අත්තම්ම කියනව, ඒත් අපි සැලෙයි ඔව්වට. කොහොමහරි අත්තම්ම ලිපට එහා පැත්තෙන් තියාගෙන විටින් විටේ ඒකට දාන කැවුම් ටික දිහා බලාගෙන ඉන්න එක තමයි අපේ වැඩේ.. වැඩිය උසත් නැති නිසා අක්කි ගෙනාවා පොඩි ස්ටූල් එක.. දැන් ඒකට නගිනව අපි දෙන්නම. හරි දැන් අපූරුවට පේනවා. දෙන්නම දගල දගල ඕක දිහා බලා ඉන්නකොට අත්තම්ම සැර කරනව..
"ඕක උඩ නටල දැන් වැටෙයි ළමයි.. !" ඒත් මොනා කිව්වත් කැවුම් නම් ලැබෙනවා..
බැන බැන් හරි අත්තම්ම අහනව
"රසද ?"
"ම්ම් තේරුන් නෑ තව එකක්... "

කිව්වා වගේම තමයි .. ටික වෙලාකින් ලිපට යටින් අත්තම්ම සීරුවට ගොඩ ගහලා තියෙන දර ගොඩෙන් දර කීරක් ඇනිලා අපි දෙන්න දගලනකොට කොහොමත් වැටෙනවා... හරි දැන් අක්කි දුවනව ඉස්සරහ මිදුලට.
වැලි දාපු මිදුලෙ කට්ටිය ගොඩක් රවුමට වාඩිවෙලා බෙල්ලො දානවා... චූටි මාම, ලොකු මාමා, ලොකු පුංචි, තව එහා ගෙදර බාප්පල... ඔක්කොම මෙතන.. අපි දෙන්නත් ඔය අස්සෙ පොඩි ඉඩකින් රිංගලා වාඩි වෙනව.. අපිට ඇහෙනව අමුතුම වචන..
"අත කාටද ? "
"පොඩි දුව දාන්න, දිනුම් ඔත්තෙයක් ද? කෝ තැන්තුව? ඒක අදින්න එපා ... "
"හරි රුපියලක් ඔට්ටුයි, වැටෙන්නෙ ඉරට්ටයක් .. "
"ඔට්ටුයි ඔත්තෙයක්.. "
එතන එක ගාලගෝට්ටියක් වගේ... ඔය අතරෙ අපිටත් බෙල්ලො කුට්ටම අල්ලන්න චාන්ස් එක එනවා...
"ඔන්න මගෙ අත දාන්නෙ චුට්ටි, "
ඒ චූටි මාමා, මාත් ඉතින් දන්න සෙල්ලම් දාල පංච කුට්ටම හොලවල දානවා...
"දිනුම් ඔත්තෙයක් ම වැටියන්.. "
චූටි මාමා ඒ අතරෙ මුමුණනවා.. වැරදිල හරි එයා දින්නොත් මට තවත් එයාට වාසනාව ගේන්න එතන ඉන්න වෙනව.. නැත්නම් කොහොමත් අපිව එලවනව..
අපි දුවගෙන එනවා. පහල ගෙදරට. එහේ ඉන්නෙ අපෙ අත්තම්මගෙ අය්ය. ඒ සීයාගෙ මිණිබිරීලා මුණුබුරාල අමුතුම තාලෙ ඔන්චිල්ලාවක් හදලා.. බෙල්ලො පොළේ වැඩිහිටියො නිසා කිසිම කරදරයක් නෑ හිතේ හැටියට ඔන්චිල්ලාව පදින්න පුලුවන්. පුදුම ඔන්චිල්ලාවක් තමයි . තනි ලණුවෙ ඔන්චිල්ලාවක්. පොඩි කන්දක් වගේ තියෙන වත්තේ උඩම ගහක හොදට ළනුවක් බැදල ලනුවෙ කෙළවරට ලෑලි කෑල්ලක් ගැට ගහල.. අමුතුයිම නේන්නම්..
ඔන්චිල්ලාව පදින්න පෝලිමෙ ඉන්න ඕනෙ.. මම පොඩි නිසා ඉස්සරහට යන්න චාන්ස් එක එනව.. ලෑලි කෑල්ල උඩ වාඩි වෙලා කකුල් දෙක දෙපැත්තට දාලා වාඩි වෙනවා.. පිටිපස්සෙන් ඉන්න කට්ටිය තල්ලු දානවා,.. හම්මේ කන්ද පාමුල පැත්තට පැද්දීගෙන යනකොට හුස්මත් නතර වෙනව වගේ..

