"තව මිනිත්තු 10 ක් යනකොට එයා එයි . " ඈ හිතෙන් කියාගත්තා..
ඈ හිටියේ නුවර වැව රවුමේ සිමෙන්ති බංකුවක් මත. පුරුද්දට වගේ පුංචි බංකුවේ කෙළවරක ඈ වාඩිවෙලා උන්නත් ආයෙත් අනෙක් කෙළවරේ එයා වාඩි වෙන එකක් නැතිවෙයි කියා ඈට සිතුණා. දෙනෙත් අගින් මෝදු වුන පුංචි කදුලු බින්දු මුලු ඇස් දෙකම බොද කරමින් කම්මුල් තෙත් කරන්නට පටන් ගත්දී ඈ ඒවා වළක්වා ගන්නට මෙන් උඩ බලන්නට වුණා. බහිරව කන්දේ බුදු සමිදුන් ඈ දෙස බලා සිටින්නා මෙන් ඈට පෙනුණා ..
"මීනා, ඔයා කලින්ම ඇවිල්ලා... "
ඔහු ඇවිත් , ළගටම ඇවිත්, "අපරාදේ දුර තියා දැක්කනම් එන දිහාව බලාන ඉන්න තිබ්බ, මේ අවසාන හමුවීම...." ඇගේ සිත කතා කළා..
"මීනා, ඇයි මොකෝ ක්ලාස් කට් කලේ, මං බස් එකෙත් බැලුව, ඔයා නැංගෙ නෑ කියල සමන්ති කිව්ව, මොකක් හරි කේස් එකක්ද ? මොනා උනත් හවස ක්ලාස් එකට යන්න ඔයා මේ වෙලාවට මෙතෙන්ට එයි කියල මං හිතුවා ... "
කතා කරන්නේ ඔහු පමණයි. ඈ කිසි සද්දයක් නෑ ...
"මහේශ් !" බින්දුව බින්දුව මෝදු වුණු කදුලු මහ වැස්සක් වගේ වැටෙන්නට වුණා ...
"ඇයි සුදූ, මොකද වුනේ?? කියන්නකො මොකක්හරි අසනීපයක්ද?"
"නෑ අපිට මේ එෆෙයාර් එක නවත්තන්න වෙනෝ ! "
"මොකක්, හදිසීයෙම ! මොකක්ද අවුල .... මීනා, මෙතන කතා කරන්න බෑ, අපි යං සුදර්මාරමෙට යන්, ක්ලාස් එක පටන් ගන්නත් ලගයි ."
ඇයට පන්ති යන්නටනම් කොහොමටවත් උවමනා වුනේ නෑ, ඈට අවශ්ය වුනේ ඔහුත් සමග තනිවෙන්නට .. නමුත් ඔහුගේ ඉල්ලීමට පිටතින් යන්න බෑ.. ඇරත් අද වගේ දවසක . ඔහුට අමතර පන්ති ගොඩක් වටිනවා, ඇයට වගේ නෙවෙයි, අනික ඔහු ඇත්තෙන්ම ඉගෙනුමට දක්ශයෙක්, රුසියෙක්,
"හා, යංකො ... " මීනා ඔහුගේ අසලින් වැටුනා.. සමාන්තරව ගමන් කරමින් තිබුනු මීනාගේ සුරතත්, ඔහුගේ වමතත් එකට පැටලුනා..
"මහේශ් තාත්ත ලංකාවට ඇවිල්ලා!"
"ඒ... ඇත්තද ? අරූත් ඇවිල්ල ඇති එහෙනම් .."
"හ්ම්ම්ම්..." ඈ අසරණව මහේශ් දෙස බලා උන්නා.. මහේශ් අදුරු වූ මුහුණින් වලාකුලු බැම්මට බර වුනා..
"මීනා ඔයාගෙ තාත්තට තේරෙන් නැද්ද ඌ ඔයාට ගැලපෙන්නෙ නෑ කියල ඇත්තට ඈ?"
