Wednesday, January 25, 2012

නූරි --- 7

"ඇයි අප්පච්චී ඇයි ? කියන්නකො අප්පච්චි මොකක්ද ප්‍රශ්නෙ ?  ,,,, "


 අම්මාගේ තත්ත්වය ඒතරම් සුබ නැතැයි වෛද්යවරයාගේ කාමරයෙන් එලියට එන මාපිය දෙපළගේම මුහුණු දෙස බැලූ නූරිට දැනිණි.

"අම්මෙ කියන්නකො මොකෝ ඩොක්ටර් කිව්වෙ ?"

"ආහ් ඒ හැටි එකක් නැහ් පුතේ මේ අප්පච්චි බොරුවට කලබල වෙලා .... "

"හරි ඉතිං ඩොක්ටර් මොකක්ද කිව්වෙ ?"


"ඩිංගිත්තක් විතර පිළිකාවක් වෙන්න පුලුවන් අවදානමක් තියෙනව කියල තව ඩොක්ටර් කෙනෙක්ගෙ නමක් ලියා දුන්න මහරගම ගිහින් හම්බ වෙන්න කියල  "

"අනෙ අම්මෙ !"

"මේ නූරි හැමේක්කටම ඔය ඇඩිල්ල නවත්තගන්නව ,,, පටන් ගත්ත විලාපෙ ... " අප්පච්චිගේ තරව‍ටුව හමුවේ නූරිගේ ඇඩිල්ල නැවතුණි.
 ඔහු ඔනෙල්ව වඩා ගත්තේය.

"නූරි, පුතේ ඔයා අම්මත් එක්ක කාර් එකට වෙලා ඉන්න.. මං ෆාමසියට ගිහින් එන්නම් .. "

"ජයේ , රෑට කන්න පාන් හරි මොනාහරි ගෙනාවොත්  හොදයි නේද ? දැන් ගිහ්න් උයනකොට මේ දෙන්නට නින්ද යයි .. "

"හ්ම්ම් .. "
සෑම මවක්ම මෙන්ම නූරිගේ මවද කියන්නේ "මං අද රෑ එහෙමත් නැත්නම් මේ දැන් මැරෙනව කිව්වත් උයල මැරෙන්න ඕනෙ.. නැත්නම් අනිත් අය මැරෙන්නෙ බඩගින්නෙ  "

"වෙන වෙලාවක නම් අම්ම ඕක කියනකොට අපි බඩවල් අල්ලං හිනාවෙනව , ඇත්ත තමයි කියල .. ඒත් අද ? " නූරි සිතුවාය.


......................................................................................................................................................
ගෙදරට එනවිට ඔනෙල්ට නින්ද ගොස් තිබිණි. අප්පච්චි ඔහුව ඇද මත තබා එනු දු‍ටු නූරි බලා සිටියාය. අම්මා ආපු සැණින් මුලුතැන්ගෙයට ගොස් හොද්දක් පිළියෙල කරන්නට වූවාය.

"අප්පච්චි .. "

"ඇයි පුතේ ?"

"ඇයි අප්පච්චි අම්මට අමාරුලුද ?"

"පුතේ එන්නකො ... "


ඔහු රවුම් කෑම මේසය වටා තිබූ පු‍ටුවක වාඩිවී ඒ ළගම තිබූ තවත් පු‍ටුවක් ඇයට පෙන්වූවාය. මොහොතකින් නූරි ඒ මතය.

"අපි අම්මව හෙටම මහරගම අරං යමු. කෝකටත් බලාගන්න එපැයි මොකක්ද තත්ත්වය කියල . " 


මවට ඇසෙයිදෝ කියා රහසින් මෙන් ඔහු සිය දියණියට කිව්වේය.

