හෙමිහිට කලුවර එනකොට
නුබත් එන්න රෑ වෙනකොට
පුත් කුමරුත් දොයියනකොට
මසිත දුවයි අතීතයට....
සරසවියෙදි මුන ගැහුනට
දෙසිත් ප්‍රේමයෙන් බැදුනට
අපිට අපිව ගැලපුනාට
විරොදේ ගෙයින්....
ඇයි මොකද්ද මගේ අඩුව
කියන් නගේ අඩු පාඩුව
ඉහට අරන් නුබත් කඩුව
ඇහුව සින්හලෙන්...
කාලය හෙමිහිට යනකොට
අපි එකහිත සුරකිනකොට
දෙයියො මූණ බලල යසට
මනාපෙ දුනි මව් ඔහු හට...
මංගල සීනුව හඩවා
ගමටම මගුලක් කියවා
පෝරු මස්තකේ හිදුවා
මා මනමාලිය වූවා...
කාසි පනම් හිග උනාට
අගහිගකම් බෝ උනාට
කල යුතු යුතුකම් ඕසෙට
තිබුනි අප වටේ ...
පඩිපත අත ගෑවෙනකොට
ඇමතුම එනවා ඔහුහට
අම්මට අක්කට නන්ගිට
ඊට ඉව තිබේ....
අක්කට මනමාලයා
සදුදා එනවා කියා
කපුවා ගියෙ දැන් කියා
පුතු ආවොත් වෙයි ශ්‍රියා...
පුංචි මල්ලි මේ අහපන්
පොඩි ලෝන් එකක් දීපන්
අපි ගැන පොඩ්ඩක් හිතපන්
මේ උදව්ව මට කරපන් ...
අය්යා මට අර කෝස් ය
උපාදියත් බාහිරින් ය
ඔක්කෝටම මෙච්චරයි ය
හෙට එව්වොත් මහ පිනක්ය
පුතේ නුබට ලියා දෙන්න
අප්පච්චි හිතා උන්න
මහගෙදරට ඇවිත් යන්න
නිවාඩුව තියෙයි ?
ගේ දිරලා යන හින්දා
පොඩි අක්කා පැල් බැන්දා
මෙව්වා අහලා මන්දා
පුතාට වෙයිදෝ නින්දා
පරණ කාර් මොටද පුතුට
අලුත් කාර් එකක් ගන්ට
පුතු දුන් එක තාත්තාට
මල්ලි අරන් රවුන් යන්ට
මයෙ පුතු හරි වාසනා
ලේලි පොඩ්ඩ හරි මනා
ඔබ සැම දෙන යන එනා
මග පිපේලු මල් හිනා
එහා ගෙදර ඩොටී නැන්ද
මාසයකුත් විතර කැන්ද
ගෙන ගෙහුන්ලු පුතා නන්ද
මාත් ආස නැද්ද මන්ද
හාමුදුරුවො පන්සලේ
අහනව නුබ සැම වෙලේ
චයිත්තියට පන්සලේ
දායක මම වෙමි මලේ
පුතාගෙ නම කියවනකොට
යකඩ කටින් ගමේ උන්ට
ආඩම්බරකමට ඔන්න
පොරොන්දු උනි හදා දෙන්ට
හප්පේ දැකපු කල් !!
ReplyDeleteYes senna, i m so happy to come n post. Thanks for the comment.
Deleteහාප්පේ...දැකපු කල්......වෙල්කම් මැඩම්..වෙල්කම් බෑක්..වෙල්කම් බෑක් ඔබ දැකීම පවා සතුටකි!
ReplyDeleteඑක පාරක් මතකද නවමයි උඹයි මායි හිටිවන කවි මඩුවක් පැවැත්තුව නවමගෙ බ්ලොග් එකේ ?....හෙහ්,හෙහ්,
හරිම සන්තෝශයි රවි අයියා, ඔව් මට තාමත් මතකයි, ලබ්බට තියපු අත ..... නේද? සෑහෙන කලකින් නෙ ආවේ මේ පැත්තේ, තාම වෙලාවක් හම්බ උනේ නෑ නිදහසේ ඔය හැමෝගෙම වගේ බ්ලොග් බලන්න... ඉතිං තාම නවම්ගෙ බ්ලොග් එක පැත්තේ ඒ වගේ කවි වාද යනවද ?
Deleteඅන්න හරි අන්න හරි ඔය මතක තියෙන්නෙ..ලබ්බට තියපු අත තමයි...හෙහ්,හෙහ්,
Deleteඒ......නවමා දැං ලියන්නෙ නෑනෙ බං..අවුරුදු තුනක් වගෙ වෙනව ඌ ලිවිල්ල අතෑරල දාල. උඹ මල් මිටියාවත නැවැත්තුවෙත් ඒ කාලෙම වගේ මට මතක විදිහට...
පොඩි පුතාගේ නෝනාගේ කවි මෙච්චර ගූ හතක් නම් පොඩිනෝගේ පුතා ලිව්වොත් ගඳ උහුලන්න බැරුව අපිට කොම්පීතර දාලා දුවන්න වෙනවා
ReplyDeleteහපොයි .........
Deleteබ්ලොගය අපේ සින්ඩියටත් දා ගත්තා.... ලොකු ඉතිහාසයක් තියෙන බ්ලොගයක්... දිගට ම ලියමු... ජයවේවා
ReplyDeleteස්තුතියි! ස්තුතියි !
Delete