නූරි --- 5
ගුරු සිත නොරිදවා.
අකුරු උගනී කුමරු සොදවා........
පන්තියේ බිත්තියකින් බාගයක්ම පාහේ වසා උන් කලු ලෑල්ලත් ඊලග බිත්තියත් අතර වූ පුන්චි ඉඩේ එලෙස ලියූ පුවරුවක් නූරිගේ දෑසට හසුවිය.
..........................................
"මොනවා කලාද නූරි සර් ඉන්න අතරේ ? අනේ මන්දා මම ඔයා ගැන හිතං හිටපු විදියත් වැරදිද කියල !"
කාලඡේදය අවසන් වී ගුරුතුමන් පිටවුනු විගස දිලිනි විමසූවාය.
"හප්පේ කවුද දන්නෙ සර් ඒ හැටි සැරයි කියල.. මට බයට පාඩම එක අකුරක්ව්ත් තේරුන් නැහ් -- මොකක්ද දැන් මන් ගැන හිතං හිටපු විදිය කිව්වෙ ?"
"නැහ් ඔයා මේ සර්ගෙ හැඩ බැලුව කිව්වම මට පුදුමත් හිතුන. මොකක්ද ඒකෙ තේරුම ? නේද නවාංජනා ... "
"හරි හරි ඕක අඩබෙර ගහන්න ඕනෙ නැහ් නවාංජනාටත්.. එයා ඕක පත්තරෙත් දායි.. හිහි ,,,,,,,, මං ඉතිං වරදක් කිව්වැයැ දිලිනියෝ සර් හරිම හැඩයිනෙ බාආ.....න්න්න්"
"අනෙ මේ මගෙන් මොකුත් නාහ හිටපන් .. ඔහොම ගියොත් අපිටත් ඉස්කොලෙ ඉන්න වෙන එකක් නැහ් සර්ලට ලයින් දාන්න ගිහින් ... ආන් මිල්ටන් සර් එනව... ලෑස්තිවෙයං පාඩමට ... මේ උබට ඕනනම් මිල්ටන් සර්ගෙත් හැඩ බලපන් .. හැබැයි මං නම් මනෝ ලොකවලින් බස්සන්න එන්නැහ් ... "
"අප්පච්චියේ මිල්ටන් සර් දිහා...හිහි "
"දහඩිය පිරුණු මුහුණට වැටෙන අව් රැල්ල මගහැරීමට අතරැදි පොත් ස්වල්පය නළලට තබාගෙන වැලි පාරේ රත්මල් වලින් පිරුනු වැට අද්දරින් එන මිල්ටන් ගුරුතුමන් දුටු නූරිට ඔහු පිලිබද දුකක් දැනුණි.
"සර්රුත් හරියට අපෙ අප්පච්චි වගේ බන් .. අප්පච්චිත් ඉස්සර ලන්ච් අවර් එකට ගෙදර එනව ඔහොම දාඩිය දමාගෙන... "
"හ්ම්ම් සර් පව් තම්යි .. ගුරුවරු කවුරුත් එහෙම තමයි .. පෙනුනනෙ ලගදි ආව කියල වෙනසක් නැහ් ෆිසික්ස් සර්ගෙ කැපවීම"
"ඇත්තට සර්ගෙ නම මොකක්ද?"
"ෆිසික්ස් සර්ගෙද ?"
"හ්ම්"
"තරින්ද විජේරත්න.... ඒත් ප්‍රින්සිපල් සර්රුත් කතා කරන්නෙ තරිදු කියල .. කවුරුත් කියන්නෙ තරිදු කියල .. ලේසි හින්ද වෙන්නැති ... "
"හ්ම් වෙන්නැති.. ඒත් මංනම් තරින්ද සර් කියලම කියනව .. "
"මොකක් ! අනේ මන්ද උබට හැදිච්චි පිස්සුව ......."
