Thursday, March 15, 2012

නූරි --- 11

නූරි --- 11

දරා ගත නොහැකි වූ බොහෝ දුකකින් නූරි ඇගේ මව දෙස බලා සිටියාය. සති කීපයකට පෙරාතුව ලස්සනට තිබුණු වත කමල අපාටව, දුර්වර්ණව ගොස් වැන්න.

සෑහෙන කලකින් අම්මා දැකීමේ ප්‍රීතිය ඔනෙල්නම් හොදින් භුක්ති වින්දේය, මාරුවෙන් මාරුවට අම්මා ළගටත් තාත්තා ළගටත් ගොස් තුරුල් වන්නට විය.

"පුතේ අම්මට මහන්සි ඇති, තේ ටිකක් හදමු" සුදු නැන්දා ගේ විධානයෙන් නූරි මුලුතැන්ගෙයට ඇදුණාය.


*****************

යාන්තම් ඉර එළිය පොළොවට පතිත වන්නටත් මත්තෙන් නූරි බසයට දුව ආවාය. අද ඇයට බොහෝ සෙයින් සතු‍ටු දිනයකි. ගෙදර අසලින් බසයට නැගගත් ඈ තවත් මිනිත්තු කීපයකින් කලින් කතාකරගත් පරිද්දෙන් දළදා මාළිගාව අසලදී මිතිලාට එකතු වූවාය. නුවරදී ටියුශන් පන්තියකට යන ප්‍රථම වතාව බැවින් මිතිලාගේ අතකිනුත් අල්ලාගත් නූරි අප්‍රමාණ සතුටකින් වළාකුලු බැම්ම අසලින් පා නැගුවාය.



"මේ ඔහොම හෙමින් ගියොත් නම් අද ඉන්න වෙන්නේ අන්තිම පේළිවල තම්යි නූරි... යමංකො ඉක්මනට.. "

"ඇයි මිතිල,, මෙච්චර උදෙන් ඇවිල්ලත් අන්තිම පේලිවල ඉන්න වෙයිද ඈ? "

"ඔයා මේ ෆස්ට් ඩේ නිසා දන්නෑනෙ නූරි .. ගිහිං බලන්නකො තෙරපෙන විදිය එතන......"

"මිතිලා.... ඒක නෙවී ........පන්ති ඉවරවුණාම මං එක්කො සර්ට කෝල් කරල කියනව ... "

"මොකක්ද ? "

"මොකවත් නෙවෙයි.. සර් කියපු විදියට ක්ලාස් ආව කියල.. "

"ඕන් නෑ බං... දැන් සර්ද ක්ලාස් කාඩ් ගන්න සල්ලි දුන්නෙ? නෑනෙ... සර් ඉතින් යන්න කිව්ව විතරනෙ.. ඕක කිව්වම ඊට පස්සෙ වෙන එකක් කියන්නත් උබට හිතෙයි ...."

"සර් නං නෙවේ තමා සල්ලි දුන්නෙ... ඒත්...කිව්වොත් තමා හොද"

"අනේ නූරි ඔයාට ඔය හැදීගෙන එන ලෙඩේනම් එච්චර හොද එකක් නෙවෙයි... ඔච්චර කොල්ලො ඉන්නව බලපංකො ඒ එකෙක් දිහා.. අහවල් එක්කටද සර් ට ලයින් දාන්නෙ ? ..... "

"අනේ ඔය හැටි කොල්ලො ඉන්නවනම් පේන් නැතෑ ?"

"හා දැන් ගිහින් බලපන්කො ක්ලාස් එකේ කොච්චර හැඩ එවුන් ඉන්නවද කියල... අනික නූරි තරිදු සර් කැම්පස් එකේදී කවුරුහරි එක්ක යාලුවෙලත් ඉන්න ඇති බන් ..."

"අනේ මං හිතන්නෑ මිතිල එහෙම.. "

"ආං මං කිව්වෙ බොරුද බලපං කාඩ් පෝලිමේ දිග... අපි ඉතින් වැනි වැනි එනකොට පෙරහැර ගිහින්... "

සෑහෙන පරිශ්‍රයක් දරා පෝලිමේ තල්ලුවී ගොස් පන්තියට ඇතුලුවූ ඔවුන් දෙදෙනාට එක ළග හිස් අසුන් දෙකක් සොයා ගත හැකි විය.

