Thursday, July 5, 2012

සුබම සුබ උපන් දිනයක් !!!

"බෑ මට අදනම් රෑට ගෙදර කොහොමටවත් ඉන්න බෑ..."
වේදනාව වැඩි තැන මං කිව්වෙ ගෙදර ඉදල රෑ අමාරු වුණොත්...
"ඔයාට අමාරුම කියල හිතෙනවනම් අපි යමු.. ඒත් දැන් ගියොත් ඔය බබා ලැබෙන්න එන අමාරුව නොවුනත් නවත්ත ගන්නව හවස නිසා.. ඇදක් හෙම නැතිඋනොත් කොහොමද ඉන්නෙ? ඒ නිසා කෝකටත් කියල අපි තව ටිකක් බලමුද?"
"හා එහෙනම්... "
එයා කෝකටත් හොදයිනෙ කියල වාහනේ ගේට්‍ටුවෙන් එලියෙ නැවැත්තුවා.. මොකද ඒ වෙනකොට අපි හිටපු කුලී ගෙදර මහල් ඔක්කොගෙම පවුල් කීපයක් හිටිය.. එන එන පිළිවෙලට වාහන නැවැත්තුවම ආයෙ ඒව ගන්න ගියාම හරිම කරදරයි.. රෑට වාහන හොලවන්න ගෙවල් ඔක්කොටම ගිහින් අයිතිකාරයින්ව ඇහැරවන්න ඕනෙ..

"එයාලව ඇහැරවල වාහනෙ ගන්නකොට බබා ලැබෙයි"

එයා වාහනෙ එලියෙන් දාල එනින් ගමන කිව්ව... එක එක ජාතියෙ හුරතල් සත්තු මහල තිබුනු පොඩි ඇදුම් ගොඩාරියක් දාල තිබිච්චි ලොකු බෑග් එක එයා ආයෙත් ඇරියා..
"ආයි අදින්න එපා... දැන් පොඩි වෙනවත් එක්ක"  මං කිව්ව...
ඒවයෙන් එක එක අරගෙන ආයෙ මදින්න ගත්ත එයා... අයන් එකටත් වඩා පුංචි ඇදුම් පොඩි ඉඹ ඉඹ එයා අයන් කරනව මට අද වගේ මතකයි...

"හරි ඔක්කොම තියෙනව.."
බෑග් එකේ සිප් එක වහන ගමන් එයා කිව්ව...
දැන් එයාගෙයි මගෙයි ඇදුම් අයන් කරන්න ගත්තා රෑ යන්නවත් උනොත් කියල...
----------------------
රෑ නින්දෙ උන්නු මං එකපාර්ම ඇහැරුණා.. මේ හොස්පිට්ල් යන්න වෙලාව.. මට ඉවෙන් වගේ තේරුණා..

"මේ අයියෙ, යං දැන් යං... " මම හොදටම බයවෙලා... දාඩිය වැක්කෙරෙනව...  වෙලාව පාන්දර තුනයි පහයි...
දඩිබිඩියෙ මං ලෑස්ති උනා...
බුදු පහනට තෙල් දාල පහන  පත්තුකරල ඉල්ලුවා කරදරයක් නැතිව මගෙ දරු පැටිය මේ ලෝකෙට එන්න කියල...

"අනන්ත වේදනා විදිමින්, ඔබේම මහන්සියෙන් මේ ලෝකෙට ඔබේම කිරිකැටියා ගෙන ඒම ඔබ මෙලොවදී ලබන උපරිම සතුට බව හැමවිටකදීම මතක තබාගන්න... "
 ගමේ ක්ලිනික් එකෙන් නොමිලේ දුන්නු පොතේ තිබිච්චි වාක්යක් මතක් උනා.. හිත ධෛර්යමත් කරගෙන එලියට බැහැල අපෙ මරුටියට ගොඩ උනා...

"ඔච්චර වේගෙන් යන්න එපා... එච්චර අමාරුවක් නෑ... " එයා සැරින් සැරේ මං දිහා බලනව...

