Monday, December 19, 2011

මම ගෙදර යතුර වුනෙමි...

සෑහෙන දවසකින් බ්ලොග් එක ලියන්න බැරි උනානේ.. හරිම බිසි උනා. දැන් පොඩ්ඩක් විතර විවේකයක් අරගෙන ලියන්න හිතුව පොඩි කාලේ මට සිද්ද වෙච්චි දෙයක්...

මම පුන්චි කාලේ හරිම මිටියි.. කෙට්‍ටුයි...ඉතින් මේ වාසනාවට හෝ අවාසනාවට මට ලැබිචිචි පුංචි ශරීරෙ නිසා මට බොහොම අමතක නොවෙන සිදුවීම් තියෙනවා. මේ එවගෙන් ඒකක්...

මට අවුරුදු පහේදි විතර අපේ ගෙදර හැදුවෙ... ඒක අපේ අත්තම්මලගේ ගෙදරට පහලින් තමයි තිබුනේ...
.. අපේ තාත්තා මම පුන්චි කාලෙ නැති උනේ.. මට ඒ හැටි මතකයක් නැ ඒ ගැන.. ඒ නිසාමයි අපේ අම්ම වැඩිය ඈතට නොයා මහගේ කිට්‍ටුවෙන්ම ගෙයක් හැදුවෙ... ගේ හැදුව උනත් අපි රෑට ඒ ගෙදර හිටියෙ නෑ. උදේට ගිහින් අම්ම ලේස්ති වෙනවා ඔ‍ෆිස් යන්න.. අපි යන්නේ පුන්චිලත් එක්ක.. එයාලත් ඉස්කොලේ යන්න ලැස්ති වෙන්නෙ අපේ ගෙදරදි.. මොකද ඒ ගෙදර ලයිට් තිබුනා.. මහ ගෙට ලයිට් තිබුනෙ නැ,, හවසට
නිදාගන්න අපි අත්තම්මලගේ ගෙදර එනවා.. සමහර දවස්වලට රැට අත්තම්මලගේ ගෙදරම ඉන්නවා කම්මැලි හිතුනම ... ගේ හදල මුල් දවස්වලනම් අපි ආසාවෙන් උදේට ගියා.. ... ඒත් ඉතින් පහුවෙනකොට උදේම
නැගිටින්න ඕනෙ කියල මතක් වෙනකොට එපාම  උනා.. අපි එතකොට නිදි වගේ ඉන්නවා හොරට.. දවසක් දා තමයි හොදම හරිය උනෙ... කවුරුහරි අතින් ගෙදර යතුර නැති වෙලා..
උදේ පාන්දර එක යුද්දයයි.. කට්ටිය යතුර හොයනවා...
හොයල හොයල බැරි තැන කට්ටියම ගියා මොනා හරි කරලා දොර ඇර ගන්න..
ඔය ගෙදර තිබුන දොර අර යතුර නොදාම ඇද්දම ලොක් වෙන එකක්... යතුර නැති උනාට ඇතුලින් දොර අරින්න පුලුවන්.. අය්යෝ දැන් අපේ පුන්චිල
ටික විසදුම් කල්පනා කරනවා.. හීල් පාන්දරක.. ..   මට පුංචිලා හතර දෙනයි... දැන් හතර දෙනාම ඇවිල්ලා.. ඒ වෙද්දි එයාලත් ඉස්කොලේ යනවනේ.. ඉක්මනට දොර ඇර ගත්තෙ නැත්නම් එයාලටත් පරක්කු
වෙනවනෙ.. එක්කෙනෙක් කියනවා...

 "හරි හරි ලොකු අක්කෙ එන්න, මේ ජනෙලේ අර ගන්න පුලුවන් වගේ... ඒක අර ගත්තොත් කොස්ස දාල
දොරේ ලොක් එක පන්නන්න පුලුවන්... "

අපේ අම්ම;
"අහ් ඔව්මයි බලන්න, වෙලාවට ඊයේ ජනෙලේ හරියට වහලා නැ... " 

තව පුන්චි කෙනෙක් වහලේ හිස්තැනක් හෙව්ව රින්ගන්න... අය්යෝ වෙලාවට එහෙම තැනක් තිබ්බේ නැ... දැන් අම්මා බනින්න පටන්ගත්තා..
"අය්යෝ මේ ලමයි දෙන්නා මොන ලෝකෙක යතුර දාලද, මේගොල්ලන්ගේ වැඩ නිසා මට ඔ‍ෆිස් යන්නත් පරක්කු වෙනවා.. හොදට මතක් කරනවා ලමයො කොහෙද දැම්මේ ?? අක්කි කියනවා බලන්න කවුද යතුර ගත්තේ??"

