Wednesday, December 28, 2011

...පමා නොවී යන් රට...

හෙමිහිට කලුවර එනකොට
නුබත් එන්න රෑ වෙනකොට
පුත් කුමරුත් දොයියනකොට
මසිත දුවයි හතරවටට....

සරසවියෙදි මුන ගැහුනට
දෙසිත් ප්‍රේමයෙන් බැදුනට
අපිට අපිව ගැලපුනාට
විරොදේ ගෙයින්....

ඇයි මොකද්ද මගේ අඩුව
කියන් නගේ අඩු පාඩුව
ඉහට අරන් නුබත් කඩුව
ඇහුව සින්හලෙන්...

කාලය හෙමිහිට යනකොට
අපි එකහිත සුරකිනකොට
දෙයියො මූණ බලල යසට
මනාපෙ දුනි මව් ඔහු හට...

මංගල සීනුව හඩවා
ගමටම මගුලක් කියවා
පෝරු මස්තකේ හිදුවා
මා මනමාලිය වූවා...

කාසි පනම් හිග උනාට
අගහිගකම් බෝ උනාට
කල යුතු යුතුකම් ඕසෙට
තිබුනි අප වටේ ...

පඩිපත අත ගෑවෙනකොට
ඇමතුම එනවා ඔහුහට
අම්මට අක්කට නන්ගිට
ඊට ඉව තිබේ....

ඔහුගේ පඩිපත අම්මට
බෙහෙත් ගහන්නට කුබුරට
මගේ පඩිය නොතිබෙන්නට
වෙන්නෙ අපට ලෙවකන්නට

අක්ක නංගි මල්ලි අයිය
නැන්ද මාම පුන්චි සීය
මාසෙ අගදි කෝල් කරල
අහයි වගතුග...

මේ හැමදෙන හරි හරියට
කියන කතා හරි මනාය
ඔක්කොම ඉදලා තියෙන්නෙ
ඔහු පිහිටෙන්ය...

අක්කට මනමාලයා
සදුදා එනවා කියා
කපුවා ගියෙ දැන් කියා
පුතු ආවොත් වෙයි ශ්‍රියා..

පුංචි මල්ලි මේ අහපන්
පොඩි ලෝන් එකක් දීපන්
අපි ගැන පොඩ්ඩක් හිතපන්
මේ උදව්ව මට කරපන් ...

අය්යා මට අර කෝස් ය
උපාදියත් බාහිරින් ය
ඔක්කෝටම මෙච්චරයි ය
හෙට එව්වොත් මහ පිනක්ය...

පුතේ නුබට ලියා දෙන්න
අප්පච්චි හිතා උන්න
මහගෙදරට ඇවිත් යන්න
නිවාඩුව තියෙයි ?

ගේ දිරලා යන හින්දා
පොඩි අක්කා පැල් බැන්දා
මෙව්වා අහලා මන්දා
පුතාට වෙයිදෝ නින්දා...

පරණ කාර් මොටද පුතුට
අලුත් කාර් එකක් ගන්ට
පුතු දුන් එක තාත්තාට
මල්ලි අරන් රවුන් යන්ට...

මයෙ පුතු හරි වාසනා
ලේලි පොඩ්ඩ හරි මනා
ඔබ සැම දෙන යන එනා
මග පිපේලු මල් හිනා...

එහා ගෙදර නැන්ද නන්ද
මාසයකුත් වැඩිද මන්ද
දබදිව ගොස් ආව හින්ද
මාත් ආස නැද්ද මන්ද....

හාමුදුරුවො පන්සලේ
අහනව නුබ සැම වෙලේ
චයිත්තියට පන්සලේ
දායක මම වෙමි මලේ....

යකඩ කටින් පෝයදාට
නම්ගම් හෙම කියවනකොට
ආඩම්බරකමට ඔන්න
පොරොන්දු උනි හදා දෙන්ට...

අතමිට සරුවෙන්නට
හැමටම සලකන්නට
හැකි වෙයි අපි දෙන්නට
පමා නොවී යන් රට...

