අයෙක් නිදති සැප යහනා මතට පැන
අයෙක් හිදිති රෑ වුව නැත නිදන තැන
කලෙක් රැදිති මේ පුවතත් හිතට පැන
ඉඩක් ලදිති නම් කියවා බලනු මැන....
දිනක් මතක නැත මිතුරනි හරියටම
හතක් වසර නැහැ වනු ඇත ඊට ඉම
කලක් සිටම කල් යල් බැලුවා සේම
විලක් දුකට පත්වුණි ඇගෙ මුලු ගමම.......
ඈ වූ කලී වයසක අම්මා කෙනෙකි
කාටත් හොදයි ඈ හට එක් දියණියකි
බෑනා නොයෙයි ගම ඔහුහට දුර සෙයකි
මුණුපුරු දියණි සමගින් දිවි ගෙවු පැලකි.......
රට උඩරටය එහෙනුත් ගම තව දුරය
උඩ බැලු කල්හි දුටුවේ පෙරලෙන ගල්ය
වැහි පොද නිසා දුව යාමද දුශ්කරය
කිසිවක් ඕන නැත පණ තිබුනොත් ඇතිය......
ඇගෙ පැල් කොටය පොඩිකර බිමටම තලලා
පොඩි දරුවාගෙ පොත් මේසද යට කරලා
ගියමුත් ගමේ හැමකෙකු අසරණ කරලා
හැකිවුණි රැකගන්න පණ ටික ඈ දුවලා ......
මහ නායකි ගොස් ඇත්තේ රට මැද්දේ
පොල් ගෙඩි අකුරු හැම හැම පත්තර මැද්දේ
සීතල වෙච්චි පපු යන්තම් රත් වෙද්දී
කවුරුත් බෙදයි ආධාරය ගම් මැද්දේ .......
දින කීපයක් සිටියලු පන්සලට වෙලා
දෙන ආධාර ලබමින් උණු කදුලු සලා
දියණිය රැගෙන ඇගෙ දරුවත් තුරුලු වෙළා
බෑනා ඇවිත් ගම ආයෙත් මතක් වෙලා
කවුරුත් එකගවිය යාමට කදවුරට
එනමුත් කෙසේ සමුදෙමු අපි අපෙ ගමට
ආයෙත් එමුකො අපෙ ගම සිරි බලන්නට
හදවත් බිදී මුලු ගම යයි කදවුරට .......
ලැබුණලු මුලදි ඔවුනට හොද ආධාර
හිටියලු බොහෝ අය පෙළගැසි මහා පාර
කිව්වලු ලගදි ඉඩමක් දෙන බව සාර
අයියෝ ඒත් කල්ගතවිය ඒ වාර ....
දින සති මාස යනවිට මේ ගම ඇත්තෝ
හෙමි හෙමිහින්ම නව ගමටත් හුරු වෙත්තෝ
කුලියට වැඩක් කර දිවි සරිකර ගත්තෝ
පෙර කී ඇයත් අප නිවසට වැද ගත්තෝ .....
වැඩ පළ කරන්නට ඈ සමතියක් උනි
සත්තයි ඈ නිසා මා මව උදම් උනි
හැකි හැකි විටදි ඇගෙ පවුලට උදව් උනි
බෑනා යළිත් පියතුම වන ලකුණු පෙනී .....
අව්වට කමක් නැත ගස් යට ඉන්න හැකි
වැස්සට කෙලෙස අපි ඉන්නද ඊට තෙමී
බෑනාත් දුවත් ඇත එක කාමරෙට වැදී
නෝනා මාත් මෙහි ඉන්නද රෑට වැදී...........
ඇගෙ දුව යළිත් රෝහල වෙත යනෙන දින
බෑනා නොමැත ඔහු ගොස් ඇත ගමෙන් පැන
කාලය ගොසින් පොඩි දරුවත් වැඩෙන දින
බෑනා ඇවිත් යලි කදවුර මතක් විණ .......
