Tuesday, January 3, 2012

නූරි --- 1

කුරුල්ලන් එකින් එකා කූඩුවලට යනවිට, හාත්පස අදුර ඇයව වෙලගන්නට තනද්දී ඇය සෙමෙන් හිද උන් තැනින් නැගිටින්නට උත්සාහ කලාය...

"නූරි, මොකද ලමයා අද පහන පත්තුකරන්නෙ නැද්ද?" , නැන්දනියගෙ ප්‍රශ්නයට පිලිතුරක් වත් නොදී ඇය තම කාමරයට වැදී සෙමෙන් ඇදට වැ‍ටුනාය.

"මට බෑ, මට බෑ..... මං එයාට එහෙම කියනව.. ඈ මිමිනුවාය.." ...


නූරි.... මේ ඇගේ කතාවයි !

 -------------------------------------------------------------------------------------
කොණ්ඩ කරල් දෙක දෑතින් දෙපසට ඇද නූරි කන්නාඩියට විරිත්තුවාය...  අද හෝ හෙට කම්මුලෙන් එලියට පනින්න මෙන් තියෙන කුරුලෑව දු‍ටු නූරිට මහා කෙන්තියක් උපනි...

"මගෙ මූනෙමයි කුරුලැ එන්නෙ.. වරෙන්කො අපෙ පන්තියෙ අනිත් එවුන්ගෙ මූනුවලත්..." 

බොහෝ කාලයක් ගමේ පාසලක උගෙන, අද ඇය නගරයේ අලුත් පාසලකට පිය නගන්න ලැස්ති වෙමින් උන්නාය...  ඇගේ පියාගෙ ‍රැකියාවේ ස්තාන මාරුව නිසාය එලෙසින් ඇයද, පියාද, මවද එකම කුඩා සොයුරාද මෙසේ නගරයට සංක්‍රමණය වූයේ.... 

"තේක බීල යන්න පුතේ.."

ඇගේ මව තේ කෝප්පයත් ‍රැගෙන දොරකඩ බලා සිටියාය.. වසර 17 ක් සපිරි දූ සිගිත්තිය දෙස මව ඉතා ඕනැකමින් බලා සිටියාය. රවුන් මුහුණ, හැඩැති නාසය පියකරු පෙනුම නව යොවුන් වියැති දියනිකට සුන්දරත්වයක් උවත් සෑම මවකටම මෙන් ඇගේ සිතටත් මහා බයක් එකතු කලාය...

"ඔය පිරිමි ලමයි එහෙම ආස්‍රය පරිස්සමින් හොදේ... ගමේ ලමයි වගේ නෙවෙයි පුතේ මේ නුවර හරිද දරුවො.. මං කෝකටත් අප්පච්චිට ඔයාව අද ගන්න එන්න කිව්ව කොච්චර වැඩ තිබුනත්.. ඉස්කෝලෙ ඉවරෙට එලියට වෙලා ඉන්න අප්පච්චි එනකන්.. ගෑණු ලමයෙක් පරිස්සම් වෙන්න ඕනෙ කියන එක මගෙ පුතෙ මතකයිනෙ නේද !. "

"ඔව් අම්ම හරි හරි.... මතකයි .........  මල්ලි තව නිදිද ?"

නූරිගේ සහෝදරයා ඇයට වඩා වසර 12ක් වයසින් බාලය ... එබැවින් තවම ඔහු පාසල් යන්නේ නැත.. පස්ස පැත්තට එලිය වැටෙනතුරු නිදන්නට ඕනැම කුඩා දරුවෙකු සේ ඔහුත් ආසාය.

"අප්පච්චී.... මං රෙඩී .............."

 ඇය කෑගසුවාය ...

"නූරි .. මගෙ කන ... මොකද ලමය බෙරිහන් දෙන්නෙ .. ඔය ඝාන්ටරෙ ගහන කොට අර කොල්ලත් ඇහරෙයි ලමයො .... යන් ඉතින් දැන් පරක්කුත් වෙනව මෙතන කන්නාඩිය ඉස්සරහ ඇබරෙනෙකොට.... අප්පච්චි ලෑස්ති වෙලා දැන් ගොඩක් වෙලා... "

"ජයේ එනකොට නූරිත් අරන්නෙ එන්නෙ... මේ ලිස්ට් එකත් ගේන්න හොදේ... පොඩ්ඩක් හරි පලාත පුරුදුයිනම් ලග කඩයක් හොයාගෙන යන්න තිබ්බ... අදට ඔයා ගේන්නකො.. "

"චන්දි.. ඔයා අද ලමයත් අරන් කොහෙවත් යන්න එපා...  ගෙදර තියාගෙන ඉන්න.. කල් යනකොට අපි පුරුදු වෙයි මෙහෙටත් ... "

හ්ම්ම්ම්......

මවටත් පියාටත් දණ ගසා වැන්ද නූරි සුදු ගවුම පොඩි නොවෙන්නට රිය ඉදිරිපස අසුනේ වාඩි වුනාය...

"හරි අප්පච්චී යං"

-------
නූරිගේ පියා.. ජයසේන මහතා සරල බොහෝ සෙයින් සැහැල්ලු මිනිසෙකි ... සිය දියනියට පනමෙන් ආදරය කරන්නේය ...  වසර ගණනාවක් ගමට නුදුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කල ඔහුට හදිසියේ ලැබුනු ස්තාන මාරුව අවලන්ගු කරගැනීමට ඔහු මහන්සි නොවූයේය.

