හෙමිහිට කලුවර එනකොට
නුබත් එන්න රෑ වෙනකොට
පුත් කුමරුත් දොයියනකොට
මසිත දුවයි අතීතයට....
සරසවියෙදි මුන ගැහුනට
දෙසිත් ප්‍රේමයෙන් බැදුනට
අපිට අපිව ගැලපුනාට
විරොදේ ගෙයින්....
ඇයි මොකද්ද මගේ අඩුව
කියන් නගේ අඩු පාඩුව
ඉහට අරන් නුබත් කඩුව
ඇහුව සින්හලෙන්...
කාලය හෙමිහිට යනකොට
අපි එකහිත සුරකිනකොට
දෙයියො මූණ බලල යසට
මනාපෙ දුනි මව් ඔහු හට...
මංගල සීනුව හඩවා
ගමටම මගුලක් කියවා
පෝරු මස්තකේ හිදුවා
මා මනමාලිය වූවා...
කාසි පනම් හිග උනාට
අගහිගකම් බෝ උනාට
කල යුතු යුතුකම් ඕසෙට
තිබුනි අප වටේ ...
පඩිපත අත ගෑවෙනකොට
ඇමතුම එනවා ඔහුහට
අම්මට අක්කට නන්ගිට
ඊට ඉව තිබේ....
අක්කට මනමාලයා
සදුදා එනවා කියා
කපුවා ගියෙ දැන් කියා
පුතු ආවොත් වෙයි ශ්‍රියා...
පුංචි මල්ලි මේ අහපන්
පොඩි ලෝන් එකක් දීපන්
අපි ගැන පොඩ්ඩක් හිතපන්
මේ උදව්ව මට කරපන් ...
අය්යා මට අර කෝස් ය
උපාදියත් බාහිරින් ය
ඔක්කෝටම මෙච්චරයි ය
හෙට එව්වොත් මහ පිනක්ය
පුතේ නුබට ලියා දෙන්න
අප්පච්චි හිතා උන්න
මහගෙදරට ඇවිත් යන්න
නිවාඩුව තියෙයි ?
ගේ දිරලා යන හින්දා
පොඩි අක්කා පැල් බැන්දා
මෙව්වා අහලා මන්දා
පුතාට වෙයිදෝ නින්දා
පරණ කාර් මොටද පුතුට
අලුත් කාර් එකක් ගන්ට
පුතු දුන් එක තාත්තාට
මල්ලි අරන් රවුන් යන්ට
මයෙ පුතු හරි වාසනා
ලේලි පොඩ්ඩ හරි මනා
ඔබ සැම දෙන යන එනා
මග පිපේලු මල් හිනා
එහා ගෙදර ඩොටී නැන්ද
මාසයකුත් විතර කැන්ද
ගෙන ගෙහුන්ලු පුතා නන්ද
මාත් ආස නැද්ද මන්ද
හාමුදුරුවො පන්සලේ
අහනව නුබ සැම වෙලේ
චයිත්තියට පන්සලේ
දායක මම වෙමි මලේ
පුතාගෙ නම කියවනකොට
යකඩ කටින් ගමේ උන්ට
ආඩම්බරකමට ඔන්න
පොරොන්දු උනි හදා දෙන්ට
Friday, November 27, 2015
Wednesday, March 6, 2013
ඔබ එන්න සෙනේහෙන්
මල් තුහින වගේ - සිත් මලට වැටී
ඔබ එන්න මගේ ලොව කරා සෙනේහෙන් ..
බලා සිටිමි ඒ කෙදින කියා ...
දින සතිද ගෙවී - සිත් මල වියැකී
ඔබ එන්න එපා මා නොසිටීවී ...
පවන ලෙසින් නොව මේඝ වලා සේ
මගේ ලොවට තව කෙනෙක් වඩීවී ...
සෙනෙහස නැතිමුත් මා ඉවසාවී ...
මල් තුහින වගේ - සිත් මලට වැටී
හනික එන්න මා කරා සෙනේහෙන් ...
බලා සිටිමි ඒ කෙදින කියා ...
හිරු පිපෙන වෙලේ - සදු එබෙන වෙලේ
ඔබ හිදී මගේ හද ගැබට එබී
අපේ අහස් කුස නුඹට අයිති වුව
තවත් අයෙකුගේ රැස් විහිදේවී
සෙනෙහස නැතිමුත් මා ඉවසාවී ...
මල් තුහින වගේ - සිත් මලට වැටී
හනික එන්න මා කරා සෙනේහෙන් ...
බලා සිටිමි ඒ කෙදින කියා ...
ඔබ එන්න මගේ ලොව කරා සෙනේහෙන් ..
බලා සිටිමි ඒ කෙදින කියා ...
දින සතිද ගෙවී - සිත් මල වියැකී
ඔබ එන්න එපා මා නොසිටීවී ...
පවන ලෙසින් නොව මේඝ වලා සේ
මගේ ලොවට තව කෙනෙක් වඩීවී ...
සෙනෙහස නැතිමුත් මා ඉවසාවී ...
මල් තුහින වගේ - සිත් මලට වැටී
හනික එන්න මා කරා සෙනේහෙන් ...
බලා සිටිමි ඒ කෙදින කියා ...
හිරු පිපෙන වෙලේ - සදු එබෙන වෙලේ
ඔබ හිදී මගේ හද ගැබට එබී
අපේ අහස් කුස නුඹට අයිති වුව
තවත් අයෙකුගේ රැස් විහිදේවී
සෙනෙහස නැතිමුත් මා ඉවසාවී ...
මල් තුහින වගේ - සිත් මලට වැටී
හනික එන්න මා කරා සෙනේහෙන් ...
බලා සිටිමි ඒ කෙදින කියා ...
Monday, July 16, 2012
චින් චින් ගේ සිහිනය - කවියෙන්
යාලුවනේ මේ අහන්න
පොඩ්ඩක් මට සවන් දෙන්න
පුංචි කතාවක් කියන්න
අද සැරසෙන්නේ ...
හැමදාමත් අපි ලිව්වට
රසට රසේ රස වින්දට
පුංචි පැටව් ගැන නෑ නොව
කවි ලියැවෙන්නේ ...
ඒ බව මොහොතකට සිතා
ලියනෙමි අද සිගිති කතා
පුංචි කලදි මා රස විදි
චින් චින්ගේ සිහිනේ ...
********************************************
චින් චින් හරි පොඩි ළමයෙකි
හැබැයි හරිම දග කෙල්ලෙකි
අම්ම කියන දේ නාහන
හුරතලයට හැදී වැඩෙන ...
කිසිම වැඩක් ඈ නොකරයි
සපත්තු වුව අම්ම දායි
පාසල් යන්නටද හොරයි
සෙල්ලම පමණී ...
බලු තඩියෙක් තුරුලු කරන්
පූස් නැට්ටා ළගට අරන්
අම්ම බෙදන බත් පිගාන
උන්ට කවන්නේ...
බත් ටික දෙනවලු බල්ලට
මාලු කූරියා පූසට
එළවලු ටික තාරාවට
චින් චින් හරි අපූරුවට ...
දවසක් දා මේ විදියට
සතුන්ට කන්නට දීලා
ඈ මේසය මත වැටිලා
පාවී යනවා දැනුනා ...
