Tuesday, December 6, 2011

නිදහස් සිතින් සයිබරයේ දුවනකොට
බ්ලොගයක් හදන්නට මතුවුනි සිතක් මට
දන්නා ජාති ඔක්කොම දාලා යසට
හැදුවෙමි එකක් හැදුනද නොදනිමි රුවට...

ආගන්තුකයි පිටුවට මම නම් බෝසා
සිහියට නැගෙනවා එය මොහොතක් පාසා
එනමුත් මගේ සිත තුල පොපියයි ආසා
කස්ටිය ඇවිත් ගියොතින් අනෙ මට ආසා...

නුඹ සැම දෙනාගෙම පිටු සැම විට බලමී
එලෙසින් මෙයත් වඩවන්නට දිරි ගනිමී
හැකි හැකි සැමවිටම සිවුපදයක් ලියමී
ගුණදොස් විවේචන නම් නුඹගෙන් යදිමී

2 comments:

  1. මාත් කලින් කියෙවුවෙ අනුන්ගේ බ්ලොග්
    දැන් මාත් කරනවා මගේම බ්ලොග්
    ටික දෙනෙක් එනවා කියවන මගේ බ්ලොග්
    කෙල්ලේ මාත් එනවා කියවන්න ඔබේ බ්ලොග්

    කවියක්වගේ ලියන්න ට්‍රය් කලේ ඒත් කවියක් නෙවෙයි වගේ නේද?.දිගටම ලියන්න හට්ටිය එනවා එතකොට

    ReplyDelete
  2. හිත ඇති වුන ආසාවට - පය තැබුවෙමි මේ ඉසව්වට

    හරි හරි දේ ඕසෙට - පටන් ගතිමි බ්ලොග් ලියන්නට

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....