Monday, January 30, 2012

නූරි --- 8

නූරි --- 8


"පුතේ අපි යනවා... මල්ලිත් එක්ක පරිස්සමින් ඉන්න... දවල් වෙනකොට සුදු නැන්ද එයි, "
 අම්මා පැමිණ නූරිව ඇහැරවා කිව්වාය.

"උදේම ඇහැරල අම්ම"  නූරි ඇදෙන් බිමට පැන වහා අම්මාටත් අප්පච්චීටත් දණගසා වැන්දාය.

"ඕන කරන බඩු ගත්තද අම්මෙ ?"
"ඒ හැටි දෙයක් නැහැනෙ පුතේ .. ඩොක්ටර් දුන්නු ලියුම ගත්තා... "

"අප්පච්චි පරිස්සමිං, නවත්තල දොරවල් අරිනකොට එහෙම වටපිට බලන්ඩ .. "

"හෙහ් බලන්ඩකො චන්දි අපෙ කෙල්ලගෙ අවවාද ... හෙහෙහ් "

"අම්මෙ මල්ලි දැන් නැගිට්ටම මාත් එක්ක රංඩු වෙයි අම්මල යනකොට කිව්වෙ නෑ කියල.."

එවේලෙ උත්තර දුන්නේ නූරිගේ පියාය.

"අපෝ දැන් නම් පුතංඩිය ඇහැරුණොත් එයාවත් එක්ක මිස මේ ගමන යනව බොරු ... පුතේ ඔයා නැන්ද එනකම් ශේප් කරන් ඉන්න.. අක්ක ආවම එයත් එක්ක නට නට ඉදී... "

"හ්ම්ම් .. පරිස්සමින් අප්පච්චී, පරිස්සමින් අම්මා. .. බුදු සරණයි ."

"හරි මගෙ මැණික, බය වෙන්න එපා .. අපි ගිහින් එන්නම්... "
 අම්මා එසේ කිව්වද ඇගේ හිත තුළ අප්‍රමාණ බියක් ඇතැයි නූරි සිතුවාය.

------------------------------------------

ඉර නැගෙන්නට තවත් හෝරාවක් පමණ ඇත. නූරි කුස්සිය පැත්තෙ දොරෙන් එලියට බැස පඩිපෙළේ උඩම පඩියේ වාඩිවූවාය. පාන්දර සීතල ඇගේ සියොලග වෙලාගද්දී නපුරු සිතුවිලි ඇගේ ළමා සිත විඩාවට පත්කරන්නට විය. ගමේ පාසලේදි ඇගේ මිතුරියකගේ මව පිළිකාවකින් මියගිය අයුරු මතකයට නැගිණි. එකල 9 ශේණියේ උන් නූරිගේ යෙහෙළිය මළගෙදරදි හැඩූ අයුරු, පාංශු කූලය දෙන අවස්ථාවේ යෙහෙළියගේත් ඇගේ එකම සොයුරියගේත් ගුණ වැයූ අයුරුත් නූරිගේ මනසේ සිත්තම් පටියක් ලෙසින් මැවෙන්නට විය.

"කෙල්ලො දෙන්න හිටියෙ නැත්නම් නෝනා ඔයිට කලින් ඔය ගමන යන්නෙ ! මයෙ කෙල්ලො දෙන්න ඉස්කෝලෙ වැඩත් පාඩු කරගෙන නෝන බලාගත්ත දෙය්යනේ ...... "

යෙහෙළියගේ පියා පපුවට ගසාගනිමින් කියූ අයුරු නූරිගේ සිත පාරවමින් මතක් කරන්නට විය.

"අක්කි අම්මි කෝ ?"

"හා නැගිට්ටද ! ඒක හොදයි ... යං මං තේ හදන්නම් ... "
ඈනුම් හරිමින් ඔනෙල් ඇගේ පස්සෙන් වැ‍ටුණාය..

"මේ මල්ලි කුං කුං ගාන් නැතුව අද තේක බොමු ඈ.. අම්ම ගියා කොලඹ අප්පච්චි එක්ක යාලුවෙක්ගෙ ගෙදර, ඒ නිසා අද කුස්සිය භාර මං ,...  "

"හ්ම්ම් ,,, මං එක්කන් ගියෙ නැතුවට ඉන්න්කෝ... එනකං... "

"ඔයා මොනාද උදේට කන්නෙ, ? ඉදි ආප්ප කමු ? , මල්ලි අපි දෙන්නම් කඩේ යං ඈ"

"බෑ.. මං එන්නෙම නෑ, මාව දාල ගියාට මං කන්නෙත් නෑ ... "

"ඒක අප්පච්චි එක්ක බලාගන්නව, දැන් අපි කාල බීල ඉමු, කඩේ යං ඈ ?"

"බෑ, බෑ , බෑ කිව්වොත් බෑමයි "

"ඕශා භූශා,,,, ඕශා භූශා මැජික් එකකින් අපේ මල්ලිට කැමතිම දෙයක් මං ගෙනත් දෙනව දෙනවා... ආ... මා සමග ආවෝ....ඕ ඕ... ත් .............. එනවද ? "

"හා මොනාද ?"

"ඕශා භූශා ඕශා භූශා,,,,  මල්ලීට සුදු නැන්දා ගෙනත් දෙමි... ඊ...ඊ ............. එනවද ? ආවෙ නැත්නම් ඉතිං අද අපි දෙන්න විතරයි ... පව් ඔයාට පාලුවෙ ඉන්න වෙයි.. මාත් ඉස්කෝලෙ යනවනෙ... "

"හාක්"

********************************

වේලාව දහය පමණ වනවිට සුදු නැන්දාගේ පැමිණීම නූරිට සහනයක් විය. මල්ලී ඈත් සමග ‍රැදීම නිසා ඇයට පාඩමකට යොමු වීම සදහා කාලය තිබිණි. සියල්ල සතුවුවද අවශ්යම දෙය නැත්තේය. ඒ සිතේ සහනයයි.

"දැන් මේ වෙලාවට අපෙ පන්තියෙ මොනා වෙනව ඇතිද/ මැත්ස් ඉවර ඇති, ‍ෆිසික්ස් වෙන්න ඇති, සර් මං නෑ කියල දැනගෙන මොකද කියලත් බලන්න ඇති.... ඔක්කොටම වඩා මිථිල බයවෙලා ඇති, එකපාරම මං නැතිකොට... කමක් නැහ් හෙට යනානෙ... "


සිතුවිලි ගොන්න විසිර ගියේ දුරකථනය හඩදුන් බැවිණි.

"හෙල්ලෝ ......... "

"හෙලෝ නූරි ඉන්නවද ?"

"අනේ හලෝ මං ඔයාල ගැන හිත හිත හිටියේ , කොහොමද ?"

"අපි ඉස්කෝලෙ මොනා වෙන්නද බං, මොකෝ අද නිවාඩු දැම්මේ? "
නූරි නිහඩය.

"ඒ නූරි ඇයි බං , කියපං ඉක්මණට, මේ ෆෝන් එක පාවිච්චි කරන්න ඉන්ටවල් එකට කලින් බෑ කියල උබ දන්නවනෙ.. කියහංකො ඇයි මොකෝ  ?"

"අපෙ අම්ම ලෙඩ වෙලා අද චෙකප් එක්කට කොලඹ ගියා මිථිලා .... "
සියල්ල සැකෙවින් පැවසූ නුරි සුසුමක් හෙළනු මිථිලා වේදනාවෙන් අසා සිටියාය.
කුමක් නමුත් බැරෑරුම් දෙයක් වියයුතුයි සිතූ මිථිලා අසල ඔත්තු බලමින් සිටි දිලිනිද දුරකථනය තුලට තම කන ඇතුල්කළාය.


****************************


සුදු නැන්දා මල්ලිට බත්කවා නිදි කරවා බත් පිගානක් ‍රැගෙන නූරි අසලට පැමිණෙන විට ඈ මේසය මතම පොතකට බරදී නිදා සිටියාය.

"දෝණී, නැගිටල කමු.. "

"වෙලාව කීයද නැන්දෙ ? මල්ලි නිදි ? අම්මල කෝල් කළාද ? "
 නූරිගෙන් ප්‍රශ්න වැලකි.

"ඔය දැන් නිදා ගත්තෙ... දරුවට අම්ම නැතුව නින්ද යන්නෙත් නෑ, අමාරුවෙන් නිදි කෙරෙව්වෙ...  පුතේ අම්මල දැන් ළගම, පිළිමතලාවෙ කිව්ව...  "

"එහෙනම් ළගමනෙ, තව..... මිනිත්තු 20 ක් යනකොට එයි ... මොනාවත් කිව්වෙ නැහ් අම්ම වෙන? මොනා කිව්වද දැන්නෙ නැ අසනීපෙ ගැන... "

"විශේශෙන් දෙයක් කිව්වෙ නැහ්... බෙහෙත් දුන්න කිව්ව...  හා ඉතිං දැන් කමුකො... "

--------------------------

අප්පච්චිගේ මුහුණ වෙන කිසිම දවසක නොවූ පරිද්දෙන් අදුරු වී ඇතැයිද, අම්මා මවාගත් සිනහවකින් ගෙට ඇතුල්වූවයිද නූරි සිතුවාය.

"මොනාද නංගියෙ ඩොක්ටර් කිව්වෙ?"

"කිව්වෙ අක්කෙ අනෙ මන්දා... මගෙ අවාසනාවද කොහෙද ! ඉහිහ්... "

"අනේ අම්මා,,,, ඇයි ..."

"ටිකක් කල් ගිය හින්ද ඉක්මණට බේත් කරන්න ඕනෙලු... පුලුවන් ඉක්මණට ඇවිත් නතර වෙන්නය කිව්ව, ඉස්පිරිතාලෙ... මං මැරුණොත් මයෙ දරු පැටව් දෙන්න කව්ද බලන්නෙ අක්කේ ......... "
මෙලොව ඕනෑම දරුවෙකුට කවුරු හඩනවා බලා සිටිය හැකි වුවද තමන්ගේ අම්මා හඩනු බලාසිටීමට නොහැකිය.

"අනේ අම්ම අඩන්න එපා .... "

අප්පච්චි සාලයේ පු‍ටුවක වාඩිවී රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය වැඩිකලේය.

"අනේ අප්පච්චී ......... "

නූරි පියාණන් ලගට ගොස් වාඩිවනවිටම ඔහුද එය බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් සිය දියණියව තුරුල් කර ගත්තේය. ඒ ශක්තිමත් බාහු අතරේ හිරවී ඈ හඩද්දී ඔහුගේ දෑසින්ද ලොකු කදුලු බෝලයක් කාගේවත් ඇසට හසුනොවී නූරිගේ හිස මතට වැ‍ටුණි.

Friday, January 27, 2012

ලස්සන ගවුමක් නොමැති වීමේ විපාකය ...

 ... සීතල කාමරේක නිදහසේ පු‍ටුවේ යට හයි කරල තියෙන රෝද වලින් එහාට මෙහාට යනකොට මට මගේ අතීතය මතක් වෙනව..  මේ තත්වයට එන්න පාර කපපු, කෙණෙහිලිකම් කරපු එක එක්කෙනා මට මතක් වෙනව... 

පුංචි කාලේදි හොස්ටල් එකේ ඉන්නකොට උනු සිදුවීමක් මට මතක් වෙනව... අහිංසක බලාපොරොත්තු පොදියකට එක සැරේ පයින් ගහල විනාශ කරපු මැඩම් කෙනෙකුත්, කරපු විනාශෙ වහන්න අහිංසක උත්සාහයක් ගත්තු තවත් මැඩම් කෙනෙකුත් එක්ක මං ඇතුලු මගෙ හොස්ටල් යාලුවො දෙන්නගෙ කතාව තමයි මේ...

මේ කථාව ලියන්නෙ ලමා මනස කොයිතරම් දුරට සංවේදීද කියන එක පැහැදිලි කරන්නත් ඒ වගේම මේ විදියට හැසිරෙන ගුරුවරු එක්කෙනෙක් හරි මේ පෝස්ට් එක කියෙව්වොත් මින් ඉදිරියටවත් චුට්ටක් හරි හැදෙයි කියල හිතාගෙනයි ... එහෙනම් මෙන්න කථාව...