අනේ හරිම ලස්සනයිනෙ
බැලුම් ගොඩක් තියෙන්වානෙ
මං පාවී යනවානේ
චින් චින් සිතුවා ...
හිටි හැටියෙම එක පාරට
බැලුම් පිපිරි ඈ පහලට
වැටෙන්න යනවිට හනිකට
කූරෙක් එයි ඇගේ පිනට ...
කූරා ඇය රැගෙන යසට
ගස් මල් අතරින් හෙමිහිට
යනවා කුරුමිණි ලෝකෙට
හරිම ලස්සනයි ...
රතු කලු මුසු වුණු කුරුමිණි
කොයි කවුරුත් එකතු වෙලා
චින්චින් වෙනුවෙන් දැමුවා
ලොකුම සාදයක් ...
ලොකු කුරුමිණි හාමි ඇවිත්
රගමුකො රැගුමක්ය කියා
චින් චින් හා කැරකි කැරකි
නටන්න ගත්තා ...
කුරුමිණියා නටනවාලු
කැරකි කැරකි නටනවාලු
චින් ට කලන්තේ හැදිලා
බිමටම ඇද වැටෙනවාලු
ඈ හට දැන් හරි ලැජ්ජයි
නින්දක් වත් ඈට නොයයි
කුරුමිණියන් කියන කතා
අහගෙන හිටියා ...
චින් හරි කම්මැලියි නේද?
නටන්නවත් බැරිලු නේද?
අම්ම කියන දේ වත් ඈ
ගනන් ගන්නේ නෑලු නේද?
ඊලග දින උදෑසනම
ඉබ්බා මත ඈ නැග්ගම
කොහෙදෝ සිට ආ ගෙම්බා
විහිලුවක් කලා ...
ගෙම්බෝ කට වහගෙන හිටු
මට පුලුවනි දුවල යන්ට
එහෙම කියා චින් දුවගෙන
යන්ට දැගලුවා ...
ඉබ්බා හා ගොලුබෙල්ලා
ඈ පසුකරගෙන ආවා
චින් තාමත් බඩ ගාගෙන
එන්ට තනනවා...
පළා ගිරව් ජෝඩුවක්ම
වැටී සිටින චින් දැකලා
මී පුරයට අරන් ගොසින්
මී පැණි දුන්නා ...
මී මැස්සෝ කඩිසර ලෙස
පැණි පිරවූ පුංචි බදුන්
අතින් අත යවයි හනිකට
මී වදයක් හදා ගන්ට ...
පැනි බදුනක් ගත් චින් චින්
ඊලග මැස්සට දුන්නා
දැන් චින් ළග බදුන් ගොඩයි
චින්ට තෙහෙට්‍ටුයි ...
පය ලිස්සා ඈ වැටුණා
මකුලු දැලක ඈ රැදුණා
හනික නැගිට හිස් බදුනට
පා පහරක් එල්ල කළා ...
පෙරලි පෙරලි ඒක ගියා
ආයෙත් හුළගට ආවා
ඈ බයවී දුව එනවා
බදුනත් පස්සෙන් එනවා ...
දැන් දැන් අහසෙන් වැටේවි
හිස් බදුනට පිට රිදේවි
චින් චින් යටිගිරියෙන් මෙන්
උදව් ඉල්ලුවා ...
දවල් දැක්ක මේ හීනෙන්
චින් ඇහැරෙනවා
හීනෙ මතක් වන හැමවිට
ඈ බයවෙනවා ...
එදා පටන් චින් ළමයා
කීකරු වෙනවා
තනියම ඇදුමුත් ඇදගෙන
ලෑස්ති වෙනවා ...
උදේ කෑම ඇය තනියම
හොදහැටි කනවා
පූස්, තාරා බලු පැටවුන්
බලා ඉන්නවා ...

Thursday, July 5, 2012
සුබම සුබ උපන් දිනයක් !!!
"බෑ මට අදනම් රෑට ගෙදර කොහොමටවත් ඉන්න බෑ..."
වේදනාව වැඩි තැන මං කිව්වෙ ගෙදර ඉදල රෑ අමාරු වුණොත්...
"ඔයාට අමාරුම කියල හිතෙනවනම් අපි යමු.. ඒත් දැන් ගියොත් ඔය බබා ලැබෙන්න එන අමාරුව නොවුනත් නවත්ත ගන්නව හවස නිසා.. ඇදක් හෙම නැතිඋනොත් කොහොමද ඉන්නෙ? ඒ නිසා කෝකටත් කියල අපි තව ටිකක් බලමුද?"
"හා එහෙනම්... "
එයා කෝකටත් හොදයිනෙ කියල වාහනේ ගේට්‍ටුවෙන් එලියෙ නැවැත්තුවා.. මොකද ඒ වෙනකොට අපි හිටපු කුලී ගෙදර මහල් ඔක්කොගෙම පවුල් කීපයක් හිටිය.. එන එන පිළිවෙලට වාහන නැවැත්තුවම ආයෙ ඒව ගන්න ගියාම හරිම කරදරයි.. රෑට වාහන හොලවන්න ගෙවල් ඔක්කොටම ගිහින් අයිතිකාරයින්ව ඇහැරවන්න ඕනෙ..
"එයාලව ඇහැරවල වාහනෙ ගන්නකොට බබා ලැබෙයි"
එයා වාහනෙ එලියෙන් දාල එනින් ගමන කිව්ව... එක එක ජාතියෙ හුරතල් සත්තු මහල තිබුනු පොඩි ඇදුම් ගොඩාරියක් දාල තිබිච්චි ලොකු බෑග් එක එයා ආයෙත් ඇරියා..
"ආයි අදින්න එපා... දැන් පොඩි වෙනවත් එක්ක" මං කිව්ව...
ඒවයෙන් එක එක අරගෙන ආයෙ මදින්න ගත්ත එයා... අයන් එකටත් වඩා පුංචි ඇදුම් පොඩි ඉඹ ඉඹ එයා අයන් කරනව මට අද වගේ මතකයි...
"හරි ඔක්කොම තියෙනව.."
බෑග් එකේ සිප් එක වහන ගමන් එයා කිව්ව...
දැන් එයාගෙයි මගෙයි ඇදුම් අයන් කරන්න ගත්තා රෑ යන්නවත් උනොත් කියල...
----------------------
රෑ නින්දෙ උන්නු මං එකපාර්ම ඇහැරුණා.. මේ හොස්පිට්ල් යන්න වෙලාව.. මට ඉවෙන් වගේ තේරුණා..
"මේ අයියෙ, යං දැන් යං... " මම හොදටම බයවෙලා... දාඩිය වැක්කෙරෙනව... වෙලාව පාන්දර තුනයි පහයි...
දඩිබිඩියෙ මං ලෑස්ති උනා...
බුදු පහනට තෙල් දාල පහන පත්තුකරල ඉල්ලුවා කරදරයක් නැතිව මගෙ දරු පැටිය මේ ලෝකෙට එන්න කියල...
"අනන්ත වේදනා විදිමින්, ඔබේම මහන්සියෙන් මේ ලෝකෙට ඔබේම කිරිකැටියා ගෙන ඒම ඔබ මෙලොවදී ලබන උපරිම සතුට බව හැමවිටකදීම මතක තබාගන්න... "
ගමේ ක්ලිනික් එකෙන් නොමිලේ දුන්නු පොතේ තිබිච්චි වාක්යක් මතක් උනා.. හිත ධෛර්යමත් කරගෙන එලියට බැහැල අපෙ මරුටියට ගොඩ උනා...
