පුංචි කුරුලු පොඩිත්තෝ
කූඩුවලට වදිත්තෝ
රංකැටි මගෙ සිගිත්තෝ
මගෙ උකුලට පනිත්තෝ .......
කූඩුවලට වදිත්තෝ
රංකැටි මගෙ සිගිත්තෝ
මගෙ උකුලට පනිත්තෝ .......
ඉර මාමත් හැංගෙනවෝ
හද මාමට ඉඩ දෙනවෝ
රන් තැටියක කිරි පැණි දී
මගෙ කුමරුන් නලවනවෝ ......
හද මාමට ඉඩ දෙනවෝ
රන් තැටියක කිරි පැණි දී
මගෙ කුමරුන් නලවනවෝ ......
පුලුන් වලා කුට්ටි වගේ
උදේ තිබුනු සුදට සුදේ
අන්න අපට හොරෙන් පුතේ
පාට සේල පොරවාගෙන ......
උදේ තිබුනු සුදට සුදේ
අන්න අපට හොරෙන් පුතේ
පාට සේල පොරවාගෙන ......
අන්න බලන් පුංචි පුතේ
බට්ටි පැටව් හතර අතේ
රෑ කලුවට බයෙන් පුතේ
අම්ම ළගට තුරුල් වෙනව ........
බට්ටි පැටව් හතර අතේ
රෑ කලුවට බයෙන් පුතේ
අම්ම ළගට තුරුල් වෙනව ........
අනේ ඉතින් පුංචි නෙතට
නිදිමත සළකුණු ආවට
එපා එපා දොයියන්නට
අප්පච්චී තවම මගලු .......
නිදිමත සළකුණු ආවට
එපා එපා දොයියන්නට
අප්පච්චී තවම මගලු .......
හැමදාමත් ඔහු එනවිට
සුදු පුතු දොයියන උන්නට
අදවත් අපි හිදිමු බලා
බැල්කනියේ කොනට වෙලා ......
සුදු පුතු දොයියන උන්නට
අදවත් අපි හිදිමු බලා
බැල්කනියේ කොනට වෙලා ......
ලස්සනයි හුගක්ම.
ReplyDeleteමම හුගක් ආස දරු නැලවිලි ගීතයක් තියෙනවා දෙමළ එකක්. ඒක මගේ ෆොන් එකෙත් තියෙනවා. ඒ සිංදුව කියන අම්මා ලස්සනට
''ආරාරෝ ආරි රරෝ අම්බුලික්ක නේරුවරෝ ....'' කියනවා. මේක කියවද්දී මට ඒක කියන අම්මා මතක් වුනේ
// ''ආරාරෝ ආරි රරෝ අම්බුලික්ක නේරුවරෝ ....'' // මොකක්ද ඒකෙ තේරුම? මටත් ඒක නිකම් මතකයි වගේ... :)
Deleteමේක ටැමිල් ෆිල්ම්ස් වල යන ජනප්‍රිය නැලවිලි ගීයක්නේ!
Delete:P
තියාන හිස මව් උකුලත
ReplyDeleteනැළවුණු හැටි මේ පොඩි පුතු
නැතත් මතක මගෙ එදවස
දැනේ තවත් ඒ උනුසුම
සිහිකර ඒ රන් සැමරුම්
නැඟේ නෙතඟ උණු කදුළු
කැටුව ගියෙන් අප එ'කලට
තුති මල් පුදනෙමි සතොසින..
අද අපි මෙලෙසින් නලවමු
Deleteදිනෙක අපත් නැලවී ඇති ....
හෙට දින මගෙ පොඩි කුමරුන්
මා මුණුපුරු නලවනු ඇති ....
එදිනදි ඔහුහට අමතක
වෙනු ඇති මගේ මේ කවිපද.......
ඒත් කොහිද මට සැනසුම
මේ පොඩි මුව අසල මිසක ....
මව්පිය හා දරුවො ලබන
එයයි ලොවේ එක සත්‍යය .......
නොකරමි මව් කෙනෙකුන් කිසිදා
Deleteඑක එක දේට උපමා
රංකැටි පුතු සමඟ ඔබ සැමදා
තිස් තුන් කෝටියක් දෙවිවරු රැක දේවා..