අම්මා ගියා යතුර හොයන්න ආපහු සැරයක්...
.. යතුරක් මටනම් මතකයක් නෑ. අඩුම තරමින් දොරක් අරින්න යතුරක් ඕනෙද කියලවත් අපි දෙන්නට ගානක් නෑ.. අපි කෝකටත් ගලක් උඩට වෙලා පුන්චිලාගෙ මහා මිශන් එක දිහා බලාගෙන හිටියා.. ඔන්න බොලේ මගේ පොඩිම පුන්චා හොයගත්තනෙ ක්‍රමයක්.. ඇරියනෙ ජනේලේ... දැන් තමයි වැඩේ.. එක්කෙනෙක් දුවගෙන ගිහින් ගෙනාව කොස්ස. ම්ම්හ් කොස්ස දැම්ම

" ... දිග මදි... අය්යෝ.. ඉවරයි දන් මොකක්ද කරන්නෙ ? ඉස්කොලේ යන්න පරක්කු වෙනවා.. "

ඒ ජනේලෙට දැන් වගේ ග්‍රිල් තිබ්බේ නෑ. හරහට යකඩ බට ගහලා තිබුනේ. කට වහගෙන ඉදලා ඉදලා මගේ දෙවනි පුන්චි දුන්නා නෙවි යස උත්තරයක්..

 "පොඩ්ඩිව දාමු මේ ජනෙලෙන්"

බුදු හාමුදුරුවනේ  මුන්දල ටික එකතු වෙලා මාව මේක අස්සට දාන්න ප්ලෑන. ලයි‍ටුත් නෑ ඇතුලේ..

"අනේ මගේ සුදු නෝනා ගිහින් දොර අරින්න හොන්දද !"

දැන් මාව උස්සලා ගත්ත හරහට මගෙ පුන්චිලා සෙට් එක ...  ඔන්න ඉස්සල්ලා කකුල් දෙක ඇතුලට දාල කට්ටිය ටික ටික මාව තල්ලු කලා.. ජනෙලෙන් එහා පත්තේ තිබ්බේ ඇදක්... ඒ නිසා මම ටික ටික එලියේ ඉදන් ඇදට වැටෙනවා.. අමාරුම හරිය තම්යි ඔලුව දාපු එක... එක පුන්චි කෙනෙක් මාව අල්ලගෙන ඉදිද්දි මගෙ ඔලුව තව එක්කෙනෙක් හරවල ඇතුලට තල්ලු කලා... හපොයි මම සම්පූර්නයන්ම ඇදට ව‍ටුනා.. වීරය වගේ මම ගිහින් දොර ඇරිය... ඒ ඩින්ගට පුන්චිලා සෙට් එක ඉස්සරහ දොර ලග...

කොහොමහරි එදා දවස ගෙවුනා... ඊට පස්සේ මේ කට්ටිය හැමදාම මාව අර ජනේලෙන් තල්ලු කරන්න පටන්ගත්තා .. යතුර හොයගන්න කාටවත් උවමනාවක් නෑ. වෙනදට සමහර දවස්වලට මම උදේට ගෙදර යන්නෙත් නෑ. අත්තම්ම ලගට වෙලා ගුලිවෙල නිදියනව.. ගෙදර යතුර මම උනාට පස්සේ මම හැමදාම යන්න ඕනේ..  අක්කි සැපට නිදි ... ඔන්න මම යතුරේ රාජකාරිය කරන දවස් තුනක් හතරක් ගෙවුනා.. දෙන්නම් වැඩක් කිය කියා ඉදලා මම එදා මාව ඇතුලට දැම්මට පස්සේ දොර අරින්නේ නැතුව ඇදේ නිදාගත්තා. නින්දනම් ගියෙ නැ.. බොරුවට පොඩි වෙලාවක් හිටියා.. එදා මගේ ලොකු පුන්චි විතරයි හිටියේ..  මට බනිනවා බනිනවා දොර අරින්න කියලා... මම හෙමිහිට හෙමිහිට ගිහින් දොර අරිනකොටම උදේ පාන්දරින් වැදුනා ගුටියක්..

