Monday, February 13, 2012

නූරි --- 10

නූරි --- 10


සුදු නැන්දා කතන්දරයක් කියමින් මල්ලීට බත් කවන්නට පටන් ගත් විට නූරි හොර බැළලියක් මෙන් දුරකථනය වෙතට කිට්‍ටු කළාය. මිදුලේ රට ජම්බු ගහ උඩ ඉන්නා මල්ලීට සුදු නැන්දා බෙදා ගත් බත් පිගාන කවන්නට නම් තව පැයක්වත් යනු නො අනුමානය.

"මං මේ නරක වැඩක් ද කරන්නේ ? ඇයි සර් මට නම්බර් එක දුන්නෙ ?"
ඇගේ හිත ඇගෙන්ම ප්‍රශ්න කරන්නට ගද්දී ඈ සෙමින් ගැහෙන සුරතින් කුඩා කොල කැබැල්ලේ ලියූ අංක 10 පිළිවෙලට ඇතුල් කළාය.


"හෙලෝ ...... " අනෙක් පසින් ඇසුණු  ගොරෝසු කටහඩින් නූරි ගැසී ගියාය..

"සර්, ... සර්... මං අර සර්ගෙ පන්තියෙ............ "

"හ..... නූරි ඔයා කතා කරයි කියල මං බලාපොරොත්තුවෙන් හිටියෙ දැන් කොහොමත් ...... "

නූරිගෙ සිත සැනසී ගියේය. හිත යටින් මෙවැනි මොහොතක් බලාපොරොත්තුවෙන් සිටියා වුවත් ඒ අවස්ථාව ලද විට මෙසේ අපහසුතාවයකට පත්වේ යැයි ඈ සිහිනෙනුදු නොසිතුවාය.

"සර් මට කතා කරන්න කිව්වේ ?"

"ඒක තමයි .. නූරි කොහොමද පාඩම් කටයුතු ?"

"වරදක් නෑ සර්, කෙමිස්ට්‍රි ටිකක් අමාරුයි සර්"

"පළවෙනි පාරම ගොඩ ගියෙ නැත්නම් වැඩක් නෑ ලමයො, ඔය යාලුවො හොදට ‍තෝර බේරගෙන හොද ලම්යි එක්ක විබාගෙ කරගන්න මහන්සි වෙන්නෝනෙ, "

"ඔව් සර්..  මෙහෙ හැමෝම හොදයි .... "

"නූරි මොකද ක්ලාස් යන්නැත්තෙ ?, මං දන්න තරමට හැම ළමයම වගේ ටියුශන් යනව ... "

"මං ටියුශන් යන්න ඕනෙ හින්දත් තමයි සර් අප්පච්චි මෙහෙට අපි ඔක්කොමලම අරන් ආවෙ..... ඒත් මේ
ප්‍රශ්නෙ හින්ද ඒක අමතකම උණා සර්... "

"මොන ප්‍රශ්නෙ ආවත් ඉගෙනුමට ගාව ගන්න එපා දරුවො, මං කියන්නද, මං ඇත්තටම නූරිට කතා කරන්න කිව්වෙත් මේක කියන්න, නූරි ක්ලාස්ස් යන්න, මොනාහරි ප්‍රශ්නයක් තියේනම් මට කියන්න, ඕනම ප්‍රශ්නයක්, මුදල්හරි , ලමයින්ගෙන් හරි ඕනෙම එකක්.... "

"අහ් සර්, නැහ් මුදල් ප්‍රශ්න තාම නැතුව ඇති සර්, මං අප්පච්චිට කියන්නම් කො ... "

"අප්පච්චිට කියල ක්ලාස් යන්න පටන් ගන්න . .. ඔයා දක්ශ ලමයෙක් ...... කොහොමහරි මහන්සි වෙලා වැඩ කරන්න බලන්න අනං මනං වලට පැටලෙන්නෙ නැතුව....... "


"හාං සර්........ "


"හරි එහෙනම්, දැන් මං කතා කළා කියල පන්තිය වටේට කිය කියා ඇවිදින් නැතුව පාඩම් කරන්න .... "

"තියන්නද සර්, "

"ඕනෙ වෙලාවක කතා කරන්න නූරි .."

"හාං සර්..."

+++++++++++

පාන්දරින් නුවර සීතල සමගින් දලදා මාලිගාව ඉදිරිපසින් සෙනසුරාදට ඉරිදාට පන්ති යන්නට නූරි ආසාවෙන් උන්නාය. නුවරට පැමිණ මාස දෙකක්ම ගෙවී ගොස් ඇත.