[ඔබ යන්නෙන් අදහස් කලේ පවුලේ සියළු දෙනාවමයි]
හරිම ලස්සනයි අක්කා...
ReplyDeleteදැන් ළමයිනුත් නළවනවද? :P
ස්තුති නංගා.......
Deleteහිහි, ඔව් ඔව්, මේ ඔයා හිතුවෙ මං තාම දාසයෙ මාසයෙ කෙල්ලක් කියලද නංගො... හෙහ් මම අම්ම කෙනෙක් ....
අප්පච්චි අද ගෙදර එන්නෙ නෑලු D
ReplyDeleteහිහ් .. හරියටම හරි ඔබා මාමෙ, ඔහොම තමයි ගොඩක් දවසට වෙන්නෙ, එන්නම් එන්නම් අදවත් පොඩ්ඩ නිදාගන්න කලින් එන්න බලන්නම් කිව්වට ගොඩක් දවසට සයිට් එකේ වැඩ බැලන්ස් කරල එනකොට අපි කවුරුත් නිදි ... :(
Deleteඔයාගේ පුතාට නේද ලිවුවේ.ඉතිං ඔයාගේ කවි ලස්සනයි නේ හැම දාම.තාත්තා පරක්කු අද ට්‍රැෆික් නිසා කියල තේරුම කරලා දෙන්න හික් හික්..
ReplyDeleteහිහි ... ස්තූතියි අසර්, හා මං කියන්නන්කො අප්පච්චි ට්‍රැෆික් එක නිසා ලේට් කියල... හැබැයි තේරෙයිද දන්නෙ නෑ....
Deleteමෙහෙම කියල දෙන්න.කාර් වැන් කෝච්චියක් යනවා.ඒ වාහන ගොඩේ අන්තිමටම තමයි තාත්තා එන්නේ එක අන්න එහෙම තේරුම කරලා දෙන්න.
Deleteමේකේ ලස්සන කියල නිම කරන්න බෑ.
ReplyDeleteමට කලිනුත් මොකක් හරි එකකින් තේරුණා ඔයා අම්මා කෙනෙක් තමයි කියලා :)
ස්තුතියි සයුරි ... බබා ලගට ගත්තම මං කවි හද හද කියනව... ඔයාත් ලගදිම එහෙම වේවි ... :) බබත් කවි වලට හුරු වෙලා දැන්, නිදි කරවන්නනම් කවි කියන්නම ඕනෙ...
Deleteවැරදියට හිතන්න එපා..පොඩ්ඩක් හොයලා බලන්න ඔය මොන සයිට්ද කියලා බැලන්ස් කරන්නේ....
ReplyDeleteඇත්ත ඇත්ත සහෝ, මට ඕක හිතුනෙම නෑනෙ මෙච්චර කල්... ඔය අප්පච්චිල ගැන දන්න කට්ටියනෙ ඔය කියන්නෙ නේද ! හොයා බලන්න ඕනෙ අද ඉදල....
Deleteකලිනුත් ඇවිල්ලා බලලා ගියා කියවන්ඩ කම්මැලි නිසා.. දැන් හිතට දහිරිය අරන් කියෙව්වා.. මේකනම් සරලයි, තේරුනා.. ලස්සනයි..
ReplyDeleteඅඩු ගානේ සති අන්තෙවත් දකිනවා ඇතිනේද.. අපිට ඉතින් Skype පිහිට තමයි..
// හිතට දහිරිය අරන් කියෙව්වා // ඒ අහවල් එක්කටද ?
Deleteසති අන්තේ නෙවෙයි , හැමදාම දකිනවා... ඈත රටවල්වල ඉන්න අම්මල අප්පච්චිලට ස්කයිප් වලින් දෙන උදව්වනම් හරි වටිනව නේද!
අයියෝ මට කවි කියවනවා කියන්නේ.. මරන්ඩ ගෙනියනවා වගේ වැඩක්.. ඒත් ඉතින් එහෙම කියලත් බෑනේ... :-)
Delete