ඉස්සර කාලේ එකමත් එක රටක අමුතුම ගමක් තිබුණා. මේ ගමේ නායකයා තමන්ව හමුවීමට එන මිනිසුන් ගනන අඩුකිරීමට කූට උපක්රමයක් යෙදුවා. ගමේ නායකයාගේ ගෙදරට යන තැන පාලමකුත් පාලමින් එගොඩ වූ විට පාරවල් දෙකකුත් තිබුණා. මොහු මොහුගේ ගමේ සිටි නිවුන් සහෝදරවරු දෙදෙනෙක් ගෙන්වා ගත්තා. නිවුන් සොයුරෝ උවත් මොවුන්ගෙන් එකෙක් ඇත්තම පවසන අතර අනෙකා සෑම දෙයටම බොරු කියන්නෙක්. විහිලුවටවත් මොවුන්ගෙ ප්රතිපත්ති වෙනස් වන්නේ නැතිලු. පාලම මුර කිරීම මේ දෙදෙනා මාරුවෙන් මාරුවට කරගෙන ගියා. ගමේ මිනිසුන් මොවුන්ගේ ඇත්ත කීම බොරු කීම ගැන දැනගත්තත් දෙදෙනා වෙන්කර හදුනාගැනීමට අපොහොසත්. ඔවුන් ඉතා අපහසුතාවයට පත් උනා. නමුත් මේ කරදරය ඉවසාගන්නට බැරි විට එක් අයෙක් හොදින් කල්පනා කොට මේ ප්රශ්නයට විසදුමක් ගෙනාව. පාලම මුර කිරීමට සිටින කෙනා ඇත්ත කියන්නා වුවත් බොරු කියන්නා වුවත් ඔහුගෙන් අහන එක ම එක ප්රශ්නයෙන් නිවැරදි පාර ගැන ඔත්තුව ලබාගන්නට හැකි වූවා..
ඉතින් මං ඔයාලගෙන් අහන්නේ මොකක්ද ඒ බුද්ධිමත් පුද්ගලයා අහපු ප්රශ්නය ??
----- සැ. යු. 1. මුරකරුගෙන් ඇසිය හැක්කේ එක් ප්රශ්නයක් පමණි.
2. නායකයා හමුවීමට එන මිනිසුන් නායකයාගේ නිවසට යා යුතු පාර පිළිබදව කිසිත් නොදනී ... එකම මාර්ගය මුරකරුගෙන් ඇසීම පමණි.
දැන් කාලේ නම් සිම්පල්.. පාර කියනවද නැත්නම් සුදු වෑන් එකේ ....කියල කියනකොට බොරු කියන එකයි ඇත්ත කියන එකයි දෙන්නම හරි පාර කියනවා.
ReplyDeleteහිහ්.. ඔව් ඔව් දැන්නම් එහෙම තමයි .. ඔක්කොම ප්රතිපත්ති ඉවරයි එහෙම කිව්වම...
Deleteවිහිලුවටවත් ප්රතිපත්ති වෙනස් වන්නේ නැති උදවියට අද කාලේ ගල් බෝතලයක් අරන් දුන්නොත් ප්රතිපත්ති කියන්නේ මොනවද කියල අපෙන් අහයි
ReplyDeleteඅද කාලෙ නම් එහෙම තම්යි ... නමුත් ඉස්සර කාලෙ වෙනස් ඇති...
Deleteම්ම්..මට නම් හිතාගන්න බැහැ..:P
ReplyDelete:(
Deleteගමේ නායකයගෙ ගෙදර යන පාර මොකක්ද කියල ඇහැව්වොත් ඔබේ අනෙක් සහෝදරයා පෙන්වන පාර මොකක්ද?
ReplyDelete(එම පාර මගහැර අනෙක් පාර තෝරා ගන්න)
නිවැරදි පිලිතුර ... ස්තුතියි ...
Delete'හරි පාර මොකක්ද කියලා අනිත් කෙනාගෙන් ඇහුවොත් එයා මොකද කියන්නේ' කියා ඇහුවනම් හරි. එවිට නිවැරිදි පාර වන්නේ ලැබෙන පිළිතුර නොව අනිත් පාර වේ.
ReplyDeleteනිවැරදි පිලිතුර ... ස්තුතියි ..
Deleteපොඩි කේස් එකක්. උ.පෙල. තාර්කික ද්වාර වලිනුත් ඔප්පු කරන්න පුළුවන්. හැබැයි කියන්නෙ නෑ.:)
ReplyDeleteහෙහ් පොඩි කේස් එකක් තම්යි...
Deleteරාජ් කොලුවා NAND ද?, NOR Gateද? දාන්ට යන්නේ. :)
Deleteමට මතකයි අපි සුට්ටි කාලේ අපේ අයිය මේ පුරස්නෙන් අපට වැඩ දැම්ම.
