ලො ඉන්නව බලපංකො ඒ එකෙක් දිහා.. අහවල් එක්කටද සර් ට ලයින් දාන්නෙ ? ..... "

"අනේ ඔය හැටි කොල්ලො ඉන්නවනම් පේන් නැතෑ ?"

"හා දැන් ගිහින් බලපන්කො ක්ලාස් එකේ කොච්චර හැඩ එවුන් ඉන්නවද කියල... අනික නූරි තරිදු සර් කැම්පස් එකේදී කවුරුහරි එක්ක යාලුවෙලත් ඉන්න ඇති බන් ..."

"අනේ මං හිතන්නෑ මිතිල එහෙම.. "

"ආං මං කිව්වෙ බොරුද බලපං කාඩ් පෝලිමේ දිග... අපි ඉතින් වැනි වැනි එනකොට පෙරහැර ගිහින්... "

සෑහෙන පරිශ්‍රයක් දරා පෝලිමේ තල්ලුවී ගොස් පන්තියට ඇතුලුවූ ඔවුන් දෙදෙනාට එක ළග හිස් අසුන් දෙකක් සොයා ගත හැකි විය.

"කොහොමද පුතේ පන්තිය ?"

ගේට්ටුවෙන් ඇතුලුවන්විටම අම්මා නූරිගෙන් විමසුවාය.

"හප්පේ හොදයි අම්මෙ... ලමයි ගොඩායි මගෙ හිතෙ දෙදාහක් වත් ඉන්න ඇති ... සර් කතා කරන්නෙත් මයික් එකෙන් .......ඊලග දවසෙ තව උදෙන් යන්න ඕනෙ, අද පස්ස පේලියක හිටියෙ හරියට ඇහුණෙත් නෑ...."

"අප්පච්චියේ එච්චර ලමයි ඉන්නවද ? අනේ මන්ද ඉතින් පන්ති නොගිහිනුත් බෑ කිව්වනේ..... "

"හ්ම්ම් .. නොගිහින් කොහොමද අම්මෙ, අර තරින්ද සර්රුත් කිව්වනෙ යන්නම කියල... ඉස්කෝලෙ ගුරුවරු කොච්චර මහන්සි උනත් බැරිලු සිලබස් කවර් කරන්න.. "

"හ්ම්ම් .. පුතේ ගිහින් එහෙනම් වොශ් එකක් දාගන්නකො .. මං මේ අප්පච්චි එනකන් බලන් ඉන්නෙ , හංදියට ගියා මල්ලිගෙ කොන්ඩෙ කප්පවගෙන එන්න.. සදුද මල්ලි ඉස්කෝලෙ යනවනේ පුතේ..."

"ආයිශ් අම්මෙ, මට තව ඩිංගෙන් ඒක අමතකත් වෙනව ! ඒක තමයි මල්ලි පේන්න නැත්තෙ.. මං බැලුව"

නූරි නාන කාමරය වෙතට යමින් කිව්වාය.

හිතට අමුතු සනීපයක් දැනෙන්නේ ඇයිදැයි ඈ කල්පනා කළාය. දෙතුන් දාහක් ලමුන් ඉගෙනගන්නා පන්තියක ඇත්තෙන්ම ඉගෙන ගැනීමනම් දුශ්කර කාර්යයකි. විටෙක හිස් මුදුනින් කඩදාසි රොකට්ටු පාවෙයි. පන්තියට ගිය ප්‍රථම දිනයේදීම දගකාර කොල්ලෙකු විසින් එවන ලද රොකට්ටුවක් නූරිගෙ කොන්ඩයේ ඇමිණී තිබී, සුලුවෙලාවකට පසු පිටුපස පේලියේ සිටි කෙල්ලක විසින් ගලවා ඉවත් කරන ලදි. ඒ මොහොතේදීනම් ඈට කදුලු පනින්නට මෙන් ලැජජාවක් උපන් නමුදු, "ඕව ඔහොම තමයි නූරි" කියා මිතිලා ඇයව අස්වැසුවාය.

තවද ඉඩක් ලද කොයි මොහොතක හෝ තරින්ද ගුරුන්ට කතා කල යුතු යැයි නූරි සිතුවාය. ඔහු නොකීවානම් ඇත්තටම අප්පච්චී වුවත් මෙසේ ඈව ටියුශන් පන්ති යැවීමක් ගැන සිතයිද යන්න ඇයට අවිශ්වාසය.

"කොච්චර ළමයි හිටියත්, ඔය ලමයින්ගෙන් කීයෙන් කී දෙනෙක්ද කැම්පස් යන්නෙ! ඒ පුන්චි ගොඩ ඇතුළට මාත් කොහොමහරි යනවා.. මගෙ ටාගට් එක ඒක .. " සිතමින් ඈ නාන්නට පටන් ගත්තාය.

සදුදා උදෑසන පාන්දරම නූරිගේ මුලු නිවසම එකම යුද්ධයක් වී තිබිණි. වෙනදාට කෙසේවත් උදෑසන අවදිකරවාගන්නට නොහැකි ඔනෙල් පාන්දරින්ම අවදිවී පාසල් යාමට සූදානම් වී සිටියි.

ඔනෙල් සෙමෙන් ඇවිදියි. සපත්තු කුට්ටම අලුත් බැවින් එය පා පොඩි රිදවනවා ඇතැයි ඈ සිතුවාය.

"හනේ, සුදූ පව් අප්පා දැන් ඔය අදින් පටන් ගන්න ගමන දෙය්යනේ තව අවුරුදු කීයක් ඉගෙනගන්නද මල්ලියේ.. හයියෝ මංනම් යාන්තම් ඉවර වෙන්න කිට්ටුයි... අයියෝ සංසාරේ මගේ මල්ලියා... අද හිනාවෙන්න නෙවෙ මල්ලි අඩන්න ඕනෙ.. "

"නූරි මෝඩ කතා නොකියා ඉන්නවා... එන්න මගෙ රත්තරන් අපි කිරිබත් චුට්ටක් කමු.. "

අම්මා ඔනෙල්ට පෙනෙන්න නූරිට පහරක් ගසා සෙමෙන් මෙසේ කිව්වාය.

"ඔය අද නැගිට්ටට හෙට මෙයා නැගිට්ටවන්න බෝර ගහන්නවත් වෙයි .."

"අම්මෙ මාවත් මෙහෙමද ඉස්කෝලෙ යැව්වෙ පළවෙනි දවසේ ?"

"අහ් නෑ .. ඔයා ඒ දවස්වල උදේම නැගිටල අපිට උයල තියල තනියම නෙ ලෑස්ති වෙලා ගියෙ මතක නැද්ද ... මම මේ මල්ලියට විතරයි මෙහෙම මහන්සි වෙන්නෙ ... දැන් මෙතන ගැලතෙන්නෙ නැතුව ඔයත් ලෑස්ති වෙන්න, අප්පච්චි එක්ක ඔයාටත් යන්න පුලුවන් අද !"

"අම්ම යන්නෙ නැහ් ?"

"යනව ළමයො ... කොල්ල ඇඩුවොත් හෙම අප්පච්චිට ඔය හැටි නිවාඩු තියෙනවද , පහුගිය දවස්වලම කොච්චර ගත්තද "

ඔනෙල් ව අම්මා සමගින් ඔහුගේ පාසල අසලින් කාරයෙන් බස්සවන ලදි.

"සුදු කොක්කු වගේ අම්මා... ! අනේ පොඩි කට්ටිය ගොඩායි .. මල්ලි පරිස්සමින් හොදේ, රංඩු වෙන්නෙ එහෙම නෑ ලමයි එක්ක... "

"ඔව් මගෙ පුතේ... අක්කි වගේ හොද ලමයෙක් වෙන්න ඕනෙ.. " පියාද ඇයට එකතුවූවේය. "

ඒ කොක්කු රැළට තවත් පුංචි පැටියෙක් සේ ගේට්ටුව අසලදී ඔනෙල්ද එකතු වූ පසු නූරිත්, පියාත් ඇගේ පාසල වෙත රථය පදවන්නට විය.

"ඔන්න පුතේ මල්ලිත් ජීවිතේ පටංගත්ත එහෙනම් ... " නූරි දෙස බලමින් පියා පැවසුවේය.

"හ්ම්ම් අප්පච්චි, අද ඊයෙ වගේ මල්ලි හම්බුනේ මටනම් ..."

"මටත් ඒ වගේ තමයි පුතේ... "

හදිසියේම නූරි දුටුවේ බස් නැවතුමකට වී බසයක් එනතුරු බලා සිටිනා තරින්ද ගුරුතුමන්ය.

"අප්පච්චි, අර අර ඉන්නෙ අපෙ සර්, අප්පච්චි නවත්තමු නේද ? අර සර්, අප්පච්චි එදා අපෙ වාහනෙ හැප්පුනෙ !"

"අප්පේ මට අදුන ගන්ටත් බැරි වුනා.. පුතා පස්සට යන්න, සර්ට නගින්න කියන්න.."

"ගුඩ් මෝනින්ග් සර්, නගින්න සර්"

"ගුඩ් මෝනින්ග් පුතා, නූරි දැක්ක නිසා අදුන ගත්තෙ, නැත්නම් මම යනව දකින්නෙත් නෑ. , යන් මං ගිහින් දාන්නම් .. "

නූරි වහා පිටුපස අසුනට ගියාය. යටැසින් ඈ දෙසත් ඇගේ පියා දෙසත් බැලූ තරින්ද, සෙමෙන් අසුනේ හිද ගත්තේය.

"පුතාට දැන් හොදටම සනීපයි නේද ?"

"ඔව් අන්කල්, දැන් හොදයි .. අන්කල්ල හැමදාම මේ පාරෙද එන්නෙ? "

"අනේ නෑ පුතා, අද මෙයාගෙ මල්ලිව ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලෙට බාරදුන්නානේ, අර ප්රෛමරියට.. ඒ නිසා ආවෙ, කෝ පුතාගෙ බයිසිකලේ ?"

"ඒක වික්කා අන්කල්, ගිය සතියෙ,"

දෙබස් සියල්ල සාවධානව අසා සිටි නූරිට ඔහු හොරෙන් හොරෙන් වාහනයේ ඉදිරි කන්නාඩිය තුළින් පිටුපස, එනම් තමා දෙස බලන්නේ ඇයිද යන්නනම් වටහාගැනීමට අසීරු විය.

"සර් මං දිහා බලනව පේන්නෙ මාත් බැලුවොත්නෙ, මං නොබලා ඉන්නවා... " , ඈ සිතුවත් එය ප්‍රායෝගික නොවීය. බැලෙන්නේම එදෙසය.

"අන්කල්, ඔය හන්දියෙ අර කඩේ ලගින් නවත්තන්න, මං බහිනව .. තැන්ක් යූ අන්කල්,"

"ඕකේ පුතා, "

පාසල එක් වංගුවක් තිබියදී ඔහු එසේ බැස ගියේ ලැජ්ජවට යැයි ඈ සිතුවාය. කෙසේ නමුත් එය වඩා හොදයැයි ඇයද සිතුවාය.

