Wednesday, January 18, 2012

නූරි --- 4

නූරි -- 1
නූරි -- 2
නූරි -- 3

වෙනදාට වඩා ඉක්මණින් පාසැලට යන්නට නූරිට උවමනා වී තිබිණි. ඊයේ පාසලේ මිතුරු මිතුරියන් රෝහලට ගිය විට ගුරුතුමන් මොනවා කිව්වාදැයි දැනගන්නාතුරු ඈට ඉවසිල්ලක් නොවීය.

" ගුඩ් මෝනින් ... "
තාම නම වත් හරි හැටි මතක නොමැති උවත් පන්තියේ මිතුරියක් දු‍ටුව විගස ඈ කිව්වාය..

"හායි ගුඩ් මෝනින් නූරි ...  ඊයෙට හරි යන්න අද කලින් ද ?"

"හිහිහ් ,, ඊයෙනම් ලේට් තමයි .. දන්නැද්ද බස් .. ඊටත් තාම පුරුදු නෑ හරියට ... "

"අපෝ ඔව් අප්ප.. උදේට බස් නම් එපා වෙනව ... මං ස්කූල් බස් එක අල්ල ගන්න බැරි වුනොත් එදාට ගෙදර නවතිනව .. ඒක සැපයි .. "

මිතුරිය මොනවා පැවසුවද නූරිට ගාණක් නොවුනි.. ඈට අවශ්ය දේට මාතෘකාව හරවා ගන්න බැරුව නූරි වේදනා වින්දාය ..

"ඒක නෙවෙයි ... " 
"ඇයි නූරි ... "
"නැහ්.. මේ ඕගොල්ලො ඊයෙ අර සර්ව බලන්න ගියානේද ? "
"අනේ ඔව් නූරි අපි ගොඩ දෙනෙක් ගියා . සර්ට දැන් හොදයි හෙට විතර ටිකට් කපයි  කිව්ව .. "
"අහ් එහෙනම් හොදයි නේද ?"
"ඔව් අනේ වෙන කවුරු ‍ෆිසික්ස් කලත් ගොඩ දෙනෙකුට සර් වගේ අල්ලන් නෑ... "

...නූරි ඈත ඈත බලාගෙන සිටියාය. මලින් මල නොකඩවා බිම දමන රොබරෝසියා ගස්වල ලස්සන බලන්නට ඇයට හැකි වූයේ අදයි .. කොච්චර අතුගෑවත් වැඩක් නැති නිසා රොබරෝසියා ගස් යට අතු ගාන්නේ නැතුව ඇතැයි ඈ සිතුවාය .

"ඈතින් ඈතින් පාවී එන්නේ ............. කවුද ? නූරි  ......... පුහ්හ්හ්". .. මිතිලා ලගටම ඇවිත් නූරිගෙ කනට පිම්බාය...

"පිස්සුද ? මගෙ කන .. ගුඩ් මෝනින් මිතිල."

"ගුඩ් මෝනින් ............ මොකෝ කලින් ඇවිල්ල ? "

"එහෙම තමයි හොද ලමයි ...... "

"ඊයේ මොකෝ උනේ ... ඉස්පිරිතාලෙ ගියාද ?"

"අනේ ඔව් .. පේන්නෙනම් හොදයි වගේ .. ඒත් මොනාදො තව රිපෝට් වගයක් එනකන් ඉන්න වෙනවලු ... ඉස්කෝලෙ එනකොට ලබන සතියවත් වෙයි කිව්ව ............ පව් බන් සර්ගෙ මුලු අතම වෙලල .... ."

"අනේ ඇත්තට ... මාර පව් තමයි .. "

"අපි යනකොට සර්ගෙ අම්මල එහෙමත් ඇවිත් හිටිය ... ඒක නෙවෙයි නූරි ... "

"ඇ ඇයි මොකෝ ?"

"සර් ඔයාව ඔ‍ෆිස් එකේදි දැකල තියෙනව ... සර් ඇහුව අලුත් ලමයෙක් පන්තියට ආව නේද කියල "

"නැහ් ... ?? ඉතින්  වෙන මොනාද කිව්වෙ ?? "
සර් ඇයව දැක්කේ පන්තියේදීවත් ඔ‍ෆිස් එකේදීවත් නොව කමිසයම ලෙයින් තෙත්ව සිටියදී හදිසි අනතුරු අංශයේදීය .... ඈ සිතුවා නිවැරදිය.. ඔහුට හොදට මතක තිබී ඇත.

"වෙන මොකුත් කිව්වෙ නෑ.. ඇයි වෙන මොනාහරි සර් උබට කියන්න ඕනෙද ඈ ??"
"හිකිස් ..."

