Monday, April 9, 2012

පොඩි පහේ තේරවිල්ලක්.... 2

කලින් තේරවිල්ලට ලැබුණු ප්‍රතිචාරත් එක්ක තවත් පරණ තේරවිල්ලක් දාන්න හිතුවා.. ගොඩක් අය දන්නවාද කියන්නනම් දන්නෙ නෑ, නමුත් බලමු නොදන්න අයත් ඇතිනෙ...

ඔන්න බස් එකක් තිබුණලු. හොදටම පිරිල... අමාරුවෙන් මිනිස්සු ටිකත් අරගෙන බස් හෝල්ට් එක ළගට බස් එක ආවාලු, ඒත් බස් එකට නගින්න හිටපු සෙනග දැකපු කොන්දොස්තරට තරු විසි වුණාලු. කොහොමටවත් ඉඩක් නැති බස් එකට තවත් කට්ටිය නග්ගගන්නෙ කොහොමද කියලා කල්පනා කරපු කොන්දොස්තර බහින්න ඉන්නවානම් ඒ මිනිස්සුන්ට බහින්න කියලාත් නගින්න ඉන්න මිනිස්සුන්ව ප්‍රතික්ශේප කිරීමත් එකම එක වචනයක් පාවිච්චි කරලා ප්‍රකාශ කලාලු... මොකක්ද ඒ වචනෙ ??

කොන්දොස්තර එක වචනයක් පමනක් පාවිචිචි කළේ ඇයිදැයි මම ද නොදන්නා බවත් ඒ පිළිබද වැඩිදුර කල්පනා කිරීම ඵල රහිත බවත් කියා සිටිමි.

11 comments:

  1. පලයන්.
    මං හරිනේ...? කලින් අහල නම් නෑ.

    ReplyDelete
    Replies
    1. හප්පච්චියේ එහෙම කිව්වොත් අමනාපෙ වෙයිනෙ නංගෝ ...

      Delete
  2. අලි අලි මම දන්නවා
    කොන්දොස්තර කිව්වා ' බැහැ ගන්න බැහැ ගන්න' කියලා

    ReplyDelete
    Replies
    1. හුරේ මම තමයි මුලින්ම උත්තරේ දීලා තියෙන්නේ.

      Delete
  3. බැහැ ගන්න

    බසයේ සිටි මගීන්ට - බසයෙන් බැහැ ගන්න වැනි....
    බස්නැවතුමේ මගීන්ට - බසයට බැහැ ගන්න , බසයට ගන්න බැහැ වැනි.....


    කොන්දොස්තර තනි වචනයකින් මෙම කාරණා දෙකම ඉටුකිරීම තමයි මෙහි රසවත්බව ගැබ්ව තිබෙන්නේ...

    ReplyDelete
  4. බැහැ ගන්න

    ReplyDelete
  5. හරිම අමාරුයිනේ.... ;-)

    ReplyDelete
  6. ඉස්සරකාලේ අහපුතේරවිල්ලක්.තවඔයවගේ තේරවිලිකීපයක්ම තීයෙනවා ඒවත් දෙන්න.

    ReplyDelete
  7. Try this

    http://observer-nireekshaka-observer.blogspot.com/2011/08/blog-post.html

    ReplyDelete
  8. podi kaale ahapu ekak. mama hitanne ooka issellama ahuwe 1992 witara.

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....