ටික වෙලාවකින් ටිකිරි අය්යට කල්පනාවක් එනව ටීම් එකම යන්න.. මම සුපුරුදු විදියට වාඩි වෙනව. මගෙ දෙපත්තෙන් අපෙ අක්කියි එහා ගෙදර අක්කයි වාඩිවෙනව. ඉඩ තියෙන තැන්වලින් අනිත් තුන් දෙනත් ලෑල්ලෙ එක කකුල ගානෙ තියාගෙන තනි ලණුවෙ එල්ලෙනවා. අඩි දෙක තුනයි යන්නෙ.. දඩෝන් ගාගෙන කඩාගෙන වැටෙනවා.. බෙල්ලො පොළේ හිටපු අයත් දුවගෙන එනවා සද්දෙ මොකක්ද කියල බලන්න.. ඔන්චිල්ලාව බදාගෙන හිටපු මම දුරටම ගිහින් ලණුවත් එක්ක රෝල් වෙලා යනකොට මගෙ පස්සෙන් අනිත් අයත් රෝල් වෙනව.. අවුලක් නෑ අපි හැමෝම නැගිටිනව.. දෙක තුනක් වදිනවා පුංචිලාගෙන් මාමලගෙන්..
"ඕව සුපුරුදු දේවල්නෙ.. "
"ආයි හදමු, " ඒ ටිකිරි අයියා..
අපි දෙන්න අක්කියි මායි එනවා ගෙදර.. බස් එක එන සද්දෙ ඇහිල අපි දෙන්නට එක සැරේට මතක් වෙනව මද්දු පුංචිව.. කොලඹ ඉදල එන්නේ, අනිවාර්යයෙන්ම අපිට තෑගි ගේනවා.. ආයි දුවනවා පඩි පෙළ නැගල පාරට.. එනව නේන්නම්.. සුදුපාට කම්මුල් රතු වෙලා මහන්සියට..
මහන්සි අරින්න වෙලාවක් දෙන්නෙ නෑ අපි..
"මට මොනාද ගෙනාවෙ?"
අක්කියි මායි හොරෙන් හොරෙන් ගිහින් අහනවා..
ඔන්න පුංචි පොඩි කාමරේ ඇද උඩට වෙලා අර ගෙනාපු තෑගි එක එක අදිනවා.. කොහොමත් එක වගේ ලස්සන ගවුන් දෙකක් එලියට ගන්නවා.. එක වගේම උනත් අපි පුරුද්දට වගේ රංඩු වෙනවා. හිතෙන්නෙම මගෙ එකට වඩා අනිත් එක චුට්ටක් හරි ලස්සනයි වද්ද කියල... කොහොමෞනත් කොලඹ ෆැශන් ගවුන්නෙ.. අපි හිත හදා ගන්නවා..
අක්කි දුවගෙන ගිහින් කලින්ම හදාගෙන තිබුණු ලිස්ට් එකේ මද්දු පුංචි කියන නම ඉස්සරින් හරියක් දාගන්නව.. දැන් තව තෑගි එන්න තියෙන්නෙ එක පුංචි කෙනෙක්ගෙන් විතරයි.. මොකක් ලැබෙයිද දන්නෙ නැ.. එයත් එන්නෙ කොලඹ ඉදන්.. අපි හීන මවනව..
හැමදේම වෙලාවට කරන අත්තම්ම අපි කවුරුත් පෙරටු කරගෙන පන්සල් යනවා.. ලොකු මාම යි චූටි මාමයි උණ වෙඩි දානවා..
ලිප පත්තු කරන නැකත එනකොට වෙලාව හරියට බලන්න ටී වී එක ළගකීපදෙනෙක් ඉන්නවා.. අත්තම්ම කොහොමත් විනාඩි ගානකට කලින් ඉදන්ම ලිප ලග හිටගෙන බුදුන් වැදගෙන ලෑස්තිවෙනව.. . පුංචි දර කීරි ටිකක් ලොකු දර කීරි ටිකක් තමන්ගෙ වෙලාව එනකන් අත්තම්ම එක්ක ලිප ළග ඉන්නවා. කිරි මුට්ටිය කොහොමහරි උතුරවන්න බලාගෙන තවත් කට්ටිය එතන ඉන්නවා..
කවන නැකත එනකොට ලොකු පොඩි කවුරුත් පෝලිම් ගැහෙනවා.. ආයෙත් මං ඉස්සරහම.. මංනෙ පොඩිම.. ඉතින් හරිම නැකතට හැමදාම කැවෙන්නෙ මට.. කිරිබතට දාපු හකුරුද තලද තව තව ජාති එක්ක අත්තම්ම අපි කාටත් කට කට පෝලිමේ එන හැටියට කවනව, හරිම රහයි..
