පොඩ්ඩක් මට සවන් දෙන්න
පුංචි කතාවක් කියන්න
අද සැරසෙන්නේ ...
හැමදාමත් අපි ලිව්වට
රසට රසේ රස වින්දට
පුංචි පැටව් ගැන නෑ නොව
කවි ලියැවෙන්නේ ...
ඒ බව මොහොතකට සිතා
ලියනෙමි අද සිගිති කතා
පුංචි කලදි මා රස විදි
චින් චින්ගේ සිහිනේ ...
********************************************
චින් චින් හරි පොඩි ළමයෙකි
හැබැයි හරිම දග කෙල්ලෙකි
අම්ම කියන දේ නාහන
හුරතලයට හැදී වැඩෙන ...

සපත්තු වුව අම්ම දායි
පාසල් යන්නටද හොරයි
සෙල්ලම පමණී ...
බලු තඩියෙක් තුරුලු කරන්
පූස් නැට්ටා ළගට අරන්
අම්ම බෙදන බත් පිගාන
උන්ට කවන්නේ...
බත් ටික දෙනවලු බල්ලට
මාලු කූරියා පූසට
එළවලු ටික තාරාවට
චින් චින් හරි අපූරුවට ...
දවසක් දා මේ විදියට
සතුන්ට කන්නට දීලා
ඈ මේසය මත වැටිලා
පාවී යනවා දැනුනා ...
අනේ හරිම ලස්සනයිනෙ
බැලුම් ගොඩක් තියෙන්වානෙ
මං පාවී යනවානේ
චින් චින් සිතුවා ...
හිටි හැටියෙම එක පාරට
බැලුම් පිපිරි ඈ පහලට
වැටෙන්න යනවිට හනිකට
කූරෙක් එයි ඇගේ පිනට ...
කූරා ඇය රැගෙන යසට
ගස් මල් අතරින් හෙමිහිට
යනවා කුරුමිණි ලෝකෙට
හරිම ලස්සනයි ...
රතු කලු මුසු වුණු කුරුමිණි
කොයි කවුරුත් එකතු වෙලා
චින්චින් වෙනුවෙන් දැමුවා
ලොකුම සාදයක් ...
ලොකු කුරුමිණි හාමි ඇවිත්
රගමුකො රැගුමක්ය කියා
චින් චින් හා කැරකි කැරකි
නටන්න ගත්තා ...
කුරුමිණියා නටනවාලු
කැරකි කැරකි නටනවාලු
චින් ට කලන්තේ හැදිලා
බිමටම ඇද වැටෙනවාලු
ඈ හට දැන් හරි ලැජ්ජයි
නින්දක් වත් ඈට නොයයි
කුරුමිණියන් කියන කතා
අහගෙන හිටියා ...
චින් හරි කම්මැලියි නේද?
නටන්නවත් බැරිලු නේද?
අම්ම කියන දේ වත් ඈ
ගනන් ගන්නේ නෑලු නේද?
ඊලග දින උදෑසනම
ඉබ්බා මත ඈ නැග්ගම
කොහෙදෝ සිට ආ ගෙම්බා
විහිලුවක් කලා ...
ගෙම්බෝ කට වහගෙන හිටු
මට පුලුවනි දුවල යන්ට
එහෙම කියා චින් දුවගෙන
යන්ට දැගලුවා ...
ඉබ්බා හා ගොලුබෙල්ලා
ඈ පසුකරගෙන ආවා
චින් තාමත් බඩ ගාගෙන
එන්ට තනනවා...
පළා ගිරව් ජෝඩුවක්ම
වැටී සිටින චින් දැකලා
මී පුරයට අරන් ගොසින්
මී පැණි දුන්නා ...
මී මැස්සෝ කඩිසර ලෙස
පැණි පිරවූ පුංචි බදුන්
අතින් අත යවයි හනිකට
මී වදයක් හදා ගන්ට ...
පැනි බදුනක් ගත් චින් චින්
ඊලග මැස්සට දුන්නා
දැන් චින් ළග බදුන් ගොඩයි
චින්ට තෙහෙට්ටුයි ...
පය ලිස්සා ඈ වැටුණා
මකුලු දැලක ඈ රැදුණා
හනික නැගිට හිස් බදුනට
පා පහරක් එල්ල කළා ...
පෙරලි පෙරලි ඒක ගියා
ආයෙත් හුළගට ආවා
ඈ බයවී දුව එනවා
බදුනත් පස්සෙන් එනවා ...
දැන් දැන් අහසෙන් වැටේවි
හිස් බදුනට පිට රිදේවි
චින් චින් යටිගිරියෙන් මෙන්
උදව් ඉල්ලුවා ...
දවල් දැක්ක මේ හීනෙන්
චින් ඇහැරෙනවා
හීනෙ මතක් වන හැමවිට
ඈ බයවෙනවා ...
එදා පටන් චින් ළමයා
කීකරු වෙනවා
තනියම ඇදුමුත් ඇදගෙන
ලෑස්ති වෙනවා ...
උදේ කෑම ඇය තනියම
හොදහැටි කනවා
පූස්, තාරා බලු පැටවුන්
බලා ඉන්නවා ...
හරි ශෝක්... හරිම ශෝක්...
ReplyDeleteතෑන්ක්ස්...
Deleteඔයත් කියවල තියෙනවද චූටි කාලෙ චින් චින්ගේ සිහිනේ ??