මේ සිද්දියට මං මුහුණ දුන්නෙ පලමු පාසල දි වත් අබේරත්න සර් මගෙන් පලිගත්තු ඉස්කෝලෙදිවත් නෙවි. ඊට පස්සෙ ශිශ්යත්ව විභාගෙ පාස්වෙල හයවසරට ඇතුල් වුනු ඉස්කෝලෙදි... ගෙදරට ගොඩාක් දුරින් තමා ඉස්කෝලෙ තිබුනෙ. ඒ නිසාම අපිව හොස්ටල් දැම්මා. අපි කිව්වෙ අක්කියි මායි. මාව හයවසරට ඇතුල්කරනකොට අක්කි ඒ ඉස්කෝලෙ ඉගෙන ගනිමින් හිටියෙ. සෙනසුරාද දවල් වෙනකොට අම්ම එනවා අපිව බලන්න. මොකද අම්මත් කාර්යාලයක වැඩ. නිවාඩු සෙනසුරාදාට ඉරිදට විතරයි, ඉතිං ඔහොම අම්ම හොස්ටල් පාරෙන් මතුවෙනකං අක්කියි මායි බලාගෙන ඉන්නෙ. හරියටම අම්මගේ මූණ පේන්න පටංගන්නකොට අපි දෙන්නට ඇඩෙන්න පටංගන්නවා... ඔය ඇඩිල්ල වැඩිම අක්කිගෙ.. ඇඩීමෙ බලාපොරොත්තුව තමයි "හොස්ටල් ඉන්න බැහැ ගෙදර එක්කන් යන්න කියන එක... ".. හොස්ටල් එකක හිරවෙලා උදේ බෙල් එකට නැගිටලා කාලසටහනට වැඩ කරන්න පුංචි අපි අකැමතියි..   ඔහොම අඩන කොට අම්මිත් අන්තිමට අඩනවා.. එතකොට තමා අපි නවත්වන්නෙ ඇඩිල්ල.. "ඔයාල ඉගෙනගත්තෙ නැත්නම් මට වැඩක් නෑනෙ මගෙ රත්තරං පුතේ ... " කියලා තමා අම්මි අපෙන් සමුගෙන ගෙදර යන්නෙ... (මේ කියපු ටිකනම් කථාවට අදාල නැහ් නේද,)


ඔන්න ඔහොම ඔහොම කාලෙ යනකොට ඉන්ග්ලිශ් ඩේ එකක් ආවා. ඕකට අපිට, හය වසරෙ ලමයින්ට අයිටම් කීපයක් කරන්න අවසරය ලැබුන... 

අපේ පන්තියට මැඩම් කාන්ති තමා ඉංග්‍රීසි ඉගැන්නුවෙ. ඉතිං එයා අපිව සූදානම් කලා ඉන්ග්‍රීසි ගීතයකට. අර එක්සි මෝසිකාටෝ කියල තියෙන්නෙ.. අන්න ඒකට... ඔන්න දැන් සදුදා.. සිකුරාදට තමා උත්සවේ ලෑස්ති කරලා තිබුනේ.. සදුද, අගහරුවාද, බදාදා හොදට සින්දුව ප්‍රැක්ටිස් කලා... මුලදි ලමයි 20ක් වගේ තම්යි හිටියෙ. ගෑනු ලමයි විතරයි.... හොස්ටල් එකෙන් හිටියෙ ලමයි තුනයි මාත් එක්ක.

ඔය මැඩම් අපි ලගට ඇවිල්ල හරිම ආදරෙන් තමයි කියල දෙන්නෙ "මෙහෙම ගයන්න........ හඩ උස් පහත් කරන්න,.............. කට ඇරල කියන්න  " කියකියා ... ඒත් ඒ හැමදේම මූනිච්චාවට විතරයි කියල අපිට තේරුනේ පස්සෙ...

බදාදා මැඩම් කිව්ව අපිට මේ සිංදුවට අදින්න ඕනෙ ලස්සනම ලස්සන ගවුම්.. ඒ නිසා හෙට එනකොට මේකට හරියන ගවුමක් ගේන්න කියල... ඔන්න එතකොට තමයි අපිට, ඒ කිව්වෙ හොස්ටල් ගර්ල්ස්ලට දෙය්යො සිහි උනේ..

"අපිට හොස්ටල් එකේ ඔව්ව තියෙන්වැයි !" 

අපි ඉස්සෙල්ලම තම තමන්ගේ සූට්කේස් ඇද ඇද බැලුව..  හරියට ගවුමක් මවලවත් ඇති වගේ.. හොස්ටල් එකේ ඉතිං පාටි ෆ්‍රොක්ස් තියං ඉන්නෙ කවුද ? ඊලගට මම නම් අක්කිගෙ සූට්කේස් එක ඇදල බැලුව...

 ම්හු... නෑ.. දැන් අපි අඩනව...

ඔන්න හොස්ටල් එකේ අක්කල කීපදෙනෙකුත් අපි ගැන පහන් සිතින් හිතල එයාල ලගවත් තියෙනවද බැලුව..

ම්හු..

අපි හයවසරෙ.. පොඩි සයිස් ගවුමක් හොයාගන්න බැරිඋනා..

අම්මි එන්නෙ සෙනසුරාදා... ඒ දවස්වල ඉතිං දැන් වගේ ටෙලිෆෝන් තිබ්බෙ නෑනෙ. අම්මිගෙ ඔ‍ෆිස් එකටනම් කෝල් කරන්න තිබ්බ.. ඒත් ඒ කාලෙ හොස්ටල් එකේ ටෙලිෆෝන් නෑනෙ කියන්න.

අපේ මේ ගවුම් හෙවිල්ල මේට්‍රන් මැඩම්ටත් ආරංචි වෙලා ඒ වෙනකොට. මේට්‍රන් මැඩම් ඇරුණම අපේ හය වසරට ඉංග්‍රීසි උගන්නන තවත් මැඩම් කෙනෙක් හිටිය සශිකල කියල, හොස්ටල් එකේ නතර වෙලා.. ඔන්න මේට්‍රන් මැඩම් ශශි මැඩම්වත් එක්කරගෙන ඇවිත් ඇහුව.. අපි ඉතිං අඩ අඩ විස්තරේ කිව්වම මැඩම්ලට හරි දුකයි.. ශශි මැඩම් අර අපිට සිංදුව ප්‍රක්ටිස් කරන මැඩම්ට බයයි..මොකද එයා තරුණයි ,,, කාන්ති මැඩම් වයසයි ටිකක්... ශශි මැඩමුත් මේට්‍රන් මැඩමුත් හරිම කේන්තියෙන් හිටියෙ අපේ විස්තරෙ අහල..

"මොනාහරි කරන්න බලන්න ශශි " මේට්‍රන් මැඩම් ශශි මැඩම්ට කිව්වා.....

දැන් අපිට බයයි මේ දෙන්න රංඩු වෙයි කියල... කොහොමහරි ඉතිං කරන්න දෙයක් නැති වෙනකොට අපි අපිට තිබුණු හොදම ඇදුම අරගෙන ගියා ඉස්කෝලෙ.

පන්තිය හරියට ගෝසාව. එක ලමයෙක් වත් වාඩිවෙලා නෑ. හැමෝම එක පොදියට ගවුම්වල විසිතුරු බලනව. මාත් ඩිංගිත්තක් ඔලුව ඔබාගත්ත..

හප්පේ ලස්සන.. කර රවුමට කපල, බෝරිච්චි අත් දෙකක් දාල ඉන පොඩ්ඩක් උඩට දාල දිගට දිගේ තට්‍ටු තට්‍ටු තිබිච්චි නිසංසලාගෙ ගවුම... ලමයි ගවුම දිගෑරල දාල තිබ්බෙ ඩෙස් තුනක් එකතු කරල... මෙයා නම් අනිවාර්යයෙන්ම සින්දුවට ඉන්නව කියල අපි කාටත් තේරුනා.. වනලා තිබුනු  තමන්ගෙ ගවුම නිසංසලා ආඩම්බරෙන් අරගෙන ඒ වෙනුවෙන්ම ගෙනාපු ලොකු ෆ්‍රෙන්ච් කෝනර් බෑග් එකකට ඔබා ගද්දි රුවිනිත් ගත්ත එයාගෙ පාටි ගවුම එලියට. ඒක නම් කොටයි... ඒත් ඒකෙ පිටිපස්සෙ මහල තිබිච්චි ලස්සනම ලස්සන සමණලය !


"හානේ කවුද පුතේ මේ ලස්සන ගවුම ගෙනාවේ ? "
දිව්ය ලෝකෙ ගිහින් වගේ ගවුම්වල විසිතුරු බලපු අපිට මැඩම් පන්තියට එනවවත් දැනුනෙ නෑ.

"රුවිනි ... "

මැඩම් රුවිනිව ආදරෙන් වැලදගත්තා.. දැන් රුවිනිත් සිංදුව කියනව... ඔහොම අපිත් එක්කම එක එක්කෙනාගෙ ගවුන් බල බල ඉදල ප්‍රක්ටිස් පටංගත්ත... අපිනම් නෙවෙයි විහිලුවකටවත් බෑග් ඇරියෙ...

සිංදුව කියන අතරෙ එක එක්කෙනා ලගට ගිහින් තම තමන්ගෙ ගවුම් බලන්න ගත්ත...

ටික වෙලාවකින් මැඩම් මගෙ ලග..

"ඔයා අදින්නෙ මොකක්ද පැටියො ?"

"මැඩම් මං හොස්ටල් එකේ ඉන්නෙ... ගවුමක් ගෙනාවෙ නැහ්... "

"එතකොට මොකක්ද අදින්නෙ... ?? මං කිව්වනෙ ඊයෙ හැම ලමයටම ...  "

"මැඩම් හෙට මං අම්මිට කියල .. " මට කියන්න හම්බ උනෙ එච්චරයි ...

"හොස්ටල් එකේ ඉන්න ලමයි කවුද තව ඉන්නෙ ? ඔය ලමයින්ට කලින් කියන්න තිබුනනෙ ඉන්නෙ හොස්ටල් කියල එහෙනම් මම ඔයාලව ගන්නෙ නෑනෙ මේකට... අයියෝ මන්ද .. යන්න ගිහින් ගවුමක් හොයාගෙන එන්න... නැත්නම් ඉතිං මං මෙතන ගවුම් මහන්නද ?"

අනිත් හැම ලමයටම තියෙන අයිතිවාසිකම හොස්ටල් ලමයින්ට නැතිවෙන්නේ ඇයි කියල අපිට ඒ දවස්වල තේරුනෙ නැහ්... හයවසරෙදි ඉතිං ලමයි පොඩිනෙ.. කොල්ලො කෙල්ලො පිරිසක් ඉදිරියේ අපි තුන්දෙනාගේ මූණු තුන ඇබරිලා ගියා... අමාරුවෙන් වලක්වා ගත්තු ඇඩිල්ල පන්තිය නොපෙනෙන තරමට දුවගෙන එනකොට ඉකිබිදුමක්ම උනා... මේට්‍රන් මැඩම් අපේ හො‍ටුත් කන්දුලුත් සහිතව තිබිච්චි මූණු තුරුලු කරගත්ත... ඒ වෙලාවෙ අපෙ හොස්ටල් එකේ හිටපු ඉංග්‍රීසි මැඩම් ශශි වෙලාවට එයාගෙ රූම් එකේ හිටියා..

"කියනව සම්මානි,  මොකද උනේ ?"

"නැහ් නැහ් මැඩම් නැහ් ... "
මොනා හරි වෙලා මේ මැඩම් ල දෙන්න ඇවිලුනොත් මීට වඩා එකක් කියල හිතල මම මොකුත් නොකිය ඉන්න තීරණය කලා.

ඒ උනත් මම එහෙම හිතද්දි මගෙ යාලුඑක් ඔක්කොම කිව්ව...

මැඩම් මොනාවත් කිව්වෙ නැහ් ඒ ගැන... ගිහින් හයේ අනිත් පන්තිවලත් ඉන්න ඔය එක්සි මෝසි කාටො සිංදුවට නැති සිංදු කියන්න ආස හැම ලමේක්වම එක්කන් එන්න කිව්ව මැඩම් අලුත් සිංදුවක් පුරුදු කරනව කියල... පුංචි උනත් පලිගැනීමෙ චේතනාවක් අපේ හිතෙත් ඒ වෙනකොට ඇතුල් වෙලා තිබුනෙ..

මිනිත්තු විස්සක් විතර යනකොට ගොඩාක් ලමයි එකතු කරගෙන අපි හොස්ටල් එකේ...

 මැඩම් අපිට ලස්සන වෙන සිංදුවක් පුරුදු කලා... "වී ශැල්ල් ඕවර් කම් " කියල....

ඔය සින්දුවෙ අපි තුන් දෙනාට තනියෙම ගයන්නත් පුන්චි කොටස් කීපයක් තිබුන..

අන්දින ඇදුම විදියට කාටත් හොයාගන්න පුලුවන් සුදු පාට බ්ලව්ස් එකකුයි කලු සායකුයි තීරණය වුණා.. සුදු බ්ලව්ස් ඒ දවස්වල හැම හොස්ටල් ගර්ල් කෙනෙකුටම තිබුන... බුදුන් වදින වෙලාවට අදින්න...


උත්සවේ වෙලාවෙ අපේ සිංදුවත් ලස්සනට ගැයුව අපි.. ප්‍රේක්ශකයො අපිටත් අප්පුඩි ගැහුව... අර මැඩම්ගෙ බැබලි බැලි ආපු ලම්යි ටිකත් සිංදුව කියල බැහැල ගියා.. එයාලටත් අපිට වගේම අප්පුඩි ගහපු එක  විතරයි වුනෙ..

එදා අර විදියට පන්තියෙන් කිච උනු අපිට සිංදුවක් කියලා දීල අපිවත් ස්ටේජ් එකට ගෙනාපු ශශි මැඩම්ට මම අදත් ගෞරව කරනව.. එදා එහෙම මැඩම් තීරණය නොකලා නම් අපිට වෙන්නෙ හූල්ල හූල්ල අරගොල්ලන්ගෙ ලස්සන බලන්න විතරක් නිසා....

