Monday, January 30, 2012

නූරි --- 8

නූරි --- 8


"පුතේ අපි යනවා... මල්ලිත් එක්ක පරිස්සමින් ඉන්න... දවල් වෙනකොට සුදු නැන්ද එයි, "
 අම්මා පැමිණ නූරිව ඇහැරවා කිව්වාය.

"උදේම ඇහැරල අම්ම"  නූරි ඇදෙන් බිමට පැන වහා අම්මාටත් අප්පච්චීටත් දණගසා වැන්දාය.

"ඕන කරන බඩු ගත්තද අම්මෙ ?"
"ඒ හැටි දෙයක් නැහැනෙ පුතේ .. ඩොක්ටර් දුන්නු ලියුම ගත්තා... "

"අප්පච්චි පරිස්සමිං, නවත්තල දොරවල් අරිනකොට එහෙම වටපිට බලන්ඩ .. "

"හෙහ් බලන්ඩකො චන්දි අපෙ කෙල්ලගෙ අවවාද ... හෙහෙහ් "

"අම්මෙ මල්ලි දැන් නැගිට්ටම මාත් එක්ක රංඩු වෙයි අම්මල යනකොට කිව්වෙ නෑ කියල.."

එවේලෙ උත්තර දුන්නේ නූරිගේ පියාය.

"අපෝ දැන් නම් පුතංඩිය ඇහැරුණොත් එයාවත් එක්ක මිස මේ ගමන යනව බොරු ... පුතේ ඔයා නැන්ද එනකම් ශේප් කරන් ඉන්න.. අක්ක ආවම එයත් එක්ක නට නට ඉදී... "

"හ්ම්ම් .. පරිස්සමින් අප්පච්චී, පරිස්සමින් අම්මා. .. බුදු සරණයි ."

"හරි මගෙ මැණික, බය වෙන්න එපා .. අපි ගිහින් එන්නම්... "
 අම්මා එසේ කිව්වද ඇගේ හිත තුළ අප්‍රමාණ බියක් ඇතැයි නූරි සිතුවාය.

------------------------------------------

ඉර නැගෙන්නට තවත් හෝරාවක් පමණ ඇත. නූරි කුස්සිය පැත්තෙ දොරෙන් එලියට බැස පඩිපෙළේ උඩම පඩියේ වාඩිවූවාය. පාන්දර සීතල ඇගේ සියොලග වෙලාගද්දී නපුරු සිතුවිලි ඇගේ ළමා සිත විඩාවට පත්කරන්නට විය. ගමේ පාසලේදි ඇගේ මිතුරියකගේ මව පිළිකාවකින් මියගිය අයුරු මතකයට නැගිණි. එකල 9 ශේණියේ උන් නූරිගේ යෙහෙළිය මළගෙදරදි හැඩූ අයුරු, පාංශු කූලය දෙන අවස්ථාවේ යෙහෙළියගේත් ඇගේ එකම සොයුරියගේත් ගුණ වැයූ අයුරුත් නූරිගේ මනසේ සිත්තම් පටියක් ලෙසින් මැවෙන්නට විය.

"කෙල්ලො දෙන්න හිටියෙ නැත්නම් නෝනා ඔයිට කලින් ඔය ගමන යන්නෙ ! මයෙ කෙල්ලො දෙන්න ඉස්කෝලෙ වැඩත් පාඩු කරගෙන නෝන බලාගත්ත දෙය්යනේ ...... "

යෙහෙළියගේ පියා පපුවට ගසාගනිමින් කියූ අයුරු නූරිගේ සිත පාරවමින් මතක් කරන්නට විය.

"අක්කි අම්මි කෝ ?"

"හා නැගිට්ටද ! ඒක හොදයි ... යං මං තේ හදන්නම් ... "
ඈනුම් හරිමින් ඔනෙල් ඇගේ පස්සෙන් වැ‍ටුණාය..