මෙලෙසින් මෙහෙම බෑනා එනවා යනවා
දුප්පත් කම නිසා ඈ මේ ඉවසනවා
කෙලෙසින් සිතූවද ඇය එය නොපෙනනවා
එනමුදු දනිමි අද ඈ කදුලැලි බොනවා ........
රජයෙන් දුන්න පොඩි ඉඩමේ පැලක් ගසා
උදයෙන් පැමිණ ගොස් ගමවට වැඩක් අසා
සොයමින් කාසි රුපියල වුව වටින නිසා
ඇය ඩා හෙළයි සිව් දරු හා දියණි නිසා ........
//මෙලෙසින් මෙහෙම බෑනා එනවා යනවා
ReplyDeleteදුප්පත් කම නිසා ඈ මේ ඉවසනවා
කෙලෙසින් සිතූවද ඇය එය නොපෙනනවා
එනමුදු දනිමි අද ඈ කදුලැලි බොනවා ........ //
මම හිතුවේ මේ අම්මාගේ දුව බැඳපු කෙනයි මේ ඇවිත් යන්නේ කියලා ඒත් මේ පද පේලිය මගේ ඒ මතය ටිකක් විතර විවාදයකට ලක් කලා..මේක කියවද්දි මම පොඩි කාලේ දැකපු ලොකූ නායයෑමක් ගැන මතක් වුනා....
මේ තරම් කවි පන්ති ගොඩක් හරි ලස්සනට එකම විදියට ලියන්න මාර හැකියාවක් හරිම ලස්සනයි ගිය සැරේ කවි පන්තියට දෙවැනි නෑ අක්කේ
තෑන්ක්ස් මල්ලි ...
Deleteහිහි .. ඒ අම්මාගේ දුවගෙ ස්වාමියා තමා එහෙම යන්නෙ එන්නෙ.. එයා ඇවිත් ගියොත් ආයෙත් අර ළමයට බබෙක් හම්බවෙනවා.. සත්‍ය සිදුවීමක් ...
මේක නන් ඇත්තටම ලස්සනයි.... උපරිමයි...
ReplyDeleteසාදරයෙන් පිළිගමි මල් මිටියාවතට .........
Deleteස්තුති පසන් ........ කවි කියවන්න කැමතියි වගේ .......
කියවා බලන විට කවි පද එකින් එක
ReplyDeleteවැටහුනි අරුත ඈ හෙලනා කඳුලු ගැන
සිතුවද යමක් පවසන්නට අකුරු කර
තවමත් සිතමි කිම මේ ගැන පවසම්ද......
අසරණකම නිසා තළලා පොඩිකරන
නරක මිනිස් ඇත තවමත් අප අතර
කුමක් කරන්නෙම් මේ අසරණ කමට
ඉවසම් හිතට දී සැමදා දුක් කඳුල......
කලකට පසුව මං ගියවිට මගෙ ගමට
Deleteඔවුනට සිදුව ඇති දේ සැලවුණි කනට
හිටියට දුවට දරු තිදෙනෙක් ලග ලගට
තනියට තව එකෙක් දී බෑනා නැතිලු රට .......
හම්මෝ.. තුන් පාරක් විතර කියෙව්වා.. කවිය තේරුම් ගන්ඩ.. හයියෝ ඇයි මේ අපිවගේ කවි රස නොදන්න උන්ව අසරණ කරන්නේ මෙහෙම කවි ලියලා...
ReplyDeleteනූරිට මොකද උනේ... ? ගුරා කොක්කා පාට් එක දාගන එද්දී කතාව නතර උනා...
තුන් පාරක් කියවන්න වුණා තේරුම් ගන්න ?? හපොයි මං අපබ්‍රංශයක් වත් ලියලද සෙන්නා ?
Deleteමේ දිනවල ටිකක් විතර බිසී වෙනවා.. ඔන්න අද ෆ්‍රී........ දැන් නූරි ලියන්නම්කො එහෙනම් .....