"ඔච්චර වේගෙන් යන්න එපා... එච්චර අමාරුවක් නෑ... " එයා සැරින් සැරේ මං දිහා බලනව...
අපේ ආර්ථිකේ හැටියටත්, ගොඩක් අයගෙන් ලැබිච්චි උපදෙස් අනුවත් අපි රජයේ ඉස්පිරිතාලෙක තමා රෙජිස්ටර් උනේ... මහත්තයගෙ අක්කත් දොස්තර වරියක්.. එයා තමා කිව්වෙ බය නැතිව රජයෙ ඉස්පිරිතාලෙකටම යන්න කියල...
ඉතිං විනාඩි දහයකින් අපි ඉස්පිරිතාලෙ...
නම ලියා ගන්න ඒව එහෙම කරගෙන මාව වාට්‍ටුවට ඇතුළ් කලා.. අනිත් ලෙඩ්ඩු වගේ නෙවි, බඩදරු අම්මලව ඉක්මණට වෝඩ් එකට දානව අවදානම නිස... එයා කාර් එකට වෙලා.... මං ඇවිදිනව එහාට... මෙහාට...
හිතුව වගේම ඇදක් තිබුනෙ නෑ...
"දැන් ඩොක්ටර් එයි බලන්න, අම්ම ඔතන වාඩිවෙලා ඉන්න.." ඉක්මණට එන්න දෙවියනේ මං යැද යැද හිටිය....
ඈතින් ඔලුව කස කස ඇස් පිහද පිහද එක ගෑනු කෙනෙක් ආව... ත්‍රී ක්වාට කලිසමක් ඇදල...
"කවුද දැන් ගෙනාවෙ?"
නර්ස් කෙනෙක් මාව පෙන්නුව...
"ආහ් බලමු... "
මගේ දරුවගේ පිහිටීම එහෙම බාහිරින් පරීක්ශා කරන ගමන් ඩොක්ටර් මට බනින්න ගත්තා...
"මොකක්ද අම්මෙ ඇයි දන්නැද්ද මේක මේ බබා ලැබෙන්න එන ලක්ශණයක්ද ? ලාබ්ලා ලා............................................... "
ඒ ලස්සන දොස්තරවරිය මට බනිනවා.. ඒ අතරේ ඇස් කසනවා.. නිදිමත ඇති ...
ඇත්ත තමා කාටද නිදිමත නැත්තෙ පාන්දර තුන පහු උන විතරනෙ...
"හරි දැන් අම්ම උදේ වෙනකන් ඔහෙ වාඩිවෙලාවත් ඉන්නකො, ඇදනුත් නෑනෙ... "
"හා ඩොක්ටර්.. " වේදනාවනම් උපරිමයි, ඒත් දොස්තර නෝනා කියනවනම් වරදින්න ඇත්තෙ මට කියල මං හිතුවා...
කාත් කවුරුවත් ළග නොහිටපු හින්දා මහත්තයා ගමේ උන්නු එයාගෙ දොස්තර අක්කට ආරංචිය දීල... උදේ ලෙඩ්ඩු බලන වෙලාවට ආපු වෙලාවෙ එයා කිව්වෙ දැන් දැන් ලගම එයාල එනව ඇති කියල..
තාම ඇදක් නෑ... මං පුටුවකට වෙලා කොන්දට අතක් තියාගෙන වේදනාවෙන්..
ලෙඩ්ඩු බලන වෙලාව ඉක්මනින්ම ඉවර උනා.. එයා ගියා.. කොන්දට අත තියාගෙන එහාට මෙහාට ඇවිදින අම්මලා අතරෙ මාත් එක්කෙනෙක් උනා, එන්න එන්න වේදනාව වැඩි මිසක අඩුවක් නම් උනේ නෑ... හිටිහැටියේ එක පාරම අම්ම කෙනෙක් වේදනාවෙන් කෑගහනකොට කට්ටිය දුවගෙන ඇවිත් ට්‍රොලියකට දාගෙන අරගෙන දුවනවා...
කන්නත් බෑ ඒත් දරුව වෙනුවෙන් නොකාත් බෑ.... පුටුවෙ ඉදලා අමාරු වෙනකොට පොඩ්ඩකට තව අම්ම කෙනෙක්ගෙන් ඇද පොඩ්ඩක් ඉල්ලගෙන හාන්සි වෙලා ටිකකින් ආයි එයාට දෙනවා..
"කීය ගියත් කමක් නැ, ප්‍රයිවට් හොස්පිටල් යන්න තිබුනෙ" ඒ අතරෙ මගෙ හිත කියනවා....
"රජයෙ ඉස්පිරිතාල තමා හොදම, බය නැතුව යන්න නංගී.... මාත් එන්නංකො... " මගෙ නෑනා කලින් ඉදන්ම එහෙම කියලා තිබුණා.. ඒත් දැන්නම් මට ඒ තීරණෙ වැරදියි කියා හිතිලයි තිබුනෙ.. හැම කෙනෙකුටම එහෙම නෙවෙයි වෙන්න ඇති.. ඒත් මටනම් එපාම උණා...
දවසත් හෙමීට ගෙවිලා ගිහින් රාත්‍රිය උදා වුණා.. වේදනාවනම් හරිම අසාමාන්යයි, දොස්තර මොනා කිව්වත් මට හිතෙන්නෙම බබාට එලියට එන්න ඕන වගේ.. මං අමාරුවෙන් ආයෙත් නර්ස් නෝනා කෙනෙකුට කිව්වා.. දැන් ආවෙ පිරිමි දොස්තර කෙනෙක්, ඒ පිටිපස්සෙන් අර ලස්සන දොස්තර නෝනත් ආව...
"හා, අම්මේ ඔයාට එච්චර අමාරුවක් නෑනෙ, අපි හෙට ටිකට් කපන්නම්, මේ ලගමනෙ ඉන්නෙ ඕනෙ වුණොත් ඉක්මණට එන්න බැරිය නේද ! "
මං හිතුවෙ මගෙ දරුවත් අරගෙනම යන්න පුලුවන් කියලා, ඒත් ඉතින් දොස්තර මහත්තුරු අපිට වඩා දන්නවනෙ.. එහෙනම් හෙට ගිහින් ආයෙ අමාරු වෙනකොට එනවා... දොස්තර මහත්තයා මාව පරීක්ශා කරනකන් ණයට ඉල්ල ගත්තු ඇද අයිතිකාරයට දෙන්න ඕනෙ හින්දා මං ඇදෙන් බහින්න ලෑස්ති උනා විතරයි. මට සුර ලෝකෙන් වගේ මගෙ නෑනගෙ කටහඩ ඇහුනා..
"ඩොක්ටර්, මං ...................... , අහවල් හොස්පිටල් එකේ .............,, මගෙ නංගි ඉන්න්වා බලන්න ආවෙ... "
"එයා මාව දැක්කෙ නැ, නමුත් මට කදුලුත් පැන්න... "
"බොහොම හොදට අපේ අක්කව පිළිගත්තු දොස්තර නෝනයි මහත්තයයි හිනාවෙලා මෙහෙම කිව්වා.."