**********************************
නව පාසැල පිලිබද ලමෝ විවිද අර්ථ කථන දුන්නෝය. "අර සර් මෙහෙමයි මේ මැඩම් මෙහෙමයි ... අපෝ එයාද ? එයානම් එපා කෙමිස්ට්‍රි කනව ඒ සර්නම් ... " ලමෝ ගෙනා විවිද නිර්වචන සමගින් දින කිහිපයක් ඔහේ ගෙමින් යමින් තිබිණි. උග්‍ර ගුරු හිගය නිසා කලින් පාසලේදී ආවරණය කර ගැනීමට නොහැකිව තිබුනු විශය කොටස් සම්පූර්ණ කරගැනීමට අලුත් මිතුරියන්ද , මිතුරන්ද නූරිට සහය දුන්හ. හදිසි අනතුර නිසා නිවාඩු ගොස් සිටි භෞතික විද්යා ගුරුතුමාගේ කාල පරිච්චේදය වෙනත් ගුරුතුමෙක්ගේ යටතට පත්විණි.  භාග්යා, යොහාන්, නවාංජනා, පියුමි, කල්ප, දිලිනි සමගින් මිතිලා නූරිට වඩාත් සමීප යහලු යෙහෙලියන් බවට පත්විණි.

පාසැල පිලිබද තතු මෙසේ වෙද්දී නූරිගේ නිවහනේද විවිද වෙනස්කම්වලට භාජනය වෙමින් තිබිණි. ගමේදීනම් ලග කඩයට, තැපැල් කාර්යාලයට ගිය අම්මා මෙහිදී එය සම්පූර්ණයැන්ම වර්ජනය කරන්නට වූවාය. වර්ජිත සියලු වැඩ ස්ව කැමත්තෙන්ම අප්පච්චී භාරගත් හෙයින් ප්‍රශ්නයක්ද නොවීය, එන වසරේ පාසැලට ඇතුල් කිරීමට නියමිත නූරිගේ එකම කුඩා සහෝදරයාගේ මගහැරුනු මොන්ටිසෝරිය කිරීම උදෙසා අම්මාට උදේ වරුවම ගතවිය, නූරිට නව පාසැල හොද වූවාසේම අප්පච්චීටද නව රාජකාරි ස්ථානය යහපත් වීම පවුලේ කාටත් සතුටක් ගෙන දුනි.

සියල්ල මෙසේ සිදු වෙද්දී සති දෙකක නිවාඩුව අහවර කරමින් භෞතික විද්යා ගුරුතුමා නැවත පන්තියට පැමිණියේය.

**************************

"ආහ් මං නැති අතරේ තමුසෙලාට හොද නිවාඩුව නේද ?
කවුද ආවෙ පහුගිය දවස්වල ? කෝ ගන්නව පොත ... මොකක්ද ? දෝලන හා තරංග ?? ඉවර කලා ? තාපය ? අපි කර කර හිටියෙ තාපයනෙ ලමයි ... අනේ අනේ ... හා කමක් නෑ ගැටලුවක් තිබුනොත් ආයි බලමු ,,.

එහෙනම් පටන් ගමු ලමා.....යි ලියාගන්න ලොකු අකුරින්  .... මාත්....රුකාව .... විද්යුතය ... ... අන්තිම පාඩම් කලින් කරල හිටියම ලේසි පස්සට .... "


පන්තියම මීක් ශබ්දයක් නැතිව වැඩය.. පහලට ඉරි වැ‍ටුනු ලා දුබුරු පැහැ කමිසය සර්ට හොදින් ගැලපෙන්නේ යැයි නූරි සිතුවාය. මොකට ‍රැව්ල වැව්වද මන්ද ... 

"උහ්"

"මනෝ ලෝකෙන් බැහැපං" දිලිනි රහිසින් මෙන් කෙදිරුවාය.

"සර්ගෙ හැඩ බැලුව ... "

"පොත බලපන් ...සර් සැරයි ඕවට "

ලමයින් කොයිතරම් සිතුවත් ගුරුවරුන්ගෙ කනින් රින්ගීම එතරම් පහසු නැත, මිතුරියන් දෙදෙනාගෙ කෙදිරිල්ල ගුරුතුමන් දු‍ටුවේය.

"දිලිනි මොකද කු‍ටු කු‍ටු ගාන්නේ ... ? මොකද අලුත් ලමය දිලිනිට අහගෙන ඉන්න බාධා කරනවද ?  "

පොලව පලාගෙන යා ඇත්නම් හොදය යැයි නූරි සිතුවාය. ලද ඇසිල්ලේ මේ පහර ගැසුවේ අනතුර වෙනුවෙන් පලිය යැයි ඈට සිතිනි..

