ඔන්න ඉතින් මම කලින් දවසක කිව්වනේ මගේ පලවෙනි ඉස්කොලේ ගැන.. ඒකේ මම හිටියෙ අවුරුදු දෙකකට කිට්ටු කාලයක්... මේ දැන් කියන්න හිතුවේ ඒ ඉස්කොලෙන් අයින් වෙලා මම නගරේ ලොකු ඉස්කොලෙට දාපු මුල් කාලේ සිදු උනු සිද්දියක්...
ඔය ඉස්කොලෙට යන්න කලින් මට ඇඩ්මිශන් ටෙස්ට් එකකටත් ලියන්න උනා... ඒකට මාව එක්කරගෙන ගියෙත් අපේ අත්තම්ම,,, මට මතකයි ඒකෙ එක ටීචර් කෙනෙක් කියපු සිංහල වචන මම ලිව්ව... තව මොනාද වගයකුත් තිබුනා ඉතින්... ඔව්ව ඔක්කොම මතක තියාගන්නෙ කොහොමද නේද? ටෙස්ට් එක ඉවර වෙලා ඒ ටීචර් ලොකු අකුරෙන් "ඉතාම හොදයි" කියලා ලිව්වා...
මට මගේ පුන්චි හිතට එදා ලොකු සතුටක් දැනුන..
මට මතක හැටියට ඉස්සෙල්ලම මාව කවුරුහරි අගය කලේ එදා... ඉතින් මම උඩ පැනගෙන ඇවිත් අත්තම්මට පෙන්නුවා පොත...
අත්තම්මත් ලේසි නෑ.. කියපි "ඉතාමත්ම හොදයි කියල තිබ්බනම් තමයි හොද..."
ඕන් උත්තරේ... පොත අත්තම්මගේ බෑග් එකට දාල ගෙදරට එන කිලෝමීටරයක් දුරම ගල්වලට පයින් ගහ ගහ ආවා මං....
මාව ලොකු ඉස්කෝලෙට දැම්ම.. .. තාමත් මතකයි අක්කි එයාගෙ පන්තිය ඉස්සරහ දොර ලග එයාගෙ දකුනු අත කටේ දාගෙන අම්මයි මායි දිහා බලාන හිටියා.. අක්කිගෙ දත් දෙකක් තිබ්බෙ නැති එක මට මතකයි...
අහ් තව එකක් ... අම්ම සාරිය ඇදගෙන මාව එක්කන් යනකොට අක්කිගෙ පන්තියෙ ලමයෙක් දුවගෙන ඇවිත්
"මැඩම් අරකි මට බෝතලෙන් ගහුවා... "
අම්මි සාරිය අදල හින්ද ඒ ලමය හිත්ල අම්මි ටීචර් කෙනෙක් කියලා.... හික් හික්.....
ඔන්න දැන් තමයි මම කියන්න හිතපු කාරණාව එන්නේ... මම ටෙස්ට් එකෙන් ලකුනු ගත්තට මාව හොදම පන්තියට ඇතුලත් කරගත්තෙ නෑ. එහෙ පන්ති පහක් විතර තිබුනා.. A පන්තියෙ හිටියෙ හොදම අය කියල ඒකටනම් කොහොමටවත් දාන්න බැ කියල අබේරත්න සර් අම්මට කියනව මම අහගෙන හිටියේ. ඒ සර් තමා අංශ භාර සර්... අබේරත්න සර්ගෙ ලමයත් ඒ පන්තියෙ හිටිය..... අපේ අම්මත් ඉතින් බොහොම අමාරුවෙන් තර්ක විතර්ක කරල බැරි තැන පසු බැස්ස... ඒත් මම එක දවසයි D පන්තියෙ හිටියෙ... අම්ම වෙන ටීචර් කෙනෙකුට කියල මාව A පන්තියට දැම්ම... ජයසේකර සර් තමයි ඒ පන්තියට ඉගන්නුවෙ... සාමාන්‍ය යෙන් නම් පොඩි පන්තිවලට උගන්නන්නෙ මිස්ලනේ.. ඒත් ඒකෙ ඉගන්නුවෙ වයස 50ක් විතර උනු ජයසේකර සර්....
මුල් දවස්වල්දිම මට තේරුන පන්තියෙ ඉන්න ගොඩක් ලමයි ගුරුවරුන්ගෙ ලමයි... මාව ඒ පන්තියේ ඉන්දුව උනාට නම තිබුනේ D පන්තියෙ... නම මාර්ක් කරන වෙලාවට අබේරත්න සර් නම් පොත උස්සගෙන එනවා.. හැමදාම අහනව
"මේ පන්තියෙ තාත්තල නැති ලමයි නැගිටින්න කියල..."