--------------------------------------------

"කොහොමද පුතේ පන්තිය ?"
ගේට්‍ටුවෙන් ඇතුලුවන්විටම අම්මා නූරිගෙන් විමසුවාය.

"හප්පේ හොදයි අම්මෙ... ලමයි ගොඩායි මගෙ හිතෙ දෙදාහක් වත් ඉන්න ඇති ... සර් කතා කරන්නෙත් මයික් එකෙන් .......ඊලග දවසෙ තව උදෙන් යන්න ඕනෙ, අද පස්ස පේලියක හිටියෙ හරියට ඇහුණෙත් නෑ...."

"අප්පච්චියේ එච්චර ලමයි ඉන්නවද ? අනේ මන්ද ඉතින් පන්ති නොගිහිනුත් බෑ කිව්වනේ..... "

"හ්ම්ම් .. නොගිහින් කොහොමද අම්මෙ, අර තරින්ද සර්රුත් කිව්වනෙ යන්නම කියල... ඉස්කෝලෙ ගුරුවරු කොච්චර මහන්සි උනත් බැරිලු සිලබස් කවර් කරන්න.. "

"හ්ම්ම් .. පුතේ ගිහින් එහෙනම් වොශ් එකක් දාගන්නකො .. මං මේ අප්පච්චි එනකන් බලන් ඉන්නෙ , හංදියට ගියා මල්ලිගෙ කොන්ඩෙ කප්පවගෙන එන්න..  සදුද මල්ලි ඉස්කෝලෙ යනවනේ පුතේ..."

"ආයිශ් අම්මෙ, මට තව ඩිංගෙන් ඒක අමතකත් වෙනව ! ඒක තමයි මල්ලි පේන්න නැත්තෙ.. මං බැලුව"
නූරි නාන කාමරය වෙතට යමින් කිව්වාය.

හිතට අමුතු සනීපයක් දැනෙන්නේ ඇයිදැයි ඈ කල්පනා කළාය. දෙතුන් දාහක් ලමුන් ඉගෙනගන්නා පන්තියක ඇත්තෙන්ම ඉගෙන ගැනීමනම් දුශ්කර කාර්යයකි. විටෙක හිස් මුදුනින් කඩදාසි රොකට්‍ටු පාවෙයි. පන්තියට ගිය ප්‍රථම දිනයේදීම දගකාර කොල්ලෙකු විසින් එවන ලද රොකට්‍ටුවක් නූරිගෙ කොන්ඩයේ ඇමිණී තිබී, සුලුවෙලාවකට පසු පි‍ටුපස පේලියේ සිටි කෙල්ලක විසින් ගලවා ඉවත් කරන ලදි. ඒ මොහොතේදීනම් ඈට කදුලු පනින්නට මෙන් ලැජජාවක් උපන් නමුදු, "ඕව ඔහොම තමයි නූරි" කියා මිතිලා ඇයව අස්වැසුවාය.

තවද ඉඩක් ලද කොයි මොහොතක හෝ තරින්ද ගුරුන්ට කතා කල යුතු යැයි නූරි සිතුවාය. ඔහු නොකීවානම් ඇත්තටම අප්පච්චී වුවත් මෙසේ ඈව ටියුශන් පන්ති යැවීමක් ගැන සිතයිද යන්න ඇයට අවිශ්වාසය.

"කොච්චර ළමයි හිටියත්, ඔය ලමයින්ගෙන් කීයෙන් කී දෙනෙක්ද කැම්පස් යන්නෙ! ඒ පුන්චි ගොඩ ඇතුළට මාත් කොහොමහරි යනවා.. මගෙ ටාගට් එක ඒක .. " සිතමින් ඈ නාන්නට පටන් ගත්තාය.

***************************************"
සදුදා උදෑසන පාන්දරම නූරිගේ මුලු නිවසම එකම යුද්ධයක් වී තිබිණි. වෙනදාට කෙසේවත් උදෑසන අවදිකරවාගන්නට නොහැකි ඔනෙල් පාන්දරින්ම අවදිවී පාසල් යාමට සූදානම් වී සිටියි.

ඔනෙල් සෙමෙන් ඇවිදියි. සපත්තු කුට්ටම අලුත් බැවින් එය පා පොඩි රිදවනවා ඇතැයි ඈ සිතුවාය.