"නැහ් සර් නැහ් ... මේ ... නැහ් "

"මේ ලමයො... පාඩමක් කරනකොට ඒකට කරන ලොකුම උදව්ව තමයි නිස්සද්දව අහගෙන ඉන්න එක.. අනිත් ලමයින්ට භාදා නොකර... දැන්වත් හරියට අහගෙන ඉන්නව.. ඔය අලුතින් ආපු ලමයට මන් කියන්නේ ... ඉස්සර මොන ඉස්කෝලෙ ගියත් ඒ ඉස්කෝලෙ මොන විදියට හිටියත් ... මේ ඉස්කෝලෙ මගෙ පන්තියෙදි මීක් බැහැ, ප්‍රශ්නයක් ඇතෙයිනම් මගෙන් අහන්න පුලුවන්.. මං මෙච්චර අමාරුවෙන් ඇවිත් උගන්නනව.. මුන්ට ගානක්වත් නෑ..."

තමන් කල වරද නූරිට අවබෝධ විණි. තවත් මොහොතක්වත් පමානොවී ඇය පාඩමට කන් දුන්නාය. .............

13 comments:

  1. හි හි මමත් අලුත් ඉස්කෝලෙට ගිය දවසෙ ඔයි ටිකම අහගත්ත ටීචර්ගෙන්..හොඳ වෙලාවට ඉතින් ඒකෙනම් පිරිමි ළමයි නෑ..


    ඔයා කතාව ලස්සනට ලියනවා ..සුබ පැතුම් යාලු..

    ReplyDelete
  2. හ්ම්ම් මිනිහා වසයි වගේ...

    කතාව ලස්සනට ගලාගන යනවා...ඉතිරිය එනකම් බලා සිටිමි...

    ReplyDelete
  3. සැර සර්.. නූරී පාඩම හැමදාම අහගෙන ඉදීද..

    සුබ පැතුම්...

    ReplyDelete
  4. ෂා නියමයි හරිම ලස්සනට ලියනවා තාම හිතාගන්න බෑ කතාව කොයි පැත්තට පෙරලෙයිද කියලා ඔහොම යං සුන්දර කතාවක් වෙන්නයි යන්නේ ජය වේවා ඉතිරිය එනකන් මග බලාගෙන ඉඳිමි මමත්

    ReplyDelete
  5. අම්මෝ අ සර් හරි සැරයිනේ බය හිතෙනවා. කොහෙද මෙච්චරකල් ගිහිල්ල හිටියේ.

    ReplyDelete
  6. @ සිත් රූ : ඔය බාලිකා පාසල්වල වගෙ නෙවෙයි මිශ්‍ර පාසල් වල ඔහොම නෝන්ඩි වුනාම ඉදල ඉවරයි ... ස්තුතියි ලස්සනයි කිව්වාට ...

    @ සෙන්නා : හ්ම්ම්ම් ... ස්තුති සෙන්නා.. ලස්සනට ගලාගෙන යනවැයි කිව්වම සතු‍ටු වුනා..

    @ සෑම් ... ස්තුතියි පැමිණීමට ... ආහ් අපි බලමුකො..

    @ ගැමියා : හලෝ මලය ඒකනේ අපි බලමු ,...

    @ අසරණය : හ්ම්ම් .... හපෝ ඔයා කිව්වා වගේම මම හරිම බිසී පහුගිය දවස්වල... මේ කොටස ටයිප් කරගන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ.. දැන්නම් ‍ෆ්‍රී වගෙ ...

    ReplyDelete
  7. මේ කතාවෙ සර්ට දෙන්න තිබ්බෙ ' ජීව විද්‍යාව ' සබ්ජෙක්ට් එක

    ReplyDelete
  8. @ ඔබා මාමා: අපෝ වෙලාවට එහෙම නොදුන්නෙ නේද ? හිහි .. තෑන්ක්ස් කමෙන්ට් එකට

    @ වර්ශා : සාදරයෙන් පිලිගන්නව මල් මිටියාවතට ..... කියවන්න කට්ටිය ඉන්නවනම් ලියන්න හිතෙනව. ..

    ReplyDelete
  9. අම්මෝ සර් ගේ වස :/

    ReplyDelete
  10. ලස්සන කතාවක්.. ඊළඟ කොටසත් ලියනකල් අසාවෙන් බලාගෙන ඉන්නවා..
    සුබ පැතුම් යාළු.. :)

    ReplyDelete
  11. @ නන්දු : තෑන්ක්ස් නන්දු, නූරි 5, 6 දැම්මා....

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....