Friday, January 6, 2012

කෘෂිකර්ම පාඩම

බ්ලොග් එකකට කියන්න තුන් හිතකවත් තිබ්බෙ නැති කතාවක් මතක් උනා මියුරු අක්කගෙ පොස්ට් එකක් නිසා....
මෙන්න ඒ කතාව ......

අපි කාටත් 9 වසරෙදි තාක්ශණ විශයක් හදාරන්න වෙනවනේ ඒ කාලෙ... ඉතින් ඕකට අපි කලේ කෘශිකර්මය . සමහර ලමයි ගෘහ විද්යාව, මෝටර් මිකැනික්ස් ... ඔය වගේ ...
කෘශිකර්මය කල සර්ව නම් අපි කාටවත් හරි ගියෙ නෑ... සර් හැම වෙලේම නිකන් නිදි මතේ වගෙ උන්නෙ... කෘශිකර්මය තියෙනකොට ඉතින් ඩබල් පීරියඩ් තියෙනව ප්‍රැක්ටිකල් වලටත් වෙලාව ඕනෙ නිසා .... ඔය සර්ගෙ මුල්ම පාඩම උනේ එලවලු පාත්තියක් දැමීම...  සති තුනක් විතර යනකම් එලවලු පාත්තිය දැම්මා ....
ඊලග පාඩම උනේ පලතුරු වත්තක්ද කොහෙද... ඔන්න ඔය පලතුරු වත්ත තමයි මේ පෝස්ට් එකේ මාතෘකාව........

ඉතින් සර් අපිට කෘශිකර්මෙ කරන ලමයින්ට කිව්වා අඹ ඇට  විසි පහක් (25ක්) ගේන්න කියල .. ලමයි හිටිය 30 ක් විතර.. අඹ ඇට ගෙනාවොත් 750ක් නෙ.. අපි කතා උනා ඔය හැටි මොකටද කියලත් ...

"විසි පහක් ...... ඇයි සර් එච්චර ...... ??? ".

සර්ටත් එතකොට දෙන්න උත්තර නැතුව වෙන්නති මෙහෙම කිව්වා ...

"ලමයි අඹ ඇට ප්‍රරෝහණය වීම ප්‍රතිශතයක් ලෙස අඩුයි .... හරි කමක් නෑ ඔය ගොල්ලන්ට අඹ ඇට හොයාගන්න අමාරුයි නම් වෙන විකල්පයක් දෙන්නම් මම .........."

"අනේ සර් ... ඔව් වෙන මොකක්හරි කියන්න ...... අපි හොස්ටල් එකේ.. අපිට හොයන්න විදියක් නෑ... මේට්‍රන්  මැඩම් එලියට යන්න දෙන්නෙ නෑ ... "
හොස්ටල් එකේ නතර වෙලා උන්නු උන් ගෙන් බලවත් විරොදය ආවා...

දැන් කාටත් ඕන උනේ ඒ විකල්පෙට යන්න ..... මොකද අඹ ඇට විසි පහක් හොයන්න පුලුවන් කාටද ? කඩෙන් ගත්තත් දවස් 3 ක් ඇතුලත 25 ක් අරගෙන කාල ඇට ටික ගේන්න ඕනෙ . අපි ඔක්කොම සර්ගෙ විකල්පෙ මත බලාපොරොත්තු තියාගෙන සර් දිහා බලාගෙන ....

"තමුසෙලාට අඹ ඇට 25 ක් ගේන්න බැරිනම් ගේනව අඹ ගෙඩි 10 ක් ..."

අනේ අපේ සර් ගෙ හැටි ........ අපි හැම එකාම හිනා වෙන්න ගත්තා...  සර්ගෙ පවුලෙ කට්ටිය රස කර කර අඹ කන හැටි මට මැවි මැවි පෙනෙන්න ගත්තා .....

"බෑ... බෑ සර් 10 ක් බෑ ... "

"තමුසෙලාට අඹ ඇට 25 ක් ගේන්න කිව්වාම ඒකත් බෑ...  ඒ වෙනුවට අඹ ගෙඩි 10 ක් ගේන්න කිව්වම ඒකත් බෑ ... අනෙ ඇත්තට ... හරි එහෙනම් 5 ක් ගේනවලකො .."

උන්නු හැටියට මලා මදිද වගේ අපි හැමෝම කට වහගත්තා ....