"හනේ, සුදූ පව් අප්පා දැන් ඔය අදින් පටන් ගන්න ගමන දෙය්යනේ තව අවුරුදු කීයක් ඉගෙනගන්නද මල්ලියේ.. හයියෝ මංනම් යාන්තම් ඉවර වෙන්න කිට්‍ටුයි... අයියෝ සංසාරේ මගේ මල්ලියා... අද හිනාවෙන්න නෙවෙ මල්ලි අඩන්න ඕනෙ.. "

"නූරි මෝඩ කතා නොකියා ඉන්නවා... එන්න මගෙ රත්තරන් අපි කිරිබත් චුට්ටක් කමු.. "
අම්මා ඔනෙල්ට පෙනෙන්න නූරිට පහරක් ගසා සෙමෙන් මෙසේ කිව්වාය.

"ඔය අද නැගිට්ටට හෙට මෙයා නැගිට්ටවන්න බෝර ගහන්නවත් වෙයි .."

"අම්මෙ මාවත් මෙහෙමද ඉස්කෝලෙ යැව්වෙ පළවෙනි දවසේ ?"

"අහ් නෑ .. ඔයා ඒ දවස්වල උදේම නැගිටල අපිට උයල තියල තනියම නෙ ලෑස්ති වෙලා ගියෙ මතක නැද්ද  ... මම මේ මල්ලියට විතරයි මෙහෙම මහන්සි වෙන්නෙ ...  දැන් මෙතන ගැලතෙන්නෙ නැතුව ඔයත් ලෑස්ති වෙන්න, අප්පච්චි එක්ක ඔයාටත් යන්න පුලුවන් අද !"

"අම්ම යන්නෙ නැහ් ?"

"යනව ළමයො ... කොල්ල ඇඩුවොත් හෙම අප්පච්චිට ඔය හැටි නිවාඩු තියෙනවද , පහුගිය දවස්වලම කොච්චර ගත්තද "

ඔනෙල් ව අම්මා සමගින් ඔහුගේ පාසල අසලින් කාරයෙන් බස්සවන ලදි.
"සුදු කොක්කු වගේ අම්මා... ! අනේ පොඩි කට්ටිය ගොඩායි .. මල්ලි පරිස්සමින් හොදේ, රංඩු වෙන්නෙ එහෙම නෑ ලමයි එක්ක... "

"ඔව් මගෙ පුතේ... අක්කි වගේ හොද ලමයෙක් වෙන්න ඕනෙ.. " පියාද ඇයට එකතුවූවේය. "
ඒ කොක්කු ‍රැළට තවත් පුංචි පැටියෙක් සේ ගේට්‍ටුව අසලදී ඔනෙල්ද එකතු වූ පසු නූරිත්, පියාත් ඇගේ පාසල වෙත රථය පදවන්නට විය.

"ඔන්න පුතේ මල්ලිත් ජීවිතේ පටංගත්ත එහෙනම් ... " නූරි දෙස බලමින් පියා පැවසුවේය.
"හ්ම්ම් අප්පච්චි, අද ඊයෙ වගේ මල්ලි හම්බුනේ මටනම් ..."
"මටත් ඒ වගේ තමයි පුතේ... "

හදිසියේම නූරි දු‍ටුවේ බස් නැවතුමකට වී බසයක් එනතුරු බලා සිටිනා තරින්ද ගුරුතුමන්ය.
 "අප්පච්චි, අර අර ඉන්නෙ අපෙ සර්, අප්පච්චි නවත්තමු නේද ? අර සර්, අප්පච්චි එදා අපෙ වාහනෙ හැප්පුනෙ !"

"අප්පේ මට අදුන ගන්ටත් බැරි වුනා.. පුතා පස්සට යන්න, සර්ට නගින්න කියන්න.."

"ගුඩ් මෝනින්ග් සර්,  නගින්න සර්"

"ගුඩ් මෝනින්ග් පුතා, නූරි දැක්ක නිසා අදුන ගත්තෙ, නැත්නම් මම යනව දකින්නෙත් නෑ. , යන් මං ගිහින් දාන්නම් .. "

නූරි වහා පි‍ටුපස අසුනට ගියාය. යටැසින් ඈ දෙසත් ඇගේ පියා දෙසත් බැලූ තරින්ද, සෙමෙන් අසුනේ හිද ගත්තේය.

"පුතාට දැන් හොදටම සනීපයි නේද ?"