"මං සුදු නැන්දට කියන්නම් මෙහෙ එන්න කියල හෙටම ඔයයි මල්ලිවයි බලාගන්න... "


සුදු  නැන්දා නූරිගේ පියාගේ ලොකු අක්කාය. ඇය විවාහ නොවූ තැනැත්තියකි. අත්තම්මාත් සීයාත් සමගින් මහගෙදර කල් ගෙවන ඈ නූරිලා ගමේ සිටින කාලයේදී නූරිගේ නිවසත් මහගෙදරත් අතර එතරම් දුරක් නොවුණු නිසා නිතරම පාහේ සිටියේ නූරිලාගේ නිවසේය. මොන දේ වුණත් සුදු නැන්දාගේ ඒම නම් නූරිට සතුට ගේන දෙයකි. මෙය දන්නේනම් ඔනෙල් උඩ පනිනවා ඇතැයි නූරි සිතුවාය.


"අපි හෙට රෑ එන්න බැරි වුනොත් මගෙ යාලුවෙක් ඉන්නව නුගේගොඩ එහෙ යනව .. එන්න බැරි වෙන එකක් නැහ් කොහොමහරි එන්න බලනව ... බැරිම උනොත් විතරයි නවතින්නෙ ...  ඔයාට හෙට ඉස්කෝලෙ පාඩු වුනොත් අපරාදෙද ? "


"අනෙ නැහ් අප්පච්චි ප්‍රශ්නයක් නැහ් ... මන් මල්ලිත් එක්ක ඉන්නම් ... අප්පච්චි පාන්දරින් යන්නකො අම්මත් එක්ක..."


"කල් දාන එක හොද නෑ පුතේ.. මේ අම්ම කලින් කිව්වනම් අද මෙහෙම ගින්දරක් නැහ් ... "

"හ්ම්ම්"

..........................................................................................................................................
"අම්මෙ මං උදව් කරන්න එන්නද ? "

කුස්සියේ උලුවස්සට හේත්තු වී නූරි මවගෙන් විමසුවාය. ඇගේ මව කල්පනාකාරීව ලූනු සුද්දකරමින් සිටියාය.


"හානේ මොකො අම්ම ලෙඩ වෙලා කියලා දුක හිතිල වද්ද ?"


කොයිතරම් බැරෑරුම් අවස්ථාවකදී වුව කිසිම වෙනසක් නොපෙන්වා පුරුදු සිනහවෙන්ම ප්‍රථි උත්තර බැදීමට මව්වරුන්ට ඇති හැකියාව විශ්මිතය.


"අම්මෙ ... අම්ම බයද ?"

එවේලේ නම් ඇගේ මවගේ සියොලගම සැලී ගියාය. නමුත් දරුවන් ඉදිරියේ එය පෙන්විය නොහැකිය.

"අපි පුතේ කාටවත් වැ‍රැද්දක් කරල තියෙනවද ... නෑනෙ.. ඉතිං අපිට වරදක් වෙන එකකුත් නැහ් .. අනේ රත්තරන් මේසෙ අස්කරල ගන්නකො .. මේ පාන් ටිකත් ගිහින් තියන්න ...   "

"මල්ලිව නැගිට්ටවන්නද අම්මෙ?"

"අනේ දැන් නැගිට්ටත් කන එකක් නැ පුතේ.. ඔහෙ නිදාගත්තාවෙ.. කොල්ලට මහන්සි එහාට මෙහාට දුවල ...  ඔයා වොශ් එකක් දාන් එන්න ... "

...........................................................................................................................................................
වෙනදාට වඩා කලියෙන් නින්දට ගියද, අම්මාත් අප්පච්චීත් බොහෝ වේලාවක් කතා කර කර සිටිනු නූරිට ඇසිණි.