එකදවසක් නෙවේ දෙකක් නෙවෙයි හැමදාම... ඒක අහනවා... මම නැගිටින්න ඕනේ... තව එක ලමයෙක් නැගිට්ට එයාගෙ නම සිරියලතා ද කොහෙද..එතකොට සර් කියනවා එයාට
"ඔය ලමය වාඩිවෙන්ඩ..."
ඔන්න ඔහොමයි සර් මගෙ නම මාර්ක් කරගන්නේ ආව කියල.... සර්ට තරහ තිබුනේ අම්මි එක්ක මාව කොහොමහරි මේ පන්තියට දාපු එක ගැන... මම මේක ගෙදර ගිහින් කිව්වෙ නැ.. මොකද අපෙ තාත්ති අපි පුංචිම කාලෙදි තමයි නැතිවෙලා තියෙන්නේ .... අම්ම කවදවත් අපිට අම්ම දුකෙන් ඉන්න බවක් පෙන්නුවේ නැ.. එ වගේම තාත්ති ගැන අපි දෙන්න එක්ක කතා කලෙත් නැ තේරෙන වයස එනකම්ම්... අක්කියි මමයිත් කවදවත් තාත්ති ගැන කතා වෙලා නැ,,, ඉතින් මට තාත්ති කියන වචනෙවත් හුරු නැති නිසා ඒ ගැන කතාකරන්න ලැජ්ජ හිතුන..
තවත් එකක්... මම පුංචි කාලෙ ගොඩක් පොඩි ලමයෙක් කියල මගෙ කලින් පෝස්ට් එකේ මම ලිව්වෙ... මේ ඉස්කොලෙදිත් මට ලමයි නමක් දම්ම මගෙ මිටි බව කියලා.. ඒ ලමයි මට කතා කලෙත් නංගි කියලා... .... ගුරුවරුන්ගේ ලමයි තමයි එහෙම කලේ.. උන් එහෙ මෙහෙ යනකොට මට ටොකු අනින්න ගත්තා,,... මේකනම් මට ඉවසන්න බැරි උනා.. මේක ගෙදර ගිහින් අම්මිට කිව්වම ඊලග දවසෙ අම්මි ජයසේකර සර්ට කියලා තිබුනා .. ඒ ප්‍රශ්නේනම් නැතිඋන... ලමයිනේ උන් බයට ඒක නැවැත්තුවා.. ඒත් අර අබේරත්න සර්ගෙ ප්‍රශ්නෙ ඇහිල්ල නම් මාස දෙකක් විතර තිබුනා... මම තුන වසරට යනකන්ම...
මගේ නම නිල වශයෙන් A පන්තියෙ නම් පොතට ඇතුලත් උනේ දෙක වසරෙ අන්තිම ටෙස්ට් එකෙදි මම A පන්තියෙ පලවෙනිය උනාට පස්සේ,,, එදානම් අම්මි එපා කියද්දිම අපේ අත්තම්ම අබේරත්න සර් හම්බ වෙන්න ඉස්කෝලෙට ඇවිත් "අබේරත්න සර්ට කිව්වෙ ඒකනෙ දරුව A පන්තියට ගන්න කියල...." කියල ගියා.
අත්තම්ම හරිද වරදිද කියල මම හිතුවෙත් නැ, හිතන්නෙත් නෑ... ඒත් සර් පුන්චි ලමයෙක්ගෙන් පලි ගත්ත එකනම් වැරදි විදියට තමයි මට දැනෙන්නේ...
අහ් ... දාන්වද නොදානවද කියල හිතල හිතලා මේ ටිකත් දාන්නම හිතුව... අබේරත්න සර් ගෙ පුතා දැන් ත්‍රීවිල් එලවනවලු....
ගුරුවරු ළමයින්ගේ කොඳු කඩන්නේ මෙහෙම තමයි . හොඳ ගුරුවරු අතරේ මේ වගේ බමුනොත් ඉන්නවා ....
ReplyDeleteගුරුවරු ළමයින්ගේ කොඳු කඩන්නේ මෙහෙම තමයි .
ReplyDeletemage a/l kaledi ohoama guruwaru matath hamba wela thiyenawa akke.
ReplyDeletemage a/l kaledi oya wage guruwaru matath hambawela thiyenawa.
