Wednesday, February 1, 2012

ඇගේ මුවින් එලියට ආ දුක් කතන්දරේ ....

පාලුව තනිය ඩිංගක් මග අරවන්ට
සිතුනා නිකම් මට කවිපද අමුණන්ට
සිතුවිලි එන්ට ගත් විට මට පබදින්ට
කියනෙමි කතාවක් මිතුරනි අහගන්ට ....

යම්තම් වයස පහලොව මට සපිරි කල
හිටියා මතක ඇත මිතුරිය මා අසල
වැඩි ඇයි හොදයියක් නොතිබුනි කවරකල
එනමුත් මතක ඈ ගැන දිවි තිබෙන කල .....

ඈ එන්නේ කොහි සිටදෝ නොදනී කිසිවෙක්
ඈ යන්නේ කීයටදෝ නොදනී කිසිවෙක්
නෑ මිතුරන් මිතුරියන්ද ඈ හට කිසිවෙක්
හැම එන්නට කලියෙන් ඈ පන්තියට ඇවිත් ......

මේ නම් රහසකි ඇත්තෙන් විසදිය යුතුය
කිහිපදෙනෙක් එකමුතු වී කරපු කතා එහෙය
ශේප් එකේ ඉස්සල්ලම යාලුවො විය යුතුය
ඇගෙ පස්සෙන් ඊට පස්සෙ ගිහින් බැලිය යුතුය. ......

මුල්ලට වී අපි එලෙසින් මුලින් කතා කලා
පැත්තට වී ඇගේ අතින් ඇදල විහිලු කලා
ස්වීටි අනේ, සුදූ යාලු, වචන යූස් කලා
කන්නට ගෙනියන හැම එක ඈට පූජ කලා ....

මහන්සියේ ප්‍රතිපල ඇත නැත පමා වුනේ
ඇගේ මුවින් කතන්දරේ එන සලකුනු පෙනේ
වහෙන් ඔරෝ ලෙසින් අපිත් ලගට කිට්‍ටු උනේ
අනන්තයට දුක විහිදුනු කතාවකියි අනේ .........

අපෙ අම්මට මාත් එක්ක අයියා විතරයි
අප්පච්චිට අපි නැතුවට ගල් අරක්කු සැපයි
මුලු පඩියම යාලුවන්ට බෝතලේට යටයි
මං දන්නෑ මේ කරුමෙට අපෙ ජීවිත යටයි .........

අප්පච්චී බිව්වා වුනත් අපිට කමක් නැතේ
අයියට මට අම්මගෙ පඩි පොඩ්ඩ උනත් ඇතේ
ඒත් මටත් හදා ගන්ට බැරි ප්‍රශ්නේ හිතේ
අම්මට ගුටි හැමදාමත් ඇයිදෝ මේ වදේ .......

ඉවසුව හැකියි එනමුදු බැහැ සෑම දින
කිව්වේ අයිය බය කෙරුමට පියා එන
ඇයි බොල තොටත් ඕනද කියපං ගුටිය
අල්ලා කෙස්වැටිය අයියා දැන් බිමය...

මේ මොන මගුලක්ද මං යනවා යන්න
අම්මා නංගි එනවානම් කෝ එන්න
ආයෙත් නො එමි මම ඒ බැව් දැනගන්න
බොරුවට එන්න කියමින් නුබ නාඩන්න.....

ඉතිං යාලු මම කොහොමද හිනැහෙන්නේ
පාඩම් පොතක් බැලුමට නැහැ සිත දෙන්නේ
අයියත් ගෙදර නැහැ පිරියක් සිත දෙන්නේ
මොකටද ඉතිං මම මේ ජීවත් වන්නේ

ඇගේ මුවින් එලියට ආ දුක් කතන්දරේ
ඇසේ කදුලු මතු කෙරුවා නෑ වසන් කරේ
ඇගේ දිවිය සරුවෙන්නට පැතුම් එකතු උනේ
එදා පටන් ඇය අපගේ හොදම මිතුරි උනේ .........

32 comments:

  1. අයියෝ.. කට්ටියම කවි ලියනව ... ඒ ගමන.. මට නිකන් පිස්සු වගේ.. වෙන එකක් තියා ඔබා මාමත් කවි ලියන්ඩ පටන් අරන්..

    ReplyDelete
    Replies
    1. ඇත්තට,,, කියන්නකො කවුද කියල .. මමත් ආසයි කවි කියවන්න ...

      Delete
    2. ඔයා ඔබා මාමව දන්නැද්ද ඇත්තටම.. ? මේ බ්ලොග් අවකාශේ සෑහෙන ජනප්‍රිය කොල්ලෙක් ( කාලෙකට ඉස්සර හොඳේ ) එයා...