තවත් දෙයක් ......  මේ කාන්ති ටීචර් වෙන කවුරුවත් නෙවෙයි. අර කෘශිකර්ම පාඩම උගන්නපු සර් ගෙ නෝනා...  .........................


ප : ලි :
නම් ගම් වෙනස් කලා.. නමුත් කථාව ඇත්ත.. මේ ලිව්වෙ සම්මානිගේ ජීවිතෙ එක් අදුරු මතකයක් ...........
තවත් එකක් අවුරුද්දක් විතර යද්දි ඇඩීමෙන් ජයග්‍රහණය කළා අපි.. අම්ම ඉස්කෝලෙට කිට්‍ටුවෙන් ගෙයක් හැදුවා.. දැන් එහේ තමා අපෙ ගම ....

Wednesday, January 25, 2012

නූරි --- 7

"ඇයි අප්පච්චී ඇයි ? කියන්නකො අප්පච්චි මොකක්ද ප්‍රශ්නෙ ?  ,,,, "


 අම්මාගේ තත්ත්වය ඒතරම් සුබ නැතැයි වෛද්යවරයාගේ කාමරයෙන් එලියට එන මාපිය දෙපළගේම මුහුණු දෙස බැලූ නූරිට දැනිණි.

"අම්මෙ කියන්නකො මොකෝ ඩොක්ටර් කිව්වෙ ?"

"ආහ් ඒ හැටි එකක් නැහ් පුතේ මේ අප්පච්චි බොරුවට කලබල වෙලා .... "

"හරි ඉතිං ඩොක්ටර් මොකක්ද කිව්වෙ ?"


"ඩිංගිත්තක් විතර පිළිකාවක් වෙන්න පුලුවන් අවදානමක් තියෙනව කියල තව ඩොක්ටර් කෙනෙක්ගෙ නමක් ලියා දුන්න මහරගම ගිහින් හම්බ වෙන්න කියල  "

"අනෙ අම්මෙ !"

"මේ නූරි හැමේක්කටම ඔය ඇඩිල්ල නවත්තගන්නව ,,, පටන් ගත්ත විලාපෙ ... " අප්පච්චිගේ තරව‍ටුව හමුවේ නූරිගේ ඇඩිල්ල නැවතුණි.
 ඔහු ඔනෙල්ව වඩා ගත්තේය.

"නූරි, පුතේ ඔයා අම්මත් එක්ක කාර් එකට වෙලා ඉන්න.. මං ෆාමසියට ගිහින් එන්නම් .. "

"ජයේ , රෑට කන්න පාන් හරි මොනාහරි ගෙනාවොත්  හොදයි නේද ? දැන් ගිහ්න් උයනකොට මේ දෙන්නට නින්ද යයි .. "

"හ්ම්ම් .. "
සෑම මවක්ම මෙන්ම නූරිගේ මවද කියන්නේ "මං අද රෑ එහෙමත් නැත්නම් මේ දැන් මැරෙනව කිව්වත් උයල මැරෙන්න ඕනෙ.. නැත්නම් අනිත් අය මැරෙන්නෙ බඩගින්නෙ  "

"වෙන වෙලාවක නම් අම්ම ඕක කියනකොට අපි බඩවල් අල්ලං හිනාවෙනව , ඇත්ත තමයි කියල .. ඒත් අද ? " නූරි සිතුවාය.


......................................................................................................................................................
ගෙදරට එනවිට ඔනෙල්ට නින්ද ගොස් තිබිණි. අප්පච්චි ඔහුව ඇද මත තබා එනු දු‍ටු නූරි බලා සිටියාය. අම්මා ආපු සැණින් මුලුතැන්ගෙයට ගොස් හොද්දක් පිළියෙල කරන්නට වූවාය.

"අප්පච්චි .. "

"ඇයි පුතේ ?"

"ඇයි අප්පච්චි අම්මට අමාරුලුද ?"

"පුතේ එන්නකො ... "


ඔහු රවුම් කෑම මේසය වටා තිබූ පු‍ටුවක වාඩිවී ඒ ළගම තිබූ තවත් පු‍ටුවක් ඇයට පෙන්වූවාය. මොහොතකින් නූරි ඒ මතය.

"අපි අම්මව හෙටම මහරගම අරං යමු. කෝකටත් බලාගන්න එපැයි මොකක්ද තත්ත්වය කියල . " 


මවට ඇසෙයිදෝ කියා රහසින් මෙන් ඔහු සිය දියණියට කිව්වේය.

"මං සුදු නැන්දට කියන්නම් මෙහෙ එන්න කියල හෙටම ඔයයි මල්ලිවයි බලාගන්න... "


සුදු  නැන්දා නූරිගේ පියාගේ ලොකු අක්කාය. ඇය විවාහ නොවූ තැනැත්තියකි. අත්තම්මාත් සීයාත් සමගින් මහගෙදර කල් ගෙවන ඈ නූරිලා ගමේ සිටින කාලයේදී නූරිගේ නිවසත් මහගෙදරත් අතර එතරම් දුරක් නොවුණු නිසා නිතරම පාහේ සිටියේ නූරිලාගේ නිවසේය. මොන දේ වුණත් සුදු නැන්දාගේ ඒම නම් නූරිට සතුට ගේන දෙයකි. මෙය දන්නේනම් ඔනෙල් උඩ පනිනවා ඇතැයි නූරි සිතුවාය.


"අපි හෙට රෑ එන්න බැරි වුනොත් මගෙ යාලුවෙක් ඉන්නව නුගේගොඩ එහෙ යනව .. එන්න බැරි වෙන එකක් නැහ් කොහොමහරි එන්න බලනව ... බැරිම උනොත් විතරයි නවතින්නෙ ...  ඔයාට හෙට ඉස්කෝලෙ පාඩු වුනොත් අපරාදෙද ? "


"අනෙ නැහ් අප්පච්චි ප්‍රශ්නයක් නැහ් ... මන් මල්ලිත් එක්ක ඉන්නම් ... අප්පච්චි පාන්දරින් යන්නකො අම්මත් එක්ක..."


"කල් දාන එක හොද නෑ පුතේ.. මේ අම්ම කලින් කිව්වනම් අද මෙහෙම ගින්දරක් නැහ් ... "

"හ්ම්ම්"

..........................................................................................................................................
"අම්මෙ මං උදව් කරන්න එන්නද ? "

කුස්සියේ උලුවස්සට හේත්තු වී නූරි මවගෙන් විමසුවාය. ඇගේ මව කල්පනාකාරීව ලූනු සුද්දකරමින් සිටියාය.


"හානේ මොකො අම්ම ලෙඩ වෙලා කියලා දුක හිතිල වද්ද ?"


කොයිතරම් බැරෑරුම් අවස්ථාවකදී වුව කිසිම වෙනසක් නොපෙන්වා පුරුදු සිනහවෙන්ම ප්‍රථි උත්තර බැදීමට මව්වරුන්ට ඇති හැකියාව විශ්මිතය.


"අම්මෙ ... අම්ම බයද ?"

එවේලේ නම් ඇගේ මවගේ සියොලගම සැලී ගියාය. නමුත් දරුවන් ඉදිරියේ එය පෙන්විය නොහැකිය.

"අපි පුතේ කාටවත් වැ‍රැද්දක් කරල තියෙනවද ... නෑනෙ.. ඉතිං අපිට වරදක් වෙන එකකුත් නැහ් .. අනේ රත්තරන් මේසෙ අස්කරල ගන්නකො .. මේ පාන් ටිකත් ගිහින් තියන්න ...   "

"මල්ලිව නැගිට්ටවන්නද අම්මෙ?"

"අනේ දැන් නැගිට්ටත් කන එකක් නැ පුතේ.. ඔහෙ නිදාගත්තාවෙ.. කොල්ලට මහන්සි එහාට මෙහාට දුවල ...  ඔයා වොශ් එකක් දාන් එන්න ... "

...........................................................................................................................................................
වෙනදාට වඩා කලියෙන් නින්දට ගියද, අම්මාත් අප්පච්චීත් බොහෝ වේලාවක් කතා කර කර සිටිනු නූරිට ඇසිණි.

"ඔය ඩොක්ටර්ස් ලා කියන ඒවා ගැන අපි බයවෙන්න ඕනෙ නෑ.. එයාල කියන විදියට වැඩ කළාම හරි.. දැන් අප්පච්චි හෙට අම්මත් එක්ක ඉස්පිරිතාලෙ ගිහින් ආවම ඔක්කොම හරි යනව.... එතකොට අපි ආයෙත් ජොලියෙන් ඉන්නවා... "

හිතට බයක් ගෙනෙන සිතුවිලි සිතට පැන නැගෙණු වැළැක්වීමට නූරි අසාර්ථක උත්සාහයක් දරමින් සිටියාය...  අඩ නින්දෙන් සිටින අතරතුර ඇයට අම්මා ලෙඩ ඇදක් මත සිටිනයුරුද, අඩන ඔනෙල් ද ඈත බලාසිටින අප්පච්චීද , නූරිව දෝතට ගන්න මෙන් ඈ දෙස බලා සිටින තරින්ද විජේරත්න ගුරුතුමන්ද පේන්නට විය.

Monday, January 23, 2012

නූරි --- 6

නූරි --- 6



"පුතේ.. ඔයා පාඩම් කරනවද ?"

රාත්‍රියේ කෑමෙන් පසුව අම්මා පැමිණ කාමරයේ දොර රෙද්ද ස්වල්පයක් මෑත් කර නූරිගෙන් විමසුවාය. ඇගේ මුහුණ කුමක් හෝ හේතුවකට කලබල සෙයක් පෙන්නුම් කලේය. මේ රාත්‍රියේ සීතල පැවතුණද ඇගේ කම්මුල් මත පිපී තිබුණු දහඩිය බිංදු නූරි භීතියට පත් කලේය. 

"ඇයි අම්මේ .. "
හෙට දිනයේ පාසලට අවශ්ය ගැටලුවක් විසදමින් සිටි ඈ හිද උන් පු‍ටුවෙන් නැගිටමින් ඇසුවාය.

"නැහ් පුතේ මං මේ ඔයාගෙන් පොඩ්ඩක් අහන්නමයි හිටියෙ දවස් කීපෙක ඉදල ...කොහෙද වෙලාවක් .. "

අම්මට කවුරුහරි මොනාවත් කියලවද්ද ? ඒත් ඉතින් මොනා කියන්නද ? මොකෝ මං සර් ගැන හිතනව කියල දන්නෙ මං විතරනෙ.. දෙය්යනෙ මං හීනෙන් වත් මොනාහරි කියෙව්වවද්ද !

"ඇ ඇයි අම්මෙ කියන්නකො මොකද මේ බයවෙලත් වගේ.. "

"පුතේ ඔයාට හෙට ආෆ්ටර් ස්කූල් ක්ලාස් ඉවර උනාම අපි පොඩ්ඩක් ඩොක්ටර් හම්බ වෙන්න යන්ද ... මගෙ මෙතන දැන් ටිකක් කාලෙක ඉන්දල හරියට රිදෙනව පුතේ... "

අම්මා ඇගේ ලැම පෙදෙස පෙන්වා නූරිට කිව්වාය. ඇගේ සියොලගම හිරිවැටිණි.

"අනේ අම්මෙ ඔච්චර කල් රිදුනනම් කලින් කියන්න එපැයි අම්මෙ .. මොකද දන්නෑනෙ .. අප්පච්චිට කිව්වෙ නැහ් ? "

"අප්පච්චි තමයි කිව්වෙ බෙහෙත් ගනිමු කියල පුතේ .. මන් ඉතින් එච්චර ගණන් ගත්තෙ නෑ ඕක.. "

"අනේ මන්ද අම්මෙ.. "

තමාට, ඔනෙල්ට පුන්චි හෝ හෙම්බිරිස්සාවක් හැදිනි නම් අම්මා කොයිතරම් අපහසුතාවයට පත්වන්නේද යන්න ඈට සිහියට නැගිණි. ඒත් ඈයට අසනීපයක්නම් කිසිම දිනේ එය පවසන්නේ නම් නැත. අනිත් අයට අසනීපය දැනී බලෙන්ම බෙහෙත් ගැනීමට අම්මාව එක්කරගෙන යෑමට සිදුවෙයි. සාමන්යයැන් සිදුවන්නේ එයයි. නමුත් අද අම්මාම පැමිණ මෙසේ පැවසීම තුලින් කියවෙනුයේ පෙනුමට වඩා අමාරුවකින් ඇය පෙලෙණ බවයැයි ඈ අනුමාන කලාය.

"එහෙනම් ඔයා ඉස්කෝලෙ ඇරිල එන වෙලාවට මන් ලෑස්තිවෙලා ඉන්නද ?"