"නැතුව ඇති, අනික එයා මගේම තාත්ත නෙවෙයිනෙ මහේශ්, මං අර සුද්දට දීල බිස්නස් ඩිවලොප් කරගන්නවා, "
"ඉතින් දෙය්යනේ අම්මට තේරෙන් නැද්ද ? "
"අම්මට නොතේරෙනව නෙවෙයි මං හිතන්නෙ, ඒත් අම්මට කරන්න දෙයක් නෑ.. බොරුවට මේ මගුලට කැමතියි වගේ පෙන්නගෙන ඉන්නව,, තාත්තා වසයිනෙ මහේශ් .. අද උදේ අම්ම බෝඩිමේ ඇන්ටිටත් කියල... මගුලක් ලග එනවය කියල.. "
"ඔය මනුස්සයගෙ දෙමාපියො මොනාවත් හොයල බලන් නැද්ද මීනා, "
"නැතිලු, එයාල එච්චර හොයන්නෙ නැතිලු මහේශ් එයාලගෙ සංස්කෘතියෙ හැටි එහෙමනෙ... මට අප්පිරියයි මහේශ්...... "
"මට අද පන්ති යන්න බෑ මීනා, අපි මාලිගාවට යන්ද ?"
"ඕන නෑ මහේශ්, ඔයා ක්ලාස් යන්න, මට යන්න බෑ, ඔයා කොහොමහරි කැම්පස් යන්න ඕනෙ, ඒක තමා මගෙත් හීනෙ... මං පාස් වුනත් වැඩක් නෑ, තව පොඩි කාලෙකින් අර මිනිහගෙ සර්වන්ට් වෙන්න වෙනව මට .. "
ඈ සුසුමක් හෙළුවා...
"නෑ අපි බලමුකො, අද යන්කො මාලිගාවට, ඔය විදියට ඉගෙන ගන්න පුලුවනෑ අද ? "
ඔහු තවත් බලාපොරොත්තු දෙනවා... ඒත් ඒව පල රහිත බව ඈ දන්නවා, ඇගේ සිතට ආත්මානුකම්පාවක් ඇතිවුනා..
"මීනා, ඔයාට බැරිද ඔය හැමදේම දාල එන්න මං එක්ක ?" ඈ පුදුම වූ දෑසින් ඔහු දෙස බැලුවා. මොන යෝජනාව කලත් ඈ මේ යෝජනාව ඔහුගෙන් බලාපොරොත්තු වූයේ නෑ,...
"මං කොහොමද ඔයත් එක්ක එන්නෙ මහේශ්? අපි එහෙම කලොත් ඔයාට මං ලොකු අසාදාරණයක් කලා වෙනව ඒක, එතකොට ඔයාට නැති ප්‍රශ්න ඇති වෙනව.. ඔයා හොදට විභාගෙ කරන්න ඕනේ.... ඒනිසා මෙහෙම දෙයක් කරන්න බෑ... "
"විභාගෙ ගියදෙන් බල්ලට.. මං දැනුත් කරන ඉගැන්නිල්ලෙන් ජීවත් වෙන්න පුලුවනි ... "
"විකාරද මහේශ් ! ඔයා ලස්සන ලොකු දොස්තර මහත්තයෙක් වෙන්න ඕනෙ කවදහරි, අම්ම අප්පච්චිව දාගෙන රතුපාට කාරෙකක ට්‍රිප්ස් යන්න ඕනෙ... "
අන්තිම ටික කියද්දී ඈට නැවතත් ඇඩුම් ආවා... මේ කියවුනේ ඔවුන් එකට පැතුව සිහිනයක්මයි... ඒ සිහිනයට සමුදිය යුතුම වී තිබෙනවා..
තව සුලු කලකින් ඇගේ ජීවිතය කොයි පැත්තකට තල්ලු වේ දැයි ඈටත් සිතා ගත නොහැකි වුණා.. ඔහුත් සමග මුලින්ම දළදා හිමියන්ව වැද පුදා ගන්නට ආවේ ඔහු මුණ ගැසුනු ප්‍රතම දිනයේදීම බව ඈට මතක් වුනා. අදත් අපි ආවා, ආයෙ නො ඒවි.... ඈ හිතෙන් මිමිණුවා..