මටත් කවි තේරුම් ගන්න ටිකක් අමාරුයි....ඔයාගෙ විතරක් නෙවේ හැමෝගෙම......
Deleteඅනේ මන්දා මට හිතාගන්නත් බෑ කිරිල්ලි ඔයාට මොකක්ද තේරුම් ගන්න බැරි කියල !
Deleteකවි පන්තියනම් සුපිරි අක්කේ
ReplyDeleteතෑන්ක්ස් වර්ණා .....
Deleteඔයාගේ කවි කියවන්න මන ගොඩාක් කැමති.ලොකු සිද්දියක් කවි පන්තියකින් හිතේ චිත්ත රූප මැවෙන විදියට ලියල තියෙනවා.වැඩි වැඩියෙන් කවි ලියන්න.
ReplyDeleteහිහ්........ ස්තුතියි අසර්, තව තව ලියනවා ශුවර්......
Deleteකවි පන්තියනම් උපරිමයි..ඇත්තටම නූරි කෝ..
ReplyDeleteතෑන්ක්ස් සිත් රූ, නූරි මග එනවා දුක්බර කොටසකින් .......
Deleteදුක්බර කතාවක් ලස්සනට කවියෙන්ම ලියලා. ඔයාගෙ හැකියාව අගය කරනවා සම්මානි. මට කවි ලියන්න බැරි උනාට කවියට ආසයි. මට මේක කියෙව්වම මතක් උනේ කලකට ඉහත පත්තරේ දැක්ක ඉරටු විකුණලා මුණුබුරාව රකින ආච්චිකෙනෙකුගෙ කතාව.
ReplyDeleteස්තුති යාලූ, ඒ ආච්චි වගේ තමා මේ ආච්චිත්, පුදුම දුකක් විදින්නේ මුනුබුරු මුනිබිරියො ජීවත් කරන්න, ඊයෙ මට ගමෙන් කතා කල වෙලාවෙ අක්කි කිව්වෙ දැන් ආච්චිගෙ දුව ආයෙත් බබෙක් ලැබෙන්න ඉන්න නිසා ආච්චි නිතර අපේ ගමේ ගෙදරට ඇවිත් කිය කියා අඩනවලු ...
Deleteමගේ පොස්ට් එහෙකට කමෙන්ට් එකක් දාලා තිබ්බනේ "හැකියාවක් තියෙනවද කියලා දැනගන්න ට්‍රයි එකක් දෙන්න පුළුවන් කියලා.. " ට්‍රයි එකක් දෙන්න දෙයක් නෑ..උපරිමෙටම හැකියාව තියෙනවා.. :))
ReplyDeleteනුරි කතාවත් මුල ඉදලා කියවන්න ඕන..
ස්තූතියි අගයකිරීමට, සාදරයෙන් පිලිගන්නවා ඔබවත් මල් මිටියාවතට ..... නූරි ත් කියවා බලන්නකො ..
Deleteලස්සනයි..ගොඩක්!
ReplyDeleteතෑන්ක්ස් සාබිත්.........
Deleteසම්මානි පත්තරයකට දාන්න බැලුවෙ නැද්ද කවියක් ?
ReplyDeleteසෑම් විහිලු කරනවවද්ද ?
Deleteඅසරණකමේ ලිහිලෙන් ඇතුලට එනවා
ReplyDeleteමායම් වලින් රවටා සිත සනසනවා
තම ගත පිනු පසු හෙමිහිට පැන යනවා
මෙවැනි උන්ට හෙණ පිට හෙණ පැමිණෙනවා
පුදුමය තමයි මේ මිනිසගේ හැසිරීම
Deleteඅරුමය තමයි කිසිවෙක්ටත් නොපෙනීම
කරුමය තමයි ඇගෙ දියණිගෙ නොලැබීම
මදිමය හෙණය ගෙනදුන්නද පිපිරීම ........