"නැහ් එක්කො අම්මෙ අපි හෙට උදේටම යන්ද .. හෙට ඉස්කෝලෙ ඒ හැටි වැඩක් නැහ්... මැත්ස් මිස් එන්නෙත් නැහ් කියල අද කිව්ව අම්මෙ... "

"පිස්සුද ලමයො ... මට ඒ හැටි අමාරුවක් නැහ්.. අපි හවස යමු.. මං මේ යන්නෙ කෝකටත් ඉතිං හොදයිනෙ බලාගත්තම... නැත්නම් යන්න තරම් අසනීපෙකුත් නෙවෙයි මගෙ හිතෙ.. "

"අනෙ අම්මෙ නිකා ඉන්න.. අම්ම කලින් කියන්නෙ නැතුව හිටි එකනම් හොදම නෑ.... "

"බලමුකො ... "

"හ්ම්ම්ම් ... අම්ම බය වෙන්නෙපා...  "

"මං මොකට බය වෙන්නද දරුවො.... අර පොඩි එකා ඩිංගක් ලොකු වුනානම් ඕනෙ එකක්.... "

නූරිට මතක ඇති කාලෙක ඉදන්ම අම්මා කියන්නේ "අර පොඩි එකා ලොකු උනානම් මට මලත් කමක් නෑහ් " කියාය.

"ඇයි මං ??  ... මං දැන් ලොකු ඇති ... ඒක වෙන්නැති .... "


****************************************************

වයසක ආත්තම්ම කෙනෙක් ඇගේ සමීපතමයෙක් සමගින් වෛද්යවරයා මුණගැසීමට පැමිනෙයි. සිගිත්තෙකු වඩාගත් තරුණ මවක් වෛද්යවරයා සිටින කාමරයට එලියෙන් රෝගීන්ට අසුන් ගැනීමට තබා ඇති පු‍ටු පේලිවල කෙලවරම පු‍ටුවක හිදගෙන සිටී. ඒ අසල සිටින්නේ ඇගේ සහෝදරිය විය හැකි යැයි නූරි කල්පනා කලාය. ඈ අත සුරතල් සතෙකු හැඩයට මැසූ බෑගයකි. ඒ තුළ ඇත්තේ සිගිත්තාගේ කළමණා වෙන්නැයි නූරි සැක කළාය.

"නොම්මර 12...... ! කෝ ඉන්නවද ?"

"ඉන්නව මිස් ... අපි " මවගේ අතකින් අල්ලාගත් නූරි වෛද්යවරයා ‍රැදී උන් කාමරය ඇතුලට ගියාය. ඔනෙල්ද පසුපසින්ය.

"ඇයි මේ අම්ම ?"

"ඩොක්ටර් මේ කාලයක් තිස්සෙ .............."

අම්මා වෛද්යවරයාට රෝග විස්තරය පවසන විට නූරිද නොදැන සිටි කාරණා දැන ගන්නට හැකිවිය. ඇය පවසන විදියට මෙම අමාරුවෙන් ඇය වසර එක හමාරක් පමණ කලක් පෙළී ඇත. නූරිට අම්මා කෙරෙහි කේන්තියක්ද උපනි. "ඔච්චර කලක් මොකද නොකිය හිටියෙ ?"

නළල අතගාමින් කල්පනා කරමින් වෛද්යවරයා තවත් වෛද්යවරයකුගේ නම කියා ඔහුව මුණගැසීම වඩා හොද බැව් පැවසීය. කල් යාම නම් එච්චර සුබ නැතැයිද පැවසීය. ඉනික්බිති නූරි දෙසට හැරී

"අම්ම මෙච්චර අමාරුවෙන් හිටිය ඔය ලමය දන්නෙම නැද්දැයි " ඇසුවේය.. 

දත කටා පූට්ටූ වූවෙකු ලෙස නූරි බලා සිටින කල්හි ඊට උත්තර බැන්දේද අම්මාය.

වෛද්යවරයාගේ මේසය මතවූ ටෝර්ච් එකක් ඔනෙල්ට හසුවී ඇත. ඔහු එය අතපත ගාන්නට පටන් ගති. අම්මා ඔනෙල්ගේ අතට පහරක් ගසා ඔහුව නැවැත්වූවාය.

"අද මේ දොස්තර මහත්තයා ... ..... මෙතෙන්ට එන්නෙ නැහ් ... අර පේරාදෙණිය පාරේ . **** ට එනව... කෝකටත් අදම යන්න"

"නොම්මර ඉවර වෙලා තියෙයිද මන්ද ඩොක්ටර් ?"

"ඒකත් කියන්න බැහ් .. කමක් නැහ් මං කෝල් එකක් දීල කියන්නම් කො ඔය අම්ම යන්නකො ..."

වෛද්ය මද්යස්ථානයෙන් එලියට ආ විගස නූරි කලේ අප්පච්චීට දුරකථන ඇමතුමක් දී තොරතුරු පවසා පේරාදෙණිය පාරේ කියූ වෛද්ය මද්යස්ථානයට පැමිණෙන ලෙස පැවසීවමයි.

"හරි හරි ඔයාල යන්නකෝ එහෙනම් ... මං පුලුවන් තරම් ඉක්මණට එන්නම් පුතේ..  අම්මගෙන් අහන්න පුතේ අතේ සල්ලි තියෙනවද කියල "

"ඔව් අප්පච්චි අම්ම ලග තියෙනව  ... "

නුවරට ආදා සිටම නූරි නුවරට ඇලුම් කලාය. උදේට පාසල් එනවිට දකින බහිරව කන්ද බුදුපිලිමය දිහා කල්පයක් උනත් බලාසිටිය හැකියි ඇය සිතුවාය. වැව රවුමේ අසිරිය කියා නිම කල නොහැකිය. අද ඇයට ඒ කිසිත් නොපෙනුනාය.

"අනේ දෙය්යනේ අපෙ අම්මට අමාරුවක් නම් වෙන්න එපා " ඈ යැද්දාය.

හාත්පස කලුවර වැටෙද්දී අදාළ වෛද්ය මද්යස්ථානයට ලගා වූ ඔවුනට කලින් ජයසේන මහතා පැමිණ සිටීම නූරිටත් මවටත් හිතට සහනයක් වූයේය.

"ඕගොල්ලො පරක්කු වෙනකොට මං නොම්මරයක් ගත්ත"

"ඒක හොදයි අප්පච්චි ... "

අදාල නොම්මරය කතාකළවිට අම්මා සම්ගින් අප්පච්චි ඇතුළට ගිය හෙයින් නූරි මල්ලිත් සම්ගින් මද්යස්ථානය ඉදිරිපස වූ මාලු ටැංකියේ විසිතුරු බැලුවාය.

"අක්කි මේ මොන මාලුවාද ? "

"ඌ කැට් ‍ෆිශ්"

"එතකොට අරකා ?"

"ඌත් ඒවයෙන් එකෙක් තමයි ... "

"එතකොට මූ ?" ඔනෙල් ඇසුවේ ටැංකියේ බිත්තියටම ඇලී බිත්තිය ලෙවකමින් සිටි ක්ලීනර් මාලුවෙක් මත ටැංකිය පිටපැත්තෙන් ඔහුගේ මුව තබමින්ය.

 "චික් මල්ලි ගන්නව කට අහකට... මොන ජරාවද මන්ද ?"

"අපිත් මාලු ටැංකියක් ගෙදර හදමුද අක්කි ... අප්පච්චිට කියමුද ? "

"ඔව් ඔව් ඒක විතරනෙ මල්ලි අපිට අඩු ... මේ වෙලාවෙ අනික ඉක්මනටම "

නූරිට මල්ලි ගැන දුක සිතිණි. අම්ම ලෙඩ වෙන්නනම් එපා දෙය්යනේ ... අම්මට විතරක් නෙවෙයි "මේ පොඩි එකා ඩිංගක් ලොකු වුනාම මටත් මැරෙන්න බය නෑ "
ඈ ජීවිතේ ප්‍රථම වතාවට ඔනෙල් දෙස බලමින් සිතුවාය.

Friday, January 20, 2012

නූරි --- 5

නූරි --- 5


ගුරු සිත නොරිදවා.
අකුරු උගනී කුමරු සොදවා........

පන්තියේ බිත්තියකින් බාගයක්ම පාහේ වසා උන් කලු ලෑල්ලත් ඊලග බිත්තියත් අතර වූ පුන්චි ඉඩේ එලෙස ලියූ පුවරුවක් නූරිගේ දෑසට හසුවිය.
..........................................

"මොනවා කලාද නූරි සර් ඉන්න අතරේ ? අනේ මන්දා මම ඔයා ගැන හිතං හිටපු විදියත් වැරදිද කියල !"

කාලඡේදය අවසන් වී ගුරුතුමන් පිටවුනු විගස දිලිනි විමසූවාය.

"හප්පේ කවුද දන්නෙ සර් ඒ හැටි සැරයි කියල.. මට බයට පාඩම එක අකුරක්ව්ත් තේරුන් නැහ් -- මොකක්ද දැන් මන් ගැන හිතං හිටපු විදිය කිව්වෙ ?"

"නැහ් ඔයා මේ සර්ගෙ හැඩ බැලුව කිව්වම මට පුදුමත් හිතුන. මොකක්ද ඒකෙ තේරුම ? නේද නවාංජනා ... "

"හරි හරි ඕක අඩබෙර ගහන්න ඕනෙ නැහ් නවාංජනාටත්.. එයා ඕක පත්තරෙත් දායි.. හිහි ,,,,,,,, මං ඉතිං වරදක් කිව්වැයැ දිලිනියෝ සර් හරිම හැඩයිනෙ බාආ.....න්න්න්"

"අනෙ මේ මගෙන් මොකුත් නාහ හිටපන් .. ඔහොම ගියොත් අපිටත් ඉස්කොලෙ ඉන්න වෙන එකක් නැහ් සර්ලට ලයින් දාන්න ගිහින් ... ආන් මිල්ටන් සර් එනව... ලෑස්තිවෙයං පාඩමට ... මේ උබට ඕනනම් මිල්ටන් සර්ගෙත් හැඩ බලපන් .. හැබැයි මං නම් මනෝ ලොකවලින් බස්සන්න එන්නැහ් ... "

"අප්පච්චියේ මිල්ටන් සර් දිහා...හිහි "

"දහඩිය පිරුණු මුහුණට වැටෙන අව් ‍රැල්ල මගහැරීමට අත‍රැදි පොත් ස්වල්පය නළලට තබාගෙන වැලි පාරේ රත්මල් වලින් පිරුනු වැට අද්දරින් එන මිල්ටන් ගුරුතුමන් දු‍ටු නූරිට ඔහු පිලිබද දුකක් දැනුණි.

"සර්රුත් හරියට අපෙ අප්පච්චි වගේ බන් .. අප්පච්චිත් ඉස්සර ලන්ච් අවර් එකට ගෙදර එනව ඔහොම දාඩිය දමාගෙන...  "

"හ්ම්ම් සර් පව් තම්යි .. ගුරුවරු කවුරුත් එහෙම තමයි .. පෙනුනනෙ ලගදි ආව කියල වෙනසක් නැහ් ‍ෆිසික්ස් සර්ගෙ කැපවීම"

"ඇත්තට සර්ගෙ නම මොකක්ද?"

"‍ෆිසික්ස් සර්ගෙද ?"

"හ්ම්"

"තරින්ද විජේරත්න.... ඒත් ප්‍රින්සිපල් සර්රුත් කතා කරන්නෙ තරිදු කියල .. කවුරුත් කියන්නෙ තරිදු කියල .. ලේසි හින්ද වෙන්නැති ... "

"හ්ම් වෙන්නැති.. ඒත් මංනම් තරින්ද සර් කියලම කියනව .. "

"මොකක් ! අනේ මන්ද උබට හැදිච්චි පිස්සුව ......."

---------------------

නූරිට මතක පරිදි කිසිම දිනෙක කිසිම කොල්ලෙකු පිලිබද මෙවන් හැගීමක් සිතට නො ආ බව ස්ථිරය. කලින් පාසලේදීත් කොල්ලන් මහ හුගක් ඈ පිලිබද බලාපොරොත්තුවෙන් උන් සිටි බව ඇත්ත නමුදු ඔවුනගෙන් එකෙකුටවත් මේ සිත පැහැරගත් නොහැකි වීම පිලිබද ඇගෙ සිත ආඩම්බරයෙන් පිරිණි. අලුත් පාසලේදී ද එකම පන්තියේ උගෙනගන්නා කල්ප ඉඩ ලද ඇසිල්ලේ නූරි අසල ගැවසෙන්නට උත්සාහ කලත් සහජයෙන්ම ලැබුණු ගැහැණු නුවණ පාවිච්චි කොට ඒවායින් මගහැරීමට ඈ දක්ශ වූවාය. 

"ඔක්කොම හරි .. මං වැරදි තමයි .. නැත්නම් සර් අච්චර ගණන් ගන්නැතිව ඉදිද්දි ඇයි මගෙ හිත මෙච්චර චංචල ?"
ඈම ඇගෙ සිතෙන් අසන්නට විය.

"ඔය විදියට ගියොත් උබට විබාගෙ ෆේල් වෙන්න තමයි වෙන්නෙ ආයෙ දෙකක් නෑ ලයිට් කණු තුනක් එයි රිසල්ට්ස් වලට. මොකුත් ඕනෙ නැහ් දැන් බලපං අරහෙ මිල්ටන් සර් උගන්නනව ,, තමුසෙ මෙහෙ විකාර හිතනව .. සර් පව් පව් ගෑවට වැඩක් නැහ් ඉගෙනගත්තෙ නැත්නම් ....  "

නූරිගේ සිත කෑ ගසා කියන්නට විය... ඈ වහා පාඩමට සිත යොමු කලාය.