හැමෝම ට්‍රයි කලේ අඹ ඇටම ගේන්න... වෙන මොකටද ඉතින් පෙරේතකමට තමයි

දවස් තුනක් විතර තිබුනු නිසා මට නම් පුලුවන් උනේ අපෙ වත්තෙයි , එහා වතු කීපෙකයි ඇවිදල අඹ ඇට 12ක් හොයාගන්න විතරයි ................ ඒ ගාන කොහොමටත් මට මදි ... හොස්ටල් හිටපු මගේ යාලුවො දෙන්නටත් හරියන්න මගේ ටාගට් එක වෙලා තිබුනේ 75ක් . ...

හොයාගන්න බැරි වෙනකොට මමනම් පොලෙන් ගෙනත් ඉස්කෝලෙට අරන් ගියා...  අර අමාරුවෙන් හොයාගත්තු 15 ක් විතරත් අරගෙන ගියා යලුවොන්ට.. එයාලත් හොස්ටල් එකේ වත්තෙන් කීපයක් හොයාගෙන හිටියා,... මගේ අඹ ගෙඩි 5 යි ,, තව ඔක්කොම අඹ ඇට 20ක් විතර තියාගෙන අපි පීරියඩ් එකට ක්ශේත්‍රයට ගියා ......... පීරියඩ් කට් කරන්න එහෙම දන්නෙ නෑ ඒ දවස්වල... කොච්චර එපා උනත් ඉගෙනගන්න ඕනෙ කියන මට්ටමේ ගොඩක් ලමයි හිටියෙ ..........

සර් අපිව වර්ග කලා කුලක දෙකකට...... හිකිස්............
අඹ ගෙනාපු ලමයි
අඹ නොගෙනාපු  ලමයි ..

ඊලගට
අඹ ගෙඩි ගෙනාපු ලමයි
අඹ ඇට ගෙනාපු ලම්යි ......

ඊලගට අඹ නොගෙනාපු ලමයින්ට බැන්නා හොදටම....
ඒ බනින වෙලාවෙ තමා අපි දැක්කෙ සමහර මෝඩ කෙල්ලො කොල්ලො ගෙනල්ල ලොකු කර්ත කොලම්බන් අඹ ..... සර්ට ...... අනේ මෝඩ යක්කු ..........  ... උන් හිතන්න ඇති සර් ඒව අපි හැමෝම එක්ක කයි කියල....
ඉතින් මමනම් ගෙනිච්චෙ පොලෙන් අඹ (පොඩිම පොඩි ඒවා) ...
ඊටත් පස්සෙ සර් එක එක ලමය ලගට ගිහින් එක එක්කෙනා ගෙනත් තිබුනු අඹ මලු දිහා බලල , කර්ත කොලොම්බන් ගෙනාපු අයට හයියෙන් "හොදයි " එහෙමත් කියල ... අඩුවෙන් ගෙනාව කියල මගේ යාලුවො දෙන්නටත් එහෙම කල අනිත් උන්ටත්  බැනල ...  මටයි මගේ යාලුවො දෙන්නටයි කිව්ව අඹ ටික එකතු කරල සර්ගෙ ගෙදරින් ගිහින් තියන්න කියල ...  කට්ටියටම කරගන්න දෙයක් නෑ .. දැන් ගෙනාපු ටික ආයෙ ගෙනියන්නයැ .... තම තමන් හිටගෙන හිටපු තැන තමන් ගෙනාපු අඹ මල්ල හලල තිබුනෙ...

"හා තමුසෙල 3 දෙන ගිහිල්ල මේක ගෙදරින් තියල එනව කිව්ව .. අනිත් ලමයි යන් මේව හිටවන්න " කිව්ව ..

අපිත් ඉතින් දෙන්නම් බැස්ටිය කියල ටස් ගාල ඒ හරියෙම තිබිච්චි ලොකු පොහොර උරයක් අරගෙන අඹ ගෙඩි ටික දාල ගත්ත.. කොල්ලො ඉරිසියාවෙන් අපි දිහා බලන් හිටියෙ........ සර්ගෙ ගෙදරට ඒ හැටි දුරක් නෑ .. අපි අඹ මල්ල අමාරුවෙන් උස්සගෙන ඉස්කෝල ගේට්‍ටුවෙන් එලියට එනකොට සිකියුරිටි අන්කල් හිනාවෙවී බලන් හිටියා.. සර්ගෙ ගෙදරට වංගු දෙකයි.... අපි කතාඋනා අඹ හොරකම් කරන්න ...

