ගිනි අව්වේ සෝමරත්න ගුරුතුමා සමගින් නූරි සෙමෙන් පන්තියකට ඇතුලු වූවාය.
කෙටි විස්තරයක් එවෙලෙහි උගන්වමින් සිටි ගුරුතුමියට පැවසූ සෝමරත්න ගුරුතුමා නැවතත් ඔවුන් ආ මග යන්නට විය...
"අප්පච්චියේ මේ ඉස්කෝලෙ පන්තියට එනකන් මෙච්චර දුර ආවනම් මුලු ඉස්කෝලෙම කොච්චර ලොකු ඇතිද"
... ඈ අලුතින් පැමිනි සිසුවියක් බවත් ඇයට උදව් කිරීමටත් ලමයින්ට ගුරුතුමිය පවසන අතරේ ඇයට සිතිණ." අවසන ඇය ව පන්තිය අතරේ හිස් පුටුවකට තල්ලු කෙරිණ.
ලහි ලහියේ සංයුක්ත ගණිතය පොත ගත් ඈ පාඩමට කන්දීමට උත්සාහ ගත්තද, ලැජ්ජාව මුසු බිය නූරිගේ පාඩම කෙරෙහි තිබූ සිත වෙනතක යැව්වේය.
කාල පරිච්චේදය අහවරව ගුරුතුමිය පිට වූ සැනින් කොල්ලන්ද කෙල්ලන්ද එක පොදියට ඇගේ පුටුව දෙසට හැරිනි. විවේක කාලය ලබා තිබුනද කිසිවකුට කන්නට වත් අවැසි නොවන ලෙසය ඈට හැගුනේ. දග කොල්ලෙක් නිහඩතාවය බින්දේය ..
"හරි ...දැන් ඔය ලමය කියනව බලන්න තමුසෙගේ නේම් එක ?"
"මම නුන් ... නු න් නූර්රී ඊ..."
"මොකක් බා..න් ... නුන්නූරි .. එහෙම එකක් නම් ඇහුවමයි .. "
"උබ කොහොමද බන් ඇත්තට මේ අවේලාවෙ ඉස්කෝලෙට ඇතුලු උනේ.. අප්පච්චි ඇමතියෙක් වත්ද ? "
"ඒකනම් ඇත්ත තමයි බන්.. උබට ඕලෙවල් පාස් වෙන්ට බැරිඋනාවත්ද .. 13 ට එනකන් එන්ට බැරිවුනේ ආ ?"
"එව්වයෙන් වැඩක් නෑ .. කෙල්ලෙ උබ ඕනෙවට වඩා නිකන් පත්තිනි අම්ම වගේ ඉන්ට හදන්ට එපා.. මොකෝ අපේ ඉස්කෝලෙ රැග් කියල එකක් තියෙනවද ,.. නෑනෙ .. "
නූරි හිස ඔසවා බැලුවාය.. එහෙම එකක් නැත්නම් කොච්චර හොන්ද ද කියන්නා සේ ඈ කොලු රෑන දෙස ප්‍රතම වරට සිනා මුසු මූනෙන් බැලුවාය..
"අන්න එහෙම හිටපන්කො බන් .. "
"හරි දැන් නුන්නූරි ,,, කියමු බලන්ඩ හැඩවැඩ ඇති බයිලාවක් ... අපිට නටන්ඩ .."
" මොකක් .. ?? "
නූරිගේ දෑස් නලලට ගොස්ය... පෙර පාසලේදි කොන්සට් එකට මිතුරන් සමග ගැයු සමූහ ගායනයක් ඇරෙන්නට ඇය ගැයු දිනයක් ඇයට මතකයක් වත් නැතිය.. කරුනු කෙසේ වුවත් මෙලෙස හොන්දින් සලකන අලුත් පාසලේ මිතුරන්ගේ ඉල්ලීම අහක දාන්නට බැරිය...