පඩි පෙළ බැසවිත් වැල් බෝධියටත් ගිය ඔවුන් එකිනෙකාගෙන් සමුගන්නට නොහැකිව අසරනව උන්නා..
"දැන් කවද්ද ඔයා නුවරින් යන්නෙ?"
"හෙට තාත්ත එයි... "
"හ්ම්ම්ම්, පුදුම තාත්තල තමයි,... මං ඔයාගෙ තාත්තා එක්ක කතා කරන්නද? "
"වට් ??? ඔයාට පිස්සුද මහේශ් ??
"පිස්සු නොහැදුනොත් තමා පුදුමේ!"
"හ්ම්ම්. ඒකනම් ඇත්ත තමයි .."
"මම යන්න ඕනෙ මහේශ්.. ඔයා ක්ලාස් යනවනම් යන්න දැන්, ඉන්ටවල් එකෙන් පස්සෙ යන්න පුලුවන්නෙ. "
"නැහ් මං යන් නෑ, ඔයාව බෝඩිමට ඇරලන්නම්, යං.."
නිහඩ බව බිදිමින් මහේශ් මොනවදෝ මොනවදෝ කියනව මීනට ඇසුණා. ඒත් ඇගේ සිත බෙහෙවින්ම ව්යාකූලයි. කිසිවක් ඇයට වැටහුනේ නැ.. ආයෙ කවදාවත් අපි මෙහෙම එක ළග බස් එකේ යන එකක් නැතිවෙයි. ආයෙ කිසිම දිනෙක ඔහු වැව රවුමෙදී, සුදර්මාරාමයේදී, වැල් බෝදියේදි ඇයට කවදත් අසීරු රසායන විද්යාව ලිහිල් බසින් කියා නොදේවි ... ඇගේ සිතුවිලි අතීතයේ මිහිරි මතක තුළට ඇදී ගියා..
මහේශ් ඇගේ සුරත සෙමෙන් අල්ලා ගන්නා විට ඈ ගැස්සී පියවි ලොවට පිවිසියා. ඒ දෑස් වල තිබූ අසරණ බව දුටු මීනාට කියන්නට කිසිම වචනයක් ආවෙ නෑ. උගුරේ යම්කිසි ගුලියක් හිරවී වචන එලියට ඒම හිරකර තිබුණා..
ඈ අරුප්පොලදී බසයෙන් බැස බෝඩිමට පැමිණියා. ඒ වනවිටත් ඈව නිවසට එක් කරගෙන යාමට තාත්තා ඔහුගේ රියදුරු එවා තිබුණා.
රියදුරු තැන ඈ දැක සිනාසුනා.
"තෙන්නකෝන් මොකෝ හදිස්සියේම ?" ඈ කිසිවක් නොදන්නා සේ විමසුවා.
"බබා, මහත්තයා ආවනෙ... බබාව එක්ක එන්නෙය කිව්වා, අර ක්‍රිස්ටි මහත්තයත් එක්ක ආවෙ... එයා ඇතුලෙ වාඩිවෙලා ඉන්නවා ... "
ඇගේ මුලු සිරුරම අප්‍රාණික වුනා...
"අහවල් එකකට මෙහෙ ආවද !" ඈට කේන්තියටම කියවුණා.. ඒ හඩට බෝඩිමේ හිමිකාරියද වහා මිදුලට පැමිණියා..
සාලයේ පුටුවක ඔහේ දිග ඇදී සිටි ක්‍රිස්ටි නම් තරුණයාගෙත් මීනාගෙත් දෑස් එකට ගැටුණා.. ඔහු විගස නැගී සිටියා. මීනාට කිසිත් සිතන්නටවත් ඔහු ඉඩක් දුන්නේ නෑ, ඔහු ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන ඈ දෙසට තම සුරත දිගුකළා..
ලස්සන කතාවක්. අවසානේ දඩයක්කරු ගොදුර ගිලිනවද ?
ReplyDeleteහානේ දැන්නෙ මතක් උනේ ... මතු සම්බන්ධෙ දාන්න බැරි උනානෙ...