අපේ ආර්ථිකේ හැටියටත්, ගොඩක් අයගෙන් ලැබිච්චි උපදෙස් අනුවත් අපි රජයේ ඉස්පිරිතාලෙක තමා රෙජිස්ටර් උනේ... මහත්තයගෙ අක්කත් දොස්තර වරියක්.. එයා තමා කිව්වෙ බය නැතිව රජයෙ ඉස්පිරිතාලෙකටම යන්න කියල...
ඉතිං විනාඩි දහයකින් අපි ඉස්පිරිතාලෙ...

නම ලියා ගන්න ඒව එහෙම කරගෙන මාව වාට්‍ටුවට ඇතුළ් කලා.. අනිත් ලෙඩ්ඩු වගේ නෙවි, බඩදරු අම්මලව ඉක්මණට වෝඩ් එකට දානව අවදානම නිස...  එයා කාර් එකට වෙලා.... මං ඇවිදිනව එහාට... මෙහාට...

හිතුව වගේම ඇදක් තිබුනෙ නෑ...

"දැන් ඩොක්ටර් එයි බලන්න, අම්ම ඔතන වාඩිවෙලා ඉන්න.." ඉක්මණට එන්න දෙවියනේ මං යැද යැද හිටිය....
ඈතින් ඔලුව කස කස ඇස් පිහද පිහද එක ගෑනු කෙනෙක් ආව... ත්‍රී ක්වාට කලිසමක් ඇදල...

"කවුද දැන් ගෙනාවෙ?"
නර්ස් කෙනෙක් මාව පෙන්නුව...

"ආහ් බලමු... "
මගේ දරුවගේ පිහිටීම එහෙම බාහිරින් පරීක්ශා කරන ගමන් ඩොක්ටර් මට බනින්න ගත්තා...
"මොකක්ද අම්මෙ ඇයි දන්නැද්ද මේක මේ බබා ලැබෙන්න එන ලක්ශණයක්ද ? ලාබ්ලා ලා............................................... "

ඒ ලස්සන දොස්තරවරිය මට බනිනවා.. ඒ අතරේ ඇස් කසනවා.. නිදිමත ඇති ...
ඇත්ත තමා කාටද නිදිමත නැත්තෙ පාන්දර තුන පහු උන විතරනෙ...

"හරි දැන් අම්ම උදේ වෙනකන් ඔහෙ වාඩිවෙලාවත් ඉන්නකො, ඇදනුත් නෑනෙ... "

"හා ඩොක්ටර්.. " වේදනාවනම් උපරිමයි, ඒත් දොස්තර නෝනා කියනවනම් වරදින්න ඇත්තෙ මට කියල මං හිතුවා...

කාත් කවුරුවත් ළග නොහිටපු හින්දා මහත්තයා ගමේ උන්නු එයාගෙ දොස්තර අක්කට ආරංචිය දීල... උදේ ලෙඩ්ඩු බලන වෙලාවට ආපු වෙලාවෙ එයා කිව්වෙ දැන් දැන් ලගම එයාල එනව ඇති කියල..

තාම ඇදක් නෑ... මං පු‍ටුවකට වෙලා කොන්දට අතක් තියාගෙන වේදනාවෙන්..

ලෙඩ්ඩු බලන වෙලාව ඉක්මනින්ම ඉවර උනා.. එයා ගියා.. කොන්දට අත තියාගෙන එහාට මෙහාට ඇවිදින අම්මලා අතරෙ මාත් එක්කෙනෙක් උනා, එන්න එන්න වේදනාව වැඩි මිසක අඩුවක් නම් උනේ නෑ... හිටිහැටියේ එක පාරම අම්ම කෙනෙක් වේදනාවෙන් කෑගහනකොට කට්ටිය දුවගෙන ඇවිත් ට්‍රොලියකට දාගෙන අරගෙන දුවනවා...
කන්නත් බෑ ඒත් දරුව වෙනුවෙන් නොකාත් බෑ.... පු‍ටුවෙ ඉදලා අමාරු වෙනකොට පොඩ්ඩකට තව අම්ම කෙනෙක්ගෙන් ඇද පොඩ්ඩක් ඉල්ලගෙන හාන්සි වෙලා ටිකකින් ආයි එයාට දෙනවා..