ReplyDeleteඒ වගේ දේවල් කරන ගුරු වරුන්ගේ දරුවොන්ට එහෙම දේවල් තමා සිද්ද වෙන්නේ.මටත් ඉස්කෝලෙදි අඩන තේට්ටම් කරපු මිස්ගේ පුතා තවම පොක්කු උද රස්තියාදු ගහනවා රස්සාවක් නැතිව
ReplyDeleteඕවා ඔහොම තමා... සමහර ගුරුවරු, ගුරු කමටත් නින්දාවක්... අර මම කලින් දවසක කියපු ගනන් සර්රුත් ඔය වගේ තමා.. වැඩි සැළකිලි ඉස්කෝලේ ගුරුවරුන්ගේ ළමයින්ට... සල්ලි දීලා එයාගෙ පන්තියට ගියත් ඒ වෙනස තිබුනා... අපිට හැමදාම කුඩම්මාගේ හැන්දෙන් තමා බෙදුවේ...
ReplyDeleteඅර සර්ගේ පුතා ගැන නොකියා හිටියානම් හොඳයි කියලා හිතෙනවා...
@ සදීප: ඔව් ගුරුවරු වුනාම ටිකක් නෙවෙයි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනෙ නේද !
ReplyDelete@ දිලූශ: මේකත් එකක් විතරයි මල්ලි... අනන්ත කෙනෙහිලිකම් මැද්දෙ තමයි මේ ගමන ආවේ...
@ අසරණයා: සහතික ඇත්ත... ඒත් මම පෝස්ට් එකට ඒ විදියට ලිව්වෙ නෑ.. හරි නැ කියල හිතල...
@ සෙන්න: මොකද මන්ද ඇත්තට ගුරුවරුන්ගෙ ලමයි ඔය හැටි අගේ ! මටත් ඉතින් ඉස්සර හරියට හිතුන අපෙ අම්මිත් දෙය්යනේ ගුරුවරියක් වුනාන්ම් කියල... ඇයි ඉතින් මගෙ පන්තියෙ හිටපු ගුරුවරුන්ගෙ ලමයි නිකන් රජ්ජුරුවො වගේ හිටියෙ... මොකක්හරි එකකට පොඩි කතාවක් ගියගමන් ඒ ගොල්ලනගෙ ගුරු අම්මල තාත්තල එනව නිකම් ලොකු මිනිස්සුන්ගෙ රන්ඩුවක් බේරන්න වගේ..
/අර සර්ගේ පුතා ගැන නොකියා හිටියානම් හොඳයි කියලා හිතෙනවා... /
ඒ ඇයි ??
මුළු ලිපියෙන්ම, ඒ වචන ටිකෙන් තමා, ඔයාගෙ හිතේ ඒ සර් ගැන තිබ්බ වෛරය පෙන්නන්නේ.. ඒකයි මම එහෙම කිව්වෙ.
ReplyDeleteමේ දේවල් මම අපේ ඉස්කෝලෙදි ඕන තරම් දැක්කා..
ReplyDeleteඔයාට වෙලා තියෙන අසාධාරනේ ගැන නම් කියවද්දි තරහයි ගුරුවරු සමහරක් ඉන්නවා හරිම හොදයි ඒත් ඒ අතර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මේ වගේ අහිංසක ලමයිගෙන් පළිගන්න.මගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක්ට ඔහොම අසාධාරණයක් වෙලා අන්තිමට ඒ ළමයට ඉවසන්න බැරිව මහණ වුනා දැන් ඒ හාමුදුරුවෝ පිරිවෙනේ පළවෙනියා.
ReplyDeleteසර්ගේ පුතා ගැන දැමීමේ වරදක් මම දකින්නේ නෑ.ටියුෂන් ක්ෂේත්‍රෙය් උනත් පතාක යෝධයෝ වගේ වැජඹුනු සර්ලගේ ලමයි සෑහෙන්න පිරිසක් ඔහොම තමයි.ගුරු වෘත්තියෙන් දරුවෙක්ගේ ඇස් පාදන්නේ නැතිව ඇස් වලට වැලි ගැහුවොත් ඒක දරුවෙක්ගෙන් හරි පලදෙනවා.ඒක අපිට කියලා දුන්නේ දුෂ්‍යන්ත මහබදුගේ සර් උදාහරණ සහිතව.
