Monday, March 19, 2012

නූරි --- 12


සිත ඔහේ පාවී යද්දී රත් මල් වැට මැද්දෙන් වැලි පාර මතින් නූරි පන්තියට ආවාය.  අද ඇගේ පන්තිය අතුගාන දිනය නොවූවත් ඒ වනවිටත් පන්තිය අතුගාන යෙහෙළියන් නොපැමිණ සිටිය හෙයින් ඈ කොස්ස ගෙන අතුගාන්නට ගත්තාය. කුලුදුලේම පාසලට අද ගිය ඇගේ සොයුරු ඔනෙල්ව ඈට සිහියට නැගිණි. "මොන විකාරයක් කරලද දන්නෑ දැනටම ! " ඈ තමාටම කියාගත්තාය.


ටික වේලාවකින් පාසලේ ශබ්ද විකාශන යන්ත්‍ර වලින් දේශාභිමාන ගී ප්‍රචාරය වන්නට විය. මෙය ඇගේ පාසලේ සෑම සදුදා දිනකම පාසල පටන් ගන්නාතුරු සිදුකෙරෙන දෙයකි. ඒ ශබ්දයට මුවාවී පන්තිවල කෙල්ලන්ද කොල්ලන්ද ශබ්ද නගා ගී වලට අත්වැල අල්ලති. කිසිවෙක් එයට එපා නොකීහ. නූරිද තනියෙන් වුවද ශබ්ද නගා අනිත් මිතුරින් එනතුරුම ගී ගායනයේ යෙදුනාය.

සාමාන්යයෙන් භෞතික විද්යාව කාලයේදී තරින්ද ගුරුතුමන් ඈ සමග විශේශයෙන් කතා නොකලද, අන් සියලු සිසුන් සිසුවියන්ට මෙන්ම ඈටද සලකුවේය. නමුත් අද ඔහු නූරි දෙස හිතාමතාම නොබැලුවේය. සියලුම ළමුන් දෙස එකවර බලමින්, කිසිම කෙනෙක්ගේ දෑස් වෙනම ග්‍රහණය කරනොගැනීමට ඔහු අද වගබලා ගත්තේය.

නූරිගේ මුහුණ හොද නැත. ඈ මිතිලාත් සමගින් පාසැල අවසන බසය කරා යමින් සිටියාය. ඈ කුමක්දෝ දෙයකට මුහුණ නරක් කරගෙන සිටියාය. උදේ බොහොම උද්යෝගයෙන් සිටි මිතුරියට කුමක් වූවාදැයි මිතිලාටද නොවැටහෙන බැවින් ඈ නිහඩ බව බින්දාය.

"මොකෝ, දැන් ඇතිනෙ මූණ කොරහක් වගේ කරගෙන හිටිය! කියපංකො, මොකක්ද අව්ල?"
නූරි රවා බැලුවාය.

"මට ඇති අව්ලක් නෑ, ඔයාට පේන හැටි.."

"මට විතරක් නෙවි නූරි, හැමෝටම පේනව ඔයාගෙ මූනෙ කැත, ඇයි කල්පවත් මොනාහරි කිව්වද?"

"අනේ පිස්සුද මිතිල. කල්ප හිතේ තියාගෙන ඉන්නව, අපි ඒව දන්නව කියලත් දන්නව, ඒත් ෆෝවඩ් නෑ, ඒක හොදයි ... කරදරයක් නෑනෙ එතකොට,"

"ඔව්, කෙලින් අහනකං නොදන්නව වගෙ ඉන්න පුලුවන්නෙ නේද? හරි දැන් ඌත් නෙවෙයි නම් කේස් එක මොකක්ද?"

"කේස් එකකුත් නෙවේ මිතිල, මට හරි දුකයි බං, සර් අද මගෙ මූණවත් බැලුවෙ නෑ, හරියට මං සර්ට වැ‍රැද්දක් කරල වගේ, "

මිතිලාට සිනා යන්නට පටන් ගත් විට නූරිට තවත් කේන්තිය වැඩි විණි.

"ඕකනෙ මං කිව්වෙ නැත්තෙ, ඔයාලට ඉතින් කවදත් විහිලුනෙ, කමක් නෑ මගෙ ප්‍රශ්නෙ මං විසදගන්නම්, ඔයා පැත්තකට වෙලා ඉන්න......."

"අපෝ නෑ නූරි මං හිනා වුනේ එහෙම ඔයාව පල් කරන්න නෙවෙයි.. ඔයාත් හරි පුදුමයි එක අතකින් බැලුවම.. "

"ඉතින් අනිත් අතින් බලපන්, එතකොට පුදුම නැති විදියට පෙනේවි... හිහ්"

"නෑ නූරි ඒ සැරේ ඔයා විහිලු කරනව, ඔයා තරින්ද සර්ට ඇත්තටම හිත යටින් ආදරේ කරනව නේ !"