"කීය ගියත් කමක් නැ, ප්‍රයිවට් හොස්පිටල් යන්න තිබුනෙ" ඒ අතරෙ මගෙ හිත කියනවා....

"රජයෙ ඉස්පිරිතාල තමා හොදම, බය නැතුව යන්න නංගී.... මාත් එන්නංකො...  "  මගෙ නෑනා කලින් ඉදන්ම එහෙම කියලා තිබුණා.. ඒත් දැන්නම් මට ඒ තීරණෙ වැරදියි කියා හිතිලයි තිබුනෙ.. හැම කෙනෙකුටම එහෙම නෙවෙයි වෙන්න ඇති.. ඒත් මටනම් එපාම උණා...

දවසත් හෙමීට ගෙවිලා ගිහින් රාත්‍රිය උදා වුණා..  වේදනාවනම් හරිම අසාමාන්යයි, දොස්තර මොනා කිව්වත් මට හිතෙන්නෙම බබාට එලියට එන්න ඕන වගේ.. මං අමාරුවෙන් ආයෙත් නර්ස් නෝනා කෙනෙකුට කිව්වා.. දැන් ආවෙ පිරිමි දොස්තර කෙනෙක්, ඒ පිටිපස්සෙන් අර ලස්සන දොස්තර නෝනත් ආව... 

"හා, අම්මේ ඔයාට එච්චර අමාරුවක් නෑනෙ, අපි හෙට ටිකට් කපන්නම්, මේ ලගමනෙ ඉන්නෙ ඕනෙ වුණොත් ඉක්මණට එන්න බැරිය නේද ! "
මං හිතුවෙ මගෙ දරුවත් අරගෙනම යන්න පුලුවන් කියලා, ඒත් ඉතින් දොස්තර මහත්තුරු අපිට වඩා දන්නවනෙ.. එහෙනම් හෙට ගිහින් ආයෙ අමාරු වෙනකොට එනවා...  දොස්තර මහත්තයා මාව පරීක්ශා කරනකන් ණයට ඉල්ල ගත්තු ඇද අයිතිකාරයට දෙන්න ඕනෙ හින්දා මං ඇදෙන් බහින්න ලෑස්ති උනා විතරයි. මට සුර ලෝකෙන් වගේ මගෙ නෑනගෙ කටහඩ ඇහුනා..
"ඩොක්ටර්, මං ...................... , අහවල් හොස්පිටල් එකේ .............,, මගෙ නංගි ඉන්න්වා බලන්න ආවෙ... "

"එයා මාව දැක්කෙ නැ, නමුත් මට කදුලුත් පැන්න... "

"බොහොම හොදට අපේ අක්කව පිළිගත්තු දොස්තර නෝනයි මහත්තයයි හිනාවෙලා මෙහෙම කිව්වා.."

"මෙයාද නංගි, අපි බලමුකො එහෙනම් මෙයාගෙ ටෙස්ට් එකක් කරල... ලා බ්ලාඅ..... ඉක්මන් කරලා බහින්නකො කෙල්ලෙ... "
හෙහ් මට දොස්තර මහත්තයා කෙල්ලෙත් කියනවා.. මටම හිනා...