අපොයි ඔළුවත් කැරකෙන්න වගේ මේක හිතන්න ගිහින්. බීලා විසදන්න ඕන තේර විල්ලක් වගේ. :P
ReplyDelete:( හා හා බට්ටියෙ මේක විසදන්න බොන්න යන්න එපා ... උත්තරේ ලැබුණා
Deleteමොකද්ද උත්තරේ. කියන්නකෝ ඉතිං.
Deleteඑක්කෙනෙක්ගෙන් අහනවා....
ReplyDelete"හරි පාර මොකක්ද කියල ඇහුවොත් අනිත් එක්කෙනා පෙන්නන්නේ මොන පාරද කියලා "
අනේ මගේ මොලේ නෙමෙයි මේක මාත් කලින් අහල තියෙනවා..
නිවැරදි පිලිතුර .. ස්තුතියි ...
Deleteහෙහ් මම දන්නවා මේක කලින් අහපු එකක් තමයි කියල... නැත්නම් ඕක ලේසියෙන් තෝරන්න බෑ ...
රාජ්ය සේවය පිණිසයි ලියන අයගෙනුත් , ෆැන්ටසි ගෙනුත් ඇනෝ කෙනෙකුත් නිවැරදි පිලිතුර ලබා දුන්නා... ස්තූතියි ඔබ තිදෙනාට ....
ReplyDeleteමා විශ්වාස කරනවා මේ තේරවිල්ල මීට කලින් මොවුන් අසා ඇති බවට.. නැත්නම් මේක විසදීමට ටිකක් අමාරු බවයි මගේ අදහස... ඒ නිසා තව ස්වල්ප වේලාවක් අනිත් අයටත් මහන්සි වෙන්න වෙලාව දී ඒ පිළිතුර පබ්ලිශ් කරන්නම්...
ස්තුති ...
බොරු කියන එකකෙනයි ඇත්ත කියන එක්කෙනයි දෙන්නම පැත්තකට දාලා දැන් නම් මම ඔයාව ගගේ ඔබනවා.
Deleteමම හිතන්නේ එයා දෙන්නගෙන් ඕනෙම සහෝදරයෙක් ලගට ගිහින් අහයි "මම ඔයාගේ සහෝදරයාගෙන් හරි පාර ඇහුවොත් එයා දෙන උත්තරය මොකක්ද " කියලා.
ReplyDeleteඑතකොට ලැබෙන උත්තර -
බොරු කියන කෙනා - හැමවෙලේම බොරු කියන නිසා ඇත්ත සහෝදරයා පෙන්වන ඇත්ත පාර වෙනුවට බොරු පාර පෙන්වනවා.
ඇත්ත කියන කෙනා - තමන්ගේ සහෝදරයා හැම වෙලේම බොරු කියන බව දැනගෙන එයා පෙන්වන බොරු පාර පෙන්වලා දෙනවා.
ඒ නිසා කවුරු උත්තරේ දුන්නත් ඒ පාරේ නැතුව අනික් පාරේ ගියානම් හරි :)
නිවැරදි & පැහැදිලියි ....... ස්තුතියි ...
Deleteරජතුමා ඇතුලෙ නැත්තෙ නැහැ නේද ?
ReplyDeleteමට මතක නැහැ නොවැ !
රජතුමා ?? හෙහ්... හරි කමක් නෑ කවුරුහරි ඉතිං...........
Deleteමං කියන්නේ නැහැ.එහෙම කිචුවොත් කට්ටිය හිතන්නේ නැතිව යනවා නේ.
ReplyDeleteඅපි මුලින්ම පාරවල් දෙක නම් කරගෙන ඉමු. එතකොට ලේසි
ReplyDeleteA - නිවැරදි පාර
B - වැරදි පාර
ඉන්නේ දෙන්නගෙන් කවුරු උනත් එයාගෙන් අහනවා මෙන්න මේ ප්රශනය.
මම අනිත් මුරකාරයාගෙන් ඇහුවොත් හරි පාර මොකක්ද කියල එයා දෙනවා කියල හිතන උත්තරේ මොකක්ද ? අහල ඒ කියන පාරේ නැතුව අනික් එකේ යනවා
අපි දැන් මේක වෙන්නේ කොහොමද බලන්න මුරකාරයෝ දෙන්නව වෙන වෙනම අරගෙන බලමු ඒ ගොල්ලෝ දෙන උත්තරය.
1. ඇත්ත කියන කෙනාගේ උත්තරය - ඇත්ත කියන කෙනා ඇත්ත කියන නිසා එය අනිවාර්යෙන්ම දන්නවා අනික් එක්කෙනා කියන්නේ බොරු උත්තරය කියල. එතකොට ඇත්ත කියන කෙනාගේ උත්තරය තමයි B
2. බොරු කියන කෙනාගේ උත්තරය - බොරු කියන කෙනා බොරු කියන නිසා එය දෙන උත්තරය වෙන්නෙත් B , මොකද එය දන්නවා 1 මුරකාරයා ඇත්ත කියන කෙනා කියල. එතකොට මෙය බොරු කියන කෙනා හින්ද මෙය දෙන්නේ බොරු උත්තරය.