නූරි ගැස්සී ගියාය. ලෝකෙටම ඇහෙන්නට "ඔව් මං සර්ට ආදරෙයි ඊ ඊ " කියන්නට උවමනා උවත් එයට සුදුසු වේලාවක් නොවේ මේ. එහෙයින් ඈ මෙලෙසින් පිළිවදන් දුන්නාය.

"එහෙම්මත් නෙවෙයි මිතිල, අනේ මන්ද !"

"ඔයා ඔය හිත රවට්ට ගන්න ඔහොම කිව්වට ඕකට ඔයා හැර හැමෝම කියන්නෙ ආදරේ තමයි .. කමක් නෑ නූරි , ඕක මොකක් වුනත් මමනම් ඕකට කැමති නෑ නූරි"

"ඒයි, ඒ ඇයි ඔයා එහෙම කියන්නේ ?"

"ඔයා මනෝලෝකෙක අතරමං වෙලා වගේ පිස්සුවෙන් සර් ගැන හිතුවට ඔයාවත් අපිවත් කවුරුවත් සර් ගැන හරියට දන්නෙත් නෑ. ඒක එකක්, අනික ඒ සර් කෙනෙක්, ඔයා සර්ගෙන් ඉගෙන ගන්න ළමයෙක්, ඒක වෙනස් වෙන්නෙ නෑ කොහොමවත්.. ඔයා සර් එක්ක යාලුවුනොත් ඒක ඉස්කෝලෙටත් හරි නෑ ... "

"ඔයා කියන ඒව හරි මිතිල, ඒත් අපි ඒවට උත්තර හෙව්වොත් ඒ ප්‍රශ්න විසදගන්න පුලුවන් නේද ?"

"ඒවට උත්තර නෑ බං, මන් ඔයාට නොකිව්වට දිලිනි එක්කත් මේක කතා කළා.. "

"අනේ , දිලිනි මොනාද කිව්වෙ, පව් මිතිල ඔයා මං වෙනුවෙන් මහන්සි වෙලා... "

"ඇත්තම කියනවනම් දිලිනි උබත් එක්ක වැඩිය කථා කරන්නවත් එන්නෙ නැත්තෙ ඔය මගුල් සිතුවිලි හින්ද බං"

"ඒ පිස්සුනෙ බං දිලිනිට, මං එයාව ගිලිනවයැ !, සමයංද කොහෙද?"

"ඔයාට සමයං උනාට නූරි පොඩ්ඩක් හිතන්න, අපෙ ඉස්කෝලෙ නුවර තියෙන හොදම ඉස්කෝලයක් .. ඇයි ඔයා ඒ ගැන නොහිතන්නෙ... "

"හ්ම්ම්, හරි මම නරක දෙයක් කරන්නෙ නෑ මිතිල, අපි බලමුකො.. දැන් මට පොඩි උදව්වක් කරහං.. "

"ඒ පාර මොකක්ද?"

"අපි අර කමියුනිකේශන් එකට ගිහින් එමුද?"

"කාටද කෝල් ගන්නෙ,? සර්ටද?"

"හ්ම්, මට එදා ක්ලාස් ගියා කියල කියන්න බැරි උනා බං...  මං මේ කෝල් එකෙන් පස්සෙ ආයි සර් ගැන නොහිත ඉන්න බලන්නම්කො... "

නූරි සෙමෙන් තරින්ද ගුරුන්ගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කළාය.

"හෙලෝ...."
අනෙක් පසින් ඇසුණු ගැහැණු කටහඩ හමුවේ නූරි නිරුත්තර වූවාය.

තමා අතින් අංකය වරදින්නට ඇතැයි ඈ අනුමාන කළාය.

"හෙලෝ කවුද, තරින්ද සර්ට ද කථා කරන්න ඕනෙ, හෙලෝ... ".

"හෙලෝ ඔව්, සර් ඉන්නවද!"

"මල්ලි නම් දැනුයි ආවෙ, ලිදට ගියා තව ටිකකින් එයි, කවුද කතා කරන්නෙ මල්ලිගෙ පන්තියෙ ළමයෙක්ද , යාලුවෙක්ද කිව්වොත් එයාට කියන්න පුලුවන් ... "

"මං සර්ගෙ පන්තියෙ ළමයෙක්, නම නූරි... "

"ආහ් නූරි ද ? හරි නංගි මම කියන්නම් මල්ලි ඔයා ගැන කියල තියෙනව මට, ... "

"මං ගැන,,.. මො .. මොනාද සර් කියල තියෙන්නෙ"

"හරි නංගි, එහෙනම් මං කියන්නම්කො ඈ"... ඈ දුරකථනය විසන්දි කළාය.