අක්කත් ඉස්සරහ ඉද්දිම මාව පරීක්ශා කරපු දොස්තර කිව්වෙ ඉක්මණින්ම මාව ලේබර් රූම් යවන්න ඕනෙ කියල..
මට හරිම කේන්තියක් ආව දොස්තර ගැන. දැන් පොඩ්ඩකට කලින් මාව ගෙදර යවන්න හිටපු දොස්තර මේ.. වෙලාවට අක්ක ආවෙ,,, නැත්නම් ඒ රාත්‍රියෙ මං කොයිතරම් අපහසුතාවයට පත්වෙන්න තිබුණද ! අක්කටත් ඒ බව තේරුනා, එයත් දොස්තර කෙනෙක් ඒත් ඒ වගේ නොසැලකිලිමත් එක්කෙනෙක් නම් නෙවෙයි...
ලහි ලහියේ අක්කගෙ උදව්වෙන් අවශ්ය කාර්යයන් ඉක්මණින්ම කරගත්තු මාව ලේබර් රූම් එකට දැම්ම...

කෝම කෝමහරි තව පැය කීපයක් යනකොට ඒ සුන්දර මල් කැකුල මගේ ලෝකෙට ආව. ඉතින් ඒ ලස්සන මොහොත සිදුවෙලා අදට හරියටම වසර දෙකයි........

ඉතින් මගේ රත්තරන් පුතේ, හැම අම්ම කෙනෙක්ම වගේ ඔයා වෙනුවෙන් මේ අම්මත් වින්ද වේදනාව අපමණයි. ඒත් ඔය රෝසපාට මූණු දකිනකොට ඒ ඔක්කොම දුක් වාශ්ප වෙණවා වගේ, එතකොට සතු‍ටු කදුලු දෝරෙ ගලනවා, නොදන්න ගාථා පවා මතක් වෙනවා. සියලු දෙවිවරු මගේ දරු පැටියා රකීවි කියා නිරායසයෙන්ම පතනවා.

ඉතින් ඒ තරම් උතුම් මාතෲත්වයට, පීතෲත්වයට අපිව පත්කළ අපේ සුදු පුතුට සුබම සුබ උපන් දිනයක් !!!

33 comments:

  1. ආදරණීයපුතාට සුබඋපන්දිනයක්,,,
    මිනිස්සුඅතර ;මිනිස්සු;ඉන්නේ කීයෙන්කීදෙනාද?දොස්තරලත්මිනිස්සුනෙ.දෙවිවරුවගෙමඔහොම අයත්ඉන්නව.අනිකඑයාලටඕව සාමාන්‍යදේවල්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විමුක්ති ,
      එයාලට ඒවා බොහොම සාමන්ය දේවල් තමා ...

      Delete
  2. පුතාට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ආයෙ මොනාද මගෙ කොල්ලට අඩු රජෙකුත් රාජ සම්පත් පතනවනේ !

      හිහ්... ස්තුතියි රජතුමනි ...

      Delete
  3. මුලින්ම සුභ උපන්දිනයක් පුතාට..

    රජයේ රෝහල් වල ඉන්නේ දොසරතලා නෙමේ.. යක්කු.. කාසල් එකේ දොස්තර වරියක් මං දන්න අක්කා කෙනෙක්ට කියලා තිබ්බා ඉවසං ඉන්න බැරි නන් ඇයි ළමයි හදන්නේ කියලා..

    හයීයු... මෙහෙවු රටක තමා දොස්තලා පඩි වැඩි කරන්න ස්ට්‍රයික් කරන්නෙත්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පසන්....

      ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ පසන් .. සමහරුන්ගෙ කතාවනම් අන්තිම සවුත්තුයි තමයි... එයාලට දරු උපතක් බොහොම සාමන්ය දෙයක්.. ඒකෙ වේදනාව ගැන එයාල ගනන් ගන්නෙ නැති තරම් ...