"මෙයාද නංගි, අපි බලමුකො එහෙනම් මෙයාගෙ ටෙස්ට් එකක් කරල... ලා බ්ලාඅ..... ඉක්මන් කරලා බහින්නකො කෙල්ලෙ... "
හෙහ් මට දොස්තර මහත්තයා කෙල්ලෙත් කියනවා.. මටම හිනා...
අක්කත් ඉස්සරහ ඉද්දිම මාව පරීක්ශා කරපු දොස්තර කිව්වෙ ඉක්මණින්ම මාව ලේබර් රූම් යවන්න ඕනෙ කියල..
මට හරිම කේන්තියක් ආව දොස්තර ගැන. දැන් පොඩ්ඩකට කලින් මාව ගෙදර යවන්න හිටපු දොස්තර මේ.. වෙලාවට අක්ක ආවෙ,,, නැත්නම් ඒ රාත්‍රියෙ මං කොයිතරම් අපහසුතාවයට පත්වෙන්න තිබුණද ! අක්කටත් ඒ බව තේරුනා, එයත් දොස්තර කෙනෙක් ඒත් ඒ වගේ නොසැලකිලිමත් එක්කෙනෙක් නම් නෙවෙයි...
ලහි ලහියේ අක්කගෙ උදව්වෙන් අවශ්ය කාර්යයන් ඉක්මණින්ම කරගත්තු මාව ලේබර් රූම් එකට දැම්ම...
කෝම කෝමහරි තව පැය කීපයක් යනකොට ඒ සුන්දර මල් කැකුල මගේ ලෝකෙට ආව. ඉතින් ඒ ලස්සන මොහොත සිදුවෙලා අදට හරියටම වසර දෙකයි........
ඉතින් මගේ රත්තරන් පුතේ, හැම අම්ම කෙනෙක්ම වගේ ඔයා වෙනුවෙන් මේ අම්මත් වින්ද වේදනාව අපමණයි. ඒත් ඔය රෝසපාට මූණු දකිනකොට ඒ ඔක්කොම දුක් වාශ්ප වෙණවා වගේ, එතකොට සතුටු කදුලු දෝරෙ ගලනවා, නොදන්න ගාථා පවා මතක් වෙනවා. සියලු දෙවිවරු මගේ දරු පැටියා රකීවි කියා නිරායසයෙන්ම පතනවා.
ඉතින් ඒ තරම් උතුම් මාතෲත්වයට, පීතෲත්වයට අපිව පත්කළ අපේ සුදු පුතුට සුබම සුබ උපන් දිනයක් !!!

Friday, June 15, 2012
ඉරණම - 2
ඉරණම - 2
ඉරණම - 1
සාලයේ පුටුවක ඔහේ දිග ඇදී සිටි ක්‍රිස්ටි නම් තරුණයාගෙත් මීනාගෙත් දෑස් එකට ගැටුණා.. ඔහු විගස නැගී සිටියා. මීනාට කිසිත් සිතන්නටවත් ඔහු ඉඩක් දුන්නේ නෑ, ඔහු ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන ඈ දෙසට තම සුරත දිගුකළා..
"හායි මේනාහ් .... " ඔහු මීනාට තාමත් සුරත දිගුකරගත්ත ගමන් ... තාමත් තම අත රැදි මහේශ්ගේ දෑතේ උණුසුම තවත් කෙනෙකුන්ගෙ දෑතක් මත තවරන්නට ඈට සිතුණෙ නහැ,
ඔහු පැහැයෙන් සුදුයි... උඩු රැවුල වවා තිබෙනවා, කොන්ඩය සම්පූර්ණයෙන්ම කපා තිබුණා, සාමාන්යයෙන් වයස 30ක් පමණ ඇති, සුදු පැහැ සැහැල්ලු කමිසයක් හා ක්‍රීම් පැහැ දිග කලිසමක් හැද සිටියා.
"කෝ, කනට දාපු කරාබු, බෙල්ලට දාපු ලොකු දම් වැල් වගේ චේන්, " ඈ ඒ ආයිත්තම් සෙව්වා, වෙනසකට උනේ ඔහු ඒ ආබරණ නොපැලද සිටීමයි, ඔහු තාමත් මීනාට සුරත දිගු කරගත්ත ගමන් ...
ඈ නොකැමැත්තෙන්ම "නොට් මේනා ආ හ් , ජස්ට් මීනා" කියමින් තම කාමරයට ගියා.
කළයුත්තක් නැ, ස්ව දෙමාපියන්ගේ තීරනයට යටත් වෙනවා හැරෙන්නට. ඈට තමා ගැනම ලොකු අනුකම්පාවක් දැනුනා, ඒත් සමගම ලැජ්ජාවක්, "ඇයි මං මෙහෙම බාල්දු වෙන්නෙ, මට තීරණයක් ගන්න බැරිද ? අම්මල මාව සුද්දෙකුට බිලි දෙනව වගේ ! " සිතුවිලි අතරින්ම ඈට ඇඩුම් ආවා..
"ඇයි දුවේ, අඩන්න දෙයක් නෑනෙ, දරුවො , ඔයා කොච්චර ලකීද ?"
නිවසේ පාලිකාව ඇගේ හිස අතගාන්නට වුණා, මීනාට අවශ්ය වුනේ මේ විශම ලෝකෙන් මිදී ඉහළ අහසේ පියඹා යන කුරුල්ලෙක් මෙන් මිදී නිදහසේ සිටින්නට, ඒ සිහිනවලට යළිත් පණ නොලැබෙන බව ඈ දැන උන්නා, .....
ඈ රිය කවුලුවෙන් ඈත බලා සිටියා, තෙන්නකෝනුත් ක්‍රිස්ටිත් විටෙන් විට කතා කරමින් උන්නා, ඒ දෙස උවමනාවෙන් සවන් නොදුන්නත් ඇයට යම් විශේශත්වයක් දැනුනා, ඒ ක්‍රිස්ටි සිංහල භාශාව කතා කිරීමට උනන්දු වීම, ඇදහිය නොහැකි තරමට ඔහු හොදින් බොහෝ වචන උච්ඡාරණය කළා, සමහර තැන්වලදීනම් ඇයට සිනහ යන්නට පවා ආවා, එවන් විටෙක ඔහුගේ මුහුණ අදුරු වනු දැක ඈ කුරිරු සතුටක් ලැබුවා.
රිය නිවෙස් ආසන්න්යට එනවිටම හීන් වැහි පොදයක් පැතිර ගියා, මීනාට මතක් උනේ මහේශ්ව. හදිසියේ පන්ති නොපැවැත්වූ මෙවන් වැහි දිනයක ඈ ඔහුත් සමග ඇගේ මල් කුඩේ යටින් කොටුගොඩැල්ල වීදිය දිගේ ඔහේ කරක් ගැහුවා.. ඊට පස්සෙ යටිනුවර වීදියට ... ඒ මිහිරි මතක ඉවරෙටම ඉවරයි ...
අම්මා කුඩයක් රැගෙන හනික රිය ළගට ආවා, ඈ කේන්තිය පිට කළේ වැස්සේම ගෙට දුව ගනිමින්, අම්මා ක්‍රිස්ටිව කුඩේ යටින් එක්කරගෙන එනයුරු දුටු ඈට සිනා නැගුණා,
"සමයං.."