"සර් කියනව වගේ ක්ලාස් නොගියොත් සිලබස් කවර් කරගන්න බැරිවෙයි,,, අප්පච්චිට කියල කොහොමහරි ක්ලාස් යන්නෝනෙ." ඈ සිතුවාය.

"දෝණි කවුද ?"
තවමත් රිසීවරය අල්ලාගෙන සිටින නූරිගෙන් නැන්දා විමසුවාය.

"යාලුවෙක් සුදු නැන්දෙ, "

"හ්ම්.. අනේ පුතේ අත්තම්මට කෝල් එකක් ගමුද ? හෙට විතර එනව කිව්වනෙ,, "


නූරි ගමේ අත්තම්මාගෙ නිවසෙ දුරකථන අංකය ඇතුළත් කළාය.

++++++++++++


සැන්දෑ හිරු රශ්මිය නූරිගේ කාමරයට එබිකම් කරන්නට පටන් ගත් විට නැවත දුරකථනය නාදවන්නට පටන් ගත්විට දුවගොස් ඈ එයට ප්‍රති උත්තර බැන්දාය.

"අප්පච්චී...."

"ඇත්තද !අනේ හොදයි ... හා මං නැන්දට කියන්නම් . "
නූරිගෙ කතා විලාශය ඇසූ සුදු නැන්දාද එතැනට පැමිණ කාරණය වෙත කන් යොමා සිටියාය. 

"අම්ම හෙට එක්කං එනවලු නැන්දෙ! "
සෙල්ලම් කරමින් සිටි ඔනෙල්ගේ මුහුණ මලක් මෙන් විකසිත විය.


"අම්ම ආපු ගමන් කරදර කරන්නෙ එහෙම නෑ හරිද මල්ලි, "


"ආහ් හරි ඒව බැරියැ ආවට පස්සෙ ." සුදු නැන්දා ඔනෙල් වෙනුවෙන් උත්තර බැන්දාය.
ලහි ලහියේ හැමෝම තම තමනට හැකි පරිද්දෙන් ගෙවල් දොරවල් අස් පස් කරන්නට පටන් ගත්හ.


"අක්කි මං මොනාද කරන්න ඕනෙ ?"

"අනෙ මේ ඔයාට දුන්නොත් කරයි ....... හා ඔයාට පුලුවන්ද මේ පු‍ටු මේස පිහදාන්න? බෑනෙ"

"මොකද බැරි ඔය රෙදි කෑල්ල දෙනව මට.. "

"හපෝ කරයි පු‍ටු කකුලක් තරන්වත් උස නැහ්..  පිහදාන්න පටං ගන්නකොටම හචිස් පචිස් ගායි.. අන්තිමට අම්ම ඉස්පිරිතාලෙන් එනකොට ඔයාව ඉස්පිර්තාලෙ එක්කන් යන්න වෙයි ... "

නූරි ගොස් ඔනෙල්ගෙ කිහිලි අස්සෙන් අත්දමා උස්සාගෙන ඇවිත් මේසය මත ඉන්දුවා නළල සිම්බාය.


"ඔන්න ඔතන ඉදගෙන සින්දුවක් කියන්න මල්ලි අපි දෙන්න සමරමු අම්ම ගෙදර එන එක ..... "

*************************

නින්දට ගොස් නූරි අද දිනයේ සිදුවූ සතු‍ටුදායක සිදුවීම් ස්මරණය කරන්නට වූවාය. නැවතත් ජීවිතේ සතුට කරා ගමන් කරනු ඇතැයි නූරි සිතුවාය.

"දැන් අම්ම සනීප වෙලා ආවම මං සෙනසුරාද ඉදල ක්ලාස් යනව.. දිලිනිල එක්ක.. කලින් ඉදන් යන්න තිබ්බෙ .කම්ක් නැහ් මාස දෙකයිනෙ බැරි උනෙ.. සර් කියනව වගෙ මං කොහොමහරි මහන්සි වෙනව විබාගෙට..... සර් මොකටද මට වියදම් කරන්නෙ ? ඒ කතාව මට ඇල්ලුවෙත් නැහ්.. අප්පච්චිට ඒ කෑල්ල නොකිය ඉන්න ඕනෙ.. මොනාහරි හිතුවොත් එහෙම..... සර් කිව්වට සර්ට කතා කරපු බව කාටවත් කියන්න එපා කියල මං මිතිලට විතරක් කියනව.. එයා මගෙ හොදම යාලුවනෙ..... "

21 comments:

  1. හහ්.. එයාට විතරක් මොකද විශේෂත්වයක්...?