      Delete
  4. චූටි පැට්ටගේ උපන්දිනේට රස්තියාදුකාරයත් සුභ පැතුව ඔන්න.. :D :D :D :D :D

    දොස්තරල කියද්දි මම දැකපු සිද්ධියක් මතක් වුනා.. මේ පළාතේ ටිකක් විතර ප්‍රසිද්ධ දොස්තර කෙනෙක් ඉන්නවා.. දවසක් ඉස්පිරිතාලෙදි එක අම්ම කෙනෙක් ආව ඔය වීඕජීද කව්ද දොස්තර ‍කිව්ව දින ළගයි ඇඩ්මිට් වෙන්න කියලා.. එවල තිබ්බ අදම වගේ කියල.. අර මුලින් කිව්ව දොස්තර හිටියෙ වෙන දිහාවක.. නිකමට වගේ ලෙඩා දිහා බලල (මීටර් දයක් විතර එහා ඉදන්) නිකම්ම වගේ කිව්ව තව සතියකටත් වඩා යනවා කියල... දරුවගේ තාත්තට ඌරු ජුවල් මේ දොස්තරත් එක්ක.. මගෙත් එක්කත් කියව කියව බැන්න.. ඒ කොහොම වෙතත් ඒ දරුවව ලැබු‍නේ ඊට දවස් දහයකට විතර පස්සේ.. !
    ඔහොම දොස්තරලත් ඉන්නව ඉතිං... :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රස්තියාදුකාරයාට...

      හිහ් දොස්තර ඈත තියා වුණත් හොදට සාස්තරේ කියල තියෙනවා නේද ? එයා බලන්න ඇත්තෙ බඩ පාත් වෙලාද කියල වෙන්න ඇති, උපත ළං වෙද්දි දරුවා ටික ටික පහත් වෙනවා බඩත් එක්කම..

      Delete
  5. අනේ සුබම සුබ උපන්දිනයක් පුතු පැටියට.. :*

    මේ ලිපිය කියවද්දි ගොඩක් දුක හිතුනා..බයත් හිතුනා..ඇත්තටම දොස්තර කෙනෙක් වුනාම කොයි තරම් සැලකිල්ලෙන් වැඩ කරන්න ඕනද..පුදුමයි මෙහෙමත් මිනිස්සු ගැන..

    ReplyDelete
    Replies
    1. ස්තුති සිත් රූ සෑහෙන කලකින් දැක්කෙත්....

      බය වෙන්නනම් ඕනෙ තමයි නංගී කවදහරි දවසක හැම ගෑනු ළමයෙකුටම මේ අත්දැකීම විදින්න වෙනවනෙ.. මගේ උපදේශයනම් තමන්ගේ කියල හොස්පිට්ල් එකේ අතුගාන එක්කෙනෙක්වත් නැත්නම් රජයෙ හොස්පිට්ල් එකකට යන්න එපා....

      Delete
  6. සුභ උපන් දිනයක් වේවා සුදු පුතු පැටියෝ....

    ReplyDelete
    Replies
    1. ස්තුති බට්ටියේ...
      කේක් කෑල්ලක් වත් එවන්න කොහෙද ඉතින් දන්නෙ නමක් ගමක් !

      Delete
    2. හට්ටියවත්ත,
      මුට්ටිය පාර ,
      නෑඹිලිය .
      ඕකට එවන්නෝ.....

      Delete
  7. චූටි පුතාට සුබ උපන්දිනයක් හා වාසනාවන්ත අනාගතයක් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා....

      ආයෙත් කාන්තාරයට පියාසර කළාද ?

      Delete
    2. අපොයි ඔවු... දැන් ඇවිල්ලත් සති දෙකක් විතර වෙනවා..

      Delete
  8. මුලින්ම සුභම සුභ උපන්දිනයක් චුටි පුතාට

    ඔයාගේ කතාව කියද්දී තේරෙනවා කොච්චර හිතිනුත් වේදනා විඳිනවද කියල.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අසරණයා ...

      ඔව් ඒ දවස්වලනම් වින්ද වේදනා කියල වැඩක් නෑ..

      Delete
  9. ආදරණීය චූටි පුත් රුවනට සුබම සුබ උපන්දිනයක් හදවතින්ම..!!!!