"අද හොද දවසක්, " සිතමින්, නූරිද අනන්ත ලමුන් අතරට වැටී පන්තිය කරා ගාටන්නට වූවාය.Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com12tag:blogger.com,1999:blog-135209007625765444.post-62883960003583701122012-02-15T11:17:00.000+05:302012-02-15T11:17:11.512+05:30පොඩි පහේ තේරවිල්ලක් ...ඉස්සර කාලේ එකමත් එක රටක අමුතුම ගමක් තිබුණා. මේ ගමේ නායකයා තමන්ව හමුවීමට එන මිනිසුන් ගනන අඩුකිරීමට කූට උපක්‍රමයක් යෙදුවා. ගමේ නායකයාගේ ගෙදරට යන තැන පාලමකුත් පාලමින් එගොඩ වූ විට පාරවල් දෙකකුත් තිබුණා. මොහු මොහුගේ ගමේ සිටි නිවුන් සහෝදරවරු දෙදෙනෙක් ගෙන්වා ගත්තා. නිවුන් සොයුරෝ උවත් මොවුන්ගෙන් එකෙක් ඇත්තම පවසන අතර අනෙකා සෑම දෙයටම බොරු කියන්නෙක්. විහිලුවටවත් මොවුන්ගෙ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැතිලු. පාලම මුර කිරීම මේ දෙදෙනා මාරුවෙන් මාරුවට කරගෙන ගියා. ගමේ මිනිසුන් මොවුන්ගේ ඇත්ත කීම බොරු කීම ගැන දැනගත්තත් දෙදෙනා වෙන්කර හදුනාගැනීමට අපොහොසත්. ඔවුන් ඉතා අපහසුතාවයට පත් උනා. නමුත් මේ කරදරය ඉවසාගන්නට බැරි විට එක් අයෙක් හොදින් කල්පනා කොට මේ ප්‍රශ්නයට විසදුමක් ගෙනාව. පාලම මුර කිරීමට සිටින කෙනා ඇත්ත කියන්නා වුවත් බොරු කියන්නා වුවත් ඔහුගෙන් අහන එක ම එක ප්‍රශ්නයෙන් නිවැරදි පාර ගැන ඔත්තුව ලබාගන්නට හැකි වූවා..

ඉතින් මං ඔයාලගෙන් අහන්නේ මොකක්ද ඒ බුද්ධිමත් පුද්ගලයා අහපු ප්රශ්නය ??

----- සැ. යු. 1. මුරකරුගෙන් ඇසිය හැක්කේ එක් ප්‍රශ්නයක් පමණි.

2. නායකයා හමුවීමට එන මිනිසුන් නායකයාගේ නිවසට යා යුතු පාර පිළිබදව කිසිත් නොදනී ... එකම මාර්ගය මුරකරුගෙන් ඇසීම පමණි.Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com53tag:blogger.com,1999:blog-135209007625765444.post-8018036062856046612012-02-13T12:19:00.001+05:302012-02-13T12:24:03.776+05:30නූරි --- 10නූරි --- 10

සුදු නැන්දා කතන්දරයක් කියමින් මල්ලීට බත් කවන්නට පටන් ගත් විට නූරි හොර බැළලියක් මෙන් දුරකථනය වෙතට කිට්ටු කළාය. මිදුලේ රට ජම්බු ගහ උඩ ඉන්නා මල්ලීට සුදු නැන්දා බෙදා ගත් බත් පිගාන කවන්නට නම් තව පැයක්වත් යනු නො අනුමානය.

"මං මේ නරක වැඩක් ද කරන්නේ ? ඇයි සර් මට නම්බර් එක දුන්නෙ ?"

ඇගේ හිත ඇගෙන්ම ප්‍රශ්න කරන්නට ගද්දී ඈ සෙමින් ගැහෙන සුරතින් කුඩා කොල කැබැල්ලේ ලියූ අංක 10 පිළිවෙලට ඇතුල් කළාය.

"හෙලෝ ...... " අනෙක් පසින් ඇසුණු ගොරෝසු කටහඩින් නූරි ගැසී ගියාය..

"සර්, ... සර්... මං අර සර්ගෙ පන්තියෙ............ "

"හ..... නූරි ඔයා කතා කරයි කියල මං බලාපොරොත්තුවෙන් හිටියෙ දැන් කොහොමත් ...... "

නූරිගෙ සිත සැනසී ගියේය. හිත යටින් මෙවැනි මොහොතක් බලාපොරොත්තුවෙන් සිටියා වුවත් ඒ අවස්ථාව ලද විට මෙසේ අපහසුතාවයකට පත්වේ යැයි ඈ සිහිනෙනුදු නොසිතුවාය.

"සර් මට කතා කරන්න කිව්වේ ?"

"ඒක තමයි .. නූරි කොහොමද පාඩම් කටයුතු ?"

"වරදක් නෑ සර්, කෙමිස්ට්‍රි ටිකක් අමාරුයි සර්"

"පළවෙනි පාරම ගොඩ ගියෙ නැත්නම් වැඩක් නෑ ලමයො, ඔය යාලුවො හොදට තෝර බේරගෙන හොද ලම්යි එක්ක විබාගෙ කරගන්න මහන්සි වෙන්නෝනෙ, "

"ඔව් සර්.. මෙහෙ හැමෝම හොදයි .... "

"නූරි මොකද ක්ලාස් යන්නැත්තෙ ?, මං දන්න තරමට හැම ළමයම වගේ ටියුශන් යනව ... "

"මං ටියුශන් යන්න ඕනෙ හින්දත් තමයි සර් අප්පච්චි මෙහෙට අපි ඔක්කොමලම අරන් ආවෙ..... ඒත් මේ

ප්‍රශ්නෙ හින්ද ඒක අමතකම උණා සර්... "

"මොන ප්‍රශ්නෙ ආවත් ඉගෙනුමට ගාව ගන්න එපා දරුවො, මං කියන්නද, මං ඇත්තටම නූරිට කතා කරන්න කිව්වෙත් මේක කියන්න, නූරි ක්ලාස්ස් යන්න, මොනාහරි ප්‍රශ්නයක් තියේනම් මට කියන්න, ඕනම ප්‍රශ්නයක්, මුදල්හරි , ලමයින්ගෙන් හරි ඕනෙම එකක්.... "

"අහ් සර්, නැහ් මුදල් ප්‍රශ්න තාම නැතුව ඇති සර්, මං අප්පච්චිට කියන්නම් කො ... "

"අප්පච්චිට කියල ක්ලාස් යන්න පටන් ගන්න . .. ඔයා දක්ශ ලමයෙක් ...... කොහොමහරි මහන්සි වෙලා වැඩ කරන්න බලන්න අනං මනං වලට පැටලෙන්නෙ නැතුව....... "

"හාං සර්........ "

"හරි එහෙනම්, දැන් මං කතා කළා කියල පන්තිය වටේට කිය කියා ඇවිදින් නැතුව පාඩම් කරන්න .... "

"තියන්නද සර්, "

"ඕනෙ වෙලාවක කතා කරන්න නූරි .."

"හාං සර්..."

පාන්දරින් නුවර සීතල සමගින් දලදා මාලිගාව ඉදිරිපසින් සෙනසුරාදට ඉරිදාට පන්ති යන්නට නූරි ආසාවෙන් උන්නාය. නුවරට පැමිණ මාස දෙකක්ම ගෙවී ගොස් ඇත.

"සර් කියනව වගේ ක්ලාස් නොගියොත් සිලබස් කවර් කරගන්න බැරිවෙයි,,, අප්පච්චිට කියල කොහොමහරි ක්ලාස් යන්නෝනෙ." ඈ සිතුවාය.

"දෝණි කවුද ?"

තවමත් රිසීවරය අල්ලාගෙන සිටින නූරිගෙන් නැන්දා විමසුවාය.

"යාලුවෙක් සුදු නැන්දෙ, "

"හ්ම්.. අනේ පුතේ අත්තම්මට කෝල් එකක් ගමුද ? හෙට විතර එනව කිව්වනෙ,, "

නූරි ගමේ අත්තම්මාගෙ නිවසෙ දුරකථන අංකය ඇතුළත් කළාය.

සැන්දෑ හිරු රශ්මිය නූරිගේ කාමරයට එබිකම් කරන්නට පටන් ගත් විට නැවත දුරකථනය නාදවන්නට පටන් ගත්විට දුවගොස් ඈ එයට ප්‍රති උත්තර බැන්දාය.

"අප්පච්චී...."

"ඇත්තද !අනේ හොදයි ... හා මං නැන්දට කියන්නම් . "

නූරිගෙ කතා විලාශය ඇසූ සුදු නැන්දාද එතැනට පැමිණ කාරණය වෙත කන් යොමා සිටියාය.

"අම්ම හෙට එක්කං එනවලු නැන්දෙ! "

සෙල්ලම් කරමින් සිටි ඔනෙල්ගේ මුහුණ මලක් මෙන් විකසිත විය.

"අම්ම ආපු ගමන් කරදර කරන්නෙ එහෙම නෑ හරිද මල්ලි, "

"ආහ් හරි ඒව බැරියැ ආවට පස්සෙ ." සුදු නැන්දා ඔනෙල් වෙනුවෙන් උත්තර බැන්දාය.

ලහි ලහියේ හැමෝම තම තමනට හැකි පරිද්දෙන් ගෙවල් දොරවල් අස් පස් කරන්නට පටන් ගත්හ.

"අක්කි මං මොනාද කරන්න ඕනෙ ?"

"අනෙ මේ ඔයාට දුන්නොත් කරයි ....... හා ඔයාට පුලුවන්ද මේ පුටු මේස පිහදාන්න? බෑනෙ"

"මොකද බැරි ඔය රෙදි කෑල්ල දෙනව මට.. "

"හපෝ කරයි පුටු කකුලක් තරන්වත් උස නැහ්.. පිහදාන්න පටං ගන්නකොටම හචිස් පචිස් ගායි.. අන්තිමට අම්ම ඉස්පිරිතාලෙන් එනකොට ඔයාව ඉස්පිර්තාලෙ එක්කන් යන්න වෙයි ... "

නූරි ගොස් ඔනෙල්ගෙ කිහිලි අස්සෙන් අත්දමා උස්සාගෙන ඇවිත් මේසය මත ඉන්දුවා නළල සිම්බාය.

"ඔන්න ඔතන ඉදගෙන සින්දුවක් කියන්න මල්ලි අපි දෙන්න සමරමු අම්ම ගෙදර එන එක ..... "

නින්දට ගොස් නූරි අද දිනයේ සිදුවූ සතුටුදායක සිදුවීම් ස්මරණය කරන්නට වූවාය. නැවතත් ජීවිතේ සතුට කරා ගමන් කරනු ඇතැයි නූරි සිතුවාය.