      ඔන්න ඔය පල්ලෙහා තියන ලින්ක් එකෙන් ගිහින් බලන්ඩකෝ..

      http://observer-nireekshaka-observer.blogspot.com/

      Delete
    3. ඔබා මාම දන්නැති කෙනෙක් නැතුව ඇති මගේ හිතෙ... මම ඇහුවෙ ඔබා මාමාත් මාත් තව මා දන්නා කිහිප දෙනාත් හැරුණු කොට තවත් අය ඉදීද කියාය .. හිහ් .....

      Delete
    4. ඔයා මගෙන් ඇහුවේ දේවානම්පියතිස්සගෙන් අහන්ඩ ඕනා ප්‍රශ්ණයක්.. හිහ් හිහ්...

      Delete
    5. ඒක ඔබී නැන්ද ලියාපු එකක්ලු ... ලස්සනයි නේද !

      Delete
  2. ලොකු දෙයක් ඒ කවියෙන් තේරුම් ගන්න තියෙනවා.ඉතින් දැන් එයාගේ තාත්තා.අයියා කොහෙද ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් .. දුක වැඩි නිසා ඒ කොටස කවියට දැම්මෙ නැහැ

      Delete
  3. ගේදොර ඉඩකඩම් වතුපිටි ගත හැකිය..
    මිල මුදලකට නම් ඒ සේරොම යටය
    හොඳ මිතුරන් සෙවුම නම් හරි කටු සරය

    ReplyDelete
    Replies
    1. ඇත්තයි සොයුර නුඹ එය හරියට කිව්වා
      වත්තයි ගෙදර මිලයට ගත හැකි එව්වා
      රොත්තයි ඈ වටේ මිතුරන් හිත් හැදුවා
      සත්තයි මිතුර අපි ඈ සතුටින් තිව්වා ...........

      Delete
  4. ලංකාදීපෙ මඩිස්සලේ මතක් උනා. පසුබිම් කතන්දරය නරක උනත් හොද කවිපෙල.

    ReplyDelete
    Replies
    1. හිහ් මමත් මතක ඇති කාලෙ ඉදන් මඩිස්සලේ කියවනව... ස්තුති රාජ් කමෙන්ට් එකට .......

      Delete
  5. අද තමා ඉස්සෙල්ලම මේ පැත්තට ආවේ...
    ගොඩක් සංවේදීයි.....ඉතින් කතාවේ ඉතුරු ටිකත් කිව්වනම් නේද හොඳ යාලුවා??

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා මල් මිටියාවතට .......... කතාවෙ ඉතුරු ටික කිව්වෙ මේ යාලුව ගැනද ? මං ලියන " නූරි " ගැනද?

      Delete
  6. කවිය කියෙව්වේ දැන් තමා.... ලස්සනයි... මේක ඇත්ත කතාවක්ද ?

    ඕක බොහොමයක් අයට තියන පොදු අත්දැකීමක්..කීයක් ජීවිත ඔය මත් වතුර හින්දා නාස්ති වෙලා ඇත්ද ..?

    ReplyDelete
    Replies
    1. අනුවේදනීය සත්ය කථාවකි ...

      ඔය කථාව ඇහුවම මම කිව්ව "බිබී ඉන්න හරි තාත්ත ඉන්නවනෙ ඔයාට " කියල.. මොකද මගෙ තාත්තා නැතිවෙල නිසා... එයා කිව්වෙ මම හරි වාසනාවන්තලු තාත්තා නැතිවෙන්න, එයත් පතන්නෙ ඉක්මණට තාත්ත මැරෙන්න කියලලු.............

      Delete
  7. හ්ම්ම් ගොඩාක් දෙනෙක්ගේ ජිවිත අරක්කු බිලිඅරගෙන

    ReplyDelete
    Replies
    1. අරක්කු බෝතලයකට කොයිතරම් දේවල් කරන්න පුලුවන්ද වර්ණෝ .......

      Delete
  8. ඉතින් දැන් ඒ යාළුවා වත් හොඳ තැනක ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. අයියා කාලයක් භාවනා කරන්න ගිහින් හිටියලු... මගෙ යාලුවානම් දැන් බැදල... එයාලගෙ තාත්ත නැතිවුණා .......

      Delete
  9. ලස්සන අර්තවත් කවි ටිකක්....මට බැහැනෙ අනේ කවි ලියන්න....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කිරිල්ලියේ .. හිතුවොත් බැහැ කියල දෙයක් නෑ යාලූ..... ට්‍රයි කරල බලන්නකො ...

      Delete
  10. ඔබා මාම කවි කියවන්න ටිකක් හොරයි, ඒ වුනත් මේ කවි පන්තියෙන් කියවෙන කතාව ගැන තමයි හිතන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔබා මාමා වෙනුවෙන් සෙන්න මෙතන ඇඩ් එකකුත් දාල තියෙන්නෙ... හොරාට සෙන්නට මොනවත් තෑගි දුන්නද මන්ද ?

      කවියේ වස්තු බීජය දුකයි තමයි ...

      Delete
  11. සිරා... මේ පැත්තේ..එන්න පරක්කු වුනාද මන්දා..