"නූරි අපෙ ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො රැග් කරන් නෑ.. ඔයා ඔය පොඩි සින්දු කෑල්ලක් කියන්න... එතකොට ඔක්කොම හරි යයි ... "
ලග වාඩි වී සිටි යෙහෙලියක් ඇයට සෙමෙන් කිව්වාය...
"සූරිය සුනෙර සත්වට කැර ........... "
"මොකක් .... අය්යෝ උබ මගෙ නැටුමත් කන්නයි යන්නේ... "
කොල්ලන්ගේ ගෝරනාඩුව ආයෙත් පටන් ගති...
"ඇයි බන් උබ සින්දුවක් වත් දන්නැද්ද ?? අය්යො ගෙදර ටීවී බලන්නෙ නැද්ද බන් ..... "
"නෙත් කෙවෙනි තුල හිරවී තිබී එලියට ආ ලොකු කදුලු බෝලයක් ඇසේ සුදු කලු ඉන්ගිරියා දෙකම සෙමෙන් වසා ගත්තේය... ඈ බිම බලා ගත්තාය. ...
"චික් බන් උබල මහ බබාලනෙ බන් ... මේන් මේකි අඩනව .. මොකක්ද බන් ...... "
"අහ් කමක් නෑ කියහන් කියහන් ... .උබේ අර කවි විලාපෙ ... මන් අමාරුවෙන් හරි නටන්නම්කො ............ "
කෙල්ලන්ද කොල්ලන්ද සිනා වෙති..
"සූරිය සුනෙර සත්වට කැර කුනා දෝ ................
සූරිය යනෙන ගැල සක ගැල උනාදෝ ..............
වීරිය කරන රාහුට අහු උනාදෝ ..............
සූරිය තවම පායන්නට පමාදෝ ..................."
---------------------------------------------------------------------------------------------------
වෙලාව එක හමාර වනවිට ජයසේන මහතා සිය දියනිය එනතුරු පාසල් ගේට්‍ටුව අසල රැදී සිටියේය.. සුදු ඇන්දුමින් සැරසුනු ලමෝ ගේට්‍ටුව අතරින් එකිනෙකා මතුවන්නේ හරියට බොහෝ වෙහෙසකර රාජකාරියක් නිමා කර එන පරිද්දෙනි... ලමෝ පිලිගන්නට මෙන් පාසල් බස් රත ගේට්‍ටුව පෙනෙන මානයේ නවත්වා ඇත. පුංචි දරුවො දන්නෙ නෑ මේ තමා ඒගොල්ලො ජීවිතෙ ගෙවන ලස්සනම කාලෙ කියල ... ඔහු සිතින් කියාගත්තේය. මුලින්ම 6 වසර, ඊලගට 7 වසර... එලෙසින් 13 වසර ලමයින්ගේ පිටවීමේ කාලය එනවිට නූරිද අලුත් යෙහෙලියන් දෙදෙනෙක් සමගින් අවුත් පියාට එකතු වූවාය...
"කොහොමද පුතේ අලුත් ඉස්කෝලෙ ?"
"ආහ් නියමයි අප්පච්චී .... හිතුවට වඩා හොන්දයි .... "
"ඇයි පුතා හිතං හිටියෙ කොහොම කියලද ? " ඔහු සිනාසෙමින් ඇසුවේය..
"නෑ අප්පච්චි, මං බයේ හිටියෙ රැග් කරයි කියල... අපො මේ ඉස්කෝලෙනම් එහෙම එකක් ගෑවිලවත් නෑ අප්පච්චි .. පිරිමි ලමයිවත් එහෙම නෑ ... හොන්දයි .. ඔය දැන් මං එක්ක ආවෙ මිතිලා, උස සුදු එක්කෙනා, අනික් එක්කෙනා දිලිනි... එයාල තමයි මට කතා කරල යාලු කරගත්තෙත් .... "
ජයසේන මහතා රිය පණ ගන්වා මාර්ගයට ගත්තේය...