"දැන් අම්ම සනීප වෙලා ආවම මං සෙනසුරාද ඉදල ක්ලාස් යනව.. දිලිනිල එක්ක.. කලින් ඉදන් යන්න තිබ්බෙ .කම්ක් නැහ් මාස දෙකයිනෙ බැරි උනෙ.. සර් කියනව වගෙ මං කොහොමහරි මහන්සි වෙනව විබාගෙට..... සර් මොකටද මට වියදම් කරන්නෙ ? ඒ කතාව මට ඇල්ලුවෙත් නැහ්.. අප්පච්චිට ඒ කෑල්ල නොකිය ඉන්න ඕනෙ.. මොනාහරි හිතුවොත් එහෙම..... සර් කිව්වට සර්ට කතා කරපු බව කාටවත් කියන්න එපා කියල මං මිතිලට විතරක් කියනව.. එයා මගෙ හොදම යාලුවනෙ..... "Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com21tag:blogger.com,1999:blog-135209007625765444.post-61495525243648621572012-02-10T08:58:00.000+05:302012-02-10T08:58:25.260+05:30ඇය ඩා හෙළයි සිව් දරු හා දියණි නිසා ........අයෙක් නිදති සැප යහනා මතට පැන

අයෙක් හිදිති රෑ වුව නැත නිදන තැන

කලෙක් රැදිති මේ පුවතත් හිතට පැන

ඉඩක් ලදිති නම් කියවා බලනු මැන....

දිනක් මතක නැත මිතුරනි හරියටම

හතක් වසර නැහැ වනු ඇත ඊට ඉම

කලක් සිටම කල් යල් බැලුවා සේම

විලක් දුකට පත්වුණි ඇගෙ මුලු ගමම.......

ඈ වූ කලී වයසක අම්මා කෙනෙකි

කාටත් හොදයි ඈ හට එක් දියණියකි

බෑනා නොයෙයි ගම ඔහුහට දුර සෙයකි

මුණුපුරු දියණි සමගින් දිවි ගෙවු පැලකි.......

රට උඩරටය එහෙනුත් ගම තව දුරය

උඩ බැලු කල්හි දුටුවේ පෙරලෙන ගල්ය

වැහි පොද නිසා දුව යාමද දුශ්කරය

කිසිවක් ඕන නැත පණ තිබුනොත් ඇතිය......

ඇගෙ පැල් කොටය පොඩිකර බිමටම තලලා

පොඩි දරුවාගෙ පොත් මේසද යට කරලා

ගියමුත් ගමේ හැමකෙකු අසරණ කරලා

හැකිවුණි රැකගන්න පණ ටික ඈ දුවලා ......

මහ නායකි ගොස් ඇත්තේ රට මැද්දේ

පොල් ගෙඩි අකුරු හැම හැම පත්තර මැද්දේ

සීතල වෙච්චි පපු යන්තම් රත් වෙද්දී

කවුරුත් බෙදයි ආධාරය ගම් මැද්දේ .......

දින කීපයක් සිටියලු පන්සලට වෙලා

දෙන ආධාර ලබමින් උණු කදුලු සලා

දියණිය රැගෙන ඇගෙ දරුවත් තුරුලු වෙළා

බෑනා ඇවිත් ගම ආයෙත් මතක් වෙලා

කවුරුත් එකගවිය යාමට කදවුරට

එනමුත් කෙසේ සමුදෙමු අපි අපෙ ගමට

ආයෙත් එමුකො අපෙ ගම සිරි බලන්නට

හදවත් බිදී මුලු ගම යයි කදවුරට .......

ලැබුණලු මුලදි ඔවුනට හොද ආධාර

හිටියලු බොහෝ අය පෙළගැසි මහා පාර

කිව්වලු ලගදි ඉඩමක් දෙන බව සාර

අයියෝ ඒත් කල්ගතවිය ඒ වාර ....

දින සති මාස යනවිට මේ ගම ඇත්තෝ

හෙමි හෙමිහින්ම නව ගමටත් හුරු වෙත්තෝ

කුලියට වැඩක් කර දිවි සරිකර ගත්තෝ

පෙර කී ඇයත් අප නිවසට වැද ගත්තෝ .....

වැඩ පළ කරන්නට ඈ සමතියක් උනි

සත්තයි ඈ නිසා මා මව උදම් උනි

හැකි හැකි විටදි ඇගෙ පවුලට උදව් උනි

බෑනා යළිත් පියතුම වන ලකුණු පෙනී .....

අව්වට කමක් නැත ගස් යට ඉන්න හැකි

වැස්සට කෙලෙස අපි ඉන්නද ඊට තෙමී

බෑනාත් දුවත් ඇත එක කාමරෙට වැදී

නෝනා මාත් මෙහි ඉන්නද රෑට වැදී...........

ඇගෙ දුව යළිත් රෝහල වෙත යනෙන දින

බෑනා නොමැත ඔහු ගොස් ඇත ගමෙන් පැන

කාලය ගොසින් පොඩි දරුවත් වැඩෙන දින

බෑනා ඇවිත් යලි කදවුර මතක් විණ .......

මෙලෙසින් මෙහෙම බෑනා එනවා යනවා

දුප්පත් කම නිසා ඈ මේ ඉවසනවා

කෙලෙසින් සිතූවද ඇය එය නොපෙනනවා

එනමුදු දනිමි අද ඈ කදුලැලි බොනවා ........

රජයෙන් දුන්න පොඩි ඉඩමේ පැලක් ගසා

උදයෙන් පැමිණ ගොස් ගමවට වැඩක් අසා

සොයමින් කාසි රුපියල වුව වටින නිසා

ඇය ඩා හෙළයි සිව් දරු හා දියණි නිසා ........Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com26tag:blogger.com,1999:blog-135209007625765444.post-39093377715629026092012-02-03T10:55:00.001+05:302012-02-03T10:59:30.284+05:30නූරි --- 9නූරි --- 9

පන්තියේ කොට බිත්තිය මතින් ඈතින් පෙනෙන රොබරෝසියා ගස දිහා නූරි බලා සිටියේ හරියට ඇය එම ගස දුටුවේ ප්‍රථම වරට මෙන්ය ...

"එක මලක් බිමට වැටෙනකොට තව මලක් නටුවෙන් ගිලිහෙනව .. ඔය හැටි කොහෙන්ද මල් පිපෙන්නෙ ? ඔය මල් පිපෙන හැටියට මගෙ හිතෙත් මල් පිපෙනවනම් ...... " ඈ සිතුවාය..

"නූරි ! ඇයි ? "

කල්ප, පන්තියේ මිතුරෙක් ඇය ළගටම ඇවිත් කතා කරනතුරු නූරි දුටුවේ නැත. ගුරුවරයෙක් පන්තියේ නොමැති බොහෝ අවස්ථාවලදී කල්ප නූරි වෙතට කිට්ටු වීමට දරණ උත්සාහය ඇයට කරදරයක් විය.

"නැහ් කල්ප, මං හිත හිත හිටිය... "

"ඒක තමයි මාත් අහන්නෙ, මොනාද හිතන්නෙ ? "

"හපෝ එහෙම මහා විශාල ප්‍රශ්නයක් නෙවෙයි ... යං වාඩිවෙමු, මොකක්හරි පොතක් බලාගමු... "

"ඔය හැටි ප්‍රශ්න ගැන හිතන්න එපා නූරි, ඔය ඔක්කොටම කාලය විසදුමක් දෙයි ... "

"හ්ම්ම්ම්ම්ම්ම් ම්ම් දෙයි ... දුන්නොත් හොදයි ... "

අම්මා රෝහලට ඇතුළත් කර දින දෙකකි. ඒ නිසාවෙන්ම නූරිටද දැන් වැඩ ගොඩක් වෙන්වී ඇත. සුදු නැන්දා අම්මා මෙන්ම උදෑසනින් නැගිට ආහාර පිළියෙල කළද, නූරිද උදව්වට මොනවා හෝ කළාය. අප්පච්චී අම්මාව රෝහලට ඇතුල් කොට යාලුවෙකුගේ නිවසක තාවකාලිකව නතර වූයේය.

වේදනා පිරි දෑසින් අම්මා රෝහලට යාමට අවශ්‍ය කළමනා ලෑස්ති කරනු නූරි බලා සිටියේ හොරෙන්ය. ඒ දෑස ලෙස කෙසේ කෙළින් බලන්නට නූරි අපොහොසත් වූවාය. දින කිහිපයක සිට අම්මාගෙත් අන් සැමගේත් අමුතු වෙනස්වීම කුඩා ඔනෙල්ට වටහාගත නොහැකි වූ නමුදු, වෙනදාට වඩා සැමගේ ආදරයට තමා ලක්වීම පිළිබද සතුටින් පසුවුණි. නමුත් අම්මා රෝහලට යාමට අප්පච්චී සමගින් පිටත් වන මොහොතේදීනම් ඔහුත් හැඩුවේය.

"කතරගම් දෙයි හාමුදුරුවන් පිහිටෙන් අම්ම ඉක්මණටම සනීප වෙලා ඒවි... " සෑම මොහොතකම ඇගේ මුවින් නිරායාසයෙන් මිමිණෙන්නට විය.

"නූරි, ඔයාට තරිදු සර් ස්ටාෆ් රූම් එකට එන්න කිව්ව... සයන්ස් සෙක්ශන් එකේ ස්ටාෆ් රූම් එකට හොදේ .... "

නවාංජනා පණිවිඩය කියා යන්නට ගියාය.

"දැන් ... ? "

"ඔව් බන් .. අපි ලයිබ්‍රරි ගිහින් එනකොට සර් මගදි හම්බ උනා... දැන්ම එන්න කිව්වා.... "

නූරිගේ හදවතද ගැහෙන්නට විය.. ඇගේ හිතේ තරින්ද ගුරුතුමන් ගැන ඇත්තේ එළිපිට නොකී යොවුන් ආදරයකි. ඒත් ඔහු ඒ පිළිබද කිසිත් නොදන්නවා ඇතැයි ඈ සිතුවාය.

"මගෙ හිතේ තියෙන දේවල් සර්ට දැනෙන්න ක්‍රමයක් නෑනෙ.. ගිහින් බලනවා " සිතමින් දිලිනිවද බලෙන් මෙන් ඇදගෙන නූරි ගුරුවරුන්ගේ විවේක කාමරය සොයා ගියාය.

යාන්තමින් අඩවල් කර තිබූ දොර අතරින් නූරිට කිසිම ගුරුවරයෙකු නොපෙනේ.

"කවුරුත් නෑනෙ බන් .. "

"ඒකනම් දිලිනියො, නවාංජනා බොරුවක්ද කොහෙද කියල තියෙන්නෙ ! "

"ඒ නෑ බන් සර් ඉන්නව .. අර කබඩ් දෙක අස්සෙන් බලපන් ... "

"ඔව්මයි .. තට්ටු කරමු . "

"සර් විතරයි ඉන්නෙ, උබට විතරක්ද දන්නෑ නූරි එන්න කිව්වෙ ? "

"අනෙ මේ කට වහගං, ඕක ඇහුණොත් ඉවරයි ... "

"ආහ් නූරි වලිගෙකුත් අරගෙනම ඇවිත් තියෙන්නෙ ........ කෝ අනිත් වලිගෙ.. ?"

ඔහු අසන්නේ මිථිලා ගැනය. අද මිථිලා පාසල් නොපැමිණි නිසා මිස නොයේසේනම් ඇයද අනිවාර්යයෙන්ම මෙතැනය.

ගුරුතුම්න්ගේ සිනහව පරාද කරන්නට මෙන් කෙල්ලන් දෙදෙනාද සිනහාවන්නට විය ..

