Monday, January 9, 2012

නූරි --- 3

නූරි --- 1
නූරි --- 2

නූරි --- 3

ඊයේ සිදුවීම අප්පච්චීගේ හිතට මහා වේදනාවක් එකතු කල බව නූරි ට හොදින් දැණින. වෙනදා නිදන්නට යන වේලාව පසු වීත් අනතුර  පිලිබද අම්මාගේත් අප්පච්චීගේත් කතාබහ ඈට ඇසිණි.

"වුණ දේ වුණා... දැන් කොච්චර කතා කලත් පලක් නෑ... වෙලාවට ඒ මනුස්සයා හෙල්මට් එක දාල හිටියා.." අම්මා කියනු ඈ අසා සිටියාය....

රෝහල් භූමිය පුරා මහා හිස් බවක් තිබිණි. අප්පච්චී ඔය හැටි වෙලා ගන්නවා කියා කලින් කිව්වා නම් ඈ මේ ගමන එන්නේ නැත.  පාසලට අලුතින් පැමිණි සිසුවිය පරක්කු වී පැමිණීම ගුරුවරුන් වුවද අනුමත නොකරනු ඇතැයි ඇය සිතුවාය.


"ආ හරි යන් යන් පුතේ .. තව ඩිංගෙන් පුතාට පරක්කු වෙනව .."

"අප්පච්චි දැන් කොහොමද ලෙඩාට ?"

"ඒ හැටි අමාරුවක් නැ දරුවො ... මේ ඒ ලමයගෙ ගෙදර උදවිය ඇවිල්ල ටිකක් සද්දෙන් සද්දෙන් කතා කෙරුව... ඒකයි ටිකක් පරක්කු වුනෙ .. "

__________________________________________________________________

පලමු කාල පරිච්චේදය පටන් ගෙන තිබුනද ලමුන් තැන් තැන්වල පොදි ගැසී කතා කර කර සිටීම නූරිට සතුටක් ගෙන දුන්නෙය ..
 "ගුරුවරයෙක් නැතුව ඇති "

"ඔව් දැන් පිලිගන්න... අපේ අලුත් න්නූරි ශිශ්යාව ..... කීකරු, අප්‍රමාද, වෙලාවට වැඩ කරන ...... "

පන්තියේ කොල්ලන්ගේ කටකාර කියමන් මද්දේ තම පු‍ටුව සොයා ගත් ඈ මිතිලා ව දිලිනි ව සෙව්වාය...  

"ඇයි දැන් මොනාද තියෙන්නෙ ? තාම ‍ෆ්‍රී මොකද ? "

මිතිලා සොයා ගත් විගසම ඈ ඇසුවාය ...

"දැන් ‍ෆිසික්ස් තියෙන්නෙ.... මාර වැඩේනෙ නූරි වෙල තියෙන්නෙ... ‍ෆිසික්ස් සර්ව ඇක්සිඩන්ට් වෙලාලු ... ඉස්පිරිතාලෙලු ... පව් බන් මාර හැන්ඩියා සර්...  "

" මොනවා ... ?? "
නූරිගේ කටේ කෙල පවා සිදී ගියේය ..  මිතිලා තවත් කතා කරයි ...


"පව් බන් කවදාවත් සර් නිවාඩු ගත්තෙ නෑ ... ෆස්ට් ඇපොයිමන්ට් එක අපෙ ඉස්කෝලෙට .. ඒ හැටි කලකුත් නෑ ඇවිල්ල  ... සර් බයික් එකේ යනකොට වෙන වෙහිකල් එකක හැප්පිලාලු ... . "

"සර් කොයි වගේද මිතිලා ... ? "
"උසයි .... කලුයි ... කෙට්‍ටුයි ...... ඇයි නූරි ඔයා එහෙම ඇහුවෙ... ? "
"නිකම් .... නිකම් .... නිකමට ... මම ඊයෙ සර්ව දැක්කද කියල මතක් කරගන්න ,,, "

"නෑ ඔයා සර්ව දකින්න විදියක් නෑ... ඔයා එනකොට අපිට ‍ෆිසික්ස් ඉවර වෙලා ... හැබැයි සමහරවිට ඔයා දකින්න ඇති ඔ‍ෆිස් එකේදි ... සර් ඔ‍ෆිස් එකට ගියානම්  ........... මොනා උනාද දන් නෑ බන් .. කවුරුවත් කිසිම හරි විස්තරයක් දන් නෑනෙ  ... "

සිදු වූ දේ නූරිට නම් හරියටම, සියයට සියයක්ම හරියට කියන්නට පුලුවන... නමුත් මේ එයට සුදුසු වෙලාවක් නොවේ... නූරි කට පියා ගත්තාය... 

"මේ මොකද උබ කියන්නෙ... අපි හවස සර්ව බලන්න යනව හොස්පිටල් එකට  ... එනවනම් අපිත් එක්ක යන්න පුලුවන් ... සර්ව දැකල නැත්නම් බලාගෙන එන්නත් පුලුවන් ... "

පන්තියේ කෙල්ලක් ඇගෙ අතට ගසමින් පැවසුවාය....

"අනේ මම .... මම ...  අද ...  බෑනෙ අපේ අප්පච්චී අද පොරොන්දු උනානෙ නැන්දලාගෙ ගෙදර යනව කියල... අම්ම කිව්ව ඉක්මනට ගෙදර එනව කියල... අය්යෝ අපරාදේ ශික් ... "
බොරුවක් කියා ඈ මිතුරියන් මග හැරියාය..


