Friday, December 30, 2011

සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

හිරු එනවාය පරවී යනවාය               කියා
නොදැනිම නමුත් තව වසරක් ගෙවී    ගියා
පැය යනවාය දින සති හා මාස       සොයා
සැනසෙමු මිතුර නව වසරට පැතුම්    තියා

බෝමයි පැතුම් නව වසරෙදි       කරගන්ට
ආසයි මගෙම ගේ පොඩ්ඩක්       අටවන්ට
සිටිනා පියවරින් අඩියක්            උඩඑන්ට
දෙවියනි පතමි මගෙ පැතුමන්   ඉ‍ටුවෙන්ට

වුනිනම් වැරදි එව්වා අමතක         කරමූ
අලුතින් දෙයක් දිවියට අපි එක්     කරමූ
සාමය සතුට පිරි නව වසරක්         පතමූ
සැම පැතුමක්ම ඉ‍ටුවන්නට සුබ     පතමූ 


ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

7 comments:

  1. අටවන නිවාස හරි හැඩ වේවා
    පොඩි පැටියා විගසින් ලොකු වේවා
    සිතු සියලුදේ ඒලෙසම ඉටු වේවා
    මේ එන වසර සුභ නව වසරක් වේවා

    ReplyDelete
  2. ඔබටත් පවුලේ අයටත් 'සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!'

    ReplyDelete
  3. සිතු සිත්තමින් ඔබගේ ලොව හැඩවෙන්නයි
    පැතු පැතුමකින් සැම ජීවිත එලිවෙන්නයි‍
    කිරි පැණියෙන් එන අවුරුදු නැහැවෙන්නයි
    හරි ඉක්මනින් නව නිවහන ඉදිවෙන්නයි
    පැතුවේ ඔබට සුභ නව වසරක් වෙන්නයි

    අක්කෝ ඔයාටයි පවුලේ හැමෝටමයි සුභම සුභ නව වසරක් වේවා.!!!!!

    ReplyDelete
  4. සුභ අළුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  5. ලබන්නාවු වසර සුබම සුබ පැතුම් ඉටුවන වසරක් වේවා !!!

    ReplyDelete
  6. සුන්දර නිවහනක් ඉක්මනටම ඉදිවේවා
    තබන හැම පියවරම කිරියෙන් ඉතිරේවා
    තව තව නව පැතුම් සිත තුල ඇති වේවා
    සියලුම පැතුම් ඉටුවන වසරක් වේවා !!!

    ReplyDelete
  7. සුභ නව වසරක් වේවා...

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....