    කතාව ලස්සනට යනවා.. ටිකක් දිග කැල්ලක් දාන්ඩ බැරිද ? කොහොමද නිකන් පොටෝ කෑල්ලකුත් දැම්මනම්..?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සෙන්න ...

      ඇයි කතාව කෙටි වැඩිද ? හා මං ඊලග දවසෙ වැඩිපුර ලියන්නම් .. ෆොටො කෑලි මං කොහෙන් හොයන්නද අප්පා !

      Delete
    2. ඇයි දෙයියනේ කාටත් බැහැයි නොකියා උදව් කරන ගූගල් දෙවියා....

      එය දුන්නැත්නම් ඉතින් ඔයා ඉස්කෝලෙ යන කාලේ ගත්තු පොටෝ ටිකක්වත් දාන්ඩ.. හිහ් හිහ්..

      Delete
    3. ඔව් නේන්නම් කාටත් උදව් කරන ගූගල් දෙවියො මං දිහාවත් බලයිනෙ... බලමු ඊලග කොටසින් .... :)

      Delete
  2. අම්මේ මේ නුරියත් හේ හේ

    ReplyDelete
    Replies
    1. හිහ් .. මොකෝ වර්ණා නූරි ගැන කේන්තියෙන් වගේ ?

      Delete
  3. මිතිලාට කියනවා කියලා තියෙනවා දැක්කම නම් මට හිතුනා සොරි ඩොට් කොම් වෙයිය කියලා කෙල්ලොන්ට රහස් හංගන් ඉන්න පුළුවන්නේ හරි ෂෝක් එකට හි හි.... කතාව සුභ දායක පැත්තට හැරුණු එකත් හොඳයි... සෑහෙන්න කියවන්න බලාගෙන ආවේ හිතුවටත් වඩා කෙටි වෙලා නිසා කතාව කියෙව්වේ නෑ වගේනේ....

    ReplyDelete
    Replies
    1. අනේ මේ නිකං ඉන්න, ගෑනු ළමයි හොදට රහස් රකිනව හරිද !

      ඊලග දවසේ දිග.... දිගම කොටසක් දෙන්නම්කො ...

      Delete
  4. නුරිටත් වැල ඉන් ටයිම් ද? ;)

    http://samindikasrimantha.blogspot.com/2012/02/blog-post_13.html

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එකත් බලලම තමා කමෙන්ට් එක පබ්ලිශ් කළේ .. හිහ්

      Delete
  5. තවත් දිගට තිබුනා නම් තවත් හොඳයි...නැතත් හොඳයි ඉතින් :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සයුරි හැමදාම ලියන්නෙ ඔය තරම් දිග කොටසක්... අද ගොඩක් අයට කෙටි වගෙ පෙනිල... කමක් නෑ ඊලගට එන්නෙ දිගම දිග කොටසක් ....

      Delete
  6. මට එක කොටසක් මග ඇරිල වගේ..සර් නම්බර් එක දුන්න බවක් මම දැනන් හිටියෙ නෑනෙ..

    ReplyDelete
    Replies
    1. ඔයා දකින්න නැතුව ඇති නවවන කොටස . මම ඒත් බැලුව මොකෝ කමෙන්ට් එක නැත්තෙ කියල.. මේ කතාව ගොඩක් දෙනා කියවන්නෙ නැති නිසා මට මතකයි හැමදාම කියවන අය.......

      Delete
  7. මගෙ අනාවැකිය හරි නේද ?

    ReplyDelete
    Replies
    1. හිහි ... නරකද ඕස්ට්‍රේලියාවෙ පේන කියන්න පටං ගත්තොත් ??

      Delete
  8. මුල් කමෙන්ටුව වගේ තිබේ නම් මේ කතාව තවත් ගොඩක් ලස්සන වෙයි සම්මානි.. :)

    මඟහැරුණ කොටස් එක්කම අද කියෙව්වා.. ඉතිරි කොටස බලාගෙන සිටිමි.. :)

    අකුරු ටීක්කක් විතර ලොකුවට දාමුද.. :)

    ReplyDelete
  9. ලස්සනයි කතාව.කමෙන්ට් වල දැක්ක වගේ මටත් හිතුන අද කොටස කෙටිද මන්ද කියල.සමහරවිට සවෙන් ආකියවන නිසාද දන්නෙ නැහැ.

    ReplyDelete
  10. Is the story finished, where is episode 11?

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....