"හා දැන් මෙතන කැකිරි පළන් නැතුව මට උත්තර දෙන්න ළමයො, .. "

"උත්තර දෙන්නම් සර්, හැමදාම උත්තර දෙන්නම් ... මම කැමති ප්‍රශ්න විතරක් අහනවනම් ... " සිනහව අතරින්ම ඈ සිතුවාය.

"දැන් ගෙදර ප්‍රශ්න ඉවරද ?"

හදිසියේ පැමිණි අදුරු වලාවකින් පෝදා සද වැසී ගියා මෙන් ඇගේ මුහුණ වෙනස් විණි.

"අම්මව ඉස්පිරිතාලෙ එක්ක ගියා සර්, තාම ටෙස්ට් කරනවලු ...... "

"අම්ම ලග ඉන්නෙ කවුද ලමයො ?"

"අප්පච්චි, තුන් වේලෙම ගිහින් බලනවලු සර්, තව අපෙ අම්මගෙ නංගි කෙනෙක් ඉන්නව කිරිබත්ගොඩ දිහාවෙ... ඒ පුංචිත් ඉඩ තියෙන වෙලාවට ගිහින් බලනවලු ........ "

"ගෙදර ..... එතකොට දැන් කවුද ගෙදර ඉන්නෙ ?"

"අපෙ නැන්ද කෙනෙක් ඉන්න්ව සර්, අප්පච්චිගෙ අම්මත් ලගදි එයි... "

"නූරිට තව සහෝදරයෙක් ඉන්නව නේද ?"

"ඔව් සර්, එයා පොඩි තාම එයාට තේරෙන්නෙ නෑ මේව .. "

උගුරේ මොකක්දෝ ගුලියක් හිරවෙනවා සේ ඇයට දැනිණි. කතාකරගන්නට අමාරු වනවිට දෙනෙතේ රැදි ලොකු කදුලු බෝල අතරින් ගුරුතුමන් දෙස බැලුවාය. මේ ගෙවීයන්නෙ තම ජීවිතයේ අමාරුම කොටස යැයි ඈ සිතුවාය. තම යෙහෙළියගේ අපහසුතාවය තේරුම් ගත් දිලිනි නූරිගේ දෑත් අල්ලාගෙන ඈ වෙනුවෙන් කටහඩ අවදි කළාය.

"අපි යන්නද සර් ... ?"

"හා... හොදයි ඒක හොදයි දිලිනි ... යාලුවව එක්ක යන්න... "

දිලිනිගේ සුරත අල්ලාගෙනම ගුරු කාමරයෙන් එලියට පැමිණියද හදිසියේ යමක් මතක් වූවාසේ නූරි නැවත ඇතුළට දිව ගියාය..

තමා හිතුවාට වඩා තත්ත්වය බරපතල බව තේරුම් ගත් තරින්ද ගුරුන්ටද මෙය බොහෝ වේදනාත් මක සිද්දියක් විය. ඔහු නළල පිරිමදිමින් සිටි තැනම ඔහේ බලා සිටියේය.

"ස්ටාෆ් එකේ කවුරුවත් ආපු නැති එක හොදා ... මේ ළමයා මෙහෙම අඩනවා දැක්කනම් මොකක්හරි කතාවකුත් හැදෙයි ... " ඔහුගේ සිත කියන්නට විය ...

"සර්... "

"ඇයි දරුවො ?"

"අපිට මෙහෙම උනේ අපි අතින් සර්ට උන කරදරේ හින්දද සර් ? ... එහෙම නම් අපිට සමාවෙන්න සර් ... "

"නූරි , පොඩ්ඩක් ඉන්න ළමයො ... දැන් මම ඔයාට එන්න කියල කිව්වෙ ඇයි කියල ඔයා දන්නෙ නෑනෙ !"

ගුරුතුමන් නැවතත් කථාවට සූදානම් වනු දුටු නූරි දිලිනිටද ඇතුළට එන්න කියන්නට දොර දෙස බැලුවාය..

"නෑ එයා පොඩ්ඩක් හිටපුවාවෙ ... මට ඔයාව තනියෙන් තමා හම්බවෙන්න ඕනෙ වුනෙ ..."

"සර් .. ඇ ඇයි සර්"

"නූරිට පුලුවන්ද මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ... " ඔහු කුඩා කොලකැබැල්ලක් නූරි වෙත පාමින් ඇසුවේය.

"හා සර් ... ..." විස්මය රැදි දෑසින් තවත් මොහොතක් ඔහු දෙස බලා සිටි ඈ කාමරයෙන් එලියට දුව ආවාය.

***************************Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com15tag:blogger.com,1999:blog-135209007625765444.post-66329341072026943002012-02-01T15:09:00.000+05:302012-02-01T15:09:24.168+05:30ඇගේ මුවින් එලියට ආ දුක් කතන්දරේ ....පාලුව තනිය ඩිංගක් මග අරවන්ට

සිතුනා නිකම් මට කවිපද අමුණන්ට

සිතුවිලි එන්ට ගත් විට මට පබදින්ට

කියනෙමි කතාවක් මිතුරනි අහගන්ට ....

යම්තම් වයස පහලොව මට සපිරි කල

හිටියා මතක ඇත මිතුරිය මා අසල

වැඩි ඇයි හොදයියක් නොතිබුනි කවරකල

එනමුත් මතක ඈ ගැන දිවි තිබෙන කල .....

ඈ එන්නේ කොහි සිටදෝ නොදනී කිසිවෙක්

ඈ යන්නේ කීයටදෝ නොදනී කිසිවෙක්

නෑ මිතුරන් මිතුරියන්ද ඈ හට කිසිවෙක්

හැම එන්නට කලියෙන් ඈ පන්තියට ඇවිත් ......

මේ නම් රහසකි ඇත්තෙන් විසදිය යුතුය

කිහිපදෙනෙක් එකමුතු වී කරපු කතා එහෙය

ශේප් එකේ ඉස්සල්ලම යාලුවො විය යුතුය

ඇගෙ පස්සෙන් ඊට පස්සෙ ගිහින් බැලිය යුතුය. ......

මුල්ලට වී අපි එලෙසින් මුලින් කතා කලා

පැත්තට වී ඇගේ අතින් ඇදල විහිලු කලා

ස්වීටි අනේ, සුදූ යාලු, වචන යූස් කලා

කන්නට ගෙනියන හැම එක ඈට පූජ කලා ....

මහන්සියේ ප්‍රතිපල ඇත නැත පමා වුනේ

ඇගේ මුවින් කතන්දරේ එන සලකුනු පෙනේ

වහෙන් ඔරෝ ලෙසින් අපිත් ලගට කිට්ටු උනේ

අනන්තයට දුක විහිදුනු කතාවකියි අනේ .........

අපෙ අම්මට මාත් එක්ක අයියා විතරයි

අප්පච්චිට අපි නැතුවට ගල් අරක්කු සැපයි

මුලු පඩියම යාලුවන්ට බෝතලේට යටයි

මං දන්නෑ මේ කරුමෙට අපෙ ජීවිත යටයි .........

අප්පච්චී බිව්වා වුනත් අපිට කමක් නැතේ

අයියට මට අම්මගෙ පඩි පොඩ්ඩ උනත් ඇතේ

ඒත් මටත් හදා ගන්ට බැරි ප්‍රශ්නේ හිතේ

අම්මට ගුටි හැමදාමත් ඇයිදෝ මේ වදේ .......

ඉවසුව හැකියි එනමුදු බැහැ සෑම දින

කිව්වේ අයිය බය කෙරුමට පියා එන

ඇයි බොල තොටත් ඕනද කියපං ගුටිය

අල්ලා කෙස්වැටිය අයියා දැන් බිමය...

මේ මොන මගුලක්ද මං යනවා යන්න

අම්මා නංගි එනවානම් කෝ එන්න

ආයෙත් නො එමි මම ඒ බැව් දැනගන්න

බොරුවට එන්න කියමින් නුබ නාඩන්න.....

ඉතිං යාලු මම කොහොමද හිනැහෙන්නේ

පාඩම් පොතක් බැලුමට නැහැ සිත දෙන්නේ

අයියත් ගෙදර නැහැ පිරියක් සිත දෙන්නේ

මොකටද ඉතිං මම මේ ජීවත් වන්නේ

ඇගේ මුවින් එලියට ආ දුක් කතන්දරේ

ඇසේ කදුලු මතු කෙරුවා නෑ වසන් කරේ

ඇගේ දිවිය සරුවෙන්නට පැතුම් එකතු උනේ

එදා පටන් ඇය අපගේ හොදම මිතුරි උනේ .........Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com32tag:blogger.com,1999:blog-135209007625765444.post-88120140972083133242012-01-30T14:04:00.000+05:302012-01-30T14:05:47.899+05:30නූරි --- 8නූරි --- 8

"පුතේ අපි යනවා... මල්ලිත් එක්ක පරිස්සමින් ඉන්න... දවල් වෙනකොට සුදු නැන්ද එයි, "

අම්මා පැමිණ නූරිව ඇහැරවා කිව්වාය.

"උදේම ඇහැරල අම්ම" නූරි ඇදෙන් බිමට පැන වහා අම්මාටත් අප්පච්චීටත් දණගසා වැන්දාය.

"ඕන කරන බඩු ගත්තද අම්මෙ ?"

"ඒ හැටි දෙයක් නැහැනෙ පුතේ .. ඩොක්ටර් දුන්නු ලියුම ගත්තා... "

"අප්පච්චි පරිස්සමිං, නවත්තල දොරවල් අරිනකොට එහෙම වටපිට බලන්ඩ .. "

"හෙහ් බලන්ඩකො චන්දි අපෙ කෙල්ලගෙ අවවාද ... හෙහෙහ් "

"අම්මෙ මල්ලි දැන් නැගිට්ටම මාත් එක්ක රංඩු වෙයි අම්මල යනකොට කිව්වෙ නෑ කියල.."

එවේලෙ උත්තර දුන්නේ නූරිගේ පියාය.

"අපෝ දැන් නම් පුතංඩිය ඇහැරුණොත් එයාවත් එක්ක මිස මේ ගමන යනව බොරු ... පුතේ ඔයා නැන්ද එනකම් ශේප් කරන් ඉන්න.. අක්ක ආවම එයත් එක්ක නට නට ඉදී... "

"හ්ම්ම් .. පරිස්සමින් අප්පච්චී, පරිස්සමින් අම්මා. .. බුදු සරණයි ."

"හරි මගෙ මැණික, බය වෙන්න එපා .. අපි ගිහින් එන්නම්... "

අම්මා එසේ කිව්වද ඇගේ හිත තුළ අප්‍රමාණ බියක් ඇතැයි නූරි සිතුවාය.

ඉර නැගෙන්නට තවත් හෝරාවක් පමණ ඇත. නූරි කුස්සිය පැත්තෙ දොරෙන් එලියට බැස පඩිපෙළේ උඩම පඩියේ වාඩිවූවාය. පාන්දර සීතල ඇගේ සියොලග වෙලාගද්දී නපුරු සිතුවිලි ඇගේ ළමා සිත විඩාවට පත්කරන්නට විය. ගමේ පාසලේදි ඇගේ මිතුරියකගේ මව පිළිකාවකින් මියගිය අයුරු මතකයට නැගිණි. එකල 9 ශේණියේ උන් නූරිගේ යෙහෙළිය මළගෙදරදි හැඩූ අයුරු, පාංශු කූලය දෙන අවස්ථාවේ යෙහෙළියගේත් ඇගේ එකම සොයුරියගේත් ගුණ වැයූ අයුරුත් නූරිගේ මනසේ සිත්තම් පටියක් ලෙසින් මැවෙන්නට විය.