*****************************************************************

පාසලේදී දෙන සටහන් ඒවෙලාවට ඔහේ ලියාගත් නමුත් හවස් වරුවේදී ගෙදරදී නැවත බලන්නට නූරි පටන් ගත්තේ සාමාන්ය පෙළ කරන කාලයේදීය. පාසලේදී සිත කෙසේවත් එකතැන් කරගත නොහැකි වූ මේ දිනවල නූරිට එම පුරුද්ද පාඩම් කටයුතු කරගෙන යාමට උදව් විණි. පුංචි කාලයේදීනම් අම්මා ඇගේ පාසල් වැඩ සදහා හවස් වරුවම ගත් කලාය. දැන්නම් සිදුවන්නෙ ඇගේ සොයුරා, ඔනෙල් නිසා පාඩම අතරමග කැඩී යාමයි .

"අක්කි, අප්පච්චි දැන් එයිද ? "

"ඇයි මල්ලි අප්පච්චි කලින් කර කර හිටපු රස්සාව නෙවෙයිද දැන් කරන්නෙ... කලින් එන්න ... "

...  ඇයගේ කුඩා සොයුරු ඔනෙල් කඩදාසි වලින් කමිසයක් තනා ඇත. එය කුඩා අත්කමකි . පාසල් ඇරී ආ විගස නූරිට එය පෙන්වූ ඔනෙල් ගේ ඊලග ආසාව අප්පච්චීට එය පෙන්වීමය.

"මොකද පුතේ අක්කිට පාඩම් කරන්න දීල ඔයා එන්න එලියට... එන්න මගෙ පුතේ අපි යන් ... ".

"අනෙ අම්මි .. අප්පච්චි දැන් එයිද ?"

"අනේ පැටියො දැන්ම නෙවෙයි අප්පච්චි තව චුට්ටකින් එයි හොන්දෙ... "
ඔනෙල්ගේ මුහුණ මැලවිණි. අම්මාට තුරුලුව කාමරෙන් එලියට යන ඔනෙල් දෙස බැලූ නූරි දිව දික් කොට කොලොප්පම් කලාය. ඒ මදිද සිතුණෙන් දුව ගොස් පොඩ්ඩාව කුචු කවා නැවත් පැන්නාය.

"අම්මි ...  අක්කි මට ඉන්න දෙන්නෙ නෑ.. ඉහි හ්හ්"

"මොකද නූරි යනව ගිහින් පාඩම් කරනව... මල්ලිට කරදර නොකර...  "

"අනේ මගේ චූටි මල්ලිය.. මං ඔයාට ආදරෙයි හොන්දේ... උම්මා.. . ආන් මල්ලි අප්පච්චි එනව .. "

නූරි ඔලුව උස්සා ජනෙලෙන් එලිය බලා බොරුවට කිව්වාය.  ඔනෙල් දුවන සද්දය ඇසිණි, තව ටිකකින් අම්මා බැනගෙන එන අයුරු සිහියට නැගී ඇයට සිනානැගුණි.

"අපේ ගෙදර කොච්චර හොන්දද !"
ඈට සිතිණ.

Wednesday, January 18, 2012

නූරි --- 4

නූරි -- 1
නූරි -- 2
නූරි -- 3

වෙනදාට වඩා ඉක්මණින් පාසැලට යන්නට නූරිට උවමනා වී තිබිණි. ඊයේ පාසලේ මිතුරු මිතුරියන් රෝහලට ගිය විට ගුරුතුමන් මොනවා කිව්වාදැයි දැනගන්නාතුරු ඈට ඉවසිල්ලක් නොවීය.

" ගුඩ් මෝනින් ... "
තාම නම වත් හරි හැටි මතක නොමැති උවත් පන්තියේ මිතුරියක් දු‍ටුව විගස ඈ කිව්වාය..

"හායි ගුඩ් මෝනින් නූරි ...  ඊයෙට හරි යන්න අද කලින් ද ?"

"හිහිහ් ,, ඊයෙනම් ලේට් තමයි .. දන්නැද්ද බස් .. ඊටත් තාම පුරුදු නෑ හරියට ... "

"අපෝ ඔව් අප්ප.. උදේට බස් නම් එපා වෙනව ... මං ස්කූල් බස් එක අල්ල ගන්න බැරි වුනොත් එදාට ගෙදර නවතිනව .. ඒක සැපයි .. "

මිතුරිය මොනවා පැවසුවද නූරිට ගාණක් නොවුනි.. ඈට අවශ්ය දේට මාතෘකාව හරවා ගන්න බැරුව නූරි වේදනා වින්දාය ..

"ඒක නෙවෙයි ... " 
"ඇයි නූරි ... "
"නැහ්.. මේ ඕගොල්ලො ඊයෙ අර සර්ව බලන්න ගියානේද ? "
"අනේ ඔව් නූරි අපි ගොඩ දෙනෙක් ගියා . සර්ට දැන් හොදයි හෙට විතර ටිකට් කපයි  කිව්ව .. "
"අහ් එහෙනම් හොදයි නේද ?"
"ඔව් අනේ වෙන කවුරු ‍ෆිසික්ස් කලත් ගොඩ දෙනෙකුට සර් වගේ අල්ලන් නෑ... "

...නූරි ඈත ඈත බලාගෙන සිටියාය. මලින් මල නොකඩවා බිම දමන රොබරෝසියා ගස්වල ලස්සන බලන්නට ඇයට හැකි වූයේ අදයි .. කොච්චර අතුගෑවත් වැඩක් නැති නිසා රොබරෝසියා ගස් යට අතු ගාන්නේ නැතුව ඇතැයි ඈ සිතුවාය .

"ඈතින් ඈතින් පාවී එන්නේ ............. කවුද ? නූරි  ......... පුහ්හ්හ්". .. මිතිලා ලගටම ඇවිත් නූරිගෙ කනට පිම්බාය...

"පිස්සුද ? මගෙ කන .. ගුඩ් මෝනින් මිතිල."

"ගුඩ් මෝනින් ............ මොකෝ කලින් ඇවිල්ල ? "

"එහෙම තමයි හොද ලමයි ...... "

"ඊයේ මොකෝ උනේ ... ඉස්පිරිතාලෙ ගියාද ?"

"අනේ ඔව් .. පේන්නෙනම් හොදයි වගේ .. ඒත් මොනාදො තව රිපෝට් වගයක් එනකන් ඉන්න වෙනවලු ... ඉස්කෝලෙ එනකොට ලබන සතියවත් වෙයි කිව්ව ............ පව් බන් සර්ගෙ මුලු අතම වෙලල .... ."

"අනේ ඇත්තට ... මාර පව් තමයි .. "

"අපි යනකොට සර්ගෙ අම්මල එහෙමත් ඇවිත් හිටිය ... ඒක නෙවෙයි නූරි ... "

"ඇ ඇයි මොකෝ ?"

"සර් ඔයාව ඔ‍ෆිස් එකේදි දැකල තියෙනව ... සර් ඇහුව අලුත් ලමයෙක් පන්තියට ආව නේද කියල "

"නැහ් ... ?? ඉතින්  වෙන මොනාද කිව්වෙ ?? "
සර් ඇයව දැක්කේ පන්තියේදීවත් ඔ‍ෆිස් එකේදීවත් නොව කමිසයම ලෙයින් තෙත්ව සිටියදී හදිසි අනතුරු අංශයේදීය .... ඈ සිතුවා නිවැරදිය.. ඔහුට හොදට මතක තිබී ඇත.

"වෙන මොකුත් කිව්වෙ නෑ.. ඇයි වෙන මොනාහරි සර් උබට කියන්න ඕනෙද ඈ ??"
"හිකිස් ..."

**********************************
නව පාසැල පිලිබද ලමෝ විවිද අර්ථ කථන දුන්නෝය. "අර සර් මෙහෙමයි මේ මැඩම් මෙහෙමයි ... අපෝ එයාද ? එයානම් එපා කෙමිස්ට්‍රි කනව ඒ සර්නම් ... " ලමෝ ගෙනා විවිද නිර්වචන සමගින් දින කිහිපයක් ඔහේ ගෙමින් යමින් තිබිණි. උග්‍ර ගුරු හිගය නිසා කලින් පාසලේදී ආවරණය කර ගැනීමට නොහැකිව තිබුනු විශය කොටස් සම්පූර්ණ කරගැනීමට අලුත් මිතුරියන්ද , මිතුරන්ද නූරිට සහය දුන්හ. හදිසි අනතුර නිසා නිවාඩු ගොස් සිටි භෞතික විද්යා ගුරුතුමාගේ කාල පරිච්චේදය වෙනත් ගුරුතුමෙක්ගේ යටතට පත්විණි.  භාග්යා, යොහාන්, නවාංජනා, පියුමි, කල්ප, දිලිනි සමගින් මිතිලා නූරිට වඩාත් සමීප යහලු යෙහෙලියන් බවට පත්විණි.

පාසැල පිලිබද තතු මෙසේ වෙද්දී නූරිගේ නිවහනේද විවිද වෙනස්කම්වලට භාජනය වෙමින් තිබිණි. ගමේදීනම් ලග කඩයට, තැපැල් කාර්යාලයට ගිය අම්මා මෙහිදී එය සම්පූර්ණයැන්ම වර්ජනය කරන්නට වූවාය. වර්ජිත සියලු වැඩ ස්ව කැමත්තෙන්ම අප්පච්චී භාරගත් හෙයින් ප්‍රශ්නයක්ද නොවීය, එන වසරේ පාසැලට ඇතුල් කිරීමට නියමිත නූරිගේ එකම කුඩා සහෝදරයාගේ මගහැරුනු මොන්ටිසෝරිය කිරීම උදෙසා අම්මාට උදේ වරුවම ගතවිය, නූරිට නව පාසැල හොද වූවාසේම අප්පච්චීටද නව රාජකාරි ස්ථානය යහපත් වීම පවුලේ කාටත් සතුටක් ගෙන දුනි.

සියල්ල මෙසේ සිදු වෙද්දී සති දෙකක නිවාඩුව අහවර කරමින් භෞතික විද්යා ගුරුතුමා නැවත පන්තියට පැමිණියේය.

**************************

"ආහ් මං නැති අතරේ තමුසෙලාට හොද නිවාඩුව නේද ?
කවුද ආවෙ පහුගිය දවස්වල ? කෝ ගන්නව පොත ... මොකක්ද ? දෝලන හා තරංග ?? ඉවර කලා ? තාපය ? අපි කර කර හිටියෙ තාපයනෙ ලමයි ... අනේ අනේ ... හා කමක් නෑ ගැටලුවක් තිබුනොත් ආයි බලමු ,,.

එහෙනම් පටන් ගමු ලමා.....යි ලියාගන්න ලොකු අකුරින්  .... මාත්....රුකාව .... විද්යුතය ... ... අන්තිම පාඩම් කලින් කරල හිටියම ලේසි පස්සට .... "


පන්තියම මීක් ශබ්දයක් නැතිව වැඩය.. පහලට ඉරි වැ‍ටුනු ලා දුබුරු පැහැ කමිසය සර්ට හොදින් ගැලපෙන්නේ යැයි නූරි සිතුවාය. මොකට ‍රැව්ල වැව්වද මන්ද ... 

"උහ්"

"මනෝ ලෝකෙන් බැහැපං" දිලිනි රහිසින් මෙන් කෙදිරුවාය.

"සර්ගෙ හැඩ බැලුව ... "

"පොත බලපන් ...සර් සැරයි ඕවට "

ලමයින් කොයිතරම් සිතුවත් ගුරුවරුන්ගෙ කනින් රින්ගීම එතරම් පහසු නැත, මිතුරියන් දෙදෙනාගෙ කෙදිරිල්ල ගුරුතුමන් දු‍ටුවේය.

"දිලිනි මොකද කු‍ටු කු‍ටු ගාන්නේ ... ? මොකද අලුත් ලමය දිලිනිට අහගෙන ඉන්න බාධා කරනවද ?  "

පොලව පලාගෙන යා ඇත්නම් හොදය යැයි නූරි සිතුවාය. ලද ඇසිල්ලේ මේ පහර ගැසුවේ අනතුර වෙනුවෙන් පලිය යැයි ඈට සිතිනි..

"නැහ් සර් නැහ් ... මේ ... නැහ් "

"මේ ලමයො... පාඩමක් කරනකොට ඒකට කරන ලොකුම උදව්ව තමයි නිස්සද්දව අහගෙන ඉන්න එක.. අනිත් ලමයින්ට භාදා නොකර... දැන්වත් හරියට අහගෙන ඉන්නව.. ඔය අලුතින් ආපු ලමයට මන් කියන්නේ ... ඉස්සර මොන ඉස්කෝලෙ ගියත් ඒ ඉස්කෝලෙ මොන විදියට හිටියත් ... මේ ඉස්කෝලෙ මගෙ පන්තියෙදි මීක් බැහැ, ප්‍රශ්නයක් ඇතෙයිනම් මගෙන් අහන්න පුලුවන්.. මං මෙච්චර අමාරුවෙන් ඇවිත් උගන්නනව.. මුන්ට ගානක්වත් නෑ..."

තමන් කල වරද නූරිට අවබෝධ විණි. තවත් මොහොතක්වත් පමානොවී ඇය පාඩමට කන් දුන්නාය. .............