දැන් තවත් ප්‍රශ්නයකි....  සියලු විස්තර අපේක්ශාවෙන් මිතිලා දුරකථන කුටියට පිටින් බලා සිටී. සියල්ල විස්තරාත්මකව පැවසූ නූරි අවසානයේ මෙසේද ඇසුවාය.

"මොකක්ද බං සර්ගෙ අක්ක මට එහෙම කිව්වෙකේ තේරුම..?"

"ම්හු, මොකක් උනත් ඒක උබ අද සර් කෝල් කරාම අහගනිං..."

"හ්ම්ම්... "

---------------------------------------

නිවෙසට පැමිණි වහාම ලහිලහියේ මුව සෝදාගත් නූරි දුරකථනය පේන මානයේ වාඩී වී ආහාර ගත්තාය. වෙනදා මෙන් නොව අද ඈට කාමරයට යාමේ කිසිම අවශ්යතාවයක් නැත්තා සේය. සාලයේ කෑම මේසය මතම පොත් පෙරලාගත් නූරි තමාට කරදර කරන්නට එන ඔනෙල්ට බැන වැදුණාය.

"පුතේ ඔයාට ඔතන වැඩ කරන්න බැරිනම් කාමරේට යන්නකො, මල්ලිට නිකම් බැන බැන ඉන්නැතුව,,, "

අම්මාගේ විධානයෙන් නූරි ඔනෙල් මොනවා කෙරුවත් ඉවසා සිටින්නට වූවාය. දුරකථනය නාද වන සෑම වේලාවකම නූරි වහා පැන එයට ප්‍රති උත්තර දෙයි.

"මොකද ළමයො... "

වරෙක දුරකථනය නාදවන විට එදෙස දුවන්නට ගොස් මේස කකුලක පය ගැටිණු මොහොතක අම්මා එසේ ඇසුවාය.

"අහ් නෑ අම්මෙ, මේ විකාරෙ රින්ග් වෙනව, පොතක් බලන්නවත් නෑනෙ නිදහසක්..."

"ඉතින් ඔයා ඉන්න මං ගන්නංකො... "

හවස කලුවර වැටෙනවිට නූරි සෙමෙන් කාමරයට ඇදුණාය. "මං නිකම් බලං හිටිය විතරයි ... මං මෝඩයෙක් වෙලා හවස් වරුවම කෑව, පාඩමවත් කරගත්තෙ නෑ.. අපරාදෙ! " ඇගේ සිත කියන්නට වූවාය.

නැවතත් දුරකථනය නාද වෙනු ඇසී ඈ සාලයට දිව්වාය.
 "අනේ සර්ම වෙන්න දෙය්යනේ... අම්මයි මල්ලියි කඩේ ගියා... සර්ම වෙන්න....... "

"හෙලෝ ... "

"හෙලෝ නූරි ........"

"සර්, නූරි තමා..."

"ඇයි නූරි කථාකළේ ?"

"අහ් සර්, මං මං මේ කථාකලේ අර සර් කිව්වෙ අර පන්තිවලට යන්න කියල.. "

"ඔව් .. නූරි යන්න හිතුවද?"

"ඔව් සර් මං ගිය සතියෙ ඉදන් යන්න පටන් ගත්ත... "

"ඉතින් හොදයිද පන්තිය.. ඉස්කෝලෙට වඩා තේරෙනව ඇති නේද?"

"තාම සර් එක දවසනෙ ගියෙ,,, "

"යන්න පටංගත්තු එක හොදයි. තව මාස කීයද විබාගෙට... දැන් ඉතින් හැම දෙයක්ම විබාගෙ වෙනුවෙන් තමයි වෙන්නෝ නෙ නේද නූරි ... "

"ඒ කිව්වෙ සර් ?"

"නෑ මේ මං කිව්වෙ නූරි, ඔය මේ වයසෙදි කොයි තරම් නම් දේවල් ළමයි කරනවද විබාගෙ අමතක කරල...  ඔය හැමදෙයක්ම අමතක කළොත් තමයි තමංගෙ ඉලක්කෙට යන්න පුලුවන් ... "

"ඔව් සර්, මට තේරුණා... මාත් එහෙම කරන්නම් සර් ... "

"හ්ම්, නූරි තනියමද ගෙදර ඉන්නෙ ?"

"නෑ සර්, දැන් අම්ම ඉන්නවනෙ, දැන්නම් පොඩ්ඩකට කඩේට ගිහින් මල්ලිත් එක්ක..."

"එහෙනම් නූරි පොඩ්ඩක් මං කියන එක හොදට අහගන්න... අපි ගුරුවරු.. අපි කවුරුත් ඔය වයස පහු කරල තියෙන්නෙ, ඔය වයසෙදි ඇතිවන හැම හැගීමක්ම වගේ අපිටත් එහෙම කාලයක් තිබුණු නිසා දැන් ළමයි හැරෙනකොට ගුරුවරුන්ට හිතාගන්න පුලුවනි.. නූරි ගොඩක් දක්ශ ළමයෙක්... නූරි අහගෙනද ඉන්නෙ?? හෙලෝ .."