Deleteවෙලාවට සෙන්නා අහල. මම හිතුවෙ අපිට ඉතිරිය හිතන්න තියල කියල..
ReplyDeleteනෑ, පාඨකයා අසීරුතාවයට පත් කරන්නේ නෑ මං... දෙවනි කොටසෙන් හමුවෙමු සෑම්...
Deleteහොඳ කතාවක් දිගටම ලියන්න..
ReplyDeleteස්තුති කිරිල්ලියේ..... බේබි සිටින් ඉවර ඇති නේ.... :)
Deleteසමහර දෙමාපියන්ට දරුවෝ තවත් බිස්නස් එකක්. ඉතින් ඒ ළමයින්ගේ ජීවිත උගසට තියල අන්තිමට ළමයින්ගේ ජීවිත විනාස කරනවා.
ReplyDeleteමීන ක්‍රිස්ටිව කසාද බඳියිද........ එහෙමත් නැත්තම් මහේෂ් මීනව අරන් යයිද. හිතන්න වෙනවා. සමහර විට මීනා ජීවිතේ නැතිකරගනියි.
ලස්සන කතාව. නියමෙට ගලපලා තියනවා.
ස්තුති පැතුම් ... දෙවනි කොටසින් හමුවෙමු...
Deleteඅලුත් කතාවක්...මේකත් නූරි වගේම ලස්සන ඇති...
ReplyDeleteහ්ම්ම්.. ඒත් මේක එච්චර දිග කතාවක් නෙවෙයි, කෙටිම කතාවක්...
Deleteඅතීත සිද්දියක් මතක් වුනා.
ReplyDeleteඕවා මතක් කර කර ඉන්න ඕනෙ නෑ, පෝස්ට් එකක් කෙටුවම හොදටම ඇති ... :)
Deleteහරිම ලස්සනයි හිත කීරි ගැහෙනවා අප්පා....
ReplyDeleteසමාවෙන්න අක්කෝ සෑහෙන්න කාලයක් බ්ලොග් එක මගඇරිලා තිබුනේ දැන් නූරිට කොහොමද???
මම මේ කොල්ලා උනානම් මොන මගුල උනත් කෙල්ලව අරගෙන යනවා යනවාමයි... ආයේ දෙකක් නෑ මේ කතාව කියවද්දි හාට් බීට් එක උපරිම උනා... ගොදුර ගිලින්න දෙන්න එපෝ.....
හරිම ලස්සනයි අක්කේ ඔයා කොහොමත් මාරම ලස්සනට සංවේදිව ලියනවා... දිගටම ලියන්න අක්කෝ ආයෙ නම් මගඇරෙන්න දෙන්නෑ
//මම මේ කොල්ලා උනානම් මොන මගුල උනත් කෙල්ලව අරගෙන යනවා යනවාමයි... //
Deleteඕකනෙ මං මේ කොල්ලට ගැමිය නැතුව මහේශ් කියල නම තිබ්බෙ ! :) ...
ඒකනෙ මලයො මටත් දැන් බ්ලොග් ගොඩක් මිස් වෙලා, ඉඩ තියෙන තියෙන විදියට කියවනවා ... ඔයා නුවර නෙවෙයිද?
හයියෝ ඒ කියන්නේ කෙල්ලව අරූ අරගෙන යනකන් මහේෂ් බලාගෙන ඉන්නවද.....
Deleteමගේ ගම නුවර අක්කෝ.... මම කොළඹ හිටියට නිතරම නුවර ගැවසෙනවනම් තමා... (මාව දැකලවත්ද??)
කොටස් කතාවක්ද.. බලමු එහෙනන් ඉතුරු ටික පස්සෙ.....
ReplyDeleteබලන්න එහෙනම්, දෙවැන්න දැම්මා..
Deleteමම නම් මහේශ්ට යන්න දෙන්නේ නැහැ..පුලුවන් හැම මිනිත්තුවේ හරි එයා එක්කම ඉන්නව...
ReplyDeleteලස්සන කතාවක් සම්මානි..
ස්තුති නිම්ශා... දෙවනි කොටසත් බල්න්නකො
Delete