දිගටම ලියන්න අක්කේ අතීතයේ වැරදි අමතන කරන්න හිත හදාගන්න මේක සෑහෙන්න වටිනවා
අනේ කෝ අප්පා මම ගහපු කොමෙන්ට් එක් ඒ අක්කේ මෙන්න කොමෙන්ට් එක දෙපාරක් දාන්න උනා මුලින් එක වැටිලා තිබ්බොත් මේක අයින් කොරන්නෝ....
ReplyDeleteඔයාට වෙච්චි අසාධාරණ කියවද්දි සෑහෙන්න තරහක් එනවා ඇත්තටම මේ වගේ ගුරුවරුත් නැතිවාම නෙමෙයි.බ්ලොග් ලියන අසනි අක්කාගේ අම්මාට අපහාසයක් නොවේවා එයා නම් නියම ගුරු මෑණි කෙනෙක්
ගොඩාක් සර්ලගේ දරුවෝ මේ වගේ ඉරණම් හිමිකරගන්නවා ඒ ඉතින් අර දිට්ඨ දම්ම වේදනීය කර්ම තමයි.ඇස් පාදන්න ඉන්න ඈයෝම ලමයිගේ ඇස් වහන්න හදන එක කොයිතරම් පාපයක්ද.අපි 5 වසරෙදි අපේ පන්තියෙත් හිටියා ඔහොම පොරක් අම්මා තමයි ඉගැන්නුවේ අපරාදේ කියන්න ඕනේ නෑ මිනිහට හැමදාම නෙලනවා මදි නොකියන්න අපි ඉතින් හෙන දුකින් හිටියේ ලමයට මෙහෙම නම් අපිට කොහොම වෙයිද කියලා
මේ සිද්ධිය මතක් වෙලා ඇතිවුනු ආවේගෙට තමයි සර්ගේ පුතා ගැන ලියැවෙන්න ඇත්තේ ඒක ඉතින් ගනන් ගන්න එපා ඉතින් senna අයියේ අපි උනත් එහෙමනේ.අනික ගෑනු ලමයින්ට තරහා වුනු කෙනෙක්ව අමතක වෙන්නේම නෑලුනේ නේද senna අයියේ.හිහි...
දිගටම ලියන්න අක්කේ ජයවේවා කථාව ලස්සනයි.....
හාපෝ ,, ඔහොම පොරවල් ඉන්නව. මක් කරන්නද සමාජය විෂමයි.
ReplyDeleteමෙහෙම අයත් ඉන්නවනේ ....ගනං ගන්න එපා......
ReplyDelete@ සෙන්න: ඔයා හරි සෙන්න... ආපහු කියවනකොට මටත් එහෙම හිතුන..
ReplyDelete@ දිනේශ් : ඔව් අප්පා... හැම ඉස්කෝලෙකම පාහේ තියෙනව.. ලමයි තමයි තැලෙන්නෙ...
@ ගැමිය: ඔය කියපු හාමුදුරුවොන්ගෙ කතාවටනම් මටත් හරිම දුකයි... තනිකරම ජීවිතෙ වෙනස් වෙලානෙ..
දුශ්‍යන්ත සර්ගෙ ක්ලාස් ගියාද ?
//අනික ගෑනු ලමයින්ට තරහා වුනු කෙනෙක්ව අමතක වෙන්නේම නෑලුනේ නේද //
හිකිස්,... ඇත්ත ඇත්ත...
@ දූපත් වැසියා : හ්ම්ම්ම් ... ලෝකය විවිදයි විශමාකාරයි ....
@ ඔබ නොදුටු ලොවක් : හ්ම්ම්.. පුන්චි කාලෙ වෙන දෙවල් ලමා මනසට තදින් යනව... ඒකයි පෝස්ට් එක ලියවුනේ... දැන් නම් ගානක් නෑ ඉතින්... .
බොලේ මගේ කොමෙන්ට් දෙකම තියෙනවා
ReplyDeleteආ දැන්නේ දැක්කේ ප්‍රශ්නේ......
ReplyDeleteමේ මොනා අහනවද මම දුෂ්‍යන්ත සර්ගේ වෘත්තිමය ශිෂ්‍යයෙක් මේ අවුරුද්දෙත් යනවා.රොටරියේ වලේ ලිස්සලා වැටුනු එකා කිව්වාම සර් මාව දන්නවා.මට මරු කථාවක් මතක් වුනා ලියන්න ටැංකිවු ඈ.......
යකඩ පන්නරේ එන්නෙ තැලෙන කොටලු....
ReplyDeleteඅනිත් එක අර යටම කෑල්ලත් දාපු එක හොඳයි....