දින කිහිපයක් යනතුරු ඈ තාත්තාටවත් ක්‍රිස්ටිටවත් හරියට මුහුන දුන්නේ නැ. කිසිම වෙනසක් නැතිව ක්‍රිස්ටි තමන්ගේ ගෙයක් ලෙස සලකා තම නිවසේ වාසය කිරීම මීනාගේ පුදුමයට හේතු උනා, කෙසේ නමුත් මීනා එක් දෙයක් තේරුම් ගෙන තිබුණා, ඒ සිතූ තරම්ම ක්‍රිස්ටි නරක මිනිසෙක් නොවන බව. ඔහු තාත්තාගේ බිස්නස් කටයුතුවලදී සෑහෙන කලක සිටන්ම ළගින් සිටිය බව ඈට මතකයි, ඈ කුඩා කලදීත් මේ නිවසට ඔහු ඇවිත් ගියා ඈට මතකයි, නමුත් ඔහු තමාව විවාහ කරගන්නට උත්සාහ දරනු ඇතැයි ඈ සිහිනෙකින්වත් සිතුවේ නෑ.
දවස තිස්සේම ඔහු තාත්තා සමග බිස්නස් වැඩවලට කියා පිටතට යනවා. නිවසේ රැදෙන වෙලාවලට මීනාත් සමග කතාවට උත්සාහ කලත් උත්සාහය ව්යර්ථ වෙනවිට තෙන්නකෝන් හා අම්මා එක්ක හෝ කතා කරමින් සිටිනවා. ඒත් සිංහලෙන්. ඇත්තෙන්ම ඔහු හරි පුදුමාකරයි.
"දූ මොනාද ඔය හැටි කල්පනා කරන්නේ?" අම්මා ළගටම ඇවිත් .. ඒත් මීනා තාමත් ජනේලෙන් එපිට ලෝකෙක නතරවෙලා.
"ඔය හැටි හිතන්න දෙයක් නැහ් පුතේ.. ඔයාගෙ හොදටයි හැමදේම වෙන්නෙ.. ක්‍රිස්ටි නරක ලමයෙක් නෙවෙයි. මටත් දැන් ඉස්සරට වඩා ඒ දරුව ගැන පැහැදීමක් තියෙනවා.. ඔයා බය නැතුව ඉන්නකො පුතේ, එයා ඔයාව හොදට බලාගනියි. "
ඇත්තෙන්ම ඒ බව ඈත් තේරුම් අරන් තිබුණා, ඒත් ඈ දන්නා තවත් කාරණයක් තියෙනවා. ඒ ඔහු මහේශ් තරම් නම් හොද නැති බව.
"ඒත් අම්මා ක්‍රිස්ටි සුද්දෙක්නෙ.. මං උන්ට කැමති නෑ.."
"පුතේ , ඒ ළමයා සුද්දෙක් වුණාට අපෙ සමහරුන්ට නැති හොද සිරිත් ඒ ළමය ළග තියෙනවා, අනික ගොඩක් වෙලාවට ගෑනු අපිට තියෙන එකම දේ හොදම දේ කියල හිතන්න වෙනවා අපෙ ජීවිතවල සමහර වෙලාවට. මාත් ඒ විදියට නොහිතුවානම් අද අපි කොහෙ ඉදියිද දන්නෙ නෑ, "
මොකක් නමුත් අම්මා කියන කතාව දුක්බරයි වගේ, මීනා අම්මා ළගට ගියා, ඈ සිටියේ ඇද මත වාඩිවී. මීනා එතැන බිම වාඩිවුණා, පුරුදු පරිදිම අම්මා ඇගේ හිසේ කෙස්ගස් අතරින් සිය ඇගිලි යවන්නට උනා. දැනෙන සනීපෙ.
"ඔයාගෙ අප්පච්චි නැතිවෙනකොට ඔයාට කිසි දෙයක් තේරෙන්නෙ නැති පොඩි එකෙක්, අප්පච්චි නැතිවෙලා අවුරුද්දකට විතර පස්සෙ තමයි පුතේ තාත්ත මට මුණ ගැහුනෙ.. හ්ම්ම් ..
එයාත් එතකොට මැරි කරල ඩිවෝස් වෙලා උන්නෙ. මං ගැන එයා උනන්දු වෙන බව මට තේරුණාට පුතේ මට ඕනෙ උනේ ඔයාව ලොකු කරගන්න විතරයි. ආයෙත් මැරි කරන්න උවමනාවක් උනේ නැ මට. ඒත් අත්තම්මලාට , මාමලාටනම් ලොකු බයක් තිබ්බ අපෙ ජීවිත ගැන, ඉතින් එයාල එක පයින් තාත්තට කැමති උනා, අන්තිමට උනේ මගෙ කැමැත්තක් නැතුවම අපිව තාත්තා එයා ලගට ගත්තු එක. ඒත් පුතේ එදා තාත්තා ගත්තු තීරණෙ වැරදි එකක් නෙවෙයි.. එයා කවදාවත් ඔයාට අඩුවක් කලේ නැ, මල්ලිල ඉපදෙන්න ටිකක් කල් යනකොට තාත්තලගෙ ගෙවල්වල අය පොඩ්ඩක් අරක මේක කියන්න ගත්තා, අපි එයාලව හිතාමතා පරක්කු කළෙත් ඔයාට වෙනස්කමක් වෙයි කියල බයට. මල්ලිල හිටිය කියලත් ඔයාට තාත්ත වෙනසක් කලේ නෑ.. ඒ නිසා මට විශ්වාසයි තාත්තා ගත්තු මේ තීරණයත් වැරදි නැ, ක්‍රිස්ටි සිංහල නොවුනට ඒ දරුව හොදයි. ඔයා එයාව බදින්න කැමති වෙන්න පුතේ. ඔයාට වරදක් වෙන්නෙ නෑ.. ඔයාගෙ අප්පච්චි ඔයා දිහා බලාගෙන ඇති."
"හ්ම්"
දිනෙන් දින ගෙවී ගොස් ඇගේ මංගල දිනය උදා වුනා. ක්‍රිස්ටිගේ පාර්ශවයෙන් මංගල උත්සවයට සහභාගී වුණේ ඉතාම ස්වල්ප පිරිසක්. ඒ පිරිස සතුටු කිරීම උදෙසා මීනාට පල්ලියේ චාරිත්‍ර සහිතවද, තම සමීප අය්ගේ සතුට වෙනුවෙන් පෝරුවේ චාරිත්‍ර ද සියල්ල සහිතව මංගල උත්සවය ගන්නට සිදුවුණා. සියල්ලෝම සතුටින්.
කිසිම දෙයක් කිසිම දිනක පැතූ ආකාරයෙන් නොවන්නේ ඇයිදැයි යන ප්‍රශ්නය ඔස්සේ ඈ අතරමං වී සිටියා.
උදැසන පිපුනු කුසුමක් මෙන් සුන්දරව තමා අසලින් සිටින තම ප්‍රියම්බිකාව පිළිබදව ක්‍රිස්ටි බොහෝ සේ අමන්දානන්දයට පත්ව සිටියා..