නැත. මම මේ කියෙව්වමයි.. චින් චින් කෙනෙක් ගැන ඇහුවමයි.. මම මුලින්ම දැක්කෙ නිකන් ටින් ටින් වගේ :-)
Deleteඔයා ලියන කවි වලටයි
ReplyDeleteහැමදාමත් ආස වුනේ....
අක්කගේ මේ කවි කියවා
පොඩි ළමයෙක් වුනා මමත්
මේ කවි ටික සුරැක තබා
දූ පැටියේක් ගෙනා කලට
කියලා දෙනවා ලියල දුන්නේ
සම්මානී නැන්දා කියලා....හේ හේ...
තෑන්ක්ස් බට්ටියේ... .
Deleteඅයියෝ ඔයාගෙන් කවියෙන් උත්තරයි මට ඕන..මම කැමතිම ඒකට නේ..ඉහී ඉහී...
Deleteඅපූරු අදහස් පොඩිත්ත
ReplyDeleteආසාවෙන් කියැවූවා
මටත් මගේ පුංචි කාලේ
මතකෙට ආවා....
මං පුංචිම පුංචි කාලේ
අපේ අම්මත් ඔය වගේම
කථා කිව්ව බත් කවද්දි
කන්නට බෑ මම කිව්වම
අපූරු වැඩකුත් කෙරුවා
අම්මා තනිව මුළු කථාව
කොදුර කොදුර කියවනවා
උඩ බලාන උලමා වගේ
මං ලතැවෙනවා...
අන්තිමේදි අඩල අඩල
කථාවෙ අග දැනගන්නම
ඕනි හින්ද හැමදාමත්
බත් ටික කනාවා..
හැමදාවත් වගේ අදත්
හරි අපූරු කවි පෙලකින්
අක්ක අපේ චූචි කාලෙ
අයෙම මැව්වා...
ලස්සන කවි ටිකක්.. කවියෙන් උත්තර දෙන්නවත් මේ දවස්වල වෙලාවක් නෑ... ස්තුති රස්තියාදුකාරයෝ....
Deleteකවි පොස්ට් එකකට කවියෙන් කමෙන්ට් කරන්න ඕනේ ඒත් මම ලියපු කවි මැකුවා.
ReplyDeleteදඟ හැම ළමයෙකුටම එ විදියේ හීන පේනවද?
ලස්සන කවි හැමදාම වගේ.
ස්තුති අසරණයා...
Deleteතමන් ලියපු කවි මකන්න එපා... කෝ ඒ ටික ආයි ලියලා දාන්න මෙතන හරිද! කිසිකෙනෙක් හිනාවෙන්නෙ නෑ දිරිමත් කරනව මිසක ...
ෂාආආආ! නියමයි සම්මානි. ඔය නමින් චීන ළමා කතාවක් තිබ්බා නේද? මටෙ මතකයි මගෙ දුව පොඩි කාලෙ ඔය පොත ගෙනත් දීලා තිබ්බා. හැබැයි ඊට වඩා හුඟක් හොඳයි ඔයා ලියලා තියෙන විදිය.
ReplyDeletehenryblogwalker the Dude
ස්තුතියි ඩූඩ් අයියා ! මටත් අපේ අම්මි ඕක ගෙනත් දීල තිබුනා.. ඒ පොතේ තිබුණු චිත්‍ර අද වගේ මතකයි මට ...
Deleteඅනෙ අක්කෙ
ReplyDeleteතව කවියක්
අහන්න අපි හරි ආසයි
අදකාලේ ළමුන්ට නෑ
මේව ඇහෙන්නේ !
ස්තුතියි මල්ලියේ..
Deleteළගදිම තව කවියක් ලියන්න ඕනෙ, ඒත් වෙලාව තමයි ප්‍රශ්නේ... :(
ෂෝයි ෂෝයි හරිම ෂෝයි
ReplyDelete…ඔබේ කවි ටික හරිම ෂෝයි :D
ස්තුතියි හසිත...
Deleteඔයාලගේ ඇගයීම මතම තමයි මම තවදුරටත් කවි ලියන්න පොළඹවන්නේ ..
කවි ටික කොපි කර ගත්තා...පොඩි එකෙකුට නෙවේ මට බල බල ඉන්න...
ReplyDeleteහිහ්, මමත් ඔය කතාවට හරි ආසයි නංගො ..
Deleteඔබගේ බ්ලොගයේ අලුත්ම මෙම්බර් වශයෙන් මගෙ ප්‍රොෆයිල් එකෙන් ජොයින්ට් වී සිටින පුද්ගලයා මා නොවන බවත්,ඔහු විසින් පල කරන කිසිම කොමෙන්ටුවකට මගේ සම්බන්ධයක් හෝ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න..ස්තූතියි.
Deleteගොඩක් දිගයි නේ.ඒත් ගොඩාක් ලස්සනයි
ReplyDeleteනියමයි ඔයාගෙ කවි කියවල මම ගොඩාක් රසවින්දා
ReplyDeleteඅනේ ලත්තනයි ...සෝයිම සෝයි.. ....
ReplyDeleteසම්මානි..කොහෙ ගිහින්ද ? නැද්ද අදහසක් මුකුත් ලියන්න..
ReplyDeleteපට්ට කතාව.
ReplyDelete