**********************************************

හැමදාම ඇයව පාසලින් ගන්නට අප්පච්චීට නොහැකි හෙයින් ඇයට බසයේ ගෙදර යන්නට සිදුව තිබිනි. පාසල් ගේට්‍ටුවෙන් පිටවූ මොහොතේ සිට ගෙදරට එනතුරුම මාර්ග විස්තරය අප්පච්චී කියාදී තිබීම නිසා බසයක් සොයා ගැනීම දුශ්කර නොවීය. නිවෙසට එනවිට අම්මා මල්ලීත් සමගින් ඈ එන පෙර මග බලා සිටියාය..

"අක්කි එනව අම්මී ... "

"ඔව් මේ අක්කි එනව ,.. එනව ... අපෝ බුදු අම්මෙ ඇති ගෙදර ආව අදනම් ...." නූරි දාඩිය පිසදමමින් කිව්වාය.

"මොකෝ පුතේ ?? " අම්ම සිනා සිසී ඇසුවාය ...

"නෑ අම්ම දාඩියනම් මේ බස් එකේ ඇවිල්ලා... මට හිනා ගියෙ අම්මෙ මාර වැඩෙ වෙලා තියෙන්නෙ .... මටමනෙ අම්මෙ මේ හැම එකක්ම වෙන්නෙ .. "

"කිය්නවකො ලමයො, අපබ්‍රංශ නොකියා කියන දෙයක් තේරෙන්න ...  "

"අප්පච්චී ඉදල ඉදල හප්පල තියෙන්නෙ අම්මෙ අපෙ පන්තියට උගන්නන සර් කෙනෙක්වනෙ අම්මෙ  .... "

"නැහ් ... "

"නැත්නම් හොන්දයිනෙ අම්මෙ ... වැඩෙ තියෙන්නෙ එහෙම වෙලා තියෙන එකනෙ .. " නූරි මවට පන්තියේ ලමුන් ඇයට කිවූ කාරණා පැවසුවාය.

"දැන් හෙට තමයි වැඩේ... ඉස්පිරිතාලෙදි සර් ලමයින්ට කියයි මට මෙහෙම උනේ මේ නිසාය... අන්න තමුසෙලාගෙ පන්තියෙ අලුතෙන් ආපු ලමයගෙ හපන්කම .... හපොයි හෙට ඉස්කෝලෙ යන්ටත් මට බයයි අම්මෙ... "

"යස වැඩක්නෙ පුතේ  ....... සර්ට ඒ හැටි අමාරුවකුත් නැත්නම් අහවල් එක්කට ඕ ගැන ඕ හැටි හිතනවද?  මොකෝ මේ ලෝකෙ ඔහොම සිද්දි වෙන් නැතුවයැ ,,,, අනේ ඔන්න ඕක අමතක කරලා අර බත් ටික කනව දැන් ..........."


"අනේ දෙයියනේ... සියල්ල හොන්දින්ම සිදුවේවා ... " නූරි සිහිනයෙන්ද පැතුවාය ..............

****************************

13 comments:

  1. අඩේ හීනෙන්වත් හිතපු නැති දෙයක්නේ බොලේ වෙලා තියෙන්නේ කථාව අමුතු පැත්තකට ඇදිලා යනවා ඊලග කොටස ලියන්නෝ තව දිගට කථාව දාන්නකෝ....

    නියමයි ඈ ජය වේවා

    ReplyDelete
  2. මලා.. මේ මොකාටද එන්ඩ හදන්නේ....?

    ReplyDelete
  3. අනේ අර කොල්ල ෆිසික්ස් සර්ද..:D

    ලස්සනයි ඉතුරු ටිකත් ඉක්මනට දාමු නේද.. ;)

    ReplyDelete
  4. හ්ම්.. ලස්සන කතාවක් වගේ .. දිගටම ලියන්න ..ඉක්මනට ..

    ReplyDelete
  5. සියල්ල හොඳින් සිදුවේවා....

    ReplyDelete
  6. ගැමිය : හරි මල්ලියා... ඉක්මණටම දාන්නම් හොදේ ....

    @ සෙන්නා: ඒකනෙ ... බලමු ඇත්තට මොකාට එන්ඩ හදනවද කියලා !

    @ සිත් රූ : ඒකනෙ රූ වැඩේ.... දාන්නම් ඉක්මණටම ............

    ReplyDelete
  7. @ ඔබ නොදු‍ටු ලොවක් : අපි එහෙම පතමු .....

    සියල්ල හොඳින් සිදුවේවා....


    @ ඩ්‍රීම් බෝයි : ස්තූති පැමිණීමට ... ලගදීම දානවා ...

    ReplyDelete
  8. මං හිතපු විදිය හරි ඇති, හැබැයි ඉස්කෝලෙ ගුරුවරයෙක් කියල නම් හිතුනෙම නෑ.

    ReplyDelete
  9. මං හිතපු විදිය හරි ඇති, හැබැයි ඉස්කෝලෙ ගුරුවරයෙක් කියල නම් හිතුනෙම නෑ.

    ReplyDelete
  10. කුතුහලේ ඇවිස්සිලා තියෙන්නේ අනෙත් එකක් දන්නා බලන්න.

    ReplyDelete
  11. @ ඔබා මාමා : ඔව් හිතපු විදිය හරි ඇති .... ඊලග කොටසෙන් බලමුකො .... තැන්කූ කොමෙන්‍ටුවට .............

    @අසරණයා : ඕකේ ... අනිත් කොටස අද හවසට ........තැන්කූ කොමෙන්‍ටුවට ............. ...............

    ReplyDelete
  12. අනේ අම්මෝ බයෙත් බෑ වගේ

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....