සෑහෙන කලක සිට කවියක් නොලිව්වෙමි
වෑහෙන රසය ඇති පදයක් අද ලියමී
පෑහෙන නොපෑහෙන බවනම් නොම දනිමී
සෑහෙන වෙලා ඇතිනම් කියවනු මැනවී ...
කාලේ මෙකල මං හිටියේ තුරුණු කලේ
ආලේ තමයි හැම සුසුමම සොදුරු කලේ
මාලේ බැන්ද අපි නැකතින් එකතු කලේ
කාලේ රුදුරු අපි දෙන්නා දෙමංසලේ
පස් වසරක්ම නුබ ඉගෙනුම කෙරුවාට
දොස් නැත නගේ නුබහට ජොබ් නැතුවාට
ඇස් දෙක වගේ නුබ රැක ගමි හැමදාට
වස් නොවදීවි යන් මගෙ ක්වාටස් එකට ...
හිමි කිවු දෙයින් මා සිත සැනසීල ගියා
නිමි කර රැකියාව මං ඉල්ලා අස්ව ගියා
පිමි පැන වගේ හිමිගේ උණුසුමට ගියා
වෙමි ප්රිය ගෘහණියක් අද සිට නුඹට කියා ...
අක්කර පහක් විතරක් වෙයි ඒ ඉඩම
අක්කර දෙකක් වත් ඇති ඒ මහ ගේම
දුක්බර දෙයකි ඒ මහ ගේ අතුගෑම
ඒ හින්දාම නොකළෙමි එය හැමදාම ...
මේ කිසිදෙයක් මගෙ සිත් ගත්තේ නැතිද
වේ එක් දෙයක් තවමත් මතකෙට සබැද
ගේ වට තිබිණි මහ අඹ ගස් නේක විද
මේ ගස් ටිකට මං ආදර කලා සොද ...
තනිකම වැඩියි බෑ පාලුව ඉවසන්ට
හනිකට අම්මෙ මලයා මෙහෙ ඇරලන්ට
කලකට පසුව බැරියැයි මට හුරුවෙන්ට
එතකොට එවන්නම් අම්මේ පිං නුබට ...
උදේ පටන් මං හා මගෙ පොඩි මලයා
ගල්ද පොලුද ගෙන අඹ ගස් රකිනු නියා
මදේ රසය වින්දෙමු නෑ වචන ලියා
අඹේ රසය සුර ලෝකෙට එහා ගියා ...
හවසක දිනෙක මලයා ගහ උඩට නැග
ආයාචනා කෙරුවයි මට ගහ උඩට
නැති වුව පුරුද්දක් මට ගස් වලට පැන
මොහොතක් පසුව මං සිටියෙමි අතු අතර
කෙලින් පාර ඈතට පෙනෙනවා සොද
පෙලින් පෙලට වාහන පැමිණෙනා සද
දුටුව දෙයින් මං සිහි නැති නොඋනා වෙද
හිමි එන්නේය මිතුරන් සමගින්ම අද .....
හනිකට මල්ලි උඩ බිම බලමින් පැන්නා
වටකොට අතුරිකිලි මං ගහ උඩ තව ඉන්නා
අඩියට දෙකට හිමි මිතුරන් හා එන්නා
"කෝ බං උබේ බාරි" යැයි විමසන්නා ...
විස්මය හැගෙන දෑසින් මගෙ ස්වාමියා
වටපිට බලා මලයා වෙත අඩිය තියා
සැකහැර දැනුනු පසු මං ගස මතය කියා
"අනේ මචං නානවලුනෙ එයා" කියා ගියා
අඩ පැයක් ගෙවී ගොස් කලුවරත් වැටුනු විට
විදි දුකක් අනේ මං තනියෙන්ම ගහක් උඩ
දුරු කළා මදුරුවන් මැස්සන්ද මගේ තනිය
අනේ ඒ වන් දුකක් එපා අන් කවර කළ ...
තව මොහොතකින් ඒ නරි රැළ පිටව ගියා
ආයිත් දිනෙක එන බව සැක හැරම කියා
දිග ඉනිමගක් ගෙනවිත් ගහ මුලට තියා
මං ගොඩ වුනෙමි නිවසට මලයාට රවා ....
අක්කත් හරි වැඩ නොවැ කොර ඇත්තේ
ReplyDeleteතවමත් හිනා යයි කියවා මේ පැද්දේ
කොටියට වුණ දේමයි සිදුවී ඇත්තේ
නැග්ගට බහින්නට නැ ඉගැන්නුවේ..
හරි හරි වැඩ මට වීලා තියෙනවා
Deleteඔව්වත් වැඩදැයි තාම හිතෙනවා
ගස මත සිටි යුරු සිහියට එනවා
මටත් හොරෙන් මට සිනා නැගෙනවා
අක්ක ලියූ මේ කවි ටික කියවා
ReplyDeleteහිනාවුනා අද මගෙ බඩ පැලෙන තුරා
ලියූ කවි ටික නම් අද හරිම අගේ
මයෙ ගානේ සම්මානයක් දෙන්න හිතේ....
