Wednesday, March 6, 2013

ඔබ එන්න සෙනේහෙන්

මල් තුහින වගේ - සිත් මලට වැටී
ඔබ එන්න මගේ ලොව කරා සෙනේහෙන් ..
බලා සිටිමි ඒ කෙදින කියා ...

දින සතිද ගෙවී - සිත් මල වියැකී
ඔබ එන්න එපා මා නොසිටීවී ...
පවන ලෙසින් නොව මේඝ වලා සේ
මගේ ලොවට තව කෙනෙක් වඩීවී ...
සෙනෙහස නැතිමුත් මා ඉවසාවී ...

මල් තුහින වගේ - සිත් මලට වැටී
හනික එන්න මා කරා සෙනේහෙන් ...
බලා සිටිමි ඒ කෙදින කියා ...

හිරු පිපෙන වෙලේ - සදු එබෙන වෙලේ
ඔබ හිදී මගේ හද ගැබට එබී
අපේ අහස් කුස නුඹට අයිති වුව
තවත් අයෙකුගේ ‍රැස් විහිදේවී
සෙනෙහස නැතිමුත් මා ඉවසාවී ...

මල් තුහින වගේ - සිත් මලට වැටී
හනික එන්න මා කරා සෙනේහෙන් ...
බලා සිටිමි ඒ කෙදින කියා ...

11 comments:

  1. හප්පේ ගොඩ කාලෙකින් නොවැ.. මම මේ ලඟදිත් මේ පැත්තෙ ඇවිත් බැලුවා.. මට මග හැරිලවත් මොනවත් ලියවිලාද කියලා..

    නැවත පැමිණීම බොහොම සතුටක් සම්මානි...

    පස්සෙ එන්නම් කියවන්න.... කවි නේද ? :

    ReplyDelete
  2. ම් ම් සින්දුවක් . .
    නව පරපුරේ තීක්ෂණ වගේ වොයිස් එකකින් කිව්වනම් හොඳට තියේවි . .

    ReplyDelete
    Replies
    1. ඔව් තීක්ෂණගෙ වොයිස් එකට වගේ නියමෙටම ගැළපෙනවා!!

      Delete
  3. කාලෙකට පස්සේ ආයිත් ඇවිත්. සන්තෝසයි සන්තෝසයි :)

    ReplyDelete
  4. කාලෙකට පස්සේ ආව දැම්ම ගියා.. කෝ තවම ආයේ ඇව්ල්ල නැහැ නේ.

    ReplyDelete
  5. ලස්සනයි අක්කියො හැමදාම වගේ.ආයෙත් නූරි වගේ ලස්සන නවල් එකක් ලියමුකෝ!!!

    ReplyDelete
  6. මෙයා කිසි සද්දයක් නෑනෙ.. දන්න කෙනෙක් නැද්ද විස්තරයක්...

    ReplyDelete
  7. ලියන විදිහ නියමයි. පට්ට

    ReplyDelete
  8. ලියනවිදිහ නියමයි. පට්ට

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....