"කෙල්ලො දෙන්න හිටියෙ නැත්නම් නෝනා ඔයිට කලින් ඔය ගමන යන්නෙ ! මයෙ කෙල්ලො දෙන්න ඉස්කෝලෙ වැඩත් පාඩු කරගෙන නෝන බලාගත්ත දෙය්යනේ ...... "

යෙහෙළියගේ පියා පපුවට ගසාගනිමින් කියූ අයුරු නූරිගේ සිත පාරවමින් මතක් කරන්නට විය.

"අක්කි අම්මි කෝ ?"

"හා නැගිට්ටද ! ඒක හොදයි ... යං මං තේ හදන්නම් ... "

ඈනුම් හරිමින් ඔනෙල් ඇගේ පස්සෙන් වැටුණාය..

"මේ මල්ලි කුං කුං ගාන් නැතුව අද තේක බොමු ඈ.. අම්ම ගියා කොලඹ අප්පච්චි එක්ක යාලුවෙක්ගෙ ගෙදර, ඒ නිසා අද කුස්සිය භාර මං ,... "

"හ්ම්ම් ,,, මං එක්කන් ගියෙ නැතුවට ඉන්න්කෝ... එනකං... "

"ඔයා මොනාද උදේට කන්නෙ, ? ඉදි ආප්ප කමු ? , මල්ලි අපි දෙන්නම් කඩේ යං ඈ"

"බෑ.. මං එන්නෙම නෑ, මාව දාල ගියාට මං කන්නෙත් නෑ ... "

"ඒක අප්පච්චි එක්ක බලාගන්නව, දැන් අපි කාල බීල ඉමු, කඩේ යං ඈ ?"

"බෑ, බෑ , බෑ කිව්වොත් බෑමයි "

"ඕශා භූශා,,,, ඕශා භූශා මැජික් එකකින් අපේ මල්ලිට කැමතිම දෙයක් මං ගෙනත් දෙනව දෙනවා... ආ... මා සමග ආවෝ....ඕ ඕ... ත් .............. එනවද ? "

"හා මොනාද ?"

"ඕශා භූශා ඕශා භූශා,,,, මල්ලීට සුදු නැන්දා ගෙනත් දෙමි... ඊ...ඊ ............. එනවද ? ආවෙ නැත්නම් ඉතිං අද අපි දෙන්න විතරයි ... පව් ඔයාට පාලුවෙ ඉන්න වෙයි.. මාත් ඉස්කෝලෙ යනවනෙ... "

"හාක්"

වේලාව දහය පමණ වනවිට සුදු නැන්දාගේ පැමිණීම නූරිට සහනයක් විය. මල්ලී ඈත් සමග රැදීම නිසා ඇයට පාඩමකට යොමු වීම සදහා කාලය තිබිණි. සියල්ල සතුවුවද අවශ්‍යම දෙය නැත්තේය. ඒ සිතේ සහනයයි.

"දැන් මේ වෙලාවට අපෙ පන්තියෙ මොනා වෙනව ඇතිද/ මැත්ස් ඉවර ඇති, ෆිසික්ස් වෙන්න ඇති, සර් මං නෑ කියල දැනගෙන මොකද කියලත් බලන්න ඇති.... ඔක්කොටම වඩා මිථිල බයවෙලා ඇති, එකපාරම මං නැතිකොට... කමක් නැහ් හෙට යනානෙ... "

සිතුවිලි ගොන්න විසිර ගියේ දුරකථනය හඩදුන් බැවිණි.

"හෙල්ලෝ ......... "

"හෙලෝ නූරි ඉන්නවද ?"

"අනේ හලෝ මං ඔයාල ගැන හිත හිත හිටියේ , කොහොමද ?"

"අපි ඉස්කෝලෙ මොනා වෙන්නද බං, මොකෝ අද නිවාඩු දැම්මේ? "

නූරි නිහඩය.

"ඒ නූරි ඇයි බං , කියපං ඉක්මණට, මේ ෆෝන් එක පාවිච්චි කරන්න ඉන්ටවල් එකට කලින් බෑ කියල උබ දන්නවනෙ.. කියහංකො ඇයි මොකෝ ?"

"අපෙ අම්ම ලෙඩ වෙලා අද චෙකප් එක්කට කොලඹ ගියා මිථිලා .... "

සියල්ල සැකෙවින් පැවසූ නුරි සුසුමක් හෙළනු මිථිලා වේදනාවෙන් අසා සිටියාය.

කුමක් නමුත් බැරෑරුම් දෙයක් වියයුතුයි සිතූ මිථිලා අසල ඔත්තු බලමින් සිටි දිලිනිද දුරකථනය තුලට තම කන ඇතුල්කළාය.

සුදු නැන්දා මල්ලිට බත්කවා නිදි කරවා බත් පිගානක් රැගෙන නූරි අසලට පැමිණෙන විට ඈ මේසය මතම පොතකට බරදී නිදා සිටියාය.

"දෝණී, නැගිටල කමු.. "

"වෙලාව කීයද නැන්දෙ ? මල්ලි නිදි ? අම්මල කෝල් කළාද ? "

නූරිගෙන් ප්‍රශ්න වැලකි.

"ඔය දැන් නිදා ගත්තෙ... දරුවට අම්ම නැතුව නින්ද යන්නෙත් නෑ, අමාරුවෙන් නිදි කෙරෙව්වෙ... පුතේ අම්මල දැන් ළගම, පිළිමතලාවෙ කිව්ව... "

"එහෙනම් ළගමනෙ, තව..... මිනිත්තු 20 ක් යනකොට එයි ... මොනාවත් කිව්වෙ නැහ් අම්ම වෙන? මොනා කිව්වද දැන්නෙ නැ අසනීපෙ ගැන... "

"විශේශෙන් දෙයක් කිව්වෙ නැහ්... බෙහෙත් දුන්න කිව්ව... හා ඉතිං දැන් කමුකො... "

අප්පච්චිගේ මුහුණ වෙන කිසිම දවසක නොවූ පරිද්දෙන් අදුරු වී ඇතැයිද, අම්මා මවාගත් සිනහවකින් ගෙට ඇතුල්වූවයිද නූරි සිතුවාය.

"මොනාද නංගියෙ ඩොක්ටර් කිව්වෙ?"

"කිව්වෙ අක්කෙ අනෙ මන්දා... මගෙ අවාසනාවද කොහෙද ! ඉහිහ්... "

"අනේ අම්මා,,,, ඇයි ..."

"ටිකක් කල් ගිය හින්ද ඉක්මණට බේත් කරන්න ඕනෙලු... පුලුවන් ඉක්මණට ඇවිත් නතර වෙන්නය කිව්ව, ඉස්පිරිතාලෙ... මං මැරුණොත් මයෙ දරු පැටව් දෙන්න කව්ද බලන්නෙ අක්කේ ......... "

මෙලොව ඕනෑම දරුවෙකුට කවුරු හඩනවා බලා සිටිය හැකි වුවද තමන්ගේ අම්මා හඩනු බලාසිටීමට නොහැකිය.

"අනේ අම්ම අඩන්න එපා .... "

අප්පච්චි සාලයේ පුටුවක වාඩිවී රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය වැඩිකලේය.

"අනේ අප්පච්චී ......... "

නූරි පියාණන් ලගට ගොස් වාඩිවනවිටම ඔහුද එය බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් සිය දියණියව තුරුල් කර ගත්තේය. ඒ ශක්තිමත් බාහු අතරේ හිරවී ඈ හඩද්දී ඔහුගේ දෑසින්ද ලොකු කදුලු බෝලයක් කාගේවත් ඇසට හසුනොවී නූරිගේ හිස මතට වැටුණි.Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com14tag:blogger.com,1999:blog-135209007625765444.post-1774520307231700502012-01-27T12:27:00.000+05:302012-01-27T12:30:26.707+05:30ලස්සන ගවුමක් නොමැති වීමේ විපාකය ... ... සීතල කාමරේක නිදහසේ පුටුවේ යට හයි කරල තියෙන රෝද වලින් එහාට මෙහාට යනකොට මට මගේ අතීතය මතක් වෙනව.. මේ තත්වයට එන්න පාර කපපු, කෙණෙහිලිකම් කරපු එක එක්කෙනා මට මතක් වෙනව...

පුංචි කාලේදි හොස්ටල් එකේ ඉන්නකොට උනු සිදුවීමක් මට මතක් වෙනව... අහිංසක බලාපොරොත්තු පොදියකට එක සැරේ පයින් ගහල විනාශ කරපු මැඩම් කෙනෙකුත්, කරපු විනාශෙ වහන්න අහිංසක උත්සාහයක් ගත්තු තවත් මැඩම් කෙනෙකුත් එක්ක මං ඇතුලු මගෙ හොස්ටල් යාලුවො දෙන්නගෙ කතාව තමයි මේ...

මේ කථාව ලියන්නෙ ලමා මනස කොයිතරම් දුරට සංවේදීද කියන එක පැහැදිලි කරන්නත් ඒ වගේම මේ විදියට හැසිරෙන ගුරුවරු එක්කෙනෙක් හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මින් ඉදිරියටවත් චුට්ටක් හරි හැදෙයි කියල හිතාගෙනයි ... එහෙනම් මෙන්න කථාව...

මේ සිද්දියට මං මුහුණ දුන්නෙ පලමු පාසල දි වත් අබේරත්න සර් මගෙන් පලිගත්තු ඉස්කෝලෙදිවත් නෙවි. ඊට පස්සෙ ශිශ්යත්ව විභාගෙ පාස්වෙල හයවසරට ඇතුල් වුනු ඉස්කෝලෙදි... ගෙදරට ගොඩාක් දුරින් තමා ඉස්කෝලෙ තිබුනෙ. ඒ නිසාම අපිව හොස්ටල් දැම්මා. අපි කිව්වෙ අක්කියි මායි. මාව හයවසරට ඇතුල්කරනකොට අක්කි ඒ ඉස්කෝලෙ ඉගෙන ගනිමින් හිටියෙ. සෙනසුරාද දවල් වෙනකොට අම්ම එනවා අපිව බලන්න. මොකද අම්මත් කාර්යාලයක වැඩ. නිවාඩු සෙනසුරාදාට ඉරිදට විතරයි, ඉතිං ඔහොම අම්ම හොස්ටල් පාරෙන් මතුවෙනකං අක්කියි මායි බලාගෙන ඉන්නෙ. හරියටම අම්මගේ මූණ පේන්න පටංගන්නකොට අපි දෙන්නට ඇඩෙන්න පටංගන්නවා... ඔය ඇඩිල්ල වැඩිම අක්කිගෙ.. ඇඩීමෙ බලාපොරොත්තුව තමයි "හොස්ටල් ඉන්න බැහැ ගෙදර එක්කන් යන්න කියන එක... ".. හොස්ටල් එකක හිරවෙලා උදේ බෙල් එකට නැගිටලා කාලසටහනට වැඩ කරන්න පුංචි අපි අකැමතියි.. ඔහොම අඩන කොට අම්මිත් අන්තිමට අඩනවා.. එතකොට තමා අපි නවත්වන්නෙ ඇඩිල්ල.. "ඔයාල ඉගෙනගත්තෙ නැත්නම් මට වැඩක් නෑනෙ මගෙ රත්තරං පුතේ ... " කියලා තමා අම්මි අපෙන් සමුගෙන ගෙදර යන්නෙ... (මේ කියපු ටිකනම් කථාවට අදාල නැහ් නේද,)

ඔන්න ඔහොම ඔහොම කාලෙ යනකොට ඉන්ග්ලිශ් ඩේ එකක් ආවා. ඕකට අපිට, හය වසරෙ ලමයින්ට අයිටම් කීපයක් කරන්න අවසරය ලැබුන...