"කොහොමත් ලමයි දිගටම ගමේ ඉන්න එකක් නැතිවෙයි... දැන්මම ටිකක්හරි නගරෙට හුරු කරල තියන්න ඕනෙනෙ .... අපි ඔක්කොම යනව කොහොමහරි .."

ජයසෙන මහතාට පමනක් බෝඩිමක් සොයාගැනීමට අයෙක් උපදෙස් දෙද්දී ඔහු කීවේය..

රට තොට තොරතුරු පවසමින් ජයසේන මහතා නූරිව පාසල අසලට ‍රැගෙන එද්දී පාසල පටන්ගෙන මිනිත්තු විස්සක් ඉක්ම ගොස් තිබිනි .. ගේට්‍ටුව අසලදී ආරක්ශක අංශයට කරුනු පවසා ඔවුන් කාර්යාලය වෙත පැමිනිනෝය..

"අප්පච්චී මටනම් දැන් බයෙත් බෑ වගේ.... පපුවත් ඩිග් ඩිග් ගානව වගේ.... " 

අස්වීමේ සහතිකයත්, චරිත සහතිකයත්, අවශ්යයි හැගුනු සහතික ටික ෆයිල් කවරෙන් පිටතට ගත් නූරි ඉතිරිය බෑගය තුලට දැම්මාය.
"බයවෙන්නෙ මොටද ... තමුන් වැ‍රැදිනම් විතරනෙ බයවෙන්නොන... ඉන්න පුතේ, මිස්ටර් සෙනෙවිරත්න තාම ඇවිල්ල නැද්ද මන්ද මන් බලල එන්නම්කො ...  "

පාසලෙ විදුහල්පති සෙනෙවිරත්න මහතා ජයසේන මහතාගෙ සරසවි මිතුරෙක් නොවුනානම් නූරි 13 වසරට පාසලට ඇතුල් කිරීම සිහිනයක්වන්නට ඉඩ තිබිනි ...

විවේක කාලයට පැයකට මත්තෙන් නූරිව අදාල පන්තියට යොමු කිරීමට විදුහල්පති තුමා කටයුතු කලේය.
"ඔයා ඉස්සරහ ගේට්‍ටුව ලග ඉන්න පුතේ.. මං හරියට එකයි හතලිස්පහ වෙනකොට එන්නම්"
"හාං.."

සෑහෙන කලකට පෙර ලස්සන කහපාටක්ව තිබෙන්නට ඇතිවූ, දැනට නම් බොහෝ සෙයින් දුර්වර්ණ වූ කොරිඩෝවක් දිගේ ඈ විදුහල්පති තුමා විසින් හදුන්වා දෙනූ ලැබූ සෝමරත්න ගුරුතුමා සමගින් යමින් සිටියාය.

කොරිඩෝව එක් පසෙක් වූ, නූරිගෙ උසට පොඩ්ඩක් වැඩිවූ කොට බිත්තිය උඩින් ලමෝ ඔවුනගේ හිස් දමමින් අලුත් ලමයා දෙස බැලීමට උත්සාහ කලෝය. අමාරුවෙන් මැඩගත් ලජ්ජාවත් සමගින් ඈ ගුරුතුමා සමගින් පඩිපේලි නගිමින් විද්යා අංශය වෙත ලගා වෙමින් සිටියාය.
 -------------------------------------------------------------------------------------------------------
යලිත් හමුවෙමු !

8 comments:

  1. ෂඃ.. ලස්සන කතාවකට වගේ මුල පුරන්නේ... කියවලම බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා..

    ජය !!

    ReplyDelete
  2. කවුරු ගැනද.ඔය දන්න කෙනෙක්ගනද කතාව යන්නේ..

    ReplyDelete
  3. සුභ ගමන්....අපි එනව කියවන්න :-))

    ReplyDelete
  4. @ සෙන්න: බොහොම ස්තූතියි සෙන්න,, මේ ලගදි දවසක පොත් වගයක් අස්කරද්දි කැම්පස් ඉන්න දවස්වල ලියන්න පටන් ගත්තු එකක් හම්බ උනා.. ටිකක් ලියල තියෙනව.. ඒක දාන්න හිතුවෙ...
    බලන්නකො කියවලා.. කමෙන්ට් එකට තෑන්ක්ස් :ඩී

    @අසරණයා: අහ් මං නූරි ගැනනෙ ලියන්නෙ... හිකිස් ... කැම්පස් එකෙදි නිවාඩු පාඩුවෙ ලියන්න පටන් ගත්තු එකක් මේ ...

    @ ඔබා මාම: බොහොම ස්තුතී පැමිණීමට ...

    ReplyDelete
  5. 'නූරි' ලස්සන නමක්..කතාවෙ ආරම්භයත් ලස්සනයි..පිලිවෙලයි..
    නූරි 2කොටස කියවන්න ආයෙත් නොවැරදිවම එනවා..

    ReplyDelete
  6. @ සිත් රූ.... ස්තූතියි ඇගයීමට.........

    එන්න එන්න ...... ආවොත් තමයි ලියන්න හිතෙන්නෙ .......
    ඔන්න නූරි - 2 දැම්මා....

    ReplyDelete
  7. සිරා වගේ... කතා දෙකම එක පාර බැලුවා.. දෙකටම එකම කමෙන්ටුව (කොපි - පේස්ට්)

    ජය පතමි...

    ReplyDelete
  8. ඔන්න මුල ඉඳන් කියවන්න ගත්තා. නැත්නම් මට රසවින්දනය අපහසුයි,,

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....