"මේ මල්ලි කුං කුං ගාන් නැතුව අද තේක බොමු ඈ.. අම්ම ගියා කොලඹ අප්පච්චි එක්ක යාලුවෙක්ගෙ ගෙදර, ඒ නිසා අද කුස්සිය භාර මං ,...  "

"හ්ම්ම් ,,, මං එක්කන් ගියෙ නැතුවට ඉන්න්කෝ... එනකං... "

"ඔයා මොනාද උදේට කන්නෙ, ? ඉදි ආප්ප කමු ? , මල්ලි අපි දෙන්නම් කඩේ යං ඈ"

"බෑ.. මං එන්නෙම නෑ, මාව දාල ගියාට මං කන්නෙත් නෑ ... "

"ඒක අප්පච්චි එක්ක බලාගන්නව, දැන් අපි කාල බීල ඉමු, කඩේ යං ඈ ?"

"බෑ, බෑ , බෑ කිව්වොත් බෑමයි "

"ඕශා භූශා,,,, ඕශා භූශා මැජික් එකකින් අපේ මල්ලිට කැමතිම දෙයක් මං ගෙනත් දෙනව දෙනවා... ආ... මා සමග ආවෝ....ඕ ඕ... ත් .............. එනවද ? "

"හා මොනාද ?"

"ඕශා භූශා ඕශා භූශා,,,,  මල්ලීට සුදු නැන්දා ගෙනත් දෙමි... ඊ...ඊ ............. එනවද ? ආවෙ නැත්නම් ඉතිං අද අපි දෙන්න විතරයි ... පව් ඔයාට පාලුවෙ ඉන්න වෙයි.. මාත් ඉස්කෝලෙ යනවනෙ... "

"හාක්"

********************************

වේලාව දහය පමණ වනවිට සුදු නැන්දාගේ පැමිණීම නූරිට සහනයක් විය. මල්ලී ඈත් සමග ‍රැදීම නිසා ඇයට පාඩමකට යොමු වීම සදහා කාලය තිබිණි. සියල්ල සතුවුවද අවශ්යම දෙය නැත්තේය. ඒ සිතේ සහනයයි.

"දැන් මේ වෙලාවට අපෙ පන්තියෙ මොනා වෙනව ඇතිද/ මැත්ස් ඉවර ඇති, ‍ෆිසික්ස් වෙන්න ඇති, සර් මං නෑ කියල දැනගෙන මොකද කියලත් බලන්න ඇති.... ඔක්කොටම වඩා මිථිල බයවෙලා ඇති, එකපාරම මං නැතිකොට... කමක් නැහ් හෙට යනානෙ... "


සිතුවිලි ගොන්න විසිර ගියේ දුරකථනය හඩදුන් බැවිණි.

"හෙල්ලෝ ......... "

"හෙලෝ නූරි ඉන්නවද ?"

"අනේ හලෝ මං ඔයාල ගැන හිත හිත හිටියේ , කොහොමද ?"

"අපි ඉස්කෝලෙ මොනා වෙන්නද බං, මොකෝ අද නිවාඩු දැම්මේ? "
නූරි නිහඩය.

"ඒ නූරි ඇයි බං , කියපං ඉක්මණට, මේ ෆෝන් එක පාවිච්චි කරන්න ඉන්ටවල් එකට කලින් බෑ කියල උබ දන්නවනෙ.. කියහංකො ඇයි මොකෝ  ?"

"අපෙ අම්ම ලෙඩ වෙලා අද චෙකප් එක්කට කොලඹ ගියා මිථිලා .... "
සියල්ල සැකෙවින් පැවසූ නුරි සුසුමක් හෙළනු මිථිලා වේදනාවෙන් අසා සිටියාය.
කුමක් නමුත් බැරෑරුම් දෙයක් වියයුතුයි සිතූ මිථිලා අසල ඔත්තු බලමින් සිටි දිලිනිද දුරකථනය තුලට තම කන ඇතුල්කළාය.


****************************


සුදු නැන්දා මල්ලිට බත්කවා නිදි කරවා බත් පිගානක් ‍රැගෙන නූරි අසලට පැමිණෙන විට ඈ මේසය මතම පොතකට බරදී නිදා සිටියාය.

"දෝණී, නැගිටල කමු.. "

"වෙලාව කීයද නැන්දෙ ? මල්ලි නිදි ? අම්මල කෝල් කළාද ? "
 නූරිගෙන් ප්‍රශ්න වැලකි.