අපේ පන්තියට මැඩම් කාන්ති තමා ඉංග්‍රීසි ඉගැන්නුවෙ. ඉතිං එයා අපිව සූදානම් කලා ඉන්ග්‍රීසි ගීතයකට. අර එක්සි මෝසිකාටෝ කියල තියෙන්නෙ.. අන්න ඒකට... ඔන්න දැන් සදුදා.. සිකුරාදට තමා උත්සවේ ලෑස්ති කරලා තිබුනේ.. සදුද, අගහරුවාද, බදාදා හොදට සින්දුව ප්‍රැක්ටිස් කලා... මුලදි ලමයි 20ක් වගේ තම්යි හිටියෙ. ගෑනු ලමයි විතරයි.... හොස්ටල් එකෙන් හිටියෙ ලමයි තුනයි මාත් එක්ක.

ඔය මැඩම් අපි ලගට ඇවිල්ල හරිම ආදරෙන් තමයි කියල දෙන්නෙ "මෙහෙම ගයන්න........ හඩ උස් පහත් කරන්න,.............. කට ඇරල කියන්න " කියකියා ... ඒත් ඒ හැමදේම මූනිච්චාවට විතරයි කියල අපිට තේරුනේ පස්සෙ...

බදාදා මැඩම් කිව්ව අපිට මේ සිංදුවට අදින්න ඕනෙ ලස්සනම ලස්සන ගවුම්.. ඒ නිසා හෙට එනකොට මේකට හරියන ගවුමක් ගේන්න කියල... ඔන්න එතකොට තමයි අපිට, ඒ කිව්වෙ හොස්ටල් ගර්ල්ස්ලට දෙය්යො සිහි උනේ..

"අපිට හොස්ටල් එකේ ඔව්ව තියෙන්වැයි !"

අපි ඉස්සෙල්ලම තම තමන්ගේ සූට්කේස් ඇද ඇද බැලුව.. හරියට ගවුමක් මවලවත් ඇති වගේ.. හොස්ටල් එකේ ඉතිං පාටි ෆ්‍රොක්ස් තියං ඉන්නෙ කවුද ? ඊලගට මම නම් අක්කිගෙ සූට්කේස් එක ඇදල බැලුව...

ම්හු... නෑ.. දැන් අපි අඩනව...

ඔන්න හොස්ටල් එකේ අක්කල කීපදෙනෙකුත් අපි ගැන පහන් සිතින් හිතල එයාල ලගවත් තියෙනවද බැලුව..

ම්හු..

අපි හයවසරෙ.. පොඩි සයිස් ගවුමක් හොයාගන්න බැරිඋනා..

අම්මි එන්නෙ සෙනසුරාදා... ඒ දවස්වල ඉතිං දැන් වගේ ටෙලිෆෝන් තිබ්බෙ නෑනෙ. අම්මිගෙ ඔෆිස් එකටනම් කෝල් කරන්න තිබ්බ.. ඒත් ඒ කාලෙ හොස්ටල් එකේ ටෙලිෆෝන් නෑනෙ කියන්න.

අපේ මේ ගවුම් හෙවිල්ල මේට්‍රන් මැඩම්ටත් ආරංචි වෙලා ඒ වෙනකොට. මේට්‍රන් මැඩම් ඇරුණම අපේ හය වසරට ඉංග්‍රීසි උගන්නන තවත් මැඩම් කෙනෙක් හිටිය සශිකල කියල, හොස්ටල් එකේ නතර වෙලා.. ඔන්න මේට්‍රන් මැඩම් ශශි මැඩම්වත් එක්කරගෙන ඇවිත් ඇහුව.. අපි ඉතිං අඩ අඩ විස්තරේ කිව්වම මැඩම්ලට හරි දුකයි.. ශශි මැඩම් අර අපිට සිංදුව ප්‍රක්ටිස් කරන මැඩම්ට බයයි..මොකද එයා තරුණයි ,,, කාන්ති මැඩම් වයසයි ටිකක්... ශශි මැඩමුත් මේට්‍රන් මැඩමුත් හරිම කේන්තියෙන් හිටියෙ අපේ විස්තරෙ අහල..

"මොනාහරි කරන්න බලන්න ශශි " මේට්‍රන් මැඩම් ශශි මැඩම්ට කිව්වා.....

දැන් අපිට බයයි මේ දෙන්න රංඩු වෙයි කියල... කොහොමහරි ඉතිං කරන්න දෙයක් නැති වෙනකොට අපි අපිට තිබුණු හොදම ඇදුම අරගෙන ගියා ඉස්කෝලෙ.

පන්තිය හරියට ගෝසාව. එක ලමයෙක් වත් වාඩිවෙලා නෑ. හැමෝම එක පොදියට ගවුම්වල විසිතුරු බලනව. මාත් ඩිංගිත්තක් ඔලුව ඔබාගත්ත..

හප්පේ ලස්සන.. කර රවුමට කපල, බෝරිච්චි අත් දෙකක් දාල ඉන පොඩ්ඩක් උඩට දාල දිගට දිගේ තට්ටු තට්ටු තිබිච්චි නිසංසලාගෙ ගවුම... ලමයි ගවුම දිගෑරල දාල තිබ්බෙ ඩෙස් තුනක් එකතු කරල... මෙයා නම් අනිවාර්යයෙන්ම සින්දුවට ඉන්නව කියල අපි කාටත් තේරුනා.. වනලා තිබුනු තමන්ගෙ ගවුම නිසංසලා ආඩම්බරෙන් අරගෙන ඒ වෙනුවෙන්ම ගෙනාපු ලොකු ෆ්‍රෙන්ච් කෝනර් බෑග් එකකට ඔබා ගද්දි රුවිනිත් ගත්ත එයාගෙ පාටි ගවුම එලියට. ඒක නම් කොටයි... ඒත් ඒකෙ පිටිපස්සෙ මහල තිබිච්චි ලස්සනම ලස්සන සමණලය !

"හානේ කවුද පුතේ මේ ලස්සන ගවුම ගෙනාවේ ? "

දිව්‍ය ලෝකෙ ගිහින් වගේ ගවුම්වල විසිතුරු බලපු අපිට මැඩම් පන්තියට එනවවත් දැනුනෙ නෑ.

"රුවිනි ... "

මැඩම් රුවිනිව ආදරෙන් වැලදගත්තා.. දැන් රුවිනිත් සිංදුව කියනව... ඔහොම අපිත් එක්කම එක එක්කෙනාගෙ ගවුන් බල බල ඉදල ප්‍රක්ටිස් පටංගත්ත... අපිනම් නෙවෙයි විහිලුවකටවත් බෑග් ඇරියෙ...

සිංදුව කියන අතරෙ එක එක්කෙනා ලගට ගිහින් තම තමන්ගෙ ගවුම් බලන්න ගත්ත...

ටික වෙලාවකින් මැඩම් මගෙ ලග..

"ඔයා අදින්නෙ මොකක්ද පැටියො ?"

"මැඩම් මං හොස්ටල් එකේ ඉන්නෙ... ගවුමක් ගෙනාවෙ නැහ්... "

"එතකොට මොකක්ද අදින්නෙ... ?? මං කිව්වනෙ ඊයෙ හැම ලමයටම ... "

"මැඩම් හෙට මං අම්මිට කියල .. " මට කියන්න හම්බ උනෙ එච්චරයි ...

"හොස්ටල් එකේ ඉන්න ලමයි කවුද තව ඉන්නෙ ? ඔය ලමයින්ට කලින් කියන්න තිබුනනෙ ඉන්නෙ හොස්ටල් කියල එහෙනම් මම ඔයාලව ගන්නෙ නෑනෙ මේකට... අයියෝ මන්ද .. යන්න ගිහින් ගවුමක් හොයාගෙන එන්න... නැත්නම් ඉතිං මං මෙතන ගවුම් මහන්නද ?"

අනිත් හැම ලමයටම තියෙන අයිතිවාසිකම හොස්ටල් ලමයින්ට නැතිවෙන්නේ ඇයි කියල අපිට ඒ දවස්වල තේරුනෙ නැහ්... හයවසරෙදි ඉතිං ලමයි පොඩිනෙ.. කොල්ලො කෙල්ලො පිරිසක් ඉදිරියේ අපි තුන්දෙනාගේ මූණු තුන ඇබරිලා ගියා... අමාරුවෙන් වලක්වා ගත්තු ඇඩිල්ල පන්තිය නොපෙනෙන තරමට දුවගෙන එනකොට ඉකිබිදුමක්ම උනා... මේට්‍රන් මැඩම් අපේ හොටුත් කන්දුලුත් සහිතව තිබිච්චි මූණු තුරුලු කරගත්ත... ඒ වෙලාවෙ අපෙ හොස්ටල් එකේ හිටපු ඉංග්‍රීසි මැඩම් ශශි වෙලාවට එයාගෙ රූම් එකේ හිටියා..

"කියනව සම්මානි, මොකද උනේ ?"

"නැහ් නැහ් මැඩම් නැහ් ... "

මොනා හරි වෙලා මේ මැඩම් ල දෙන්න ඇවිලුනොත් මීට වඩා එකක් කියල හිතල මම මොකුත් නොකිය ඉන්න තීරණය කලා.

ඒ උනත් මම එහෙම හිතද්දි මගෙ යාලුඑක් ඔක්කොම කිව්ව...

මැඩම් මොනාවත් කිව්වෙ නැහ් ඒ ගැන... ගිහින් හයේ අනිත් පන්තිවලත් ඉන්න ඔය එක්සි මෝසි කාටො සිංදුවට නැති සිංදු කියන්න ආස හැම ලමේක්වම එක්කන් එන්න කිව්ව මැඩම් අලුත් සිංදුවක් පුරුදු කරනව කියල... පුංචි උනත් පලිගැනීමෙ චේතනාවක් අපේ හිතෙත් ඒ වෙනකොට ඇතුල් වෙලා තිබුනෙ..

මිනිත්තු විස්සක් විතර යනකොට ගොඩාක් ලමයි එකතු කරගෙන අපි හොස්ටල් එකේ...

මැඩම් අපිට ලස්සන වෙන සිංදුවක් පුරුදු කලා... "වී ශැල්ල් ඕවර් කම් " කියල....

