Monday, December 5, 2011

මල් මිටියාවත

එන්න මල් මිටියාවත ට ...

අද ඉදන් හැමදාම
මල් පොට්ටු පීදේවී
මල් මිටියාවතින්
මල් සුවද විහිදේවි..

නුඹ ඇවිත් ගියපුවම
මට දිරිය වැඩි වේව්
ඒ තුලින් තව තවත්
මේ පිටුව හැඩවේවි..

ඉතින් මේ ඇරඹුමේ
මුල්ම පියවර ලෙසින්
තබන්නම් ඇරයුමක්
ඒ ඉමෙන් මේ ඉමට
මා සමග ඇවිදින්න
මලින් මල පූදන්න
මට සෙමෙන් දිරි දෙන්න ...

මම
සම්මානි ...

8 comments:

  1. ඔන්න මම තමයි සම්මානිගේ බ්ලොග් එකේ පළවෙනිම කොමන්ටුව දාන්නේ , මමත් පටන් ගත්තේ අද ඊයෙ තමයි ,, ඒ උනාට සම්මානිට දිගටම ලියන්න , බ්ලොග් අවකාශයේ වැජබෙන්න ලැබෙන්න කියල මම මගේ මුළු හදවතින්ම සුභ පතනවා

    ReplyDelete
  2. ගින්නා .. බෝම ස්තුතියි !

    ReplyDelete
  3. මමත් තවම අලුත් ඉතිං භයනතිව ලියන්න සින්ඩිත් එක්ක කතුවෙන්න කට්ටිය එනවා ඔයාව බලන්න.අපිත් හැමදාම එනවා ජයවේව !!

    ReplyDelete
  4. @ අසරණයා .. බෝම ස්තුතියි ! බලමු බලමු හැකියාවන් වැඩි කර ගන්න ...

    ReplyDelete
  5. ඔයාවත් මෝස්ට්ලි වෙල්කම් ටු ද බ්ලොග් අවකාශය...

    හා හා ... ආයුබෝවන් සහෝදරී, ඉතින් දිගු බ්ලොග් දිවියකට සුභ පැතුම්...

    ගේ හැදුවා වගේ නෙවේ, පාළු කරලා දානවා නෙවෙයි හොඳද ?

    අපි එන්නම් සැප දුක් බලලා යන්න... ජයවේවා !!!

    ReplyDelete
  6. ලියන ලියන කතා වලට
    නව අරුතක් එක් කරන්න
    සිතෙන සිතෙන හැම දෙයින්ම
    මියුරු කතා පද හැදෙන්න

    මල් පීදෙන මිටියාවත
    මල් වල සුවදින් හමන්න
    බමරු ඇවිත් ඒ සුවදට
    කොමෙන්ටුවක් දමා යන්න

    මගෙත් සුබපැතුම්,,,

    ReplyDelete
  7. බ්ලොග් අවකාශයේ දිගු ගමනකට අයිස්ගෙනුත් සුබ පැතුම්.. :D

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....