"මහේශ්, මට සමාවෙන්න මහේශ්... " මීනා සිතින් දහස්වර කියා සිටියා..
...............
සිය විවාහයෙන් දෙසතියක් ඉක්ම ගිය කල්හි ක්‍රිස්ටි තම මව් රට බලා යාම පිළිබද මීනාගෙන් කැමැත්ත විමසුවා. ඔහුට අවශ්ය වූයේ ඇත්තෙන්ම ඇගේ කැමැත්තටම ඉඩ දීමට. කෙසේ වෙතත් මීනාත් ගැහැණු නුවණ උපයෝගී කරගනිමින් තම ජීවිතයට අනුගත වෙමින් සිටියා. ජීවිතයේ ඉදිරි කාලය ගෙවීම උදෙසා ක්‍රිස්ටිගේ රටට යායුතු යැයි මීනා තදින්ම කියා සිටියා. මීනාට අවශ්ය වූයේ මහේශ් පිළිබද මතකය කොහේ හෝ වළලන්නට. එහි ප්‍රතිඵලය ලෙස ඔවුන් ඔහුගේ රටට පැමිණියා. ක්‍රිස්ටි සුද්දෙක් වුවත් ඔහු බොහෝ සෙයින් වෙනස් මිනිසෙක් බව ඈට හැගී ගියා. එවන් මිනිසෙකුට වෛර කරමින් සිටීම තේරුමක් නැති ක්‍රියාවක් බව ඈ අවසානයේ වටහා ගත්තා.
කාලයත් සමගින් ඇගේ සියලු පැතුම් ඉටුවුණා. ඈ බොහෝ සෙයින් ස්වාමියාට ලැදි පිය බිරිදක්ම වූවා, සියල්ලට රහස ඔහු බලාපොරොත්තු නොවූ විරූ අයුරින් සුන්දර මිනිසෙක් වීමයි. සතුට පිරුණු කැදැල්ලක හිමිකාරියක් ලෙසින් ඈ තම දෙමාපියන්ටත් තොරතුරු දැන්වූවා.
සුදු හිසකෙස් හා නිල් ඇස් ඇති සුදු පැහැ පුතෙකුත්, සුරන්ගනාවක් බදු වූ කුඩා දියණියකුත් ඔවුන්ගේ ජීවිත කැදැල්ල සම්පූර්ණ කළා.
හදිසියේම තාත්තා රෝගාතුර වූ ආරංචිය ලැබුණු මොහොතේදී ඔවුන් බොහෝ කම්පනයට පත්වුණා, හැකි ඉක්මණින් සියරට කරා පියාසර කළා, ඒත් ඒ වනවිටත් තාත්තා ඔවුන් සියලු දෙනා හැර ගොස් තිබුණා, මීනා සේම ක්‍රිස්ටිත් කම්පා වුණා, තාත්තාත් නැති සෙයින් සොයුරන් වෙනුවෙනුත්, දරුවන්ගේ අනාගතය සිංහල සන්ස්කෘතියට සම්බන්ද වීම යහපත් බැවින් මහගෙදර නතර වීම හොද තීරණයක් බව ක්‍රිස්ටිගේ අදහස වූවා, මීනාවත් අම්මාවත් කිසිවක් කියන්නට ගියේ නෑ. බාහිර ස්වරූපයට වඩා ඔවුන් තුළ ජීවත් වන මිනිසුන් කොයිතරම් නිවැරදිද යන්න ඔවුන් වටහාගෙන තිබුණා.
........................
ඈ ක්‍රිස්ටිගේ අතක එල්ලී දළදා මාලිගාව කරා යමින් සිටියා. දරු දෙදෙනා ඔවුන්ගේ මාමලා අතර සුරතල් වෙමින්, අත්තම්මාත් ඒ අසලින්මයි, මෙවන් සතුටු ජීවිතයක් ලබා දුන්නාට ඈ දළදා හිමියන්ට ස්තුතිවන්ත උණා.
වළාකුලු බැම්ම එදා සේමයි, තැනින් තැනට තරුණ ජෝඩු රැදී සිටියා.. පුරුද්දකට මෙන් ඈ අතීතයේ හුරුපුරුදු ස්ථාන වෙත ඔහේ බැලුවා. ඇගේ නෙතට දිස්වූයේ සුන්දර තරුණියක් සමග අත්වැල් පටලා කතා කරමින් සිටින මහේශ්.. වැව් දිය මත එදත් රැළිති නංවමින් කොකුන් පියඹ පියඹා යමින් සිටියා, මහේශ් හා ආගන්තුක තරුණිය අසලින් රතුම රතු කාරයක් නවත්වා තිබුණා, මීනාගේ දෑසට අහේතුකව කදුලක් පැන නැංගා, ඒත් මේ සතුටු විය යුතු වෙලාවක් ..
ඈ කෙළින්ම මහේශ් ඉදිරියේ පෙනී සිටියා, මහේශ් වරදක් කල අයෙක් සේ තැති ගත්තද මීනා බොහෝ කුලුපග ලෙසින් කතා කලා. ඔහුගේ වාහනය ඉදිරිපස රතු කතිර ළකුණක් සහිත ස්ටිකරයක් අලවා තිබුණා.
"මට ගොඩක් සතුටුයි මහේශ්... " ඈ එසේ පවසමින් තම හිමියන් අසලට පැමිණියා...
හදවතේ ගැඹුරුම තැනක හිර වී තිබුණු ලොකු බරකින් තමා නිදහස් වූවායැයි ඈට සිතුණා..
--------------- නිමි ---------------------

Wednesday, June 13, 2012
ඉරණම
වැව් දිය මත රැළිති නංවා පියඹා ගිය කොකෙකු දිහා ඈ වුවමනාවකින් තොරවම ඔහේ බලා සිටියා. ඈට වුවමනා වූයේ කෙසේ හෝ කාලය ගෙවා ගැනීමට පමණයි. නිශ්චිත අරමුණක් නොමැතිවම ඈ අත රැදි ඔරලෝසුව දෙස දෑස යොමු කළා..
"තව මිනිත්තු 10 ක් යනකොට එයා එයි . " ඈ හිතෙන් කියාගත්තා..
ඈ හිටියේ නුවර වැව රවුමේ සිමෙන්ති බංකුවක් මත. පුරුද්දට වගේ පුංචි බංකුවේ කෙළවරක ඈ වාඩිවෙලා උන්නත් ආයෙත් අනෙක් කෙළවරේ එයා වාඩි වෙන එකක් නැතිවෙයි කියා ඈට සිතුණා. දෙනෙත් අගින් මෝදු වුන පුංචි කදුලු බින්දු මුලු ඇස් දෙකම බොද කරමින් කම්මුල් තෙත් කරන්නට පටන් ගත්දී ඈ ඒවා වළක්වා ගන්නට මෙන් උඩ බලන්නට වුණා. බහිරව කන්දේ බුදු සමිදුන් ඈ දෙස බලා සිටින්නා මෙන් ඈට පෙනුණා ..
"මීනා, ඔයා කලින්ම ඇවිල්ලා... "
ඔහු ඇවිත් , ළගටම ඇවිත්, "අපරාදේ දුර තියා දැක්කනම් එන දිහාව බලාන ඉන්න තිබ්බ, මේ අවසාන හමුවීම...." ඇගේ සිත කතා කළා..