අයියෝ ඔහොම ගුරුවරු ඉන්නවා. මමත් දැකලා තියෙනවා. දෙමව්පියෝ ගුරුවරු ළමයට හෙන අලි තැන. මටනම් ඔය පන්ති බේදය පෙන්න බෑ
ReplyDeleteඅදයි දැක්කේ මේ බ්ලොග් එක...ලස්සන බ්ලොග් එකක් වගේ...
ReplyDeleteඅර ගුරුවරයා ඔයාගෙන් පළි ගත්ත විදියනම් අන්තිම කැතයි..සියුම් විදියට මනසට යි පහර දීලා තියෙන්නේ...හරිම කළකිරීමක් ඇති උනා එහෙම ගුරුවරු ගැන..
@ ගැමියා: මගෙ නෑදෑ මලයාත් දුශ්‍යන්ත සර්ගෙ ක්ලාස් එකේ වෘත්තිමය ශිෂ්‍යයෙක් ... අහල බලන්නම්කො ගැමිය ගැන.... දැන් මොකො උනෙ මේ පාර ඒ ලෙවල් ?
ReplyDelete@ නරකයා: සහතික ඇත්ත යාලූ. සාදරයෙන් පිලිගන්නව මල් මිටියාවතට ...
@ වර්ණා: කියල වැඩක් නෑ වර්ණ මෙව්ව ගැන... ලමයි බාගෙට බාගයක් තැලෙනව මේ ගුරුවරුන්ගෙ සමයං හින්ද... මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා..
@සයුරි : තෑන්කෝ සයුරි, මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා....
අපේ ඉස්කෝලේ නං ඔය ප්‍රශ්නේ තිබුනේ නෑ, මොකද ඉස්කෝලෙට ළමයි ගන්නේ ශිෂ්‍යත්ව විභාගෙන් විතරයි. කවුරු උනත් අවම ලකුණු මට්ටම නැතිනං ගන්නේ නෑ. හැමෝටම සමාන සැලකිලි.
ReplyDeleteආඩම්බරයි මගේ ඉස්කෝලේ ගැන.....
වසලයෙක්!
ReplyDelete(පුතා නම් හොඳ එකෙක් වෙන්න ඇති, උපතින් නොවේ ක්‍රියාවෙන් වසලෝ හෝති නේ)
ඒකනම් ඇත්ත කතන්දර අයියේ ...
Deleteහි හි මලයාගෙන් අහන්නකෝ රොටරියේ වලේ හෝල් එකේ පිනුමක් ගහලා කෙල්ලොන්ගේ ඩෙස් එක යට රිංගලා හිටපු පොරක්ව මතකද කියලා පැනපු ගමන් සිද්ධිය කියයි දන්නවානම්.මම කථාව ඩ්‍රාෆ්ට් කරලා තියං ඉන්නේ ලගදීම දාන්නම් මම උඩ කිව්වේ කතාවක් මතක් වුනා කියලා අන්න ඒකයි.
ReplyDeleteමේ සැරේ මම කරේ නෑ අක්කේ කොන්දේ ආබාධයක් නිසා ඇවිදින්න බැරුව ගිය පෙබරවාරියේ ටියුෂන් නැවැත්තුවා.දැන් සනීප නිසා ආයේ පටන් ගත්තා ඊලග අවුරුද්දේ කරන්නේ මගේ බ්ලොග් එකට ගොඩවැදුනොත් කොන්දේ කේස් එක දැනගත්තෑකි.
මේක කියවද්දි පුදුම තරහක් හිතට ආවේ. ශික් මෙහෙමත් තිරිසන් මිනිස්සු.
ReplyDeleteඕවගේ සිද්ධියක් මටත් වුනා. ශිෂ්‍යත්වේ ප්‍රතිපල එන දවසේ පන්තියේ මාත් එක්ක මුල ඉඳන්ම ඔරෝප්පුවෙන් හිටපු ඉංගිරිසි ටීචර් කෙනෙක් එදා ඇවිත් අනාවැකි කියනවා. ඔයා පාස් වෙයි ඔයා පාස් වෙයි කියල. එත් මාව පෙන්නලා ම් ම් ම්.... මෙයාවනම් ෂුවර් නෑ කිව. (අන්තිමට පන්තියෙන්ම මම විතරයි පාස් වුනේ)...
ReplyDeleteමම ඔයාගෙ අළුත් පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්මා. ඒක මේකටත් අදාළයි.
ReplyDeleteමේ නම් ගුරුවරු නෙමේ ගුරුහොරු :(
ReplyDelete