දැන් ගනු දෙනු කරන වෙලාව. අපි ආසම වෙලාව.. බුලත් කොලවල ඔතල පුංචි බාප්පල මාමල ඔය කවුරුත් කාටත් ගනු දෙනු කරනව.. රුපියල් දහයක් ලැබුණොත් ඒක අපිට ලොකු දෙයක්.. වැඩ අල්ලන නැකත් කියල අම්මි කියනවා පොතක් බලන්න කියල, අලුත් අවුරුද්දෙත් බැනුම් අහන්න බැරි නිසා පරණ පොතක බලියක් වගේ එකක් ඇදල අපි ශේප් වෙනව...
හිසතෙල් ගාන නැකත එනකොට අපි හැමෝම පංසලට යනවා.. ලොකු හාමුදුරුවො තමයි ඒ වැඩේ කරන්නෙ..
ඉතින් පුංචිල ආයි යන්න ලෑස්ති වෙනවා, නිවාඩු ඉවරලු ... හිතට දුක හිතෙනවා... අවුරුදු දවස් ටික අල්ලගෙන තියාගන්න පුලුවන්නම් යන්න නොදී .....
ඇත්තම මම අතීතයට ගියා ... බොහොම අපූරුවට ලියල තියෙනවා.. අපිත් පුංචිකාලේ දැකපු කරපු කියපුව දැන් එකක්ගානේ මැවි මැවී පේනවා වගේ.. මේ වගේ පොස්ටුවක් දැමීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන අතර නිදුක් නීරෝගී සුභම සූභ අළුත් අවුරුද්දකට ආසිරි පතනවා.. !!
ReplyDeleteමටත් ආයෙත් මේ ලිපිය කියවන කොට දුකයි.. ඒ අතීතෙනම් ආයෙ දැන් පොඩ්ඩොන්ට ලැබෙන්නෙ නෑ..
Deleteරස්තියාදුකාරයාටත් පව්ලේ අයටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා !!!
මෙහෙම්මම නොව්නත් අපිටත් ඉතින් ඔය අත්දැකීම් තිබුනා. බොහොම සුන්දර මතකයක්. මතක් කලාට ස්තූතියි.
ReplyDeleteඔය කැවුම් කාලා දුවද්දී වතුර ටිකක් බීලා යන්ඩ කිව්වෙ නැද්ද අත්තම්මා.. අපිටනම් ඉස්සර තෙල් කෑම කාලා වතුර නොබී යන්ඩ දෙන්නෑ..
සම්මානි ඇතුලු පව්ලේ සැමට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා !!!!!
හැබෑට අත්තම්ම එහෙම කිව්වද දන්නෙත් නෑ, අපි මගක් දුර ගිහිල්ල වෙන්ටැති ඒක කියනකොට.. හිහ්
Deleteසෙන්නා ඔයාටත් නෝනටත් බබාටත් සුබම සුබ අලුත් අවුරුද්දක්ම වේවා !!
මෙච්චරයි කියන්න තියෙන්නේ ඒ සුන්දරත්වය දැන් නැහැ..
ReplyDeleteඉස්සර අපි ඔන්චිල්ලාවට මරාගත්ත කාලෙ මතක් වුණා. දැන් ලමයින්ට ඒව නැහැ.
ඔක්කොම ටීවි එකෙන් බලන උත්සවයක් තියෙන්නේ.
ජය සහ සතුට පිරි මෙව්ව එකක් වේවා
අපේ ගමේනම් තාමත් අවුරුදු සිරි ටිකක් හරි තියෙනවා..
Deleteසෑම්ටත් සුබ මෙව්ව එකක් කිව්ව ඕං...
ඇත්තමයි සහෝදරී, ලස්සන මතකයක්... ලස්සනට පෙළ ගස්වලා තියෙනවා... මේ වගේම අත්දැකීම් අපට නොවුනත් අපිත් පොඩි කාලේ සුන්දරය අළුත් අවුරුද්ද අත් වින්දා... අපෙන් පස්සෙ පරම්පරාවටත් අපි අවුරුදු කෑවේ මෙහෙමයි කියලා පෙන්නන්න මේක හොඳ විවරණයක්... ජයවේවා !!!