"ඔය දැන් නිදා ගත්තෙ... දරුවට අම්ම නැතුව නින්ද යන්නෙත් නෑ, අමාරුවෙන් නිදි කෙරෙව්වෙ...  පුතේ අම්මල දැන් ළගම, පිළිමතලාවෙ කිව්ව...  "

"එහෙනම් ළගමනෙ, තව..... මිනිත්තු 20 ක් යනකොට එයි ... මොනාවත් කිව්වෙ නැහ් අම්ම වෙන? මොනා කිව්වද දැන්නෙ නැ අසනීපෙ ගැන... "

"විශේශෙන් දෙයක් කිව්වෙ නැහ්... බෙහෙත් දුන්න කිව්ව...  හා ඉතිං දැන් කමුකො... "

--------------------------

අප්පච්චිගේ මුහුණ වෙන කිසිම දවසක නොවූ පරිද්දෙන් අදුරු වී ඇතැයිද, අම්මා මවාගත් සිනහවකින් ගෙට ඇතුල්වූවයිද නූරි සිතුවාය.

"මොනාද නංගියෙ ඩොක්ටර් කිව්වෙ?"

"කිව්වෙ අක්කෙ අනෙ මන්දා... මගෙ අවාසනාවද කොහෙද ! ඉහිහ්... "

"අනේ අම්මා,,,, ඇයි ..."

"ටිකක් කල් ගිය හින්ද ඉක්මණට බේත් කරන්න ඕනෙලු... පුලුවන් ඉක්මණට ඇවිත් නතර වෙන්නය කිව්ව, ඉස්පිරිතාලෙ... මං මැරුණොත් මයෙ දරු පැටව් දෙන්න කව්ද බලන්නෙ අක්කේ ......... "
මෙලොව ඕනෑම දරුවෙකුට කවුරු හඩනවා බලා සිටිය හැකි වුවද තමන්ගේ අම්මා හඩනු බලාසිටීමට නොහැකිය.

"අනේ අම්ම අඩන්න එපා .... "

අප්පච්චි සාලයේ පු‍ටුවක වාඩිවී රූපවාහිනී යන්ත්‍රයේ ශබ්දය වැඩිකලේය.

"අනේ අප්පච්චී ......... "

නූරි පියාණන් ලගට ගොස් වාඩිවනවිටම ඔහුද එය බලාපොරොත්තුවෙන් සිටියාක් මෙන් සිය දියණියව තුරුල් කර ගත්තේය. ඒ ශක්තිමත් බාහු අතරේ හිරවී ඈ හඩද්දී ඔහුගේ දෑසින්ද ලොකු කදුලු බෝලයක් කාගේවත් ඇසට හසුනොවී නූරිගේ හිස මතට වැ‍ටුණි.

14 comments:

  1. සංවේදීයි අප්පා.. ඒක නිකන් මට උනා වගේ හිතුනා..

    අම්මට මොනවා වෙයිද ?

    ReplyDelete
    Replies
    1. අපෝ හීනෙකින්වත් එහෙම හිතන්න එපා... අපි බලමු සෙන්නා... දැන් මම හිතලයි ලියන්නෙ.. ඒ කිව්වෙ කැම්පස් එකේ ඉන්න දවස්වල ලියල තිබුණු හරිය බ්ලොග් එකට දාල ඉවරයි.. දැන් මම අලුතින් හිතල ලියන්නෙ ........ තෑන්ක්ස් කමෙන්ට් එකට .....

      Delete
  2. අළුත් තීම් එක හරි ලස්සනයි මොනවා වෙයිද කියලා තාමත් මට හිතාගන්න බෑ මේක අමුතුම කතාවක්නේ....මම මේ කල්පනා කරන්නේ මේ සේරම සිද්ධි අතරේ පිසික්ස් සර්ගේ භූමිකාව ගැන.....

    සෑහෙන කුතුහලයක්...නියමයි දිගටම ලියමු ඉක්මන්ට

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මල්ලි, මම මේව ගැන ඒ හැටි දන්නෙ නැහැ, නමුත් මම හොය හොය සෙටින්ග්ස් වෙනස් කලා.. මටත් හිතෙනව දැන් විදිය ඇහැට ප්‍රියයි කියල...

      ‍ෆිසික්ස් සර්ව අමතක කරන්න එපා.. එයාගේ භූමිකාව විශාලයි...