(ඔයා ලියන ඒවයෙන් මම ආසම කවි තමයි. )
මගෙ කවි කියවා හිනා උනාලූ
Deleteඅනුන්ගෙ දුක දැක බඩ පැලුනාලූ
ඒත් කියයි මගෙ කවිය අගේලූ
සම්මානයකුත් දෙන්න හිතේලූ ....
ඔව්වා හිත හිත ඉන්න ඕන නෑ බට්ටියෙ, විගහට එවන්න ...
ඔයාටනම් කවි ලිවීමේ නියම හැකියාවක් තියෙනවා. ඒ සිද්දිය මාරු.දවසක් මමයි මගේ යාළුවෙකුයි හොරෙන් තැඹිලි කඩද්දි වුන සිද්දියක් මතක වුනා.
ReplyDeleteස්තූති අසරණයා... ඔය වගේ සිද්දි කොයිතරම් තියෙනවද ! කටක් ඇරල කියන්න බැරි එකනෙ වැඩේ ...
Deleteහා දැන් ඉතින් තැබිලි කඩන්න ගිහින් වුණු දේත් කිව්වොත් තමා හොද !
කවුරුද බොලේ අඹ ගහ උඩ සුරදෝණී,
ReplyDeleteඑමසඳ දිවුල් ගහ මුදුනේ උදුම්බරී,
පුරසඳ පායනා කල සිදුවන අවුලී,
පිස්සුද හැටිද කියහං බොට සම්මානී,
වත්තයි අබ පිරුණු ගෙන දුන් අමා රසේ
Deleteතිත්තයි අත පොවනු බැරි විට ඊට යසේ...
ඇත්තයි අයියේ මට පිස්සුලු කියන ලෙසේ
සත්තයි හිමිත් නිතරම පවසනව එසේ !!
අයියාගේ බ්ලොග් එකේ කමෙන්ට් කළාට මගෙ බ්ලොග් එකට ආව පළමු වතාව නේද? සාදරයෙන් පිළිගන්නවා මල් මිටියාවතට...
අඹ ටික දැකල කෙල ගිලගෙන ගිලගෙන ගියා.......කවි ටික දැකල හිනා මට...:):)
ReplyDeleteමේ දවස්වල මෙහෙනම් කිරිල්ලියේ අඹ පිරිලා ... (දැන් ඉතින් හිනා වෙවී තව කෙළ ගිලින්න .. :)) ..
Deleteබැස්සා නම් ගහෙන් යාළුවො ඉන්න තැන
ReplyDeleteකොච්චර ආතල්ද හිමිහට සිතනු මැන
බැහැලා ගියානම් අර නරි රැළ මැදට
Deleteමැවිලා පෙනේ මගෙ හිමිගේ මුහුණ මට ...
කියලා වැඩක් නැත එහෙනම් එදා සිට
අදටත් රැකෙන මේ දීගෙට ආයු නැත...
එක පාරක් ඇවිල්ලා හැරිලා ගියා කවි හින්දා..
ReplyDeleteදැන් තමයි කියෙව්වෙ.. මේ ඔයාට වෙච්ච දෙයක් නේද ? බොරුනම් කියන්ඩ ලෑස්ති වෙන්ඩ එපා.
:-)
ජයම පතමි !!!
මොකද අප්පා ඔය හැටි කවි ඇලජික් ? ඔයාට ඔය මාගල් වගේ කතන්දර නම් කියවන්න පුලුවන්...
Deleteහිහ් ඔයාගෙ ඔය මාගල් කතා ඇත්තටම හරිම ලස්සනයි ඔය මගෙ කවි වගෙ නෙවේ...
ඔව් මේක ඇත්තම කතාවක් සෙන්නා.. මටම වුණු දෙයක්... ඔයාටත් ජය !
හොඳ නිර්මාණයක්
ReplyDeleteස්තුතියි ....
Deleteඅඩේ මම ආසම කරන කවි ක්රමයකට ඔයා ලියලා තියෙන්නේ. නිකන් කතාවක් වගේ ගලාගෙන යනවා. අර ෆිල්ම් බලනකොට වාගේ... මම අදනෙ දැක්කේ මෙහෙම බ්ලොග් එකක්. නැත්තම් මීට ඉස්සර එනවා.. ලස්සනයි කවි පද ටික නම්. ඔන්න ඒ වගේම ආරාධනාවක් කරනවා කවිමුතුමල් බ්ලොග් එකට. ඔයාලා වගේ අමුතු ජාතියේ කවි ලියන අයව තමා හොයන්නේ. හැකිනම් දන්වන්න. දිගටම ලියන්න. අපි එනවා මේ පැත්තේ..
ReplyDeletewww;kavimuthumal.blogspot.com
ඇගයීමට ස්තුතියි ,, මල් මිටියාවතට සාදරයෙන් පිළිගනිමි ....
Delete