---------------------
නූරිට මතක පරිදි කිසිම දිනෙක කිසිම කොල්ලෙකු පිලිබද මෙවන් හැගීමක් සිතට නො ආ බව ස්ථිරය. කලින් පාසලේදීත් කොල්ලන් මහ හුගක් ඈ පිලිබද බලාපොරොත්තුවෙන් උන් සිටි බව ඇත්ත නමුදු ඔවුනගෙන් එකෙකුටවත් මේ සිත පැහැරගත් නොහැකි වීම පිලිබද ඇගෙ සිත ආඩම්බරයෙන් පිරිණි. අලුත් පාසලේදී ද එකම පන්තියේ උගෙනගන්නා කල්ප ඉඩ ලද ඇසිල්ලේ නූරි අසල ගැවසෙන්නට උත්සාහ කලත් සහජයෙන්ම ලැබුණු ගැහැණු නුවණ පාවිච්චි කොට ඒවායින් මගහැරීමට ඈ දක්ශ වූවාය.
"ඔක්කොම හරි .. මං වැරදි තමයි .. නැත්නම් සර් අච්චර ගණන් ගන්නැතිව ඉදිද්දි ඇයි මගෙ හිත මෙච්චර චංචල ?"
ඈම ඇගෙ සිතෙන් අසන්නට විය.
"ඔය විදියට ගියොත් උබට විබාගෙ ෆේල් වෙන්න තමයි වෙන්නෙ ආයෙ දෙකක් නෑ ලයිට් කණු තුනක් එයි රිසල්ට්ස් වලට. මොකුත් ඕනෙ නැහ් දැන් බලපං අරහෙ මිල්ටන් සර් උගන්නනව ,, තමුසෙ මෙහෙ විකාර හිතනව .. සර් පව් පව් ගෑවට වැඩක් නැහ් ඉගෙනගත්තෙ නැත්නම් .... "
නූරිගේ සිත කෑ ගසා කියන්නට විය... ඈ වහා පාඩමට සිත යොමු කලාය.
*****************************************************************
පාසලේදී දෙන සටහන් ඒවෙලාවට ඔහේ ලියාගත් නමුත් හවස් වරුවේදී ගෙදරදී නැවත බලන්නට නූරි පටන් ගත්තේ සාමාන්ය පෙළ කරන කාලයේදීය. පාසලේදී සිත කෙසේවත් එකතැන් කරගත නොහැකි වූ මේ දිනවල නූරිට එම පුරුද්ද පාඩම් කටයුතු කරගෙන යාමට උදව් විණි. පුංචි කාලයේදීනම් අම්මා ඇගේ පාසල් වැඩ සදහා හවස් වරුවම ගත් කලාය. දැන්නම් සිදුවන්නෙ ඇගේ සොයුරා, ඔනෙල් නිසා පාඩම අතරමග කැඩී යාමයි .
"අක්කි, අප්පච්චි දැන් එයිද ? "
"ඇයි මල්ලි අප්පච්චි කලින් කර කර හිටපු රස්සාව නෙවෙයිද දැන් කරන්නෙ... කලින් එන්න ... "
... ඇයගේ කුඩා සොයුරු ඔනෙල් කඩදාසි වලින් කමිසයක් තනා ඇත. එය කුඩා අත්කමකි . පාසල් ඇරී ආ විගස නූරිට එය පෙන්වූ ඔනෙල් ගේ ඊලග ආසාව අප්පච්චීට එය පෙන්වීමය.
"මොකද පුතේ අක්කිට පාඩම් කරන්න දීල ඔයා එන්න එලියට... එන්න මගෙ පුතේ අපි යන් ... ".
"අනෙ අම්මි .. අප්පච්චි දැන් එයිද ?"
"අනේ පැටියො දැන්ම නෙවෙයි අප්පච්චි තව චුට්ටකින් එයි හොන්දෙ... "
ඔනෙල්ගේ මුහුණ මැලවිණි. අම්මාට තුරුලුව කාමරෙන් එලියට යන ඔනෙල් දෙස බැලූ නූරි දිව දික් කොට කොලොප්පම් කලාය. ඒ මදිද සිතුණෙන් දුව ගොස් පොඩ්ඩාව කුචු කවා නැවත් පැන්නාය.