    කලින් ලිපි 2ත් බලල නැහැ මම..

    ReplyDelete
    Replies
    1. පරක්කු වුණාට මොකෝ දැන් ආවනේ........ හා බලන්නකෝ පරණ ලිපිත් එහෙනම් .....

      Delete
  12. මිතුරකු අගය බැහැ කියවා නිමවන්ට​
    සැපතදි වඩා දුකකදි ළඟ ඇත නිතර​
    එවන් මිතුර ලැබුවොත් හැම අයෙකු හට​
    රැඳේ අපගෙ හද පත්ලේ හැම විටක​

    මම කවි ගලපන්න දන්නෙ කෙනෙක් නෙවෙයි.මගේ ජීවිතේටම ලිව්ව දෙවෙනි කවියක් වගේ පද ටික වෙන්න ඇති..

    කවි පේළි ලස්සනයි.ඒත් ඒ ඇතුලෙ හැන්ගිල තිබුන කතාවට නම් ගොඩාක් දුක හිතුන.

    ලස්සනයි අක්කියො...

    ReplyDelete
    Replies
    1. අමුණා කවිය හැඩ ඇති විලසින් සොදට
      මුමුණා කියයි මං නොලියමි කවි යසට
      බදිණා අකුරු කවියෙන් තව තව එන්ට
      පතනා පැතුම එව්වෙමි මං පිලිගන්ට ............

      දෙවනි කවියනම් වෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ ...

      Delete
  13. කාසි පනම් ඇතිවිට හෙවනැල්ල ලෙසේ
    නොයෙක් ඈයෝ හිටියත් අප මිතුරු ලෙසේ
    සොයනු බැරිය උන්ගේ හොර මිතුරු වෙසේ
    කෙලවෙන තෙක්ම යන එනමං නොමැති ලෙසේ

    කවියක් ලෙසින් එලි බැසි මේ කතන්දරේ
    ඉඟියක් දුන්නා හෙනයක් ගැන මත්වතුරේ
    නොඇසෙනු පතා මෙවැනි විපත් අප අතරේ
    දැන්වත් මතට තිත තියමුද අප අතරේ

    ඔයාගේ කවි නම් උපරිමයි අක්කේ....කතාව හැටියට දැන්වත් එයාලා යහතින් ඇතියි කියා සිතමි....ඒත් අක්කා දුන්නු කොමෙන්ටුවක් නිසා ඒ ගැනත් ෂුවර් නෑ

    ReplyDelete
  14. දැන්වත් මතට තිත තියමුද අප අතරේ
    කියලා කිව්ව‍ට අප හැම අතරේ
    කරනා කෙනෙකු නැහැ නොවැ දුටුවේ
    දු‍ටොත් කියනු සබඳ අප හැම අතරේ

    යෝජනා එයි තිත තැබුමට මතට අනේ
    එය ‍කෙරුමට නැත ජගතෙක් පහළ උනේ
    මොන කරුමයක්ද අපට මේ සිදු වන්නේ
    දෙයියොත් ඇයිද අප දෙස නොබලන්නේ

    දින දින ඉහළ යන උද්ධමනය හමුවේ
    යයි නැග මිලත් බෝතලයේ
    නැහැ අනේ දෙවියනි අඩුවන්නේ
    වැඩි වනු පමණි අළෙවිය දස අතිනේ

    ‍දේශීය නිමැයුම් ඇගයූවත් මහ ඉහළින්
    ගසේ පෙරෙන රා මුට්ටිය වෙයි තහනම්
    රටින් ගෙනෙන වස විස වෙයි මනරම්
    අපේ උන්ට ඒවා ලොකු ලොකු දේවල්

    කරනට මෙය වෙනස් ලෝකය හමුවේ
    අයෙක් වෙතොත් මේ පුංචි ර‍ටේ
    "ඇගේ මුවින් එළියට ආ කතන්දරේ"
    අයියණ්ඩිට වූ දෙය පමණකි සිදුවන්නේ

    ඔබ‍ට බැරිය මෙය නවතන්නට තනියෙන්
    මටද බැරිය මෙය නවතන්නට තනියෙන්
    අපට හැකිය මෙය නවතන්නට වී සමඟින්
    එක් වන්නට ඇරයුම් ඒ වෙනුවෙන්....

    ReplyDelete
    Replies
    1. රා ද අරක්කුද බ්‍රැන්ඩිද විස්කි වුව
      මෙරට නොරට වෙන ලෝකෙක පවා වුව
      කිව්වත් අයෙක් උඩ පැන ඒ ගෙනා සුව
      ලබැදි දනුන් දනු ඇති බෝතලේ පව ......

      Delete
    2. බොන දේ හොඳ නරක බොනා කෙනා දනී
      දකිනා කෙනා එහි වෙනසක් කෙළෙස දනී
      බීලා කෙලින පිස්සුව ඔබද දනී
      මොන දේ වුනත් ‍කෙළවර සැවොම දනී

      Delete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....