"ඔය ඩොක්ටර්ස් ලා කියන ඒවා ගැන අපි බයවෙන්න ඕනෙ නෑ.. එයාල කියන විදියට වැඩ කළාම හරි.. දැන් අප්පච්චි හෙට අම්මත් එක්ක ඉස්පිරිතාලෙ ගිහින් ආවම ඔක්කොම හරි යනව.... එතකොට අපි ආයෙත් ජොලියෙන් ඉන්නවා... "

හිතට බයක් ගෙනෙන සිතුවිලි සිතට පැන නැගෙණු වැළැක්වීමට නූරි අසාර්ථක උත්සාහයක් දරමින් සිටියාය...  අඩ නින්දෙන් සිටින අතරතුර ඇයට අම්මා ලෙඩ ඇදක් මත සිටිනයුරුද, අඩන ඔනෙල් ද ඈත බලාසිටින අප්පච්චීද , නූරිව දෝතට ගන්න මෙන් ඈ දෙස බලා සිටින තරින්ද විජේරත්න ගුරුතුමන්ද පේන්නට විය.

15 comments:

  1. අනේ මේ මොකද..හරිම ලස්සන පවුලක් නූරිට තියෙන්නෙ..ඔයා මේ ගොතන කතාවක් වුනත් නූරිගෙ අම්මට කරදරයක් වෙනව ලියන්නෙපා.මම ඒකට ආස නෑ..

    ReplyDelete
  2. ලස්සනට යනවා.. නූරිගෙ අම්මට මොනවා වෙයිද ? අපි බලාගන ඉන්නෙ...

    ReplyDelete
  3. @ සිත් රූ : මේක ගොතන කතාවක් තමයි සිත්, ඒත් ප්‍රායෝගික ජීවිතේ මතම ‍රැදෙන්න උත්සාහ කරනව මං .... ස්තුති ඔයාලගෙ අදහස් මට කොච්චර වටිනවද කියල තේරෙන්නෙ කමෙන්ට් කියවනකොට ... :)

    @ සෙන්නා: හැමදාමත් වගෙ ස්තුති සෙන්නා කලින්ම ඇවිල්ල යනවට.. ඔයා හොද ලියන්නෙක්.. මේකෙ අඩුපාඩු එහෙම පෙන්නල දෙන්න කියල මම ආයචනා කරනව...

    ReplyDelete
  4. නියමයි අක්කියෝ කතාව,(මං හිතන්නේ ඔයා අක්කියෙක් තමයි,නැන්දියෙක් වෙන්න බැහැ.)මුල ඉදලාම කතාව ගොඩක් ලස්සනයි.

    ප්‍රායෝගික ජීවිතේ මතම ‍රැදෙන්න උත්සාහ කරනව මං.
    anna ee tikata thamai man godak aasa.mokada boho kathavala thiyenne hebe jeevithe sidu venna puluvan deval novei..

    ReplyDelete
  5. @ වර්ශා: හිහි නැන්ද ...? බුදු අම්මො නැන්දියෙක් වෙන්න තව කල් තියෙනව හරි ! අක්කි අක්කි ... :)

    තෑන්ක්ස් නංගා , මං කියපු දේ ඔයාට හරියටම වැටහුණා... අනික ගොඩක් අය ලියනවනෙ ආදර කථා එහෙම .. මං ට්‍රයි කරන්නෙ පොඩ්ඩක් විතර වෙනස් එකක් ලියන්න.. බලමු කොහොම වෙයිද කියලා..

    ReplyDelete
  6. හ්ම්ම් අම්මාට මොනා වෙයිද අයියෝ :((

    ReplyDelete
  7. ඔහොම දෙයක් ඩොක්ටර් කෙනෙක් කියද්දි කොයිතරම් අපේක්ෂා භංගත්වෙකට පත්වෙනවද කියලා ඒ අවස්ථාවට මුහුණ දීලාම තමයි අක්කේ බලන්න වෙන්නේ ඇත්තටම ඔයා පැහැදිලි කරලා තියෙන විදිය හරියටම හරි....හි හි බයවෙන්න එපා ඩොක්ටර්ස්ලා එහෙම කිව්වට ඒ හැම දෙයක්මත් හරියන්නේ නෑනේ මොකද මටත් එහෙම කිව්වා මම නම් තාමත් යස අගේට ඉන්නවා....මේක ඇත්ත කතාවක් වගේමයි ගොඩක් තාත්විකව ලියලා තියෙනවා....හැමදාමත් කිව්වා වගේ වෙනස්ම විදියේ ලස්සන කතාවක් වෙන්නයි යන්නේ සුභ පැතුම් මගෙන් ජයවේවා....හරිම ලස්සනයි