"අම්මි ... අක්කි මට ඉන්න දෙන්නෙ නෑ.. ඉහි හ්හ්"
"මොකද නූරි යනව ගිහින් පාඩම් කරනව... මල්ලිට කරදර නොකර... "
"අනේ මගේ චූටි මල්ලිය.. මං ඔයාට ආදරෙයි හොන්දේ... උම්මා.. . ආන් මල්ලි අප්පච්චි එනව .. "
නූරි ඔලුව උස්සා ජනෙලෙන් එලිය බලා බොරුවට කිව්වාය. ඔනෙල් දුවන සද්දය ඇසිණි, තව ටිකකින් අම්මා බැනගෙන එන අයුරු සිහියට නැගී ඇයට සිනානැගුණි.
"අපේ ගෙදර කොච්චර හොන්දද !"
ඈට සිතිණ.
කතාව මුල ඉඳලම බලල එන්නම්.ඔයා ලියන විදිහනම් ලස්සනම ලස්සනයි.......
ReplyDeleteතෑන්ක්ස් සිහින ... බලන්න .. අඩුපාඩුවක් එහෙම තිබ්බොත් කියන්න ඕනෙ හරිද !
ReplyDeleteජීව විද්‍යාව පැත්තට හෙමීට එනව වගේ...හෙහ්...හෙහ්...
ReplyDeleteනූරි මොකාටද එන්ඩ හදන්නෙ... ?
ReplyDelete@ ඔබා මාමා : හිහිහ් .. ජීව විද්යාවම තමයි ඉතින් හිතේ නේද ?
ReplyDelete@ සෙන්නා : අනේ මන්ද ! ගෑණු හිත හරි චංචලනෙ...
හැක්...හැක්... නූරිත් මරු වැඩනෙ කරන්න යන්නෙ, දෙයියෝ සාක්කි...!!! කතාව නම් පට්ටෙටම ලියල තියෙනව, මුල් පෝස්ට් ටිකත් බලන්න ඕනෙ.. ජය ශ්‍රී...!!!!
ReplyDeleteniyamai..
ReplyDeleteහ්ම්ම් ලස්සනයි අක්කේ, අනේ ඉකමනින් ඉතුරු කොටසත් දාන්නකෝ
ReplyDeleteඑන්නේ මටත් මතක් වෙනවා අපේ ෆිසික්ස් සර් ට මමත් කාලයක් පෙම් කළා, එක පාර්ශවිකව :ඩි
ReplyDeleteඅපි බයෝ එකට ෆිසික්ස් කරපු ටීචර්ට ට්‍රයි කොලා වගේ නොවැ.. එල එල.. ලියමු තව !
ReplyDelete@ මන්ඩිපාල ... මේ ඉස්සෙල්ලම නේද ආවෙ ! සාදරයෙන් පිලිගන්නවා ....
ReplyDelete@ වර්ශා : තෑන්ක්ස් නංගෝ ...
@ වර්ණා : මටත් ආසයි නංගෝ ඉක්මණට ලියල දාන්න.. කොහෙද මේ ඔෆිසිවල හරියට වැඩ අප්පා ! කොහොමහරි අද හවසට දාන්න තම්යි ඉන්නෙ :)
@ සෑම් : බලන් ගියාම කවුරුත් ගුරුන්ට පෙම් කරල වගේනෙ ... හිහි..
ඇයි අපේ ඉස්කෝලෙට එන ට්‍රේනින් ටීචර්ලට අපි හරි ආදරේ කලා....වැරදීම් වලින් කොම්පියුටර් ලැබ් එකේ මැෂින් ෆෝමැට් කරලා මිස්ලගේ ප්‍රොජෙක්ට් නැති වුනාම මිස්ලා අඬපු හැටිත් මතක් වුනා අක්කේ...කතාව නියමයි නියමයි නියමයි...ජය වේවා
ReplyDelete@ ගැමියා : බලාගෙන ගියාම කොල්ලො කෙල්ලො ඔක්කොම එකයි නේද මල්ලී ! හිහි...
ReplyDeleteඅනේ මේ ඔබාට නම් තියෙන්නේ මොන......
ReplyDelete