Friday, February 3, 2012

නූරි --- 9

නූරි --- 9

පන්තියේ කොට බිත්තිය මතින් ඈතින් පෙනෙන රොබරෝසියා ගස දිහා නූරි බලා සිටියේ හරියට ඇය එම ගස දු‍ටුවේ ප්‍රථම වරට මෙන්ය ... 

"එක මලක් බිමට වැටෙනකොට තව මලක් න‍ටුවෙන් ගිලිහෙනව .. ඔය හැටි කොහෙන්ද මල් පිපෙන්නෙ ? ඔය මල් පිපෙන හැටියට මගෙ හිතෙත් මල් පිපෙනවනම් ......  " ඈ සිතුවාය..

"නූරි ! ඇයි ? "
කල්ප, පන්තියේ මිතුරෙක් ඇය ළගටම ඇවිත් කතා කරනතුරු නූරි දු‍ටුවේ නැත. ගුරුවරයෙක් පන්තියේ නොමැති බොහෝ අවස්ථාවලදී කල්ප නූරි වෙතට කිට්‍ටු වීමට දරණ උත්සාහය ඇයට කරදරයක් විය.

"නැහ් කල්ප, මං හිත හිත හිටිය... "

"ඒක තමයි මාත් අහන්නෙ, මොනාද හිතන්නෙ ? "

"හපෝ එහෙම මහා විශාල ප්‍රශ්නයක් නෙවෙයි ... යං වාඩිවෙමු, මොකක්හරි පොතක් බලාගමු... "

"ඔය හැටි ප්‍රශ්න ගැන හිතන්න එපා නූරි, ඔය ඔක්කොටම කාලය විසදුමක් දෙයි ... "

"හ්ම්ම්ම්ම්ම්ම් ම්ම් දෙයි ... දුන්නොත් හොදයි ... "

++++++++++++++++

අම්මා රෝහලට ඇතුළත් කර දින දෙකකි. ඒ නිසාවෙන්ම නූරිටද දැන් වැඩ ගොඩක් වෙන්වී ඇත. සුදු නැන්දා අම්මා මෙන්ම උදෑසනින් නැගිට ආහාර පිළියෙල කළද, නූරිද උදව්වට මොනවා හෝ කළාය. අප්පච්චී අම්මාව රෝහලට ඇතුල් කොට යාලුවෙකුගේ නිවසක තාවකාලිකව නතර වූයේය.

වේදනා පිරි දෑසින් අම්මා රෝහලට යාමට අවශ්ය කළමනා ලෑස්ති කරනු නූරි බලා සිටියේ හොරෙන්ය. ඒ දෑස ලෙස කෙසේ කෙළින් බලන්නට නූරි අපොහොසත් වූවාය. දින කිහිපයක සිට අම්මාගෙත් අන් සැමගේත් අමුතු වෙනස්වීම කුඩා ඔනෙල්ට වටහාගත නොහැකි වූ නමුදු, වෙනදාට වඩා සැමගේ ආදරයට තමා ලක්වීම පිළිබද සතුටින් පසුවුණි. නමුත් අම්මා රෝහලට යාමට අප්පච්චී සමගින් පිටත් වන මොහොතේදීනම් ඔහුත් හැඩුවේය.

"කතරගම් දෙයි හාමුදුරුවන් පිහිටෙන් අම්ම ඉක්මණටම සනීප වෙලා ඒවි... " සෑම මොහොතකම ඇගේ මුවින් නිරායාසයෙන් මිමිණෙන්නට විය.

+++++++++++++++++++

"නූරි, ඔයාට තරිදු සර් ස්ටාෆ් රූම් එකට එන්න කිව්ව... සයන්ස් සෙක්ශන් එකේ ස්ටාෆ් රූම් එකට හොදේ .... "
නවාංජනා පණිවිඩය කියා යන්නට ගියාය.

"දැන් ... ? "

"ඔව් බන් .. අපි ලයිබ්‍රරි ගිහින් එනකොට සර් මගදි හම්බ උනා... දැන්ම එන්න කිව්වා.... "

නූරිගේ හදවතද ගැහෙන්නට විය.. ඇගේ හිතේ තරින්ද ගුරුතුමන් ගැන ඇත්තේ එළිපිට නොකී යොවුන් ආදරයකි. ඒත් ඔහු ඒ පිළිබද කිසිත් නොදන්නවා ඇතැයි ඈ සිතුවාය.