"මීනා, ඇයි මොකෝ ක්ලාස් කට් කලේ, මං බස් එකෙත් බැලුව, ඔයා නැංගෙ නෑ කියල සමන්ති කිව්ව, මොකක් හරි කේස් එකක්ද ? මොනා උනත් හවස ක්ලාස් එකට යන්න ඔයා මේ වෙලාවට මෙතෙන්ට එයි කියල මං හිතුවා ... "
කතා කරන්නේ ඔහු පමණයි. ඈ කිසි සද්දයක් නෑ ...
"මහේශ් !" බින්දුව බින්දුව මෝදු වුණු කදුලු මහ වැස්සක් වගේ වැටෙන්නට වුණා ...
"ඇයි සුදූ, මොකද වුනේ?? කියන්නකො මොකක්හරි අසනීපයක්ද?"
"නෑ අපිට මේ එෆෙයාර් එක නවත්තන්න වෙනෝ ! "
"මොකක්, හදිසීයෙම ! මොකක්ද අවුල .... මීනා, මෙතන කතා කරන්න බෑ, අපි යං සුදර්මාරමෙට යන්, ක්ලාස් එක පටන් ගන්නත් ලගයි ."
ඇයට පන්ති යන්නටනම් කොහොමටවත් උවමනා වුනේ නෑ, ඈට අවශ්ය වුනේ ඔහුත් සමග තනිවෙන්නට .. නමුත් ඔහුගේ ඉල්ලීමට පිටතින් යන්න බෑ.. ඇරත් අද වගේ දවසක . ඔහුට අමතර පන්ති ගොඩක් වටිනවා, ඇයට වගේ නෙවෙයි, අනික ඔහු ඇත්තෙන්ම ඉගෙනුමට දක්ශයෙක්, රුසියෙක්,
"හා, යංකො ... " මීනා ඔහුගේ අසලින් වැටුනා.. සමාන්තරව ගමන් කරමින් තිබුනු මීනාගේ සුරතත්, ඔහුගේ වමතත් එකට පැටලුනා..
"මහේශ් තාත්ත ලංකාවට ඇවිල්ලා!"
"ඒ... ඇත්තද ? අරූත් ඇවිල්ල ඇති එහෙනම් .."
"හ්ම්ම්ම්..." ඈ අසරණව මහේශ් දෙස බලා උන්නා.. මහේශ් අදුරු වූ මුහුණින් වලාකුලු බැම්මට බර වුනා..
"මීනා ඔයාගෙ තාත්තට තේරෙන් නැද්ද ඌ ඔයාට ගැලපෙන්නෙ නෑ කියල ඇත්තට ඈ?"
"නැතුව ඇති, අනික එයා මගේම තාත්ත නෙවෙයිනෙ මහේශ්, මං අර සුද්දට දීල බිස්නස් ඩිවලොප් කරගන්නවා, "
"ඉතින් දෙය්යනේ අම්මට තේරෙන් නැද්ද ? "
"අම්මට නොතේරෙනව නෙවෙයි මං හිතන්නෙ, ඒත් අම්මට කරන්න දෙයක් නෑ.. බොරුවට මේ මගුලට කැමතියි වගේ පෙන්නගෙන ඉන්නව,, තාත්තා වසයිනෙ මහේශ් .. අද උදේ අම්ම බෝඩිමේ ඇන්ටිටත් කියල... මගුලක් ලග එනවය කියල.. "
"ඔය මනුස්සයගෙ දෙමාපියො මොනාවත් හොයල බලන් නැද්ද මීනා, "
"නැතිලු, එයාල එච්චර හොයන්නෙ නැතිලු මහේශ් එයාලගෙ සංස්කෘතියෙ හැටි එහෙමනෙ... මට අප්පිරියයි මහේශ්...... "
"මට අද පන්ති යන්න බෑ මීනා, අපි මාලිගාවට යන්ද ?"
"ඕන නෑ මහේශ්, ඔයා ක්ලාස් යන්න, මට යන්න බෑ, ඔයා කොහොමහරි කැම්පස් යන්න ඕනෙ, ඒක තමා මගෙත් හීනෙ... මං පාස් වුනත් වැඩක් නෑ, තව පොඩි කාලෙකින් අර මිනිහගෙ සර්වන්ට් වෙන්න වෙනව මට .. "
ඈ සුසුමක් හෙළුවා...
"නෑ අපි බලමුකො, අද යන්කො මාලිගාවට, ඔය විදියට ඉගෙන ගන්න පුලුවනෑ අද ? "
ඔහු තවත් බලාපොරොත්තු දෙනවා... ඒත් ඒව පල රහිත බව ඈ දන්නවා, ඇගේ සිතට ආත්මානුකම්පාවක් ඇතිවුනා..
"මීනා, ඔයාට බැරිද ඔය හැමදේම දාල එන්න මං එක්ක ?" ඈ පුදුම වූ දෑසින් ඔහු දෙස බැලුවා. මොන යෝජනාව කලත් ඈ මේ යෝජනාව ඔහුගෙන් බලාපොරොත්තු වූයේ නෑ,...
"මං කොහොමද ඔයත් එක්ක එන්නෙ මහේශ්? අපි එහෙම කලොත් ඔයාට මං ලොකු අසාදාරණයක් කලා වෙනව ඒක, එතකොට ඔයාට නැති ප්‍රශ්න ඇති වෙනව.. ඔයා හොදට විභාගෙ කරන්න ඕනේ.... ඒනිසා මෙහෙම දෙයක් කරන්න බෑ... "
"විභාගෙ ගියදෙන් බල්ලට.. මං දැනුත් කරන ඉගැන්නිල්ලෙන් ජීවත් වෙන්න පුලුවනි ... "
"විකාරද මහේශ් ! ඔයා ලස්සන ලොකු දොස්තර මහත්තයෙක් වෙන්න ඕනෙ කවදහරි, අම්ම අප්පච්චිව දාගෙන රතුපාට කාරෙකක ට්‍රිප්ස් යන්න ඕනෙ... "
අන්තිම ටික කියද්දී ඈට නැවතත් ඇඩුම් ආවා... මේ කියවුනේ ඔවුන් එකට පැතුව සිහිනයක්මයි... ඒ සිහිනයට සමුදිය යුතුම වී තිබෙනවා..
තව සුලු කලකින් ඇගේ ජීවිතය කොයි පැත්තකට තල්ලු වේ දැයි ඈටත් සිතා ගත නොහැකි වුණා.. ඔහුත් සමග මුලින්ම දළදා හිමියන්ව වැද පුදා ගන්නට ආවේ ඔහු මුණ ගැසුනු ප්‍රතම දිනයේදීම බව ඈට මතක් වුනා. අදත් අපි ආවා, ආයෙ නො ඒවි.... ඈ හිතෙන් මිමිණුවා..
පඩි පෙළ බැසවිත් වැල් බෝධියටත් ගිය ඔවුන් එකිනෙකාගෙන් සමුගන්නට නොහැකිව අසරනව උන්නා..
"දැන් කවද්ද ඔයා නුවරින් යන්නෙ?"