"ඔව් සර් මං අහං ඉන්නෙ... "

"ඔයාගෙ යාලුව, මිතිලත් ගොඩක් හොදයි දක්ශයි ... ඉතින් දෙන්නම එකතු වෙලා වැඩ කරන්න... මේ කාලෙ පිස්සු නැ‍ටුවොත් ජීවිතෙ හැමදාම දුකින් තමයි ... මට නූරිගෙ හැගීම් තේරෙනව.. ඉස්සෙල්ල අපි විබාගෙ කරගනිමු... මොකද නූරි මම දන්නව මට ගුරුකමෙන් සැනසෙන්න වුනේ ඇයි කියල ... ඉතින් දැන දැන අපි ගින්දරට පනින්නෙ ඇයි ?? "

"මං තියන්නම් සර් එහෙනම්... "
නූරිට ඕනෑ කළේ කෑ ගසා හඩන්නටය. තව දුරටත් සර්ගේ මුහුණ බලන්නේ කෙසේදැයි ඈ සිතුවාය.

"හරි තියන්න ඕනෙ නම් තියමු නූරි , හැබැයි හෙට ඉදල ඔයිට වඩා උවමනාවෙන් වැඩ ටික කරන්න ඕනෙ මනස්ගාත අතහැරල...  "

"හරි සර්... මං තියනව... "

යටිතොල විකාගෙන කදුලු නවත්වාගනිමින් නූරි දුරකථනය තැබුවාය. ඈ හැඩුවේ ආදරය වෙනුවෙන් තැබූ බලාපොරොත්තු කඩවීමටත් වඩා ඇතිවූ ලැජ්ජාවටය.



"අයියෝ මං කරගත්ත විනාශෙක තරම... දැන් ඉතින් හොදට පාඩම් කරගන්න එක කොහොම වෙතත් හෙට ඉදල සර්ගෙ මූණ බලන්නෙ කොහොමද ?.. ඔයහැටි ගුරුවරුන්ට සාත්තර කියන්න පුලුවන්නම් තව ගුරුවරු කී දෙනෙක් ඉන්නවාද දන්නෙ නෑ මගෙ හැටි දැනගෙන... හපොයි දෙයියනේ... මට මොලේ පෑදෙන්න කල් ගියේ ඇයි මෙච්චර ..." නූරි ඇගේ කාමරයට ගොස් තම සිත හා තර්ක කරමින් ඇදේ පෙරළී කදුලු වගුරන්නට වූවාය.

11 comments:

  1. අපරාදෙ මාර ලැජ්ජයිනෙ වැඩේට..මම නූරිනම් ආයෙ ඉස්කෝලෙ යන්නෙත් නැති වෙයි ලැජ්ජාවට..සර් ඉතිං ඔහොම කිව්වෙ එක්සෑම් ඉවර වෙනකන් විතරක් වෙන්න ඇති.. ;)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සිත් රූ... මම එහෙමනම් මමත් යන්නෙ නෑ තවත් පස්සෙන් .. ඒත් ඔය නූරි ශුවර් නෑ .. අපි බලමු ඕකි මොනා කරයිද කියල... හිහි

      Delete
  2. හප්පට සිරි එයාට සාත්තර කියන්ඩත් පුලුවන්නේ...

    ලස්සනයි කතාව සම්මානි.. හිත පාසල් කාලයට ඇදිලා යනවා.

    ReplyDelete
    Replies
    1. හිත පාසල් කාලයට ඇදී ගියේ පොඩි සම්බන්ධයක් එහෙම තිබ්බවද්ද මේ වගේ එකක් ඈ ??

      Delete
    2. පද හදන්නැතුව හිටු.. අපි නිකන් බෝ පැළ වගේ හිටියේ ඔය සර් කියපු විදිහටම. සම්පූර්ණයෙන්ම ඉගෙනීමටම සිත යොමු කරලා.. එහෙනම්...

      Delete
  3. හපොයි...මටත් දුකයි නූරි ගැන..වස ලැජ්ජාවනෙ....:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ... පව් අප්පා !

      Delete
  4. ඉක්මනට කතාව ඉවර කරලා අලුත් එකක් පටන් අරන් වෙනසක් කරමු.. දැන් මටත් කම්මැලී..

    ReplyDelete
    Replies
    1. ඔයා කැමති කෙටි කථා වලට වගේ ! හරි මම එහෙනම් ඉක්මණට ඉවර කරන්නම්කො .....

      Delete
  5. හප්පේ සර් කොහොමද ඉතින් දන්නේ නුරි සර් ට ලව් මල ඉලව් කියලා

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....