"පුතේ .... රැග් එක කියන්නෙ ලමයිගෙ මානසිකත්වය දුර්වල කිරීමට පාවිච්චි කරන එකක්... වෙලාවට මෙහෙ ඒක නැත්තෙ... මිස්ටර් සෙනෙවිරත්න තද පාලනයක් ගෙනියනව ඇති මගෙ හිතෙ... නැත්නම් ඉතින් මේ වයසෙ ලමයි කරන වැඩ කොහොම නවත්තන්නද ? සෙනෙවියා ඒ දවස්වලත් කැම්පස් එකේ චන්ඩියෙක් වගේ හිටියෙ... හිහ් හිහ් ..."
"අප්පච්චි... අම්ම කියපු බඩු ටික ගත්තද ?"
"ඕන් දැන්නෙ මතක් උනෙ... පුතා කාරෙකෙ ඉන්ට ... මන් ඉස්සරහ කඩෙන් අරන් එන්නම් ..."
ජයසේන මහතා වාහනය පාරේ වම්පසට කොට ඔහු උන් පස දොර හැරියා පමණි.
ක්‍රී................... ස්ස්ස්ස්ස්ස්ස්ස්Z.. දඩා......න් ....
කොහෙදෝ සිට පැමිණි බයිසිකල් කරුවෙකු දොරේ වැදී විසිවී ගියේය...
"අප්පච්චී .......... "
වහ වහා සෙනග රැස් විණි. ..
"මොකක්ද අයිසෙ... පාරට දොරවල් අරිනකොට ඔයිට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනෙ නේද ?"
"අම්මප මුන්ට මදන විසේ හැදිලද ? ඔහොම අරිනවද දොරවල් ."
"අර පොඩි කෙල්ල හින්ද ඉවසනව ,.. නැත්නම් දෙන්න හිතෙනව මට තමුසෙගෙ මූනට ........."
වයස විසි පහක් පමණ වූ තරුණයෙක් අතේද පයේද ලේ ගලන තුවාල සහිතව නූරිලාගේම කාරයට නංවාගන්නා ලදි ... දොර වැදීම නිසා හැඩයද වෙනස් වී තිබූ නමුදු ඒ ගැන සිතා බලන්නට වෙලාවක් නොවූයෙන් ජයසේන මහතා රැස් වූ සෙනග අතරින් ස්වෙච්චාවෙන් ඉදිරිපත් වූ දෙදෙනෙක් සමගින් ඉස්පිරිතාලයට ඉගිලුනේය.
නූරි තවමත් හඩයි...
"නූරි කට වහගෙන ඉන්නව ... මගෙ ඔලුව අවුල් වෙලා තියෙන වෙලාවෙ..........."
රෝගියා හදිසි අනතුරු අංශයට ඇතුල් කොට, බාරකරු ලෙස ජයසේන මහතා එතැන රැදී සිටියේය ...
"බාහිර තුවාල ඇරෙන්න ලොකු ඩැමේජ් එකක් නම් වෙලා නෑ වගෙ තමයි පේන්නෙ ... කෝක උනත් පැය කීපයක් ඉන්න වෙනව ... ලෙඩා ට කතාකරන්න පුලුවන් මිස්ටර් ගිහින් කතා කරල බලන්න ... "
හදිසි අනතුරු අංශය භාර වෛද්යවරයාගේ වචන ජයසේන මහතා වෙලාගෙන තිබූ බය ස්වල්පයකින් අඩුකරන්නට සමත් විය...
"මේ දරුව ඉන්න තැනක් හොයාගත්තොත් ගෙදෙට්ට කියන්න තිබුන... "
පෙරදී , ලේ වලින් පෙගී තිබූ කමිසය ඉවත් කොට හොන්දින් බෙහෙත් දමා වෙලා තිබිණි ..
"අනේ දරුවො .... මං දොර අරිනකොට දැක්කෙ නෑ . ............... "
"අප්පච්චිගෙ තමයි වැරැද්ද ... " පසෙකට වී සිටි නූරි සිතුවාය..