"මගෙ හිතේ තියෙන දේවල් සර්ට දැනෙන්න ක්‍රමයක් නෑනෙ.. ගිහින් බලනවා " සිතමින් දිලිනිවද බලෙන් මෙන් ඇදගෙන නූරි ගුරුවරුන්ගේ විවේක කාමරය සොයා ගියාය.

යාන්තමින් අඩවල් කර තිබූ දොර අතරින් නූරිට කිසිම ගුරුවරයෙකු නොපෙනේ.

"කවුරුත් නෑනෙ බන් .. "

"ඒකනම් දිලිනියො, නවාංජනා බොරුවක්ද කොහෙද කියල තියෙන්නෙ ! "

"ඒ නෑ බන් සර් ඉන්නව .. අර කබඩ් දෙක අස්සෙන් බලපන් ... "

"ඔව්මයි .. තට්‍ටු කරමු . "

"සර් විතරයි ඉන්නෙ, උබට විතරක්ද දන්නෑ නූරි එන්න කිව්වෙ ? "

"අනෙ මේ කට වහගං, ඕක ඇහුණොත් ඉවරයි ... "

"ආහ් නූරි වලිගෙකුත් අරගෙනම ඇවිත් තියෙන්නෙ ........  කෝ අනිත් වලිගෙ..  ?"
ඔහු අසන්නේ මිථිලා ගැනය. අද මිථිලා පාසල් නොපැමිණි නිසා මිස නොයේසේනම් ඇයද අනිවාර්යයෙන්ම මෙතැනය.

ගුරුතුම්න්ගේ සිනහව පරාද කරන්නට මෙන් කෙල්ලන් දෙදෙනාද සිනහාවන්නට විය ..

"හා දැන් මෙතන  කැකිරි පළන් නැතුව මට උත්තර දෙන්න ළමයො, .. "

"උත්තර දෙන්නම් සර්, හැමදාම උත්තර දෙන්නම් ... මම කැමති ප්‍රශ්න විතරක් අහනවනම් ... " සිනහව අතරින්ම ඈ සිතුවාය.

"දැන් ගෙදර ප්‍රශ්න ඉවරද ?"

හදිසියේ පැමිණි අදුරු වලාවකින් පෝදා සද වැසී ගියා මෙන් ඇගේ මුහුණ වෙනස් විණි.

"අම්මව ඉස්පිරිතාලෙ එක්ක ගියා සර්, තාම ටෙස්ට් කරනවලු ...... "

"අම්ම ලග ඉන්නෙ කවුද ලමයො ?"

"අප්පච්චි, තුන් වේලෙම ගිහින් බලනවලු සර්, තව අපෙ අම්මගෙ නංගි කෙනෙක් ඉන්නව කිරිබත්ගොඩ දිහාවෙ... ඒ පුංචිත් ඉඩ තියෙන වෙලාවට ගිහින් බලනවලු ........ "

"ගෙදර  ..... එතකොට දැන් කවුද ගෙදර ඉන්නෙ ?"

"අපෙ නැන්ද කෙනෙක් ඉන්න්ව සර්, අප්පච්චිගෙ අම්මත් ලගදි එයි...  "

"නූරිට තව සහෝදරයෙක් ඉන්නව නේද ?"

"ඔව් සර්, එයා පොඩි තාම එයාට තේරෙන්නෙ නෑ මේව .. "

උගුරේ මොකක්දෝ ගුලියක් හිරවෙනවා සේ ඇයට දැනිණි. කතාකරගන්නට අමාරු වනවිට දෙනෙතේ ‍රැදි ලොකු කදුලු බෝල අතරින් ගුරුතුමන් දෙස බැලුවාය. මේ ගෙවීයන්නෙ තම ජීවිතයේ අමාරුම කොටස යැයි ඈ සිතුවාය. තම යෙහෙළියගේ අපහසුතාවය තේරුම් ගත් දිලිනි නූරිගේ දෑත් අල්ලාගෙන ඈ වෙනුවෙන් කටහඩ අවදි කළාය.

"අපි යන්නද සර් ... ?"

"හා... හොදයි ඒක හොදයි දිලිනි ... යාලුවව එක්ක යන්න... "
දිලිනිගේ සුරත අල්ලාගෙනම ගුරු කාමරයෙන් එලියට පැමිණියද හදිසියේ යමක් මතක් වූවාසේ නූරි නැවත ඇතුළට දිව ගියාය.. 

