Friday, December 9, 2011

පළමු පාසැල ...

මම අද ලියන්නේ මගේ පුන්චි කාලේ මතකයක් ගැන.

මම ඉපදුනේ බොහොම දුශ්කර දුප්පත් ගමක යමක් කමක් යාන්තමින් තියෙන පවුලක. අම්මා රස්සාවක් කරන නිසා මම හැදුනෙ වැඩුනේ අත්තම්මාත් එක්කමයි.. මම නැගිටිනකොට අම්මා ඔ‍ෆිස් ගිහිල්ලා. එකම සිසී ඉස්කෝලේ ගිහිල්ලා. ඉතින් හැමදේටම හිටියේ අත්තම්මා තමයි...

අත්තම්ම එක්ක ඉන්නකොට මටත් හරි වැඩ තමයි තියෙන්නේ... අපි දෙන්නගේ වැඩේම හේනට කුබුරට යන එක තමයි...   ඔන්න කොහොමහරි දවසක් මම මෙහෙම යනකොට දැක්කා ලොකු පිට්ටනියක් .. එක ම එක පොඩි මඩුවක් වගේ එකක් තිබුණා. පොඩි ලමයි පිට්ටනියේ සෙල්ලම් කරනවා.. දැන්නම් හිතෙනවා දුයිශෙන්ගේ ඉස්කොලේ වගේද කියලත්....අත්තම්මා කිව්වේ ඒක ඉස්කෝලයක් කියලා. මම කිව්වා මටත් යන්න ඔනේ කියලා... වයස හරි ගියාම දාන්න බැරියයි කිව්ව නිසා මට වයස හරියනකන් බලන් ඉන්න උනා... මගෙ වයස හරි ගියා ඉතින් ඔහොම ඔහොම යනකොට....

අම්මාගෙ ප්ලෑන තිබුනේ නගරේ තිබුනු අක්කිගේ ලොකු ඉස්කෝලෙට දාන්න උනත් එක්කන් එන්න කරදරයි කියා ගමේ පොඩි ඉස්කෝලෙට මාව දානව කියලා අත්තම්මා කිව්වා... මට ලොකු පොඩි වෙනසක් තෙරෙන වයසක් නෙවෙයිනෙ .. මාත් එක පයින්..  ඔන්න පලවෙනි දවස ඉස්කෝලෙ... අත්තම්මයි මායි ගියා.. එක එක ලමයි එක එක ඇදුම්... ඇත්තමයි මේක බලන ඔයාලත් කවදහරි පාට ඇදුම් වලින් ඉස්කෝලෙ ගිහින් තියෙනවද ඈ ? මම ඇදගෙන ගියේ කලිසමකුයි ඒ රෙද්දෙන්ම මහපු බ්ලවුස් එකක් වගේ එකක් .. දැන්නම් මට හිතෙනවා මම එදා ඇදන් ගිහින් තියෙන්නේ පිජාමා එකක්වද්ද කියලත්... කොහොම හරි මම ඒ පිජාම එක ඇදගෙන අවුරුදු දෙකක්ම ගියා ඒ ඉස්කෝලෙට...... ....

ඊට පස්සේ නගරේ ලොකු ඉස්කෝලෙට මාව දාපු දවසේ තමයි මම සුදු ගවුමක් ඇන්දෙ...

දැන් නම් ගමේ යන්න වෙන්නේ කලාතුරකින් .. ඒත් ගියාම තාමත් නිකමට වගේ ඉස්කෝලේ බලන්න යනවා....  විශ්වාස කරන්නත් බැරි එදා තිබුනු විදියටමයි තාමත් ඉස්කෝලෙ තියෙන්නේ. කිසිම වෙනසක් නෑ. ...

13 comments:

  1. මිහිරි මතකයන්...

    එදා තිබුන විදිහටම හරි තාම ඒ ඉස්කොලේ තියනවානම් ලොකු දෙයක්.. දැන් මෙ ජනප්‍රිය රැල්ල ඔක්කොම ආක්‍රමණය කරගන යනවා. ඉතින් ඔය වගේ පොඩි ඉස්කෝල වලට දෙයියන්ගේම පිහිටයි. මම මේ ලඟදි ප්‍රවෲතියක් දැක්කා, පොඩි ඉස්කෝල එක්දාස් ගානක් වහන්ඩ යනවා කියලා.

    Word verification අයින් කරානම් හොඳ නැද්ද ? Comments කරන්ඩ ටිකක් අමාරුයි.

    ReplyDelete
  2. අග්... දැන් ඔයාගේ blog එක මගේ එකට වඩා හොඳයිනේ ලස්සනට කරලා තියෙන්නේ.ඒල ඒල ජයවේව. !!!

    ward nitification එක නැතිකරන්න

    ReplyDelete
  3. පුංචි කාලෙ දේවල් මතක තියන එක කොච්චර හොඳද , බෙදාගත්තට ස්තුතියි.

    ReplyDelete
  4. please remove this word verification request.

    ReplyDelete
  5. මටත් මතකයි මං ඉස්සෙල්ලම ඉස්කෝලේ ගියපු දවස.

    ReplyDelete
  6. කමෙන්ට්ස් ආ මෝස්ට්ලි වෙල්කම් ... කිව්වට දාන comments පලවෙන්නෑනේ. මොකද ඒ ?

    ReplyDelete
  7. Pls tell me the method of removing Word verifications... donno hw to do ...

    ReplyDelete
  8. @ සෙන්නා; ඔව් තාමත් ඉස්කෝලේ ඒ විදියටම තියෙන්නේ.. ඒක හොන්දයි වැහිලා යනවට වඩා නම්...

    @ අසරණයා; තෑන්ක්ස් අනේ; ඒත් වර්ඩ් වරි‍ෆිකේශන් අයින් කරන්න මම දන්නෑ . කියලා දෙන්න....

    @ ලකී; බොහොම සාදරයෙන් පිලිගන්නවා..

    ReplyDelete
  9. Sammani,

    මේක follow කරන්ඩ.

    Dashboard > Settings > Comments
    word verification
    select no

    ReplyDelete
  10. Go to Design------->Setting------->comments--------> එකේ පල්ලෙහට යද්දී තියෙනවා "Show word verification for comments?" එක NO කරන්න

    ReplyDelete
  11. " මට හිතෙනවා මම එදා ඇදන් ගිහින් තියෙන්නේ පිජාමා එකක්වද්ද කියල.."

    පොඩි කාලේ සුන්දර මතකයක්.. අදයි මම මේ පැත්තට ගොඩ උනේ..

    ReplyDelete
  12. ඒ කාලේ තමා ඒ කාලේ

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....