"ඔව් අන්කල්, දැන් හොදයි .. අන්කල්ල හැමදාම මේ පාරෙද එන්නෙ? "

"අනේ නෑ පුතා, අද මෙයාගෙ මල්ලිව ඉස් ඉස්සෙල්ලාම ඉස්කෝලෙට බාරදුන්නානේ, අර ප්‍රෛමරියට.. ඒ නිසා ආවෙ, කෝ පුතාගෙ බයිසිකලේ ?"

"ඒක වික්කා අන්කල්, ගිය සතියෙ,"

දෙබස් සියල්ල සාවධානව අසා සිටි නූරිට ඔහු හොරෙන් හොරෙන් වාහනයේ ඉදිරි කන්නාඩිය තුළින් පි‍ටුපස, එනම් තමා දෙස බලන්නේ ඇයිද යන්නනම් වටහාගැනීමට අසීරු විය.

"සර් මං දිහා බලනව පේන්නෙ මාත් බැලුවොත්නෙ, මං නොබලා ඉන්නවා... " , ඈ සිතුවත් එය ප්‍රායෝගික නොවීය. බැලෙන්නේම එදෙසය.

"අන්කල්, ඔය හන්දියෙ අර කඩේ ලගින් නවත්තන්න, මං බහිනව .. තැන්ක් යූ අන්කල්,"

"ඕකේ පුතා, "

පාසල එක් වංගුවක් තිබියදී ඔහු එසේ බැස ගියේ ලැජ්ජවට යැයි ඈ සිතුවාය. කෙසේ නමුත් එය වඩා හොදයැයි ඇයද සිතුවාය.

"අද හොද දවසක්, " සිතමින්, නූරිද අනන්ත ලමුන් අතරට වැටී පන්තිය කරා ගාටන්නට වූවාය.

12 comments:

  1. කාලෙකට පස්සේ...

    නූරිට ඊතල පාර දැම්මම වැදිලද කොහෙද.. හිහ්..

    පින්තූරත් දාලා තියෙන්නේ... දෙවෙනි එකනම් ගැලපෙන්නෑ වගේ නේද.. ලංකාවේ ඉස්කෝලෙ යන ළමයි ටිකකගේ පින්තූරයක් දැම්මනම් වැඩිය හොඳයි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ සෑහෙන කලකට පස්සෙ තමා...

      දෙවනි ෆොටො එක ගැලපෙන් නෑ තමා.. ඒත් මට බැරි උනා හොද එකක් හොයාගන්න.. මේ පාර කොටස දිග ඇතිද ?

      Delete
    2. senna අයියා නූරි බලන්න හරි කැමතියි..:P

      Delete
    3. අපෝ ඔව් අද කොටස නම් හොඳ ගාන... පින්තූරෙ ගැන නිකන් කිව්වේ.. එච්චර හිතන්ඩ දෙයක් නැහැ..

      සිත් රූ නංගී, ඔව් ඔව් ලස්සන කතාවක්නේ...

      Delete
  2. කාලෙකට පස්සෙ නූරි ඇවිත්..
    මේ කොටසෙනම් හැම දේම සතුටු දායකයි..:))

    ReplyDelete
    Replies
    1. :) සිත් රූ සෑහෙන කාලෙකින් තමයි ... නැවත පැමිණියාට ස්තුති !

      Delete
  3. පුදුමයි මෙයාට කතාව මතක් වෙලා. මම බැලුවා මොකෝ පේන්නවත් නැත්තේ කියලා
    හ්ම්ම් තරින්ද සර් එක්ක සෙට් වෙයි වගේ.. එකත් ජයමංගලම් වෙයි වගේ :)

    ReplyDelete
    Replies
    1. හිහි .. ඔව් අනේ අපි ජය මංගලම් කියමුකො !

      Delete
  4. මොකද වෙලා හිටියේ.. ?

    තාම නම් අවුලක් නැහැ වගේ...

    ReplyDelete
    Replies
    1. සෑම් මට හරියට කරදර වුනා .. ලෙඩවෙලා ඉදල දැන් ඔ‍ෆිස් එකේ වැඩ ටික එක්ක ඔට්‍ටු වෙලා ඒකත් යාන්තම් ඉවර කරගෙන ත්මයි එන්ටර් වුනේ බ්ලොග් එකට ...

      Delete
  5. ගුරු සිසු ආදරයක් වගේ නේද :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ... ගුරු ගෝල ප්‍රේමයත් සුන්දර ඇති නේද !

      Delete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....