Tuesday, May 22, 2012

අත්තම්මා හා මගේ සිතුවම

මේ ළගදි මට ආයෙත් පොඩි කාලෙ වෙච්චි සිද්දියක් මතකෙට ආවා.. ඒක මතක් වෙද්දිත් මට කට කොණට හිනාවක් ආව නිසා නිකමට වගේ බ්ලොග් එකටත් ලියලා දාන්නම් කො...


මේ කාලෙ මම එක වසරෙ විතර... ගමේ ඉස්කෝලෙ ගිය මම පොඩ්ඩක් විතර කලින් ගෙදර එනවා.. ඊට ටික වෙලාවකට පස්සෙ නගරේ ලොකු ඉස්කෝලෙ ගිය අක්කි ගෙදර එන්නෙ... ඉතින් එයා එනකම් සෙල්ලමක් වත් කරන්න විදියක් නැතුව ඉන්න මම තනියම කරන්න පුලුවන් සෙල්ලම් සොයාගැනීමේ මෙහෙයුම් දියත් කරනවා.. ඔය අතරින් ගොඩක් සෙල්ලම් අවසානයේ මුල්ලක මට නින්ද යෑම තමා සිද්ද වෙන්නෙ...

අපෙ අත්තම්ම තමා හැම එකටම ඉන්නෙ ඉතින්... මොකක් හරි වැඩක් කරගන්න බලන්නෙ අත්තම්මා... මං අහුවෙයි ඔව්වට... 

අක්කි එනකන් ගේ ඉස්සරහ සිමෙන්ති පඩිය උඩ බලාගෙන හිටපු මට අපූරු සිතුවිල්ලක් ආවා.. මට අක්කි ඉස්කෝලෙ සිට එන හැටි චිත්‍රයක් අදින්න හිතුනා.. දුවගෙන කාමරේට ගිහින් මං ප්ලැටිග්නම් පෙට්ටියක් අරන් ආවා... දැන් මං මගේ හැකි උපරිමය චිත්‍රයට නගනවා.. අත්තම්මගෙනුත් කිසිම සද්දයක් නෑ.. පොඩ්ඩකට එහා ගෙදරවත් යන්න ඇති.. ඉතින් මං නිදහසේ සිමෙන්ති පඩිය උඩ දිගාවෙලා කඩදාසි කොලේක අක්කිව සිත්තම් කරනවා... ඔන්න එතකොට මට ආයිත් එනවා අපූරුම අයිඩියා එකක් .. "මොකටද කොලේ අදින්නෙ? සිමෙන්ති පොළවෙම අදිනවා... සිනිදුම සිනිදු රතුම රතු පාට සිමෙන්තියෙ ලස්සනට ඇදෙනවනෙ.. "
පොඩි වෙලාවයි ගියෙ, මං කොළ පාටින්ම අක්කිව ඇන්දා, ටිකක් පොඩියට ..... පොඩි කාලෙත් ඉතින් මං ගත්තු දෙයක් ආපහු එතැනින්ම තියන නිසා ප්ලටිග්නම් පෙට්ටියත් කාමරෙන් තියල අත්තම්ම හොයන්න ගියා... 

දැන් හවස... අක්කියි මායි සෙල්ලම් කරනවා.. මිදුලෙ සෙල්ලම් ගෙයක් දානවා.. මට චිත්‍රෙ ගැනත් අක්කිට කියන්න අමතක උනා... ඔන්න ඔය වෙලාවෙ තමයි අර අසහාය සිත්තම අත්තම්මට දර්ශනය වුණේ... ගෙදර ප්‍රධාන දොර ඉස්සරහම ඇදපු බලිය දැක්ක අත්තම්ම හොදටම කේන්ති අරගෙන ..

"කවුද මේ විනාශෙ කළේ?"

"අත්තම්ම මං නෙවෙයි... "
අක්කි කෙළින්ම කිව්වා... එතකොට ඉතින් මංනෙ.. මාත් වීරය වගේ බොරු කියන්න පටන් ගත්තා..
"අත්තම්ම මාත් නෙවෙයි.. "

"ඔය දෙන්න නෙවෙයි නම් මමද මේක ඇන්දෙ ?"

"දන්නෑ අත්තම්මෙ, අපි නෙවෙයි"
අක්කි ඒ පාර මං වෙනුවෙනුත් පෙනී සිටිනවා..

එක පාරටම අපේ අත්තම්ම වෙනස් වුණා.. හරිම ලස්සනට හිනා වෙලා මෙහෙම කිව්වා...

"කවුරු උනත් හරිම ලස්සනයිනෙ.. කමක් නෑ පුතේ, ඔයාල දෙන්නටත් බැරිද මේ වගේ ලස්සනට චිත්‍ර අදින්න... මේ විදියටම ඇන්දොත් මං එයාට දෙනව තෑග්ගක්..."

"මට පුලුවන් අත්තම්ම, මං අදින්නද?"
මං පටස් ගාල ගෙට දිව්වා ප්ලැටිග්නම් ගේන්න... (හනේ මෝඩ මං...) අක්කිත් දුවගෙන ආවා ...

දැන් අපි දෙන්න අදිනවා චිත්‍ර... මටනම් වැඩි වෙලාවක් ගියෙත් නෑ.. ඉකමණටම ඉවර කරපු චිත්‍රෙ දිහා බලපු අක්කිගෙ ඇස් දෙකත් ලොකු උනා..


"ඔයාද මේකත් ඇන්දේ?"

"ඔව්... " මං ආඩම්බරෙන් කිව්ව...  අත්තම්මත් කිව්වනෙ ලස්සන චිත්‍රෙ කියල..

