මේ කතාව මගේ අත්දැකීමක් ..
මේ කියන කාලෙ වෙනකොට අපිට හිටියේ අපිම විතරක් කිව්වොත් තමා හරියටම හරි. එහෙම වුණු හැටි පස්සෙ කියමුකො ..
ඉතින් මමත් මගේ කාර්යබහුල සැමියත් කතා වුණා අපේ පුංචි පැටියව ඩේ කෙයාර් එකකට දාන්න. මොකද දෙන්නම රස්සාවට ගියේ නැත්නම් ඉතින් වෙන සන්තෑසිය අපි කවුරුත් දන්නවා නෙව .. මේ ඩේ කෙයාර් එක අපේ ගෙදර ළගමයි .. ඉතින් හරි ලේසියි. උදේට ගිහින් බබාව දාලා අපි වැඩට ගියා. මුලදි ගානක් නෑ බබා හොදින් හිටියා. ඒත් පහු වෙනකොට දරුවා ඩේ කෙයාර් එක දැක්ක ගමන් බෙල්ල බදාගන්නවා. අපිට හරිම දුකයි. කොහොමත් මේ විදියට පැටියව ඩේ කෙයාර් දාන්න බෑ කියල අපි තේරුම් ගත්තා. මම හිත හදාගෙන රස්සාවෙන් අස්වෙන්න තීරණය කළා. හැම දේම කරන්නේ දරුවා ගැන හිතලනම් රස්සාව නැතිවුණා කියල අපි වැටෙන්නෙ නෑ කියල හිත හදාගෙන අස්වීමේ ලිපිය අරන් ගියා. එදාම බබාට උණ කියලා ඩේ කෙයාර් එකෙන් කතා කරල කිව්ව ටික වෙලාවකින්. හදිසියෙන්නේ මම ඉක්මණට ආවා. බබා අරගෙන ඉස්සෙල්ලා ගෙදර ආවා. බබා නිදි. මම එයාගෙ පැම්පර්ස් එක අයින් කරන්න ගියේ. එතකොටයි දැක්කෙ ඩේ කෙයාර් එකෙ කට්ටිය පැම්පර්ස් එක අන්දලා තිබිච්චි අපූරුව. මම හිතන්නෙ පැම්පර්ස් එක අන්දන්න යනකොට එක පැත්තක ඇලවෙන කොටස කැඩිලා තියෙනවා. ඒ නිසා මෙයාලා පුලුවන් තරමින් ඇදල අරගෙන නැපි කට්ටක් ගහල තිබුණා. නැපි කටුව ඉණට තද වෙලා එතන පාර හිටලා කලු වෙලා. මගෙ දරු පැටියට හොදටම රිදෙන්න ඇති. නිදි දරුව තුරුලු කරගෙන මම හොදටම ඇඩුව. ආයෙ කවදාවත් ඩේ කෙයාර් එකකට දාන්නෙ නෑ කියල හිතුව. මම රස්සාවෙන් අස්වුණා.
සල්ලි පස්සෙන් යන මිනිස්සු අනුන්ගේ දරුවොන්ට ආදරේ නෑ .ගොඩක් දෙනෙක් ඔය විදියට තමා සලකන්නේ.මේවා හැමෝටම හොඳ පාඩම්
ReplyDeleteඔයා මේ ලින්ක් එකෙන් ගිහිල්ලා මේ පොස්ට් එක කියවන්න කොටස් 4 ක් තියෙනවා ඔයාගේ බ්ලොග් එක හොඳට හදාගන්න පුළුවන්
http://samadeyakma.blogspot.com/2011/11/2.html
හොඳම, හොඳ තීරණයක්..
ReplyDeleteතීරනේ හොඳයි....ඕවයේ ලමයි බලා ගන්නේ සල්ලි වලටනේ...අම්මගේ ආදරේ සල්ලි වලට ගන්න බෑ...කාටවත් ඒ වගේ දෙන්නත් බෑ...හිත හදාගෙන අරං තියෙන්නේ හොඳ තීරනයක්.....
ReplyDeleteඔව් මම රස්සාවෙන් අස් උනානෙ; ඊට පස්සේ මාස දෙකකින් බබාගේ තාත්තිගේ අම්මා ආවා. ඊට පස්සේ දෙය්යනේ කියලා මට හොද රස්සාවකුත් ලැබුනා. අම්මාත් දිගටම ඉන්නවාලු .. කිසිම දවසක බබාව ඩේ කෙයාර් දම්මේ නෑ ඊට පස්සේ ... හැම දේම හොද උනා .....
ReplyDelete@ අසරණයා : බොහොම ස්තුතියි ! මම ලින්ක් එක ට්‍රයි කලා. බලන්න දැන් කොහොමද කියලා...
සුභ පැතුම්!
ReplyDeleteමගේ දුව නම් වාසනාවන්තයි ඒ අතින්. එයා අවුරුදු දෙක හමාරක් විතර වෙනකම්ම ගෙදර. කට්ටිය හිටිය නිසා බලාගන්න.
පුතාව නං හාමිනේ මාස 10ක් බලා ගත්තා. අවුරුද්යි මාස තුනේ ඉඳලා ඩේ කෙයා තමයි!
අස් වුනු එක හොදයි, නැත්තම් එයාලා දරුවාට මොනා කරයිද මන්ද
ReplyDeleteදරුවන්ව හොඳටම බලාගන්නේ දරුවාගේම අය නොවැ
ReplyDelete