Monday, January 9, 2012

නූරි --- 3

නූරි --- 1
නූරි --- 2

නූරි --- 3

ඊයේ සිදුවීම අප්පච්චීගේ හිතට මහා වේදනාවක් එකතු කල බව නූරි ට හොදින් දැණින. වෙනදා නිදන්නට යන වේලාව පසු වීත් අනතුර  පිලිබද අම්මාගේත් අප්පච්චීගේත් කතාබහ ඈට ඇසිණි.

"වුණ දේ වුණා... දැන් කොච්චර කතා කලත් පලක් නෑ... වෙලාවට ඒ මනුස්සයා හෙල්මට් එක දාල හිටියා.." අම්මා කියනු ඈ අසා සිටියාය....

රෝහල් භූමිය පුරා මහා හිස් බවක් තිබිණි. අප්පච්චී ඔය හැටි වෙලා ගන්නවා කියා කලින් කිව්වා නම් ඈ මේ ගමන එන්නේ නැත.  පාසලට අලුතින් පැමිණි සිසුවිය පරක්කු වී පැමිණීම ගුරුවරුන් වුවද අනුමත නොකරනු ඇතැයි ඇය සිතුවාය.


"ආ හරි යන් යන් පුතේ .. තව ඩිංගෙන් පුතාට පරක්කු වෙනව .."

"අප්පච්චි දැන් කොහොමද ලෙඩාට ?"

"ඒ හැටි අමාරුවක් නැ දරුවො ... මේ ඒ ලමයගෙ ගෙදර උදවිය ඇවිල්ල ටිකක් සද්දෙන් සද්දෙන් කතා කෙරුව... ඒකයි ටිකක් පරක්කු වුනෙ .. "

__________________________________________________________________

පලමු කාල පරිච්චේදය පටන් ගෙන තිබුනද ලමුන් තැන් තැන්වල පොදි ගැසී කතා කර කර සිටීම නූරිට සතුටක් ගෙන දුන්නෙය ..
 "ගුරුවරයෙක් නැතුව ඇති "

"ඔව් දැන් පිලිගන්න... අපේ අලුත් න්නූරි ශිශ්යාව ..... කීකරු, අප්‍රමාද, වෙලාවට වැඩ කරන ...... "

පන්තියේ කොල්ලන්ගේ කටකාර කියමන් මද්දේ තම පු‍ටුව සොයා ගත් ඈ මිතිලා ව දිලිනි ව සෙව්වාය...  

"ඇයි දැන් මොනාද තියෙන්නෙ ? තාම ‍ෆ්‍රී මොකද ? "

මිතිලා සොයා ගත් විගසම ඈ ඇසුවාය ...

"දැන් ‍ෆිසික්ස් තියෙන්නෙ.... මාර වැඩේනෙ නූරි වෙල තියෙන්නෙ... ‍ෆිසික්ස් සර්ව ඇක්සිඩන්ට් වෙලාලු ... ඉස්පිරිතාලෙලු ... පව් බන් මාර හැන්ඩියා සර්...  "

" මොනවා ... ?? "
නූරිගේ කටේ කෙල පවා සිදී ගියේය ..  මිතිලා තවත් කතා කරයි ...


"පව් බන් කවදාවත් සර් නිවාඩු ගත්තෙ නෑ ... ෆස්ට් ඇපොයිමන්ට් එක අපෙ ඉස්කෝලෙට .. ඒ හැටි කලකුත් නෑ ඇවිල්ල  ... සර් බයික් එකේ යනකොට වෙන වෙහිකල් එකක හැප්පිලාලු ... . "

"සර් කොයි වගේද මිතිලා ... ? "
"උසයි .... කලුයි ... කෙට්‍ටුයි ...... ඇයි නූරි ඔයා එහෙම ඇහුවෙ... ? "
"නිකම් .... නිකම් .... නිකමට ... මම ඊයෙ සර්ව දැක්කද කියල මතක් කරගන්න ,,, "

"නෑ ඔයා සර්ව දකින්න විදියක් නෑ... ඔයා එනකොට අපිට ‍ෆිසික්ස් ඉවර වෙලා ... හැබැයි සමහරවිට ඔයා දකින්න ඇති ඔ‍ෆිස් එකේදි ... සර් ඔ‍ෆිස් එකට ගියානම්  ........... මොනා උනාද දන් නෑ බන් .. කවුරුවත් කිසිම හරි විස්තරයක් දන් නෑනෙ  ... "

සිදු වූ දේ නූරිට නම් හරියටම, සියයට සියයක්ම හරියට කියන්නට පුලුවන... නමුත් මේ එයට සුදුසු වෙලාවක් නොවේ... නූරි කට පියා ගත්තාය... 

"මේ මොකද උබ කියන්නෙ... අපි හවස සර්ව බලන්න යනව හොස්පිටල් එකට  ... එනවනම් අපිත් එක්ක යන්න පුලුවන් ... සර්ව දැකල නැත්නම් බලාගෙන එන්නත් පුලුවන් ... "

පන්තියේ කෙල්ලක් ඇගෙ අතට ගසමින් පැවසුවාය....

"අනේ මම .... මම ...  අද ...  බෑනෙ අපේ අප්පච්චී අද පොරොන්දු උනානෙ නැන්දලාගෙ ගෙදර යනව කියල... අම්ම කිව්ව ඉක්මනට ගෙදර එනව කියල... අය්යෝ අපරාදේ ශික් ... "
බොරුවක් කියා ඈ මිතුරියන් මග හැරියාය..


**********************************************

හැමදාම ඇයව පාසලින් ගන්නට අප්පච්චීට නොහැකි හෙයින් ඇයට බසයේ ගෙදර යන්නට සිදුව තිබිනි. පාසල් ගේට්‍ටුවෙන් පිටවූ මොහොතේ සිට ගෙදරට එනතුරුම මාර්ග විස්තරය අප්පච්චී කියාදී තිබීම නිසා බසයක් සොයා ගැනීම දුශ්කර නොවීය. නිවෙසට එනවිට අම්මා මල්ලීත් සමගින් ඈ එන පෙර මග බලා සිටියාය..

"අක්කි එනව අම්මී ... "

"ඔව් මේ අක්කි එනව ,.. එනව ... අපෝ බුදු අම්මෙ ඇති ගෙදර ආව අදනම් ...." නූරි දාඩිය පිසදමමින් කිව්වාය.

"මොකෝ පුතේ ?? " අම්ම සිනා සිසී ඇසුවාය ...

"නෑ අම්ම දාඩියනම් මේ බස් එකේ ඇවිල්ලා... මට හිනා ගියෙ අම්මෙ මාර වැඩෙ වෙලා තියෙන්නෙ .... මටමනෙ අම්මෙ මේ හැම එකක්ම වෙන්නෙ .. "

"කිය්නවකො ලමයො, අපබ්‍රංශ නොකියා කියන දෙයක් තේරෙන්න ...  "

"අප්පච්චී ඉදල ඉදල හප්පල තියෙන්නෙ අම්මෙ අපෙ පන්තියට උගන්නන සර් කෙනෙක්වනෙ අම්මෙ  .... "

"නැහ් ... "

"නැත්නම් හොන්දයිනෙ අම්මෙ ... වැඩෙ තියෙන්නෙ එහෙම වෙලා තියෙන එකනෙ .. " නූරි මවට පන්තියේ ලමුන් ඇයට කිවූ කාරණා පැවසුවාය.

"දැන් හෙට තමයි වැඩේ... ඉස්පිරිතාලෙදි සර් ලමයින්ට කියයි මට මෙහෙම උනේ මේ නිසාය... අන්න තමුසෙලාගෙ පන්තියෙ අලුතෙන් ආපු ලමයගෙ හපන්කම .... හපොයි හෙට ඉස්කෝලෙ යන්ටත් මට බයයි අම්මෙ... "

"යස වැඩක්නෙ පුතේ  ....... සර්ට ඒ හැටි අමාරුවකුත් නැත්නම් අහවල් එක්කට ඕ ගැන ඕ හැටි හිතනවද?  මොකෝ මේ ලෝකෙ ඔහොම සිද්දි වෙන් නැතුවයැ ,,,, අනේ ඔන්න ඕක අමතක කරලා අර බත් ටික කනව දැන් ..........."


"අනේ දෙයියනේ... සියල්ල හොන්දින්ම සිදුවේවා ... " නූරි සිහිනයෙන්ද පැතුවාය ..............

****************************

Friday, January 6, 2012

කෘෂිකර්ම පාඩම

බ්ලොග් එකකට කියන්න තුන් හිතකවත් තිබ්බෙ නැති කතාවක් මතක් උනා මියුරු අක්කගෙ පොස්ට් එකක් නිසා....
මෙන්න ඒ කතාව ......

අපි කාටත් 9 වසරෙදි තාක්ශණ විශයක් හදාරන්න වෙනවනේ ඒ කාලෙ... ඉතින් ඕකට අපි කලේ කෘශිකර්මය . සමහර ලමයි ගෘහ විද්යාව, මෝටර් මිකැනික්ස් ... ඔය වගේ ...
කෘශිකර්මය කල සර්ව නම් අපි කාටවත් හරි ගියෙ නෑ... සර් හැම වෙලේම නිකන් නිදි මතේ වගෙ උන්නෙ... කෘශිකර්මය තියෙනකොට ඉතින් ඩබල් පීරියඩ් තියෙනව ප්‍රැක්ටිකල් වලටත් වෙලාව ඕනෙ නිසා .... ඔය සර්ගෙ මුල්ම පාඩම උනේ එලවලු පාත්තියක් දැමීම...  සති තුනක් විතර යනකම් එලවලු පාත්තිය දැම්මා ....
ඊලග පාඩම උනේ පලතුරු වත්තක්ද කොහෙද... ඔන්න ඔය පලතුරු වත්ත තමයි මේ පෝස්ට් එකේ මාතෘකාව........

ඉතින් සර් අපිට කෘශිකර්මෙ කරන ලමයින්ට කිව්වා අඹ ඇට  විසි පහක් (25ක්) ගේන්න කියල .. ලමයි හිටිය 30 ක් විතර.. අඹ ඇට ගෙනාවොත් 750ක් නෙ.. අපි කතා උනා ඔය හැටි මොකටද කියලත් ...

"විසි පහක් ...... ඇයි සර් එච්චර ...... ??? ".

සර්ටත් එතකොට දෙන්න උත්තර නැතුව වෙන්නති මෙහෙම කිව්වා ...

"ලමයි අඹ ඇට ප්‍රරෝහණය වීම ප්‍රතිශතයක් ලෙස අඩුයි .... හරි කමක් නෑ ඔය ගොල්ලන්ට අඹ ඇට හොයාගන්න අමාරුයි නම් වෙන විකල්පයක් දෙන්නම් මම .........."

"අනේ සර් ... ඔව් වෙන මොකක්හරි කියන්න ...... අපි හොස්ටල් එකේ.. අපිට හොයන්න විදියක් නෑ... මේට්‍රන්  මැඩම් එලියට යන්න දෙන්නෙ නෑ ... "
හොස්ටල් එකේ නතර වෙලා උන්නු උන් ගෙන් බලවත් විරොදය ආවා...

දැන් කාටත් ඕන උනේ ඒ විකල්පෙට යන්න ..... මොකද අඹ ඇට විසි පහක් හොයන්න පුලුවන් කාටද ? කඩෙන් ගත්තත් දවස් 3 ක් ඇතුලත 25 ක් අරගෙන කාල ඇට ටික ගේන්න ඕනෙ . අපි ඔක්කොම සර්ගෙ විකල්පෙ මත බලාපොරොත්තු තියාගෙන සර් දිහා බලාගෙන ....

"තමුසෙලාට අඹ ඇට 25 ක් ගේන්න බැරිනම් ගේනව අඹ ගෙඩි 10 ක් ..."

අනේ අපේ සර් ගෙ හැටි ........ අපි හැම එකාම හිනා වෙන්න ගත්තා...  සර්ගෙ පවුලෙ කට්ටිය රස කර කර අඹ කන හැටි මට මැවි මැවි පෙනෙන්න ගත්තා .....

"බෑ... බෑ සර් 10 ක් බෑ ... "

"තමුසෙලාට අඹ ඇට 25 ක් ගේන්න කිව්වාම ඒකත් බෑ...  ඒ වෙනුවට අඹ ගෙඩි 10 ක් ගේන්න කිව්වම ඒකත් බෑ ... අනෙ ඇත්තට ... හරි එහෙනම් 5 ක් ගේනවලකො .."

උන්නු හැටියට මලා මදිද වගේ අපි හැමෝම කට වහගත්තා ....

හැමෝම ට්‍රයි කලේ අඹ ඇටම ගේන්න... වෙන මොකටද ඉතින් පෙරේතකමට තමයි

දවස් තුනක් විතර තිබුනු නිසා මට නම් පුලුවන් උනේ අපෙ වත්තෙයි , එහා වතු කීපෙකයි ඇවිදල අඹ ඇට 12ක් හොයාගන්න විතරයි ................ ඒ ගාන කොහොමටත් මට මදි ... හොස්ටල් හිටපු මගේ යාලුවො දෙන්නටත් හරියන්න මගේ ටාගට් එක වෙලා තිබුනේ 75ක් . ...