ඔය සින්දුවෙ අපි තුන් දෙනාට තනියෙම ගයන්නත් පුන්චි කොටස් කීපයක් තිබුන..

අන්දින ඇදුම විදියට කාටත් හොයාගන්න පුලුවන් සුදු පාට බ්ලව්ස් එකකුයි කලු සායකුයි තීරණය වුණා.. සුදු බ්ලව්ස් ඒ දවස්වල හැම හොස්ටල් ගර්ල් කෙනෙකුටම තිබුන... බුදුන් වදින වෙලාවට අදින්න...

උත්සවේ වෙලාවෙ අපේ සිංදුවත් ලස්සනට ගැයුව අපි.. ප්‍රේක්ශකයො අපිටත් අප්පුඩි ගැහුව... අර මැඩම්ගෙ බැබලි බැලි ආපු ලම්යි ටිකත් සිංදුව කියල බැහැල ගියා.. එයාලටත් අපිට වගේම අප්පුඩි ගහපු එක විතරයි වුනෙ..

එදා අර විදියට පන්තියෙන් කිච උනු අපිට සිංදුවක් කියලා දීල අපිවත් ස්ටේජ් එකට ගෙනාපු ශශි මැඩම්ට මම අදත් ගෞරව කරනව.. එදා එහෙම මැඩම් තීරණය නොකලා නම් අපිට වෙන්නෙ හූල්ල හූල්ල අරගොල්ලන්ගෙ ලස්සන බලන්න විතරක් නිසා....

තවත් දෙයක් ...... මේ කාන්ති ටීචර් වෙන කවුරුවත් නෙවෙයි. අර කෘශිකර්ම පාඩම උගන්නපු සර් ගෙ නෝනා... .........................

ප : ලි :

නම් ගම් වෙනස් කලා.. නමුත් කථාව ඇත්ත.. මේ ලිව්වෙ සම්මානිගේ ජීවිතෙ එක් අදුරු මතකයක් ...........

තවත් එකක් අවුරුද්දක් විතර යද්දි ඇඩීමෙන් ජයග්‍රහණය කළා අපි.. අම්ම ඉස්කෝලෙට කිට්ටුවෙන් ගෙයක් හැදුවා.. දැන් එහේ තමා අපෙ ගම ....Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com27tag:blogger.com,1999:blog-135209007625765444.post-39728958566796870662012-01-25T12:30:00.000+05:302012-01-25T12:30:17.409+05:30නූරි --- 7"ඇයි අප්පච්චී ඇයි ? කියන්නකො අප්පච්චි මොකක්ද ප්‍රශ්නෙ ? ,,,, "

අම්මාගේ තත්ත්වය ඒතරම් සුබ නැතැයි වෛද්‍යවරයාගේ කාමරයෙන් එලියට එන මාපිය දෙපළගේම මුහුණු දෙස බැලූ නූරිට දැනිණි.

"අම්මෙ කියන්නකො මොකෝ ඩොක්ටර් කිව්වෙ ?"

"ආහ් ඒ හැටි එකක් නැහ් පුතේ මේ අප්පච්චි බොරුවට කලබල වෙලා .... "

"හරි ඉතිං ඩොක්ටර් මොකක්ද කිව්වෙ ?"

"ඩිංගිත්තක් විතර පිළිකාවක් වෙන්න පුලුවන් අවදානමක් තියෙනව කියල තව ඩොක්ටර් කෙනෙක්ගෙ නමක් ලියා දුන්න මහරගම ගිහින් හම්බ වෙන්න කියල "

"අනෙ අම්මෙ !"

"මේ නූරි හැමේක්කටම ඔය ඇඩිල්ල නවත්තගන්නව ,,, පටන් ගත්ත විලාපෙ ... " අප්පච්චිගේ තරවටුව හමුවේ නූරිගේ ඇඩිල්ල නැවතුණි.

ඔහු ඔනෙල්ව වඩා ගත්තේය.

"නූරි, පුතේ ඔයා අම්මත් එක්ක කාර් එකට වෙලා ඉන්න.. මං ෆාමසියට ගිහින් එන්නම් .. "

"ජයේ , රෑට කන්න පාන් හරි මොනාහරි ගෙනාවොත් හොදයි නේද ? දැන් ගිහ්න් උයනකොට මේ දෙන්නට නින්ද යයි .. "

"හ්ම්ම් .. "

සෑම මවක්ම මෙන්ම නූරිගේ මවද කියන්නේ "මං අද රෑ එහෙමත් නැත්නම් මේ දැන් මැරෙනව කිව්වත් උයල මැරෙන්න ඕනෙ.. නැත්නම් අනිත් අය මැරෙන්නෙ බඩගින්නෙ "

"වෙන වෙලාවක නම් අම්ම ඕක කියනකොට අපි බඩවල් අල්ලං හිනාවෙනව , ඇත්ත තමයි කියල .. ඒත් අද ? " නූරි සිතුවාය.

ගෙදරට එනවිට ඔනෙල්ට නින්ද ගොස් තිබිණි. අප්පච්චි ඔහුව ඇද මත තබා එනු දුටු නූරි බලා සිටියාය. අම්මා ආපු සැණින් මුලුතැන්ගෙයට ගොස් හොද්දක් පිළියෙල කරන්නට වූවාය.

"අප්පච්චි .. "

"ඇයි පුතේ ?"

"ඇයි අප්පච්චි අම්මට අමාරුලුද ?"

"පුතේ එන්නකො ... "

ඔහු රවුම් කෑම මේසය වටා තිබූ පුටුවක වාඩිවී ඒ ළගම තිබූ තවත් පුටුවක් ඇයට පෙන්වූවාය. මොහොතකින් නූරි ඒ මතය.

"අපි අම්මව හෙටම මහරගම අරං යමු. කෝකටත් බලාගන්න එපැයි මොකක්ද තත්ත්වය කියල . "

මවට ඇසෙයිදෝ කියා රහසින් මෙන් ඔහු සිය දියණියට කිව්වේය.

"මං සුදු නැන්දට කියන්නම් මෙහෙ එන්න කියල හෙටම ඔයයි මල්ලිවයි බලාගන්න... "

සුදු නැන්දා නූරිගේ පියාගේ ලොකු අක්කාය. ඇය විවාහ නොවූ තැනැත්තියකි. අත්තම්මාත් සීයාත් සමගින් මහගෙදර කල් ගෙවන ඈ නූරිලා ගමේ සිටින කාලයේදී නූරිගේ නිවසත් මහගෙදරත් අතර එතරම් දුරක් නොවුණු නිසා නිතරම පාහේ සිටියේ නූරිලාගේ නිවසේය. මොන දේ වුණත් සුදු නැන්දාගේ ඒම නම් නූරිට සතුට ගේන දෙයකි. මෙය දන්නේනම් ඔනෙල් උඩ පනිනවා ඇතැයි නූරි සිතුවාය.

"අපි හෙට රෑ එන්න බැරි වුනොත් මගෙ යාලුවෙක් ඉන්නව නුගේගොඩ එහෙ යනව .. එන්න බැරි වෙන එකක් නැහ් කොහොමහරි එන්න බලනව ... බැරිම උනොත් විතරයි නවතින්නෙ ... ඔයාට හෙට ඉස්කෝලෙ පාඩු වුනොත් අපරාදෙද ? "

"අනෙ නැහ් අප්පච්චි ප්‍රශ්නයක් නැහ් ... මන් මල්ලිත් එක්ක ඉන්නම් ... අප්පච්චි පාන්දරින් යන්නකො අම්මත් එක්ක..."

"කල් දාන එක හොද නෑ පුතේ.. මේ අම්ම කලින් කිව්වනම් අද මෙහෙම ගින්දරක් නැහ් ... "

"හ්ම්ම්"

"අම්මෙ මං උදව් කරන්න එන්නද ? "

කුස්සියේ උලුවස්සට හේත්තු වී නූරි මවගෙන් විමසුවාය. ඇගේ මව කල්පනාකාරීව ලූනු සුද්දකරමින් සිටියාය.

"හානේ මොකො අම්ම ලෙඩ වෙලා කියලා දුක හිතිල වද්ද ?"

කොයිතරම් බැරෑරුම් අවස්ථාවකදී වුව කිසිම වෙනසක් නොපෙන්වා පුරුදු සිනහවෙන්ම ප්‍රථි උත්තර බැදීමට මව්වරුන්ට ඇති හැකියාව විශ්මිතය.

"අම්මෙ ... අම්ම බයද ?"

එවේලේ නම් ඇගේ මවගේ සියොලගම සැලී ගියාය. නමුත් දරුවන් ඉදිරියේ එය පෙන්විය නොහැකිය.

"අපි පුතේ කාටවත් වැරැද්දක් කරල තියෙනවද ... නෑනෙ.. ඉතිං අපිට වරදක් වෙන එකකුත් නැහ් .. අනේ රත්තරන් මේසෙ අස්කරල ගන්නකො .. මේ පාන් ටිකත් ගිහින් තියන්න ... "

"මල්ලිව නැගිට්ටවන්නද අම්මෙ?"

"අනේ දැන් නැගිට්ටත් කන එකක් නැ පුතේ.. ඔහෙ නිදාගත්තාවෙ.. කොල්ලට මහන්සි එහාට මෙහාට දුවල ... ඔයා වොශ් එකක් දාන් එන්න ... "

වෙනදාට වඩා කලියෙන් නින්දට ගියද, අම්මාත් අප්පච්චීත් බොහෝ වේලාවක් කතා කර කර සිටිනු නූරිට ඇසිණි.

"ඔය ඩොක්ටර්ස් ලා කියන ඒවා ගැන අපි බයවෙන්න ඕනෙ නෑ.. එයාල කියන විදියට වැඩ කළාම හරි.. දැන් අප්පච්චි හෙට අම්මත් එක්ක ඉස්පිරිතාලෙ ගිහින් ආවම ඔක්කොම හරි යනව.... එතකොට අපි ආයෙත් ජොලියෙන් ඉන්නවා... "

හිතට බයක් ගෙනෙන සිතුවිලි සිතට පැන නැගෙණු වැළැක්වීමට නූරි අසාර්ථක උත්සාහයක් දරමින් සිටියාය... අඩ නින්දෙන් සිටින අතරතුර ඇයට අම්මා ලෙඩ ඇදක් මත සිටිනයුරුද, අඩන ඔනෙල් ද ඈත බලාසිටින අප්පච්චීද , නූරිව දෝතට ගන්න මෙන් ඈ දෙස බලා සිටින තරින්ද විජේරත්න ගුරුතුමන්ද පේන්නට විය.Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com15tag:blogger.com,1999:blog-135209007625765444.post-79208057189763420392012-01-23T14:10:00.000+05:302012-01-23T14:10:07.381+05:30නූරි --- 6නූරි --- 6

"පුතේ.. ඔයා පාඩම් කරනවද ?"

රාත්‍රියේ කෑමෙන් පසුව අම්මා පැමිණ කාමරයේ දොර රෙද්ද ස්වල්පයක් මෑත් කර නූරිගෙන් විමසුවාය. ඇගේ මුහුණ කුමක් හෝ හේතුවකට කලබල සෙයක් පෙන්නුම් කලේය. මේ රාත්‍රියේ සීතල පැවතුණද ඇගේ කම්මුල් මත පිපී තිබුණු දහඩිය බිංදු නූරි භීතියට පත් කලේය.