එතකොට අපි යන්න ඕනේ හරි පාර තමයි A
මම ඔයාල ගොඩක් අයගේ බ්ලොග් කියවනවා එත් මුල්ම comment එක දැම්මේ මේ post එකට.
ඔබට ඊළඟ වටයට යන්න ඉස්සෙල්ල මොනවහරි කියන්න තියෙනවද?
Deleteපැහැදිලි පිළිතුරක් ... ස්තුතියි ඔබට ........
Deleteමල් මිටියාවතට සාදරයෙන් පිළිගමි ...
හොරා මගේ කොමෙන්ට් ඒක දැම්මේ නෑ.
ReplyDeleteආහ් දැම්මා දැම්මා .. මේ අර ජයග්රාහී ඇනෝ වෙන්ටැති නේද ?
Deleteඅනේ මන්දා........... කම්පනාවට එන්නෙම නෑනෙ.
ReplyDeleteඔය කම්පනා කොලාට හිත වෙන දිහාක වෙන්ටැ !
Deleteමට කෝල් අ ෆ්රෙන්ඩ් ඔප්ෂන් ඒක දෙන්න පුලුවන්ද?
ReplyDeleteබෑ බෑ.. ඔයාට කෝල් අ ෆ්රෙන්ඩ් දුන්නත් ඔය යාලුවො විශ්වාස කරන්ට පුලුවන්ද ? කෙටිකාලීන බර අඩු කිරීම වගේ හොර උත්තරයක් දේවි... සැලෙන්න එපා යාලූ ... සිතන්න
Deleteසරි ලේසියි... ප්රශ්න දෙකයි අහන්නේ
ReplyDeleteහරිපාර කියනවද ? නැද්ද ?
හිහ් ..
Deleteඅනික් සහෝදරයා කියන්නෙ මොකද්ද කියලා අහන එක නේද? එතකොට හරි පාර ඒ කියන පාර නෙවේ අනිත් එක..
ReplyDelete//අනික් සහෝදරයා කියන්නෙ මොකද්ද කියලා අහන එක නේද?//
Deleteහෙහ්... මේ කොහෙ හරි පාරක් ගැන කියවිලා තියෙනවද ?
ස්තුති රූ
ආ..මාත් දන්නවා උත්තරේ...
ReplyDeleteඑයාගෙන් අහන්න ඕන "ඔයාගේ සහෝදරයා හරි පාර හැටියට මොන පාර පෙන්නාවිද" කියලා...
මේක කලින් අහල තියනවා. ඒ වෙලාවේ පැය භාගයක් විතර හිතලා විසඳ ගත්තේ...
ස්තුතියි සයුරි...
Deleteදෙන්නටම රුපියල් 500 ගානේ දුන්න නම් පාර පෙන්නනවා හරියටම.........
ReplyDeleteඋත්තරේ දීල ගොඩක් කල්නේ... එහෙනම් ෆලෝ පාර දාල මම යනවා...
ReplyDeleteපරක්කු වැඩියි වගේ...හෙහ්...හෙහ්..
ReplyDeleteඅහ්හ් උත්තරේ කියලා තියෙනවා නේද :ඩි (හොද වෙලාවට අම්මෝ)
ReplyDeleteඔයා කෝ.හොයාගන්නත් නැහැ නේ.
ReplyDeleteඒකතමයි අයියෙ බලන්නකෝ...අපිට දැන් පිකටින් එකෙක්වත් පටන් ගන්නවෙයි වගේ.....
Deleteමමත් පරක්කු වැඩියි වගේ.
ReplyDeleteසම්මානි අක්කේකේකේකේකේ....කෝ අනේ ඔයා.....
ReplyDeleteසමහරවිට ඔයා වැඩ ඇති නේද??? පුළු පුළුවන් වෙලාවට ඇවිත් ලියන්න...බ්ලොග් එක දාල යන්න එපා.....
මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
ReplyDeletehttp://wehimandarama.blogspot.com/
-වර්ෂා..
සම්මානි, මොකෝ සද්දේ වහලා.. කෝ නූරි ?
ReplyDeleteඔතන පොඩි අවුලක් තියෙනවා. බොරු කියන පුද්ගලයා "මට සහෝදරයෙක් නෑ!" කියල කිව්වොත් මොකද වෙන්නේ?
ReplyDeleteඑක ඇත්ත ප්රති පතති වෙනස් නොකරන නිසා ඒ යකා ටොම් පචයක් කිවුවොත් .......
Delete"Google Earth" theyanakal api kagen wath paarawal ahanne ne.
ReplyDeleteEla theravillak ah. Patta.....