"හෙට තාත්ත එයි... "
"හ්ම්ම්ම්, පුදුම තාත්තල තමයි,... මං ඔයාගෙ තාත්තා එක්ක කතා කරන්නද? "
"වට් ??? ඔයාට පිස්සුද මහේශ් ??
"පිස්සු නොහැදුනොත් තමා පුදුමේ!"
"හ්ම්ම්. ඒකනම් ඇත්ත තමයි .."
"මම යන්න ඕනෙ මහේශ්.. ඔයා ක්ලාස් යනවනම් යන්න දැන්, ඉන්ටවල් එකෙන් පස්සෙ යන්න පුලුවන්නෙ. "
"නැහ් මං යන් නෑ, ඔයාව බෝඩිමට ඇරලන්නම්, යං.."
නිහඩ බව බිදිමින් මහේශ් මොනවදෝ මොනවදෝ කියනව මීනට ඇසුණා. ඒත් ඇගේ සිත බෙහෙවින්ම ව්යාකූලයි. කිසිවක් ඇයට වැටහුනේ නැ.. ආයෙ කවදාවත් අපි මෙහෙම එක ළග බස් එකේ යන එකක් නැතිවෙයි. ආයෙ කිසිම දිනෙක ඔහු වැව රවුමෙදී, සුදර්මාරාමයේදී, වැල් බෝදියේදි ඇයට කවදත් අසීරු රසායන විද්යාව ලිහිල් බසින් කියා නොදේවි ... ඇගේ සිතුවිලි අතීතයේ මිහිරි මතක තුළට ඇදී ගියා..
මහේශ් ඇගේ සුරත සෙමෙන් අල්ලා ගන්නා විට ඈ ගැස්සී පියවි ලොවට පිවිසියා. ඒ දෑස් වල තිබූ අසරණ බව දුටු මීනාට කියන්නට කිසිම වචනයක් ආවෙ නෑ. උගුරේ යම්කිසි ගුලියක් හිරවී වචන එලියට ඒම හිරකර තිබුණා..
ඈ අරුප්පොලදී බසයෙන් බැස බෝඩිමට පැමිණියා. ඒ වනවිටත් ඈව නිවසට එක් කරගෙන යාමට තාත්තා ඔහුගේ රියදුරු එවා තිබුණා.
රියදුරු තැන ඈ දැක සිනාසුනා.
"තෙන්නකෝන් මොකෝ හදිස්සියේම ?" ඈ කිසිවක් නොදන්නා සේ විමසුවා.
"බබා, මහත්තයා ආවනෙ... බබාව එක්ක එන්නෙය කිව්වා, අර ක්‍රිස්ටි මහත්තයත් එක්ක ආවෙ... එයා ඇතුලෙ වාඩිවෙලා ඉන්නවා ... "
ඇගේ මුලු සිරුරම අප්‍රාණික වුනා...
"අහවල් එකකට මෙහෙ ආවද !" ඈට කේන්තියටම කියවුණා.. ඒ හඩට බෝඩිමේ හිමිකාරියද වහා මිදුලට පැමිණියා..

Thursday, May 24, 2012
අනේ ඒ වන් දුකක් එපා අන් කවර කළ ...
සෑහෙන කලක සිට කවියක් නොලිව්වෙමි
වෑහෙන රසය ඇති පදයක් අද ලියමී
පෑහෙන නොපෑහෙන බවනම් නොම දනිමී
සෑහෙන වෙලා ඇතිනම් කියවනු මැනවී ...
කාලේ මෙකල මං හිටියේ තුරුණු කලේ
ආලේ තමයි හැම සුසුමම සොදුරු කලේ
මාලේ බැන්ද අපි නැකතින් එකතු කලේ
කාලේ රුදුරු අපි දෙන්නා දෙමංසලේ
පස් වසරක්ම නුබ ඉගෙනුම කෙරුවාට
දොස් නැත නගේ නුබහට ජොබ් නැතුවාට
ඇස් දෙක වගේ නුබ රැක ගමි හැමදාට
වස් නොවදීවි යන් මගෙ ක්වාටස් එකට ...
හිමි කිවු දෙයින් මා සිත සැනසීල ගියා
නිමි කර රැකියාව මං ඉල්ලා අස්ව ගියා
පිමි පැන වගේ හිමිගේ උණුසුමට ගියා
වෙමි ප්‍රිය ගෘහණියක් අද සිට නුඹට කියා ...
අක්කර පහක් විතරක් වෙයි ඒ ඉඩම
අක්කර දෙකක් වත් ඇති ඒ මහ ගේම
දුක්බර දෙයකි ඒ මහ ගේ අතුගෑම
ඒ හින්දාම නොකළෙමි එය හැමදාම ...
මේ කිසිදෙයක් මගෙ සිත් ගත්තේ නැතිද
වේ එක් දෙයක් තවමත් මතකෙට සබැද
ගේ වට තිබිණි මහ අඹ ගස් නේක විද
මේ ගස් ටිකට මං ආදර කලා සොද ...
තනිකම වැඩියි බෑ පාලුව ඉවසන්ට
හනිකට අම්මෙ මලයා මෙහෙ ඇරලන්ට
කලකට පසුව බැරියැයි මට හුරුවෙන්ට
එතකොට එවන්නම් අම්මේ පිං නුබට ...
උදේ පටන් මං හා මගෙ පොඩි මලයා
ගල්ද පොලුද ගෙන අඹ ගස් රකිනු නියා
මදේ රසය වින්දෙමු නෑ වචන ලියා
අඹේ රසය සුර ලෝකෙට එහා ගියා ...
හවසක දිනෙක මලයා ගහ උඩට නැග
ආයාචනා කෙරුවයි මට ගහ උඩට
නැති වුව පුරුද්දක් මට ගස් වලට පැන
මොහොතක් පසුව මං සිටියෙමි අතු අතර
කෙලින් පාර ඈතට පෙනෙනවා සොද
පෙලින් පෙලට වාහන පැමිණෙනා සද
දුටුව දෙයින් මං සිහි නැති නොඋනා වෙද
හිමි එන්නේය මිතුරන් සමගින්ම අද .....
හනිකට මල්ලි උඩ බිම බලමින් පැන්නා
වටකොට අතුරිකිලි මං ගහ උඩ තව ඉන්නා
අඩියට දෙකට හිමි මිතුරන් හා එන්නා
"කෝ බං උබේ බාරි" යැයි විමසන්නා ...
විස්මය හැගෙන දෑසින් මගෙ ස්වාමියා
වටපිට බලා මලයා වෙත අඩිය තියා
සැකහැර දැනුනු පසු මං ගස මතය කියා
"අනේ මචං නානවලුනෙ එයා" කියා ගියා
අඩ පැයක් ගෙවී ගොස් කලුවරත් වැටුනු විට
විදි දුකක් අනේ මං තනියෙන්ම ගහක් උඩ
දුරු කළා මදුරුවන් මැස්සන්ද මගේ තනිය
අනේ ඒ වන් දුකක් එපා අන් කවර කළ ...
තව මොහොතකින් ඒ නරි රැළ පිටව ගියා
ආයිත් දිනෙක එන බව සැක හැරම කියා
දිග ඉනිමගක් ගෙනවිත් ගහ මුලට තියා
මං ගොඩ වුනෙමි නිවසට මලයාට රවා ....

Subscribe to:
Posts (Atom)