හොයාගන්න බැරි වෙනකොට මමනම් පොලෙන් ගෙනත් ඉස්කෝලෙට අරන් ගියා...  අර අමාරුවෙන් හොයාගත්තු 15 ක් විතරත් අරගෙන ගියා යලුවොන්ට.. එයාලත් හොස්ටල් එකේ වත්තෙන් කීපයක් හොයාගෙන හිටියා,... මගේ අඹ ගෙඩි 5 යි ,, තව ඔක්කොම අඹ ඇට 20ක් විතර තියාගෙන අපි පීරියඩ් එකට ක්ශේත්‍රයට ගියා ......... පීරියඩ් කට් කරන්න එහෙම දන්නෙ නෑ ඒ දවස්වල... කොච්චර එපා උනත් ඉගෙනගන්න ඕනෙ කියන මට්ටමේ ගොඩක් ලමයි හිටියෙ ..........

සර් අපිව වර්ග කලා කුලක දෙකකට...... හිකිස්............
අඹ ගෙනාපු ලමයි
අඹ නොගෙනාපු  ලමයි ..

ඊලගට
අඹ ගෙඩි ගෙනාපු ලමයි
අඹ ඇට ගෙනාපු ලම්යි ......

ඊලගට අඹ නොගෙනාපු ලමයින්ට බැන්නා හොදටම....
ඒ බනින වෙලාවෙ තමා අපි දැක්කෙ සමහර මෝඩ කෙල්ලො කොල්ලො ගෙනල්ල ලොකු කර්ත කොලම්බන් අඹ ..... සර්ට ...... අනේ මෝඩ යක්කු ..........  ... උන් හිතන්න ඇති සර් ඒව අපි හැමෝම එක්ක කයි කියල....
ඉතින් මමනම් ගෙනිච්චෙ පොලෙන් අඹ (පොඩිම පොඩි ඒවා) ...
ඊටත් පස්සෙ සර් එක එක ලමය ලගට ගිහින් එක එක්කෙනා ගෙනත් තිබුනු අඹ මලු දිහා බලල , කර්ත කොලොම්බන් ගෙනාපු අයට හයියෙන් "හොදයි " එහෙමත් කියල ... අඩුවෙන් ගෙනාව කියල මගේ යාලුවො දෙන්නටත් එහෙම කල අනිත් උන්ටත්  බැනල ...  මටයි මගේ යාලුවො දෙන්නටයි කිව්ව අඹ ටික එකතු කරල සර්ගෙ ගෙදරින් ගිහින් තියන්න කියල ...  කට්ටියටම කරගන්න දෙයක් නෑ .. දැන් ගෙනාපු ටික ආයෙ ගෙනියන්නයැ .... තම තමන් හිටගෙන හිටපු තැන තමන් ගෙනාපු අඹ මල්ල හලල තිබුනෙ...

"හා තමුසෙල 3 දෙන ගිහිල්ල මේක ගෙදරින් තියල එනව කිව්ව .. අනිත් ලමයි යන් මේව හිටවන්න " කිව්ව ..

අපිත් ඉතින් දෙන්නම් බැස්ටිය කියල ටස් ගාල ඒ හරියෙම තිබිච්චි ලොකු පොහොර උරයක් අරගෙන අඹ ගෙඩි ටික දාල ගත්ත.. කොල්ලො ඉරිසියාවෙන් අපි දිහා බලන් හිටියෙ........ සර්ගෙ ගෙදරට ඒ හැටි දුරක් නෑ .. අපි අඹ මල්ල අමාරුවෙන් උස්සගෙන ඉස්කෝල ගේට්‍ටුවෙන් එලියට එනකොට සිකියුරිටි අන්කල් හිනාවෙවී බලන් හිටියා.. සර්ගෙ ගෙදරට වංගු දෙකයි.... අපි කතාඋනා අඹ හොරකම් කරන්න ...

"එකක් ගමු . " ඒ දිලූශි
"අපෝ බෑ ඔය සර් ගනන් කලාද දන්නෑනෙ කීයක් තිබ්බද කියල ..." ඒ සංජනා
"නැහ් ... ඔච්චර ඉක්මනට මං හිතන් නෑ"

"එකක් ගමු .. ලොකු එකක් අර අනෝම ගෙනාපුවගෙන් එකම් එකක් ගමු "
"බැ එකෙන් ගත්තොත් අහුවෙනව.. ඒව තමා ලොකුම ඒව.. ඒ ගෙඩි පහෙන් එකක් අඩු වුනු ගමන් සර් දන්නව අපි කියල ....... "
"නුවන් ගෙනාවෙ විලාඩ් ... ඒකෙනුත් බෑ"
"අනේ හලෝ එතකොට අපිට කන්න වෙන්නෙ කොහු අඹද ?"

අපි කතා වෙවී එනකොට සර්ගෙ නෝනයි පොඩි දුවයි ගෙදර ගේට්‍ටුව ලගම ,...
"මැඩම් මේක සර් දෙන්න කිව්ව"
කියපු අපි අඹ මල්ල එතැනින් තියල දුවගෙන සර්රුයි ලමයිනුයි අඹ ඇට හිටවපු තැනට ආව ...........

ප: ලි : සම්පූර්ණ සත්ය සිදුවීමකි.....

Thursday, January 5, 2012

නූරි - 2

ගිනි අව්වේ සෝමරත්න ගුරුතුමා සමගින් නූරි සෙමෙන් පන්තියකට ඇතුලු වූවාය.

කෙටි විස්තරයක් එවෙලෙහි උගන්වමින් සිටි ගුරුතුමියට පැවසූ සෝමරත්න ගුරුතුමා නැවතත් ඔවුන් ආ මග යන්නට විය...

"අප්පච්චියේ මේ ඉස්කෝලෙ පන්තියට එනකන් මෙච්චර දුර ආවනම් මුලු ඉස්කෝලෙම කොච්චර ලොකු ඇතිද"

 ... ඈ අලුතින් පැමිනි සිසුවියක් බවත් ඇයට උදව් කිරීමටත් ලමයින්ට ගුරුතුමිය පවසන අතරේ ඇයට සිතිණ." අවසන ඇය ව පන්තිය අතරේ හිස් පු‍ටුවකට තල්ලු කෙරිණ.

ලහි ලහියේ සංයුක්ත ගණිතය පොත ගත් ඈ පාඩමට කන්දීමට උත්සාහ ගත්තද, ලැජ්ජාව මුසු බිය නූරිගේ පාඩම කෙරෙහි තිබූ සිත වෙනතක යැව්වේය.

කාල පරිච්චේදය අහවරව ගුරුතුමිය පිට වූ සැනින් කොල්ලන්ද කෙල්ලන්ද එක පොදියට ඇගේ පු‍ටුව දෙසට හැරිනි. විවේක කාලය ලබා තිබුනද කිසිවකුට කන්නට වත් අවැසි නොවන ලෙසය ඈට හැගුනේ. දග කොල්ලෙක් නිහඩතාවය බින්දේය ..

"හරි ...දැන් ඔය ලමය කියනව බලන්න තමුසෙගේ නේම් එක ?"

"මම නුන් ... නු න් නූර්රී ඊ..."

"මොකක් බා..න් ... නුන්නූරි .. එහෙම එකක් නම් ඇහුවමයි .. "

"උබ කොහොමද බන් ඇත්තට මේ අවේලාවෙ ඉස්කෝලෙට ඇතුලු උනේ.. අප්පච්චි ඇමතියෙක් වත්ද ? "

"ඒකනම් ඇත්ත තමයි බන්.. උබට ඕලෙවල් පාස් වෙන්ට බැරිඋනාවත්ද .. 13 ට එනකන් එන්ට බැරිවුනේ ආ ?"

"එව්වයෙන් වැඩක් නෑ .. කෙල්ලෙ උබ ඕනෙවට වඩා නිකන් පත්තිනි අම්ම වගේ ඉන්ට හදන්ට එපා.. මොකෝ අපේ ඉස්කෝලෙ ‍රැග් කියල එකක් තියෙනවද ,.. නෑනෙ .. "

නූරි හිස ඔසවා බැලුවාය.. එහෙම එකක් නැත්නම් කොච්චර හොන්ද ද කියන්නා සේ ඈ කොලු රෑන දෙස ප්‍රතම වරට සිනා මුසු මූනෙන් බැලුවාය..

"අන්න එහෙම හිටපන්කො බන් .. "

"හරි දැන් නුන්නූරි ,,, කියමු බලන්ඩ හැඩවැඩ ඇති බයිලාවක් ... අපිට නටන්ඩ .."

" මොකක් ..  ?? "

නූරිගේ දෑස් නලලට ගොස්ය... පෙර පාසලේදි කොන්සට් එකට මිතුරන් සමග ගැයු සමූහ ගායනයක් ඇරෙන්නට ඇය ගැයු දිනයක් ඇයට මතකයක් වත් නැතිය.. කරුනු කෙසේ වුවත් මෙලෙස හොන්දින් සලකන අලුත් පාසලේ මිතුරන්ගේ ඉල්ලීම අහක දාන්නට බැරිය...

"නූරි අපෙ ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො ‍රැග් කරන් නෑ.. ඔයා ඔය පොඩි සින්දු කෑල්ලක් කියන්න... එතකොට ඔක්කොම හරි යයි ... "
ලග වාඩි වී සිටි යෙහෙලියක් ඇයට සෙමෙන් කිව්වාය...

"සූරිය සුනෙර සත්වට කැර ...........  "

"මොකක් .... අය්යෝ උබ මගෙ නැ‍ටුමත් කන්නයි යන්නේ... "

කොල්ලන්ගේ ගෝරනාඩුව ආයෙත් පටන් ගති...
"ඇයි බන් උබ සින්දුවක් වත් දන්නැද්ද ?? අය්යො ගෙදර ටීවී බලන්නෙ නැද්ද බන් ..... "

"නෙත් කෙවෙනි තුල හිරවී තිබී එලියට ආ ලොකු කදුලු බෝලයක් ඇසේ සුදු කලු ඉන්ගිරියා දෙකම සෙමෙන් වසා ගත්තේය...  ඈ බිම බලා ගත්තාය. ...

"චික් බන් උබල මහ බබාලනෙ බන් ... මේන් මේකි අඩනව .. මොකක්ද බන් ...... "

"අහ් කමක් නෑ කියහන් කියහන් ... .උබේ අර කවි විලාපෙ ... මන් අමාරුවෙන් හරි නටන්නම්කො ............ "
කෙල්ලන්ද කොල්ලන්ද සිනා වෙති.. 

"සූරිය සුනෙර සත්වට කැර කුනා   දෝ ................
සූරිය යනෙන ගැල සක ගැල උනාදෝ ..............
වීරිය කරන රාහුට අහු උනාදෝ ..............
සූරිය තවම පායන්නට පමාදෝ ..................."

---------------------------------------------------------------------------------------------------

වෙලාව එක හමාර වනවිට ජයසේන මහතා සිය දියනිය එනතුරු පාසල් ගේට්‍ටුව අසල ‍රැදී සිටියේය.. සුදු ඇන්දුමින් සැරසුනු ලමෝ ගේට්‍ටුව අතරින් එකිනෙකා මතුවන්නේ හරියට බොහෝ වෙහෙසකර රාජකාරියක් නිමා කර එන පරිද්දෙනි... ලමෝ පිලිගන්නට මෙන් පාසල් බස් රත ගේට්‍ටුව පෙනෙන මානයේ නවත්වා ඇත. පුංචි දරුවො දන්නෙ නෑ මේ තමා ඒගොල්ලො ජීවිතෙ ගෙවන ලස්සනම කාලෙ කියල ... ඔහු සිතින් කියාගත්තේය.  මුලින්ම 6 වසර, ඊලගට 7 වසර... එලෙසින් 13 වසර ලමයින්ගේ පිටවීමේ කාලය එනවිට නූරිද අලුත් යෙහෙලියන් දෙදෙනෙක් සමගින් අවුත් පියාට එකතු වූවාය...

"කොහොමද පුතේ අලුත් ඉස්කෝලෙ ?"
"ආහ් නියමයි අප්පච්චී .... හිතුවට වඩා හොන්දයි .... "
"ඇයි පුතා හිතං හිටියෙ කොහොම කියලද ? " ඔහු සිනාසෙමින් ඇසුවේය..
"නෑ අප්පච්චි, මං බයේ හිටියෙ ‍රැග් කරයි කියල... අපො මේ ඉස්කෝලෙනම් එහෙම එකක් ගෑවිලවත් නෑ අප්පච්චි .. පිරිමි ලමයිවත් එහෙම නෑ ... හොන්දයි .. ඔය දැන් මං එක්ක ආවෙ මිතිලා, උස සුදු එක්කෙනා, අනික් එක්කෙනා දිලිනි... එයාල තමයි මට කතා කරල යාලු කරගත්තෙත් ....  "

ජයසේන මහතා රිය පණ ගන්වා මාර්ගයට ගත්තේය...

"පුතේ .... ‍රැග් එක කියන්නෙ ලමයිගෙ මානසිකත්වය දුර්වල කිරීමට පාවිච්චි කරන එකක්... වෙලාවට මෙහෙ ඒක නැත්තෙ... මිස්ටර් සෙනෙවිරත්න තද පාලනයක් ගෙනියනව ඇති මගෙ හිතෙ... නැත්නම් ඉතින් මේ වයසෙ ලමයි කරන වැඩ කොහොම නවත්තන්නද ? සෙනෙවියා ඒ දවස්වලත් කැම්පස් එකේ චන්ඩියෙක් වගේ හිටියෙ... හිහ් හිහ් ..."