"එකක් ගමු . " ඒ දිලූශි
"අපෝ බෑ ඔය සර් ගනන් කලාද දන්නෑනෙ කීයක් තිබ්බද කියල ..." ඒ සංජනා
"නැහ් ... ඔච්චර ඉක්මනට මං හිතන් නෑ"

"එකක් ගමු .. ලොකු එකක් අර අනෝම ගෙනාපුවගෙන් එකම් එකක් ගමු "
"බැ එකෙන් ගත්තොත් අහුවෙනව.. ඒව තමා ලොකුම ඒව.. ඒ ගෙඩි පහෙන් එකක් අඩු වුනු ගමන් සර් දන්නව අපි කියල ....... "
"නුවන් ගෙනාවෙ විලාඩ් ... ඒකෙනුත් බෑ"
"අනේ හලෝ එතකොට අපිට කන්න වෙන්නෙ කොහු අඹද ?"

අපි කතා වෙවී එනකොට සර්ගෙ නෝනයි පොඩි දුවයි ගෙදර ගේට්‍ටුව ලගම ,...
"මැඩම් මේක සර් දෙන්න කිව්ව"
කියපු අපි අඹ මල්ල එතැනින් තියල දුවගෙන සර්රුයි ලමයිනුයි අඹ ඇට හිටවපු තැනට ආව ...........

ප: ලි : සම්පූර්ණ සත්ය සිදුවීමකි.....

10 comments:

  1. pal horekne)... sar kaarayaa.... ahi\nsaka Lamayinwa suuran kanne).... ??

    ReplyDelete
  2. අම්මප මුං වගේ ගුරුහොරු

    ReplyDelete
  3. මෙන්න ආදර්ශමත් ගුරුවරු..

    ReplyDelete
  4. කෝ මේකට දාපු කොමෙන්ට් එක?

    ReplyDelete
  5. මම නම් කෘෂිකර්මය කලේ නෑ ඒ වෙනුවට IT කලේ හැමදාම ලැබ් එකට යනකොට අපේ පන්තියේ අනික් එවුන් අපේ ඇග්‍රි සර්(කෘමියා) එක්ක වගා කරනවා.කොහොමහරි කාලයක් යද්දි හිටවලා තිබුනු ඒවාගෙන් පලදාව නෙලාගෙන ත්‍රිවීල් එකකට දාගෙන ගෙදර අරන් ගියා කියලා ආරංචියි...

    ක්‍රිකට් ටීම් එකේ කොල්ලෝ සෙට් එක කෙහෙල් කැනක් කපලා හොරෙන් විකුනන්න ගියාම ඉදිලා මදි කියලා අරගෙන නෑ අන්තිමේදි උන් ආයේ ඉස්කෝලෙට කෙහෙල් කැන අරන් ඇවිත් මාට්ටු කෙහෙල් කැන් ඉස්සුවා කියලා.පස්සේ උන්ට කෙහෙල් හිටවන්නත් උනා හි හි...මොනා උනත් පලදාව සර්ට

    ReplyDelete
  6. අයියෝ.. කෘෂිකර්ම පාඩම.. :D

    ReplyDelete
  7. // කොච්චර එපා උනත් ඉගෙනගන්න ඕනෙ කියන මට්ටමේ ගොඩක් ලමයි හිටියෙ // එහෙමත් ළමයි ඉන්නවද? :D

    ReplyDelete
  8. @ සෙන්නා : ඔව් අනේ ඒ සර් ගෙ ඔය වගේ කතා නම් ගොඩායි... ලමයිව සූරගෙන කෑවා..

    @ ඔබා මාමා : ඒකනේ.... තවත් එකක් .... ගුරු හොරාගෙ නෝනාත් ගුරු හෙරක්.

    @ අනේ මේ නිකන් ඉන්න... හරි ආදර්ශමත් .... :)

    @ ගැමියා : මල්ලිටත් මාර කතා තමයි නේද තියෙන්නෙ... අපෙ ඉස්කෝලෙත් සර්ට කිව්වෙ කෘමියා කියල.... ඇත්තට මට හිතෙනවා මේ ගැමියගෙ ඉස්කෝලෙ පොඩ්ඩක් හොයා බලන්න....

    @ නන්දු : ඒකනෙ නන්දු ... ඔන්න ඔහොමයි අපි කෘශිකර්මය ඉගෙනගත්තේ...

    @ මුහුදු : // කොච්චර එපා උනත් ඉගෙනගන්න ඕනෙ කියන මට්ටමේ ගොඩක් ලමයි හිටියෙ // එහෙමත් ළමයි ඉන්නවද? :ඪ්

    මේ ඇත්තටමයි මම එහෙම කිව්වෙ.... ඔය දැන් ලමයි වගේ නෙවේ අපි හරිද !! ස්තූතියි පැමිණීමට........

    ReplyDelete
  9. සර්ට වඩා හොර ගෝලයෝ...

    ආවමයි මේ පැත්තේ ඉතරියත් බලමි..

    ReplyDelete
  10. හොරුන්ගෙත් හොරු කම්බ හොරු :D

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....