ReplyDeleteමටත් දුකයි දැන් පොඩ්ඩන්ට මෙහෙම අවුරුදු සිරි විදින්න නෑනෙ කියලා.. ගමේ මොඩර්නයිස් වෙච්චි අවුරුදු සිරිත් ටිකවත් නිදහසේ විදින්න ඕනෙ නිසා අද රාත්‍රියේම ගම බලා යන්නයි කල්පනාව...
Deleteසුබ අලුත් අවුරුද්දක් ..
තවමත් ගෙදර හිටියනම් ඒ ගොඩක් දේවල් කරනවා.පොඩි කාලේ මම ආසම චාරිත්‍රය වුනේ ගනු දෙනු කිරීම.
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!!
ඔයත් එහෙනම් අපි වගේම තමයි.. අපෙත් වැඩේම ගනු දෙනු කරපු ටික ගැණ ගැණ ඉන්න එක.. අවුරුදු ඉවර උනාම අත්තම්ම එක්ක ටවුන් ගිහින් මොනාහරි ගන්නවා ඒ සල්ලි වලින් ...
Deleteදුකයි ඔයාල රට සිටීම ගැන...
සුබ අලුත් අවුරුද්දක් අසර්ටත් ..
ඉස්සර අපි අත්දැකපු අලුත් අවුරුද්දයි අද හෙට එන මේ අවුරුද්ද ගැනයි බලද්දි අපි කොච්චරනම් වෙනස් වෙලාද කියල හිතුනා..
ReplyDeleteඔයාල හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.. :)
ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් සිත් රූ ... :)
Deleteඑක පාරක් ලංකාවට ගිය වෙලේ දකුනු පලාතෙ ගමක ලස්සන අවුරුදු උත්සවයකට සහභාගි උනා..........
ReplyDeleteඅපේ ගම් වලත් දැන් එහෙම නැහැ....දුකයි මොනා කරන්නද......
සුභ අලුත් අවුරුද්දක් ඔයාට සහ පවුලේ සැමට..!
කිරිල්ලිටනම් කොහොමත් අවුරුදු සමරන්න බැහැ නේද ඔය රටේ ...
Deleteකොහොම උනත් ඔයාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.. ... :)
ඉස්සර අලුත් අවුරුද්ද හිතට අමුතු විදිහට දැනුනට දැන් දැන් එක හරියට හිතට දැනෙන්නේ නෑ. කාර්ය බහුලත්වය හින්දද දන්නේ නෑ. මොනවා වුනත් අවුරුද්ද ගැන සුන්දර ළමා මතකයක් තියන එක ගැන නම් හිත පතුලෙන්ම සතුටු වෙනවා මම.
ReplyDeleteමමනම් තාමත් එදා වගේම අවුරුදු විදිනවා උපරිමෙන්ම.. මේ දවස් හයකට පස්සෙ ඔන්න ගමේ ඉදන් ආවා විතරයි ...
Deleteහී...සෝයිනේ.
ReplyDeleteඔයාට සුබ අලුත් අවුලුද්දක් වේවා අක්කියෝ..
ඔයාටත් ජය ලැබෙන නව වසරක් නංගො ...
Deleteඅහන්නත් ආස හිතෙනවා අක්කේ :)
ReplyDeleteමේ ලෑබුවා වු නව වසර, සාමයෙන් සතුටෙන්, පිරි හුටපට, ලටපට,,ජල්තර, මරාල වලින් තොර සෞභාග්‍යමත් සුබ නව වසරක් වේවා !!!!!!!!!!!!!!!!
කියල වැඩක් නෑ වර්ණෝ, අද තමයි ආවෙ වැඩට ගමේ ඉදන්... එදා පුංචිලා ගමේ ඉදන් කොලඹ එනකොට අපි අඩනව වගේ මේ සැරේ අපි එනකොට අපේ පොඩි මල්ලි කෙනෙක් ඇඩුවා.. පව් ඉතින් ගමේ එයා හිරවෙලා වගේ...
Deleteඔයාටත් සියලු පැතුම් ඉටුවෙන සුබ නව වසරක් කියල පතනවා..
අනේ... අපි එද්දී අවුරුදු ඉවරයි නේ.... කමක් නෑ... අවුරුදු තියෙන්නෙ කැලැන්ඩරේ නෙමේනේ හිතේනේ... අක්කටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!
ReplyDeleteපෝස්ට් එක නියමයි අපේ පැත්තෙත් ඇවිල්ල යන්න
ReplyDeleteඅතීතයේ නවතින්ඩද කල්පනාව ? වර්තමානයට එන්ඩ අදහසක් නැතෙයි ?
ReplyDelete