තමා හිතුවාට වඩා තත්ත්වය බරපතල බව තේරුම් ගත් තරින්ද ගුරුන්ටද මෙය බොහෝ වේදනාත් මක සිද්දියක්  විය. ඔහු නළල පිරිමදිමින් සිටි තැනම ඔහේ බලා සිටියේය.

"ස්ටාෆ් එකේ කවුරුවත් ආපු නැති එක හොදා ... මේ ළමයා මෙහෙම අඩනවා දැක්කනම් මොකක්හරි කතාවකුත් හැදෙයි ... " ඔහුගේ සිත කියන්නට විය ...

"සර්... "

"ඇයි දරුවො ?"

"අපිට මෙහෙම උනේ අපි අතින් සර්ට උන කරදරේ හින්දද සර් ? ... එහෙම නම් අපිට සමාවෙන්න සර් ... "

"නූරි , පොඩ්ඩක් ඉන්න ළමයො ... දැන් මම ඔයාට එන්න කියල කිව්වෙ ඇයි කියල ඔයා දන්නෙ නෑනෙ !"

ගුරුතුමන් නැවතත්  කථාවට සූදානම් වනු දු‍ටු නූරි දිලිනිටද ඇතුළට එන්න කියන්නට දොර දෙස බැලුවාය..

"නෑ එයා පොඩ්ඩක් හිටපුවාවෙ ... මට ඔයාව තනියෙන් තමා හම්බවෙන්න ඕනෙ වුනෙ ..."
"සර් .. ඇ ඇයි සර්"
"නූරිට පුලුවන්ද මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න ... " ඔහු කුඩා කොලකැබැල්ලක් නූරි වෙත පාමින් ඇසුවේය. 

"හා සර් ... ..." විස්මය ‍රැදි දෑසින් තවත් මොහොතක් ඔහු දෙස බලා සිටි ඈ කාමරයෙන් එලියට දුව ආවාය.

***************************

15 comments:

  1. කතාවෙ හැම කොටසක්ම කියද්දි...ඒ ඒ චරිත වල හැඟීම් විස්ත්තර කරල තියෙන විදිහ දකිද්දි....කතාවට දන්නෙම නැතිව අපිවත් අරන් යනව.

    හැමදාම ඉතිරි කොටස කියවන්න ආසාවෙන් බොලන් ඉන්න කතාවක්...අද කියන වෙන්නෙත් හැමදාම කියන දෙයමයි...කතාව ලස්සනම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් සිහින.... කමෙන්ට්ස් තමා ඊලග කොටස ලියවන්න උත්ප්‍රේරක වෙන්නේ .. .........

      Delete
  2. ගුරා මොකාටද එන්ඩ හදන්නෙ,,, ? අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්ඩද.. ?

    ReplyDelete
    Replies
    1. හිහිහ් ... ගුරා එනපොට හොද නෑ නේද ? "කෙල්ල ගෙට ගං කිව්වලු ... "

      Delete
  3. හ්ම්ම්.. ඔය කතාවට එන්ටර් වුණේ සර්රුත්. මොනවා කියන්න හදනවාද මන්දා අහිංසක කෙල්ලට කෝල් කරලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ... බලන්නකෝ සර් මොකටද කෝල් කරන්න කිව්වෙ කියල !

      Delete
  4. Replies
    1. හ්ම්ම්... නමුත් මෙහෙම ජීවිත කොච්චර තියෙනවද !

      Delete
  5. ලෙසටම ලියාගෙන යන්නෙ, නියමයි. මං මුලදිම හිතුව විදිය හරි වගේ නේද? හෙහ්...හෙහ්...

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ඔබා මාමා පේන කියන්නත් පටන්ගෙන නේද ! බලමු මේ කියපු පේනෙ හරි යයිද කියල !

      Delete
  6. අප්පද බොල නම්බර් එක දුන්න නේද ?

    ReplyDelete
    Replies
    1. හිහි... ඔව් ඒකනෙ වැඩේ... මොනා කියයිද දන්නැ මංනම් .....

      Delete
  7. අහ්හ් නම්බර් එක සර් ගේද දන්නේ නැහැ

    ReplyDelete
  8. අසුබ දිනක ආ සුබ පැතුමක් සේ..

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....