      Delete
    2. theme එක වෙනස් කලා වගෙම අර "දැනට ලියපු ඒවා ......." ටිකත් උඩට දාන් සම්මානි.. එතකොට ලේසී එන අයට.. ජය

      Delete
    3. හරි සෑම් ඔන්න මම ඒකත් වෙනස් කළා .....

      Delete
  3. හිතල ලිව්ව කතාවක් වුනත් හරිම සියුම් විදිහට ලියල කියල හිතුන.ඇත්තටම හරිම සංවේදියි කතාවක්.මේ කොටස ඉවර වෙනකන්ම් තේරුනේවත් නැහැ.

    ඉතිරි කොටසත් ඉක්මනින්ම දාන්න බලන්න.ආසාවෙන් කියවන කතාවක්.....ලස්සනම ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මල්ලි, මමත් දැන් කථාව ආසාවෙන් ලියනව, ඔයාල කියවනව කියල දන්න නිසා.... මොකක්හරි දෙයක් මේකෙන් ගන්න තියෙනවනම් සතු‍ටුයි... ඉක්මණින්ම ඊලග කොටස දාන්නම් .........

      Delete
  4. මේ කතාවෙම ජීවත් වෙලා කියවන්න පුලුවන්..අවංකවම මම මේ බ්ලොග් පිටු අතර කියවන හදවතට දැනෙන ලස්සන කතාවක්..

    ReplyDelete
    Replies
    1. ඔයාගෙ වචන මට හරිම ශක්තියක් සිත් රූ.... ස්තුතියි ...........

      Delete
  5. "මේ මල්ලි කුං කුං ගාන් නැතුව අද තේක බොමු ඈ.. අම්ම ගියා කොලඹ අප්පච්චි එක්ක යාලුවෙක්ගෙ ගෙදර, ඒ නිසා අද කුස්සිය භාර මං ,... "

    "හ්ම්ම් ,,, මං එක්කන් ගියෙ නැතුවට ඉන්න්කෝ... එනකං... "

    "ඔයා මොනාද උදේට කන්නෙ, ? ඉදි ආප්ප කමු ? , මල්ලි අපි දෙන්නම් කඩේ යං ඈ"

    "බෑ.. මං එන්නෙම නෑ, මාව දාල ගියාට මං කන්නෙත් නෑ ... "

    "ඒක අප්පච්චි එක්ක බලාගන්නව, දැන් අපි කාල බීල ඉමු, කඩේ යං ඈ ?"

    "බෑ, බෑ , බෑ කිව්වොත් බෑමයි "

    "ඕශා භූශා,,,, ඕශා භූශා මැජික් එකකින් අපේ මල්ලිට කැමතිම දෙයක් මං ගෙනත් දෙනව දෙනවා... ආ... මා සමග ආවෝ....ඕ ඕ... ත් .............. එනවද ? "

    "හා මොනාද ?"

    "ඕශා භූශා ඕශා භූශා,,,, මල්ලීට සුදු නැන්දා ගෙනත් දෙමි... ඊ...ඊ ............. එනවද ? ආවෙ නැත්නම් ඉතිං අද අපි දෙන්න විතරයි ... පව් ඔයාට පාලුවෙ ඉන්න වෙයි.. මාත් ඉස්කෝලෙ යනවනෙ... "

    ane maru! matath hitiya nam malliyek.

    ammata ohoma vei kiyala hithuna.eeth.. oya oya tharam sanvedeeva liyai kiyala hithuve nehe.

    ReplyDelete
    Replies
    1. ඔව් මල්ලිල ඉන්නවනම් හරිම ජොලි තමා... මටම කියල නැතත් මගෙ පුංචිලාගෙ මල්ලිල සෙට් එකක් ඉන්නව.. මගෙ බබාටත් වඩා පොඩි මල්ලිල ඉන්නව මට ,...

      සංවේදී කොටසක් ඒ ආකාරයෙන් ඉස්මතු කිරීමට ගත්තු උත්සාහය සාර්ථක වෙලා කියල මට හිතෙනව කමෙන්ට්ස් බැලුවම.. තෑන්ක්ස් නංගා ............

      Delete
  6. අම්මෝ මම මේ කතාව කියවන එක ප්‍රශ්නයක්නේ... මගේ ඔලුව විකාර වෙනවා. :(((

    ReplyDelete
  7. ඉක්මනට යන්න ඕන හරියක් මේ..

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....