"ආහ් හරි අන්කල් කමක් නෑ අන්කල් මගෙ වැරැද්ද ... ඔච්චර ඉඩ තියාගෙන ... මං ටිකක් වැඩිපුර වේගෙන් ආවෙ ඒකයි මට කොන්ට්‍රෝල් නැතිඋනා.... "
තුවාල ලැබූ රොගියා කීවෙ නූරි දෙස බලාය..
"මෙයාව මන් දැක්කෙ කොහෙදිදෝ.... " මේ මූණ නූරිට මතකය. ... හොදටම මතකය ..........
ටික වේලාවකින් පොලිසියද පැමිණ කට උත්තර රැගෙන ගියෝය,. ...රෝගී තරුණයා ඔහුගේ ගෙදරට පණිවිඩයක් රෝහල් භූමියේම දුරකතන කුටියකින් දුන් හෙයින් නූරි පියා සමගින් කලුවර වැටෙද්දී ගෙදර පැමිනියාය.
***************************************************************************************
දැන් ඉතින් ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දාන්න වෙනවා ..... නැත්නම් කතාව අමතක වෙලා තියෙයි ....
ReplyDeleteහොද කතාවක ආරම්භය බව පේනවා......
ඉතින් දැන් කවදද අනෙත් කොටස එන්නේ..අතරින් පතර වෙනත් කවි කතාත් දන්න.
ReplyDeleteඅහ්හ් ලස්සන කතාවක්.. ඉතිරියත් ඉක්මනටම දාමු අක්කේ :))
ReplyDeleteහ්ම්ම්ම්ම්.....
ReplyDeleteඒ කොල්ලද ? ... ඉතිරි කොටස් එනතුරු බලා සිටිමි....
ෂාාාාාා කතාවත් පටන් අරන් එල එල දිගටම මේ විදියටම ලියමු අක්කේ මේ කොටස මාර රසවත්...ජය වේවා
ReplyDelete@ හර්ෂණ:
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මල් මිටියාවතට ..........
දානවා දානවා... කතාව අමතක වෙන්න කලියෙන් දානවා....... ස්තූතියි ..
@ අසරණයා : ,,, ඊලග කොටස එන්නෙ සදුදා ........ ඔව් අද කවියක් දාන්න හිතන් ඉන්නෙ .. මේ දවස්වල වැඩ අඩුයි ........... ස්තූතියි කොමෙන්‍ටුවට........
ReplyDelete@ වර්ණා ... තෑන්ක්ස් නංගා .... සදුදට දානව නංගෝ .... කොමෙන්‍ටුවට ස්තූතියි .....
ReplyDelete@ සෙන්නා: මොකක්ද ?
ReplyDelete// ඒ කොල්ලද ? ... //
ඔයා ඇහුව එකට උත්තරේ ඊලග කොටසින් එයි මගෙ හිතේ.......... තෑන්ක්ස් සෙන්නා.
@ ගැමියා : පාඩම් කරනව වගේ දැන්නම් නේද ? හොන්දයි මලේ .. ඒක නේන්නම් වෙන්න ඕනෙ... ස්තූතියි මල්ලියෝ ............
දාමුකො ඉතුරු හරියත්, මම හිතපු දේ හරිද බලන්න :-))
ReplyDelete@ ඔබා මාම : බලමුකො ... බලමුකො
ReplyDeleteමම සිතූ - කුසූ ආදර අන්දරය ලිවා වගේ කට්ටිය එක පාර කතාව ඉල්ලනවා නේද??
ReplyDeleteසිරා වගේ... කතා දෙකම එක පාර බැලුවා.. දෙකටම එකම කමෙන්ටුව (කොපි - පේස්ට්)
ජය පතමි...
හ්ම්.. හ්ම්ම්.. හ්ම්ම්ම්
ReplyDelete