    ReplyDelete
  8. අනේ ඔය වගේ ලෙඩක් කාටවත් හැදෙන්න එපා. ඔයා ලියන කතාවකවත් එහෙම වෙන්න දෙන්න එපා !

    ReplyDelete
  9. බුදු අම්මෝ මම එච්චර හොඳ ලියන්නෙක්ද .. ? හරි අමාරුවෙන් ගැට ගහලා ගැට ගහලා ලිපියක් අමුණ ගන්නේ. මගේ ව්‍යාකරණ දැනුමත් දුර්වලයි...

    ඔයාගේ කතාවේ මටනම් දැනටනම් කියන්ඩ තරම් අඩු පාඩුවක් නැහැ.. ලස්සනට ගලාගන යනවා.. හුදු ආදර කතාවක් විතරක්ම නොවී සැබෑ ජීවන ගැටලුත් මැද්දෙන් යන කතාව ලස්සනයි..

    දිගටම ලියන්ඩ.. අපි කියවමින්...

    ජය් !!

    ReplyDelete
  10. @ වර්ණා ; නූරිගේ අම්මාට මොනා වෙයිද ? හ්ම් හ්ම් බොන්ඩ වටින ප්‍රශ්නයක් ... හික්
    තෑන්ක්ස් වර්ණා ..

    @ ගැමියා : තෑන්ක්ස් මල්ලි තාත්ත්විකව ලියලා තියෙනව කිව්වට ... මොකද මම තාම අලුත් නිසා මේක හරියට එක්ස්පෙරිමන්ට් එකක් වගේ ... ලියල බලනව ප්‍රතිචාර කොහොමද කියල !

    @ සෑම් : ඒක ඇත්ත ... අපි එහෙම පැතුවට අනන්ත අම්මාවරු ඔය ලෙඩේ නිසා ලෝකෙන් සමුගන්නවද, විදවනවද ... ඒක තමයි තිත්ත ඇත්ත. ස්තුති සෑම්...

    @ සෙන්නා : හිහ් ඇත්ත සෙන්නා ... ග්‍රැමර් නම් මං බැලුවෙ නැහ් නමුත් ඔයාගේ රිපෝට් රයිටිංග්ස් නම් එග්සෙලන්ට්. :) තෑන්ක්ස් හොන්දේ අඩුපාඩු තියෙනවද බැලුවට ...

    @ සයුරි : මොකෝ සයුරි ? හ්ම්ම් හ්ම්ම් :)

    ReplyDelete
  11. අනේ.... අද මම ගොඩක් පරක්කු වෙලා...කතාව ලස්සනයි...ඒත් අද කොටස තවත් දුකයි.නූරිගෙ අම්මට කරදරයක් නම් වෙන්න එපා...

    ඔයා මට අක්ක වෙන්න ඕන.මම එහෙම කිව්වෙ ඔයා මේ කතාව ලිව්වෙ කැම්පස් යන කාලෙ කිව්ව නිසා.ඒත් දන්නෙ නැහැ.එහෙම නෙවෙයි නම් සමාවෙන්න..මම 1990.

    දිගටම ලියන්න...ලස්සන කතාවක්..සුභ පතනවා!!!!.

    ReplyDelete
  12. @ සිහින, ඒක තමයි මං බැලුව සිහින ලේට් මොකෝ කියල ! තෑන්ක්ස් මල්ලි ... මං අක්ක තමා ... හිහි ...

    ReplyDelete
  13. ජීවිතේ එහෙම තමයි දුක් එන්නේ සතුට එන්න ඕන වෙලාවට..

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....