"ඕක ටිකක් වෙනස් කරල අදිනව, නැත්නම් අත්තම්ම දැනගන්නව ඔයා තමයි මේක ඇන්දෙ කියල..."

 අක්කි පුන පුනා කිව්වත් මං නෙවෙයි ඒ ලස්සන චිත්‍රෙ වෙනස් කලේ!

ටික වෙලාවකින් අත්තම්ම ආව.. චිත්‍ර ඇන්දපු කොල දෙකම අතට ගත්තු අත්තම්මගෙන් ඊට සුලු මොහොතකට පස්සෙ මගෙ පස්සට ගුටියක් ලැබුනා.. ඊට පස්සෙ මෙහෙම කිව්ව..

"ඔය ගුටිය චිත්‍රෙ ඇන්දට නෙවෙයි බොරු කිව්වට... "

ඊට පස්සෙ අක්කියි මායි අත්තම්මයි තුන් දෙනාම එකතු වෙලා තිනර් ටිකක් ද කොහෙද දාලා අර චිත්‍රෙ මකල දැම්මා..


18 comments:

  1. මටත් ඉන්නවා ඔය වගෙ වැඩ කරන පොඩි කෙල්ලෙක් ඒකිට අත්තම්ම කියන්නෙ ඇට්ටරී කියලා

    ReplyDelete
    Replies
    1. හෙහ් ඔය නම හරි ලස්සන නමක්... ඕක අක්කිටයි මටයිත් පොදුවේ පාවිච්චි කරපු නමක් අපේ පුංචිල ටික...

      ස්තුති කමෙන්‍ටුවට...

      Delete
  2. අන්තිම පින්තූරෙ නංගි නම් ශෝයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. හරිම හුරතල් නේද?

      Delete
    2. නංගී !!!!!!!!!!!!!!!!!!!!

      Delete
    3. හෙහ් සෙන්නා කියල වැඩක් නෑ... ශෝක් නංගී නේද ?

      Delete
  3. ඇති යන්තම් ආයෙ ඇවිත්.. මම හිතුවෙ අතීතයෙම නවතියි කියලා..

    සෝයි කතාව අප්පා... ආසාවෙ බෑ.. අත්තම්මා හරි නුවනක්කාරයි නේද ?

    ජයම පතමි !!!

    ReplyDelete
    Replies
    1. මං ගැන සොයා බැලුවාට තුති සෙන්නා... ඔයා දැන් හෙන ප්‍රසිද්ද වෙලා නේද ? දැනුත් මං මං මේ ඔයාගෙ ටයිටැනික් පෝස්ට් එක කියවන්න හෙන ගේමක් දෙනවා.. තාම බැරිඋනා පැරා දෙකක් වත් ඉවර කරන්න, හරියට වැඩ අප්පා.... ස්තුති කමෙන්ට් එකට .. ඔයාටත් ජයෙන් ජය ...

      Delete
    2. හෙන ප්‍රසිද්ධ නෑ අප්පා.. මේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයට පින්සිද්ද වෙන්ඩ බොහොමයක් දෙනෙක් අතර බ්ලොග් එක පහුගිය දෝහේ ප්‍රචලිත වුනා..

      උන්දැට පින් !!

      අල්ලලා දාන්ඩ ඔය ටයිටැනික් කියවිල්ලා. කාටද අප්පා වෙලා තියෙන්නෙ ඔය මාගල් කියවන්ඩ. මම ඕක ලියුවෙ ඔහොම කියවන්ඩ නෙමේ.. ඒ ගැන දැන ගන්ඩ ඕනා වුනොත් ඉතින් ඇවිල්ලා බලලා පරිශීලනය කරන්ඩ තමා ඕක ලියුවේ.. ඔයා ඕක කියෙව්වෙ නෑ කියලා මම තරහා වෙන්නෑ..

      ජයම පතමි !!!

      Delete
  4. ආත්තම්මල එහෙම තමා..මාත් අහුවෙලා තියනව ඒ වගේ ආත්තම්මගෙ උගුල් වලට....:)

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ කිරිල්ලියේ, අපෙ අත්තම්ම හරි කට්ටයි ඔය වගේ වැඩ වලට දක්ශයි....

      Delete
  5. හරි නේ, ඇත්තම කිව්වොත් මටත් ඔහොම මතකයක් තියනවා. මාව හදාගත්තේ අත්තම්මා කිව්වොත් ඒක වැරදි නෑ. :) ස්තුතියි මතකය අලුත් කලාට.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ සිදුවෙච්චි දේවල් මටත් තාමත් මතකයි... සිහිනයක් වගේ ...

      Delete
  6. ආත්තම්මාගේ මොලේ තමා මොලේ. කවදාවත් මම එහෙම අහුවෙලා නැහැ.මොකද අම්ම චිත්‍ර අඳින්නේ නෑ

    ReplyDelete
    Replies
    1. // මොකද අම්ම චිත්‍ර අඳින්නේනෑ //
      මොකක්ද මේ කිව්වෙ?

      Delete
    2. අකුරක් වැඩියෙන් ඇවිල්ල නේ. මම කියන්න ගියේ මම චිත්‍ර අඳින්නේ නෑ නේ කියල.

      Delete
  7. මැරුණු කිඹුල්ලු වලිගේ වනනවා කිව්වා වගේ තමා :D

    ReplyDelete
  8. ටොක්! ඔන්න ප්‍රමාද වෙලා හරි මගෙනුත් ටොක්කක් බොරු කිව්වට. :)
    henryblogwalker the Dude

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....