"ඇයි අම්මේ .. "

හෙට දිනයේ පාසලට අවශ්‍ය ගැටලුවක් විසදමින් සිටි ඈ හිද උන් පුටුවෙන් නැගිටමින් ඇසුවාය.

"නැහ් පුතේ මං මේ ඔයාගෙන් පොඩ්ඩක් අහන්නමයි හිටියෙ දවස් කීපෙක ඉදල ...කොහෙද වෙලාවක් .. "

අම්මට කවුරුහරි මොනාවත් කියලවද්ද ? ඒත් ඉතින් මොනා කියන්නද ? මොකෝ මං සර් ගැන හිතනව කියල දන්නෙ මං විතරනෙ.. දෙය්යනෙ මං හීනෙන් වත් මොනාහරි කියෙව්වවද්ද !

"ඇ ඇයි අම්මෙ කියන්නකො මොකද මේ බයවෙලත් වගේ.. "

"පුතේ ඔයාට හෙට ආෆ්ටර් ස්කූල් ක්ලාස් ඉවර උනාම අපි පොඩ්ඩක් ඩොක්ටර් හම්බ වෙන්න යන්ද ... මගෙ මෙතන දැන් ටිකක් කාලෙක ඉන්දල හරියට රිදෙනව පුතේ... "

අම්මා ඇගේ ලැම පෙදෙස පෙන්වා නූරිට කිව්වාය. ඇගේ සියොලගම හිරිවැටිණි.

"අනේ අම්මෙ ඔච්චර කල් රිදුනනම් කලින් කියන්න එපැයි අම්මෙ .. මොකද දන්නෑනෙ .. අප්පච්චිට කිව්වෙ නැහ් ? "

"අප්පච්චි තමයි කිව්වෙ බෙහෙත් ගනිමු කියල පුතේ .. මන් ඉතින් එච්චර ගණන් ගත්තෙ නෑ ඕක.. "

"අනේ මන්ද අම්මෙ.. "

තමාට, ඔනෙල්ට පුන්චි හෝ හෙම්බිරිස්සාවක් හැදිනි නම් අම්මා කොයිතරම් අපහසුතාවයට පත්වන්නේද යන්න ඈට සිහියට නැගිණි. ඒත් ඈයට අසනීපයක්නම් කිසිම දිනේ එය පවසන්නේ නම් නැත. අනිත් අයට අසනීපය දැනී බලෙන්ම බෙහෙත් ගැනීමට අම්මාව එක්කරගෙන යෑමට සිදුවෙයි. සාමන්යයැන් සිදුවන්නේ එයයි. නමුත් අද අම්මාම පැමිණ මෙසේ පැවසීම තුලින් කියවෙනුයේ පෙනුමට වඩා අමාරුවකින් ඇය පෙලෙණ බවයැයි ඈ අනුමාන කලාය.

"එහෙනම් ඔයා ඉස්කෝලෙ ඇරිල එන වෙලාවට මන් ලෑස්තිවෙලා ඉන්නද ?"

"නැහ් එක්කො අම්මෙ අපි හෙට උදේටම යන්ද .. හෙට ඉස්කෝලෙ ඒ හැටි වැඩක් නැහ්... මැත්ස් මිස් එන්නෙත් නැහ් කියල අද කිව්ව අම්මෙ... "

"පිස්සුද ලමයො ... මට ඒ හැටි අමාරුවක් නැහ්.. අපි හවස යමු.. මං මේ යන්නෙ කෝකටත් ඉතිං හොදයිනෙ බලාගත්තම... නැත්නම් යන්න තරම් අසනීපෙකුත් නෙවෙයි මගෙ හිතෙ.. "

"අනෙ අම්මෙ නිකා ඉන්න.. අම්ම කලින් කියන්නෙ නැතුව හිටි එකනම් හොදම නෑ.... "

"බලමුකො ... "

"හ්ම්ම්ම් ... අම්ම බය වෙන්නෙපා... "

"මං මොකට බය වෙන්නද දරුවො.... අර පොඩි එකා ඩිංගක් ලොකු වුනානම් ඕනෙ එකක්.... "

නූරිට මතක ඇති කාලෙක ඉදන්ම අම්මා කියන්නේ "අර පොඩි එකා ලොකු උනානම් මට මලත් කමක් නෑහ් " කියාය.

"ඇයි මං ?? ... මං දැන් ලොකු ඇති ... ඒක වෙන්නැති .... "

වයසක ආත්තම්ම කෙනෙක් ඇගේ සමීපතමයෙක් සමගින් වෛද්‍යවරයා මුණගැසීමට පැමිනෙයි. සිගිත්තෙකු වඩාගත් තරුණ මවක් වෛද්‍යවරයා සිටින කාමරයට එලියෙන් රෝගීන්ට අසුන් ගැනීමට තබා ඇති පුටු පේලිවල කෙලවරම පුටුවක හිදගෙන සිටී. ඒ අසල සිටින්නේ ඇගේ සහෝදරිය විය හැකි යැයි නූරි කල්පනා කලාය. ඈ අත සුරතල් සතෙකු හැඩයට මැසූ බෑගයකි. ඒ තුළ ඇත්තේ සිගිත්තාගේ කළමණා වෙන්නැයි නූරි සැක කළාය.

"නොම්මර 12...... ! කෝ ඉන්නවද ?"

"ඉන්නව මිස් ... අපි " මවගේ අතකින් අල්ලාගත් නූරි වෛද්‍යවරයා රැදී උන් කාමරය ඇතුලට ගියාය. ඔනෙල්ද පසුපසින්ය.

"ඇයි මේ අම්ම ?"

"ඩොක්ටර් මේ කාලයක් තිස්සෙ .............."

අම්මා වෛද්‍යවරයාට රෝග විස්තරය පවසන විට නූරිද නොදැන සිටි කාරණා දැන ගන්නට හැකිවිය. ඇය පවසන විදියට මෙම අමාරුවෙන් ඇය වසර එක හමාරක් පමණ කලක් පෙළී ඇත. නූරිට අම්මා කෙරෙහි කේන්තියක්ද උපනි. "ඔච්චර කලක් මොකද නොකිය හිටියෙ ?"

නළල අතගාමින් කල්පනා කරමින් වෛද්‍යවරයා තවත් වෛද්‍යවරයකුගේ නම කියා ඔහුව මුණගැසීම වඩා හොද බැව් පැවසීය. කල් යාම නම් එච්චර සුබ නැතැයිද පැවසීය. ඉනික්බිති නූරි දෙසට හැරී

"අම්ම මෙච්චර අමාරුවෙන් හිටිය ඔය ලමය දන්නෙම නැද්දැයි " ඇසුවේය..

දත කටා පූට්ටූ වූවෙකු ලෙස නූරි බලා සිටින කල්හි ඊට උත්තර බැන්දේද අම්මාය.

වෛද්‍යවරයාගේ මේසය මතවූ ටෝර්ච් එකක් ඔනෙල්ට හසුවී ඇත. ඔහු එය අතපත ගාන්නට පටන් ගති. අම්මා ඔනෙල්ගේ අතට පහරක් ගසා ඔහුව නැවැත්වූවාය.

"අද මේ දොස්තර මහත්තයා ... ..... මෙතෙන්ට එන්නෙ නැහ් ... අර පේරාදෙණිය පාරේ . **** ට එනව... කෝකටත් අදම යන්න"

"නොම්මර ඉවර වෙලා තියෙයිද මන්ද ඩොක්ටර් ?"

"ඒකත් කියන්න බැහ් .. කමක් නැහ් මං කෝල් එකක් දීල කියන්නම් කො ඔය අම්ම යන්නකො ..."

වෛද්‍ය මද්යස්ථානයෙන් එලියට ආ විගස නූරි කලේ අප්පච්චීට දුරකථන ඇමතුමක් දී තොරතුරු පවසා පේරාදෙණිය පාරේ කියූ වෛද්‍ය මද්යස්ථානයට පැමිණෙන ලෙස පැවසීවමයි.

"හරි හරි ඔයාල යන්නකෝ එහෙනම් ... මං පුලුවන් තරම් ඉක්මණට එන්නම් පුතේ.. අම්මගෙන් අහන්න පුතේ අතේ සල්ලි තියෙනවද කියල "

"ඔව් අප්පච්චි අම්ම ලග තියෙනව ... "

නුවරට ආදා සිටම නූරි නුවරට ඇලුම් කලාය. උදේට පාසල් එනවිට දකින බහිරව කන්ද බුදුපිලිමය දිහා කල්පයක් උනත් බලාසිටිය හැකියි ඇය සිතුවාය. වැව රවුමේ අසිරිය කියා නිම කල නොහැකිය. අද ඇයට ඒ කිසිත් නොපෙනුනාය.

"අනේ දෙය්යනේ අපෙ අම්මට අමාරුවක් නම් වෙන්න එපා " ඈ යැද්දාය.

හාත්පස කලුවර වැටෙද්දී අදාළ වෛද්‍ය මද්යස්ථානයට ලගා වූ ඔවුනට කලින් ජයසේන මහතා පැමිණ සිටීම නූරිටත් මවටත් හිතට සහනයක් වූයේය.

"ඕගොල්ලො පරක්කු වෙනකොට මං නොම්මරයක් ගත්ත"

"ඒක හොදයි අප්පච්චි ... "

අදාල නොම්මරය කතාකළවිට අම්මා සම්ගින් අප්පච්චි ඇතුළට ගිය හෙයින් නූරි මල්ලිත් සම්ගින් මද්‍යස්ථානය ඉදිරිපස වූ මාලු ටැංකියේ විසිතුරු බැලුවාය.

"අක්කි මේ මොන මාලුවාද ? "

"ඌ කැට් ෆිශ්"

"එතකොට අරකා ?"

"ඌත් ඒවයෙන් එකෙක් තමයි ... "

"එතකොට මූ ?" ඔනෙල් ඇසුවේ ටැංකියේ බිත්තියටම ඇලී බිත්තිය ලෙවකමින් සිටි ක්ලීනර් මාලුවෙක් මත ටැංකිය පිටපැත්තෙන් ඔහුගේ මුව තබමින්ය.

"චික් මල්ලි ගන්නව කට අහකට... මොන ජරාවද මන්ද ?"

"අපිත් මාලු ටැංකියක් ගෙදර හදමුද අක්කි ... අප්පච්චිට කියමුද ? "

"ඔව් ඔව් ඒක විතරනෙ මල්ලි අපිට අඩු ... මේ වෙලාවෙ අනික ඉක්මනටම "

නූරිට මල්ලි ගැන දුක සිතිණි. අම්ම ලෙඩ වෙන්නනම් එපා දෙය්යනේ ... අම්මට විතරක් නෙවෙයි "මේ පොඩි එකා ඩිංගක් ලොකු වුනාම මටත් මැරෙන්න බය නෑ "

ඈ ජීවිතේ ප්‍රථම වතාවට ඔනෙල් දෙස බලමින් සිතුවාය.Sammanihttp://www.blogger.com/profile/00532149152545166458noreply@blogger.com10