ඊට පස්සේ නම් ආය මට ගෙදර යතුර වෙන්න උනේ නෑ.. අම්ම ඒකට ඉබ්බෙක් කාටද කියලා දාල තිබුනා...

10 comments:

  1. අය්යෝ.ඔයා එච්චර පොඩියිද ?. මොනවා උනත් පොඩි එකට වෙන අසාධාරනකම් ඒ කලේ ඉඳලම තිබිල තියෙනවා නේද ?

    ReplyDelete
  2. හොද වෙලාවට ඒකට ඉබ්බෙක් දාලා හැදුවේ. නැත්නම් තාම මෙයා ජනේලෙන් රිංගනවලු ගේ ඇතුලට.. :)

    ReplyDelete
  3. හි හි.... මරු පනිෂ්මන්ට් එක නේද ?

    ReplyDelete
  4. @ අසරණයා; ඔව් අනේ ඔය සිද්දිය එකක් විතරයි.. තව ගොඩාක් තියෙනවා.. මම හොස්ටල් ඉන්නකොට මේට්‍රන් මැඩම්ගෙ දොර ලොක් වෙලා ලොකු අක්කල මාව උස්සල බිත්තිය උඩින් කාමරේ ඇතුලට විසිකලා... දැන් නම් නඩුවක් දාන්න උනත් පුලුවන් ඒ වගේ දේකට නේද? උන්ටත් මාවමයි පෙනුනේ බර අඩුයි උස්සන්න පුලුවන් ලේසියෙන් කියලා...
    තව ඉස්කෝලෙදි සරබවලදිත් මාවමයි ගන්නේ පිරමිඩ් එකේ උඩම තියන්න... අය්යෝ කියලා වැඩක් නෑ ඕවා....

    @Dinesh : මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා... අපෝ දැන් ඒ ගෙදර තිබුණු තැන හොයාගන්නවත් බෑ. කඩා වැටිලා.. අපි නගරෙට ආවානේ. ගේ තිබුනත් දැන් නම් මට ඒකෙන් රින්ගන්නනම් ජනෙලෙම ඕන වේවි .. හික් හික්

    @ Senna: කොහොමද මගේ වැඩ... ආපහු ඒ කාලෙට යන්න හිතෙනව සෙන්නා මට.. තාත්ති නැති අපි හැදුනෙ පුන්චිලාත් අත්තම්මගෙත් තුරුලෙ.. ඒ කාලෙ තමයි ජීවිතේ සුන්දරම කාලේ ...

    ReplyDelete
  5. මමත් ඔය ජොබ් ඒක කලා ඒකාලේ....

    ReplyDelete
  6. අසරණයා අයියා කිව්වත් වගේ මමත් මේ කල්පනා කරන්නේ මේ අක්කා කොච්චර පොඩියට ඉන්න ඇතිද කියලා හැබැයි ගෙදර ග්‍රිල් ගහපු එකාට නම් ගහලා පන්නලත් මදි මට ඔලිවර් ට්විස්ට්ව මතක් වෙනවා.

    මේ මගේ මුල්ම ආගමනය හරිම රසවත් දිගටම ලියන්න ජය වේවා

    ReplyDelete
  7. වැඩ නම් එළ කිරි.... ඒකනම් ඇත්ත... ඒ කාලෙ තමා ජීවිතේ හොඳම කාලෙ...

    ReplyDelete
  8. @ ඇනෝ : අනේ ඇත්තට ... තවත් කෙනෙක් ඉන්නව එහෙනම්... කොයි කාලෙද ඒ ?

    @ ගැමියා: ඔව් ඉස්සර මම හරිම මිටියි... හබැයි දැන්නම් උසම උසයි ...

    /මේ මගේ මුල්ම ආගමනය හරිම රසවත් දිගටම ලියන්න ජය වේවා //

    තැන්කූ තැන්කූ....

    @සෙන්න : :)

    ReplyDelete
  9. ඔයත් කරන්නේ හරි හරි වැඩ තමයි....මමත් මේ ලඟදි යතුර නැතුව වහෙලෙන් පනින්න ගිහින් අත පය හතරම හමගහ ගත්ත. (යතුර නැති වෙලා නම් නෙවෙයි. ක්ලාස් කට් කරලා ගෙදර ආපු දවසක)

    ReplyDelete
  10. මනුස්සයෙක් දොරක යතුරක් වුණු හැටි ඇහුවාමයි :D

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....