    ඇත්තටම දුකයි සතුටයි දෙකම දැනුනා.. දොස්තරකෙනෙක් නර්ස් කෙනෙක් කියන්නෙ වටිනා ජීවිත රැසකගෙ බාරකාරයෙක්.. එක්තරා වාට්ටුවක නර්ස් කෙනෙක් අම්මා කෙනෙක් වේදනාවෙන් කෑ ගහද්දි කිව්ව දෙයක් මතක් වුණා.. ඒක ලියන්නවත් බැරි දෙයක්.. :(

    අක්කා වගේම පවුලෙ හැමෝම ගොඩක් වාසනාවන්තයි..! වාසනාවන්ත සුබ අනාගතයක්..!!! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නන්දූ ...

      අපෝ මාත් ඔය වගේ කතන්දරනම් අනන්ත අහලා තියෙනවා අම්මලාට කියල තියෙන.. ක්ලිනික්ස් එකේදිත් හරියට බනිනවා හැබැයි හැමෝම නෙවි.......

      Delete
  10. සුබ උපන්දිනයක් වේවා පොඩ්ඩෝ!!!
    කෝ කේක්??? :ප

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පුබුදු,

      කේක් එකක්නම් කැපුවා ෆොටො ඒකක් ගන්න ඕනෙ නිසා.. හැබැයි එයා ඒක අපිටවත් කැව්වෙ නෑ, එයාට අයිසින් අතේ ගෑවෙනවට අප්පිරියයි .. :(

      Delete
  11. chuti babata subama suba upan dinayak wewa kiyala prarthana karanawa........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරලියා ! (අරලිය ද ?)

      Delete
  12. මේක නම් සතුටින් කෙලවර වුනු භයානක හීනයක් වගේ..
    පුතූටත් අම්මාටත් සුභ උපන්දිනයක්...

    ReplyDelete
    Replies
    1. ස්තුති රූ,..

      පුතාට වඩා පුතාගේ උපන්දිනේ වටින්නෙ මට නිසා මටත් සුභ උපන්දිනයක් කිව්වාට වැ‍රැද්දක් නෑ .... :)

      Delete
  13. පුංචි පුතුටත්, අම්මා තාත්තා ඇතුළු පවුලේ සැමටත් නිදුක් නීරෝගී භාවයෙන් යුතුව ඉදිරි කටයුතු සාර්ථකව කරගන්න තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා....

    …තෙරුවන් සරණයි හැමදෙනාටම

    ReplyDelete
  14. සුබම සුබ උපන්දිනයක් වේවා පුංචි පුතාට...

    හරිම සුන්දර හැඟීමක් ආවා මේක කියවද්දී....හැබැයි බයත් හිතුනා. කෙනෙක්ගේ ජිවිතේ වැදගත්ම අවස්ථාවකදී දොස්තරවරු ක්‍රියා කරන්න ඕන මෙහෙමද :(

    ReplyDelete
    Replies
    1. ස්තුති සයුරි...

      ඒකනෙ මං කියන්නෙ, රජයෙ ඉස්පිරිතාලෙක ඇටන්ඩන්ට් කෙනෙක් හිටියත් ඇති , කවුරුත් නැත්නම් ලෙඩා අසරණ වෙනවා ..

      Delete
  15. පැටියට සුබම සුබ උපන් දිනයක්. ඇයි දන්නෙ නෑ සමහර මිනිස්සු මෙහෙම කරන්නෙ. අපිටත් ඔය වගෙ අත්දැකීම් නැතුවාම නෙවෙයි.

    මේ මම කියවපු පලවෙනි පෝස්ට් එක, පලවෙනි කමෙන්ට් එක. ආවෙ සම්මානි මගෙ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එක හරහා. හරිම ලස්සනට ලියලා තියෙනවා සම්මානි.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. හහා.. ඩූඩ් අයියා මේ පැත්තට ආවාද ? මමනම් හරියට ඒ පැත්තට යනවා ... ඔන්න එහෙනම් සාදරෙන් පිළිගත්තා ...

      ස්තුති සුබ පැතුමට ...

      Delete
  16. අනේ මටනම් කඳුලුත් ආවා අක්කේ

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....