"අප්පච්චි... අම්ම කියපු බඩු ටික ගත්තද ?"

"ඕන් දැන්නෙ මතක් උනෙ... පුතා කාරෙකෙ ඉන්ට ... මන් ඉස්සරහ කඩෙන් අරන් එන්නම් ..."

ජයසේන මහතා වාහනය පාරේ වම්පසට කොට ඔහු උන් පස දොර හැරියා පමණි.

ක්‍රී................... ස්ස්ස්ස්ස්ස්ස්ස්Z.. දඩා......න් .... 

කොහෙදෝ සිට පැමිණි බයිසිකල් කරුවෙකු දොරේ වැදී විසිවී ගියේය...
"අප්පච්චී .......... "
වහ වහා සෙනග ‍රැස් විණි. ..

"මොකක්ද අයිසෙ... පාරට දොරවල් අරිනකොට ඔයිට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනෙ නේද ?"
"අම්මප මුන්ට මදන විසේ හැදිලද ? ඔහොම අරිනවද දොරවල් ."
"අර පොඩි කෙල්ල හින්ද ඉවසනව ,.. නැත්නම් දෙන්න හිතෙනව මට තමුසෙගෙ මූනට ........."

වයස විසි පහක් පමණ වූ තරුණයෙක් අතේද පයේද ලේ ගලන තුවාල සහිතව නූරිලාගේම කාරයට නංවාගන්නා ලදි ... දොර වැදීම නිසා හැඩයද වෙනස් වී තිබූ නමුදු ඒ ගැන සිතා බලන්නට වෙලාවක් නොවූයෙන් ජයසේන මහතා ‍රැස් වූ සෙනග අතරින් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වූ දෙදෙනෙක් සමගින් ඉස්පිරිතාලයට ඉගිලුනේය.

නූරි තවමත් හඩයි... 

"නූරි කට වහගෙන ඉන්නව ... මගෙ ඔලුව අවුල් වෙලා තියෙන වෙලාවෙ..........."

රෝගියා හදිසි අනතුරු අංශයට ඇතුල් කොට, බාරකරු ලෙස ජයසේන මහතා එතැන ‍රැදී සිටියේය ...

"බාහිර තුවාල ඇරෙන්න ලොකු ඩැමේජ් එකක් නම් වෙලා නෑ වගෙ තමයි පේන්නෙ ... කෝක උනත් පැය කීපයක් ඉන්න වෙනව ...  ලෙඩා ට කතාකරන්න පුලුවන් මිස්ටර් ගිහින් කතා කරල බලන්න ... "
හදිසි අනතුරු අංශය භාර වෛද්යවරයාගේ වචන ජයසේන මහතා වෙලාගෙන තිබූ බය ස්වල්පයකින් අඩුකරන්නට සමත් විය...
"මේ දරුව ඉන්න තැනක් හොයාගත්තොත් ගෙදෙට්ට කියන්න තිබුන...  "

පෙරදී , ලේ වලින් පෙගී තිබූ කමිසය ඉවත් කොට හොන්දින් බෙහෙත් දමා වෙලා තිබිණි ..

"අනේ දරුවො .... මං දොර අරිනකොට දැක්කෙ නෑ . ............... "
"අප්පච්චිගෙ තමයි වැ‍රැද්ද ... " පසෙකට වී සිටි නූරි සිතුවාය.. 
"ආහ් හරි අන්කල් කමක් නෑ අන්කල් මගෙ වැ‍රැද්ද ... ඔච්චර ඉඩ තියාගෙන ... මං ටිකක් වැඩිපුර වේගෙන් ආවෙ ඒකයි මට කොන්ට්‍රෝල් නැතිඋනා....  "
තුවාල ලැබූ රොගියා කීවෙ නූරි දෙස බලාය..

"මෙයාව මන් දැක්කෙ කොහෙදිදෝ.... " මේ මූණ නූරිට මතකය. ... හොදටම මතකය ..........

ටික වේලාවකින් පොලිසියද පැමිණ කට උත්තර ‍රැගෙන ගියෝය,.  ...රෝගී තරුණයා ඔහුගේ ගෙදරට පණිවිඩයක් රෝහල් භූමියේම දුරකතන කුටියකින් දුන් හෙයින් නූරි පියා සමගින් කලුවර වැටෙද්දී ගෙදර පැමිනියාය.

***************************************************************************************

Tuesday, January 3, 2012

නූරි --- 1

කුරුල්ලන් එකින් එකා කූඩුවලට යනවිට, හාත්පස අදුර ඇයව වෙලගන්නට තනද්දී ඇය සෙමෙන් හිද උන් තැනින් නැගිටින්නට උත්සාහ කලාය...

"නූරි, මොකද ලමයා අද පහන පත්තුකරන්නෙ නැද්ද?" , නැන්දනියගෙ ප්‍රශ්නයට පිලිතුරක් වත් නොදී ඇය තම කාමරයට වැදී සෙමෙන් ඇදට වැ‍ටුනාය.

"මට බෑ, මට බෑ..... මං එයාට එහෙම කියනව.. ඈ මිමිනුවාය.." ...


නූරි.... මේ ඇගේ කතාවයි !

 -------------------------------------------------------------------------------------
කොණ්ඩ කරල් දෙක දෑතින් දෙපසට ඇද නූරි කන්නාඩියට විරිත්තුවාය...  අද හෝ හෙට කම්මුලෙන් එලියට පනින්න මෙන් තියෙන කුරුලෑව දු‍ටු නූරිට මහා කෙන්තියක් උපනි...

"මගෙ මූනෙමයි කුරුලැ එන්නෙ.. වරෙන්කො අපෙ පන්තියෙ අනිත් එවුන්ගෙ මූනුවලත්..." 

බොහෝ කාලයක් ගමේ පාසලක උගෙන, අද ඇය නගරයේ අලුත් පාසලකට පිය නගන්න ලැස්ති වෙමින් උන්නාය...  ඇගේ පියාගෙ ‍රැකියාවේ ස්තාන මාරුව නිසාය එලෙසින් ඇයද, පියාද, මවද එකම කුඩා සොයුරාද මෙසේ නගරයට සංක්‍රමණය වූයේ.... 

"තේක බීල යන්න පුතේ.."

ඇගේ මව තේ කෝප්පයත් ‍රැගෙන දොරකඩ බලා සිටියාය.. වසර 17 ක් සපිරි දූ සිගිත්තිය දෙස මව ඉතා ඕනැකමින් බලා සිටියාය. රවුන් මුහුණ, හැඩැති නාසය පියකරු පෙනුම නව යොවුන් වියැති දියනිකට සුන්දරත්වයක් උවත් සෑම මවකටම මෙන් ඇගේ සිතටත් මහා බයක් එකතු කලාය...

"ඔය පිරිමි ලමයි එහෙම ආස්‍රය පරිස්සමින් හොදේ... ගමේ ලමයි වගේ නෙවෙයි පුතේ මේ නුවර හරිද දරුවො.. මං කෝකටත් අප්පච්චිට ඔයාව අද ගන්න එන්න කිව්ව කොච්චර වැඩ තිබුනත්.. ඉස්කෝලෙ ඉවරෙට එලියට වෙලා ඉන්න අප්පච්චි එනකන්.. ගෑණු ලමයෙක් පරිස්සම් වෙන්න ඕනෙ කියන එක මගෙ පුතෙ මතකයිනෙ නේද !. "

"ඔව් අම්ම හරි හරි.... මතකයි .........  මල්ලි තව නිදිද ?"

නූරිගේ සහෝදරයා ඇයට වඩා වසර 12ක් වයසින් බාලය ... එබැවින් තවම ඔහු පාසල් යන්නේ නැත.. පස්ස පැත්තට එලිය වැටෙනතුරු නිදන්නට ඕනැම කුඩා දරුවෙකු සේ ඔහුත් ආසාය.

"අප්පච්චී.... මං රෙඩී .............."

 ඇය කෑගසුවාය ...

"නූරි .. මගෙ කන ... මොකද ලමය බෙරිහන් දෙන්නෙ .. ඔය ඝාන්ටරෙ ගහන කොට අර කොල්ලත් ඇහරෙයි ලමයො .... යන් ඉතින් දැන් පරක්කුත් වෙනව මෙතන කන්නාඩිය ඉස්සරහ ඇබරෙනෙකොට.... අප්පච්චි ලෑස්ති වෙලා දැන් ගොඩක් වෙලා... "

"ජයේ එනකොට නූරිත් අරන්නෙ එන්නෙ... මේ ලිස්ට් එකත් ගේන්න හොදේ... පොඩ්ඩක් හරි පලාත පුරුදුයිනම් ලග කඩයක් හොයාගෙන යන්න තිබ්බ... අදට ඔයා ගේන්නකො.. "

"චන්දි.. ඔයා අද ලමයත් අරන් කොහෙවත් යන්න එපා...  ගෙදර තියාගෙන ඉන්න.. කල් යනකොට අපි පුරුදු වෙයි මෙහෙටත් ... "

හ්ම්ම්ම්......

මවටත් පියාටත් දණ ගසා වැන්ද නූරි සුදු ගවුම පොඩි නොවෙන්නට රිය ඉදිරිපස අසුනේ වාඩි වුනාය...

"හරි අප්පච්චී යං"

-------
නූරිගේ පියා.. ජයසේන මහතා සරල බොහෝ සෙයින් සැහැල්ලු මිනිසෙකි ... සිය දියනියට පනමෙන් ආදරය කරන්නේය ...  වසර ගණනාවක් ගමට නුදුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කල ඔහුට හදිසියේ ලැබුනු ස්තාන මාරුව අවලන්ගු කරගැනීමට ඔහු මහන්සි නොවූයේය.

"කොහොමත් ලමයි දිගටම ගමේ ඉන්න එකක් නැතිවෙයි... දැන්මම ටිකක්හරි නගරෙට හුරු කරල තියන්න ඕනෙනෙ .... අපි ඔක්කොම යනව කොහොමහරි .."

ජයසෙන මහතාට පමනක් බෝඩිමක් සොයාගැනීමට අයෙක් උපදෙස් දෙද්දී ඔහු කීවේය..

රට තොට තොරතුරු පවසමින් ජයසේන මහතා නූරිව පාසල අසලට ‍රැගෙන එද්දී පාසල පටන්ගෙන මිනිත්තු විස්සක් ඉක්ම ගොස් තිබිනි .. ගේට්‍ටුව අසලදී ආරක්ශක අංශයට කරුනු පවසා ඔවුන් කාර්යාලය වෙත පැමිනිනෝය..

"අප්පච්චී මටනම් දැන් බයෙත් බෑ වගේ.... පපුවත් ඩිග් ඩිග් ගානව වගේ.... " 

අස්වීමේ සහතිකයත්, චරිත සහතිකයත්, අවශ්යයි හැගුනු සහතික ටික ෆයිල් කවරෙන් පිටතට ගත් නූරි ඉතිරිය බෑගය තුලට දැම්මාය.
"බයවෙන්නෙ මොටද ... තමුන් වැ‍රැදිනම් විතරනෙ බයවෙන්නොන... ඉන්න පුතේ, මිස්ටර් සෙනෙවිරත්න තාම ඇවිල්ල නැද්ද මන්ද මන් බලල එන්නම්කො ...  "

පාසලෙ විදුහල්පති සෙනෙවිරත්න මහතා ජයසේන මහතාගෙ සරසවි මිතුරෙක් නොවුනානම් නූරි 13 වසරට පාසලට ඇතුල් කිරීම සිහිනයක්වන්නට ඉඩ තිබිනි ...

විවේක කාලයට පැයකට මත්තෙන් නූරිව අදාල පන්තියට යොමු කිරීමට විදුහල්පති තුමා කටයුතු කලේය.
"ඔයා ඉස්සරහ ගේට්‍ටුව ලග ඉන්න පුතේ.. මං හරියට එකයි හතලිස්පහ වෙනකොට එන්නම්"
"හාං.."

සෑහෙන කලකට පෙර ලස්සන කහපාටක්ව තිබෙන්නට ඇතිවූ, දැනට නම් බොහෝ සෙයින් දුර්වර්ණ වූ කොරිඩෝවක් දිගේ ඈ විදුහල්පති තුමා විසින් හදුන්වා දෙනූ ලැබූ සෝමරත්න ගුරුතුමා සමගින් යමින් සිටියාය.

කොරිඩෝව එක් පසෙක් වූ, නූරිගෙ උසට පොඩ්ඩක් වැඩිවූ කොට බිත්තිය උඩින් ලමෝ ඔවුනගේ හිස් දමමින් අලුත් ලමයා දෙස බැලීමට උත්සාහ කලෝය. අමාරුවෙන් මැඩගත් ලජ්ජාවත් සමගින් ඈ ගුරුතුමා සමගින් පඩිපේලි නගිමින් විද්යා අංශය වෙත ලගා වෙමින් සිටියාය.
 -------------------------------------------------------------------------------------------------------
යලිත් හමුවෙමු !