ප: ලි: හුදෙක් ප්‍රබන්දයක් පමනි...

8 comments:

  1. මේක මන් හිතුවේ ඔයාගෙම අත්දැකීමක් කියල..ලස්සනට ගැලපිල තියෙන පද ටික.එත් ඔය රට යන්න නේද ඉන්නේ!

    ReplyDelete
  2. හ්ම්ම් කියවාගෙන යද්දි හිතුනා මේ ඔයාගේ කථාවමද කියලා හරි ලස්සනයි පැහැදිලියි නියමයි අක්කේ

    රට රටවල ඉගිලෙන්නට
    අත මිට සරු කරගන්නට
    හැකි මුත් යලි ලංකාවට
    එන්න මතක් වෙයිද ඔබට

    මෙහෙ ඇති ඉඩකඩ නිදහස
    හම්බවෙයිද පිටරට දෙස
    මව්පිය නෑදෑ සෙනෙහස
    නැතුව පාළු නොදැනේවිද

    ඔන්න මගෙන් ඔයාට පුංචි උත්තරයක් හි හි ගනන් ගන්න එපා හොදේ අප්සට් නම්.ජය වේවා

    ReplyDelete
  3. ෂ්ඃ මරු කවි ටික...

    මේකේ තියන යුතුකම් ඉටුකරන්ඩනම් රට ගිහිල්ලත් බැරිවෙයි.. කව්රු උනත් නොගිහින්ම බැරිනම් විතරක් රට ගියානම් හොඳයි...

    ReplyDelete
  4. @ අසරණයා: අපෝ නෑ මේක මගේ අත්දැකීමක් නෙවෙයි... ප්‍රශ්නනම් තියෙනව ඇතිවෙන්න.. ඒත් මගෙ මහත්තයගෙ ගෙදරින් කිසිම හෙවිල්ලක් නෑ මේ වගේ... මගෙ නැන්දම්ම හරිම හොදයි ,.. (මේක දැක්කොත් නම් ඉතින් මාව මරයි) .... ඔව් රට යන්නත් හිතන් ඉන්නෙ ......

    @ අපෝ නැ‍තෝ මලයො ... පද පේලි අමුනලා හැඩ බැලුව විතරයි ....

    සියරට දේ
    සිරිසැප දේ තමා.......

    @ සෙන්නා: බොහොම ස්තුතියි ඇගයීමට ...

    ReplyDelete
  5. මං කවි කියවන්න ටිකක් හොරයි, ඒත් මේ කවි පන්තිය නං හිතට ඇල්ලුව .

    මගෙ පෝස්ට් එකේ කොමෙන්ට් එක දැකල කව්ද මේ 'සම්මානි' කියල ප්රොෆයිල් එක චෙක් කලාම මේ බ්ලොග් එක හමු වුනේ.

    සන්තෝෂයි අඳුන ගන්න ලැබීම ගැන, නැවත හමු වෙමු.

    ReplyDelete
  6. ලස්සන අදහස් ටිකක්..!

    ReplyDelete
  7. හිහිහී.. මදෑ කෂාදයක දායාදය.. :D

    අපූරුවට ගැලපුන පද ටික..
    සුබ පැතුම් දිගු ගමනකට..!!! :)

    ReplyDelete
  8. @ Observer :
    හිතට ඇල්ලුවානම් මගෙ නිර්මාණය යම්තාක් දුරට සාර්තක ඇති .... ස්තුතියි... ඔබව හදුනාගැනීමත් සතුටක් ..

    @ ලහිරු : ස්තුතියි සහෝ....

    @ නන්දු : හිහ් හිහ් ... මට හිතෙනව ඔයා කිව්ව වගේ මේ කවි පන්තිය "කසාදයක දායාදය" කියල නම් කරානම් ගොඩක් ගැලපෙනව කියල....
    තැන්කූ වේවා සුබ පැතුමට ...

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....