Wednesday, February 15, 2012

පොඩි පහේ තේරවිල්ලක් ...

ඉස්සර කාලේ එකමත් එක රටක අමුතුම ගමක් තිබුණා. මේ ගමේ නායකයා තමන්ව හමුවීමට එන මිනිසුන් ගනන අඩුකිරීමට කූට උපක්‍රමයක් යෙදුවා. ගමේ නායකයාගේ ගෙදරට යන තැන පාලමකුත් පාලමින් එගොඩ වූ විට පාරවල් දෙකකුත් තිබුණා. මොහු මොහුගේ ගමේ සිටි නිවුන් සහෝදරවරු දෙදෙනෙක් ගෙන්වා ගත්තා. නිවුන් සොයුරෝ උවත් මොවුන්ගෙන් එකෙක් ඇත්තම පවසන අතර අනෙකා සෑම දෙයටම බොරු කියන්නෙක්. විහිලුවටවත් මොවුන්ගෙ ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැතිලු. පාලම මුර කිරීම මේ දෙදෙනා මාරුවෙන් මාරුවට කරගෙන ගියා. ගමේ මිනිසුන් මොවුන්ගේ ඇත්ත කීම බොරු කීම ගැන දැනගත්තත් දෙදෙනා වෙන්කර හදුනාගැනීමට අපොහොසත්. ඔවුන් ඉතා අපහසුතාවයට පත් උනා. නමුත් මේ කරදරය ඉවසාගන්නට බැරි විට එක් අයෙක් හොදින් කල්පනා කොට මේ ප්‍රශ්නයට විසදුමක් ගෙනාව. පාලම මුර කිරීමට සිටින කෙනා ඇත්ත කියන්නා වුවත් බොරු කියන්නා වුවත් ඔහුගෙන් අහන එක ම එක ප්‍රශ්නයෙන් නිවැරදි පාර ගැන ඔත්තුව ලබාගන්නට හැකි වූවා..
ඉතින් මං ඔයාලගෙන් අහන්නේ මොකක්ද ඒ බුද්ධිමත් පුද්ගලයා අහපු ප්‍රශ්නය ??

----- සැ. යු. 1. මුරකරුගෙන් ඇසිය හැක්කේ එක් ප්‍රශ්නයක් පමණි.
                   2. නායකයා හමුවීමට එන මිනිසුන් නායකයාගේ නිවසට යා යුතු පාර පිළිබදව කිසිත් නොදනී ... එකම මාර්ගය මුරකරුගෙන් ඇසීම පමණි.

53 comments:

  1. දැන් කාලේ නම් සිම්පල්.. පාර කියනවද නැත්නම් සුදු වෑන් එකේ ....කියල කියනකොට බොරු කියන එකයි ඇත්ත කියන එකයි දෙන්නම හරි පාර කියනවා.

    ReplyDelete
    Replies
    1. හිහ්.. ඔව් ඔව් දැන්නම් එහෙම තමයි .. ඔක්කොම ප්‍රතිපත්ති ඉවරයි එහෙම කිව්වම...

      Delete
  2. විහිලුවටවත් ප්‍රතිපත්ති වෙනස් වන්නේ නැති උදවියට අද කාලේ ගල් බෝතලයක් අරන් දුන්නොත් ප්‍රතිපත්ති කියන්නේ මොනවද කියල අපෙන් අහයි

    ReplyDelete
    Replies
    1. අද කාලෙ නම් එහෙම තම්යි ... නමුත් ඉස්සර කාලෙ වෙනස් ඇති...

      Delete
  3. ම්ම්..මට නම් හිතාගන්න බැහැ..:P

    ReplyDelete
  4. ගමේ නායකයගෙ ගෙදර යන පාර මොකක්ද කියල ඇහැව්වොත් ඔබේ අනෙක් සහෝදරයා පෙන්වන පාර මොකක්ද?
    (එම පාර මගහැර අනෙක් පාර තෝරා ගන්න)

    ReplyDelete
    Replies
    1. නිවැරදි පිලිතුර ... ස්තුතියි ...

      Delete
  5. 'හරි පාර මොකක්ද කියලා අනිත් කෙනාගෙන් ඇහුවොත් එයා මොකද කියන්නේ' කියා ඇහුවනම් හරි. එවිට නිවැරිදි පාර වන්නේ ලැබෙන පිළිතුර නොව අනිත් පාර වේ.

    ReplyDelete
    Replies
    1. නිවැරදි පිලිතුර ... ස්තුතියි ..

      Delete
  6. පොඩි කේස් එකක්. උ.පෙල. තාර්කික ද්වාර වලිනුත් ඔප්පු කරන්න පුළුවන්. හැබැයි කියන්නෙ නෑ.:)

    ReplyDelete
    Replies
    1. හෙහ් පොඩි කේස් එකක් තම්යි...

      Delete
    2. රාජ් කොලුවා NAND ද?, NOR Gateද? දාන්ට යන්නේ. :)

      මට මතකයි අපි සුට්ටි කාලේ අපේ අයිය මේ පුරස්නෙන් අපට වැඩ දැම්ම.

      Delete
  7. අපොයි ඔළුවත් කැරකෙන්න වගේ මේක හිතන්න ගිහින්. බීලා විසදන්න ඕන තේර විල්ලක් වගේ. :P

    ReplyDelete
    Replies
    1. :( හා හා බට්ටියෙ මේක විසදන්න බොන්න යන්න එපා ... උත්තරේ ලැබුණා

      Delete
    2. මොකද්ද උත්තරේ. කියන්නකෝ ඉතිං.

      Delete
  8. එක්කෙනෙක්ගෙන් අහනවා....
    "හරි පාර මොකක්ද කියල ඇහුවොත් අනිත් එක්කෙනා පෙන්නන්නේ මොන පාරද කියලා "

    අනේ මගේ මොලේ නෙමෙයි මේක මාත් කලින් අහල තියෙනවා..

    ReplyDelete
    Replies
    1. නිවැරදි පිලිතුර .. ස්තුතියි ...

      හෙහ් මම දන්නවා මේක කලින් අහපු එකක් තමයි කියල... නැත්නම් ඕක ලේසියෙන් ‍තෝරන්න බෑ ...

      Delete
  9. රාජ්ය සේවය පිණිසයි ලියන අයගෙනුත් , ෆැන්ටසි ගෙනුත් ඇනෝ කෙනෙකුත් නිවැරදි පිලිතුර ලබා දුන්නා... ස්තූතියි ඔබ තිදෙනාට ....

    මා විශ්වාස කරනවා මේ තේරවිල්ල මීට කලින් මොවුන් අසා ඇති බවට.. නැත්නම් මේක විසදීමට ටිකක් අමාරු බවයි මගේ අදහස... ඒ නිසා තව ස්වල්ප වේලාවක් අනිත් අයටත් මහන්සි වෙන්න වෙලාව දී ඒ පිළිතුර පබ්ලිශ් කරන්නම්...

    ස්තුති ...

    ReplyDelete
    Replies
    1. බොරු කියන එකකෙනයි ඇත්ත කියන එක්කෙනයි දෙන්නම පැත්තකට දාලා දැන් නම් මම ඔයාව ගගේ ඔබනවා.

      Delete
  10. මම හිතන්නේ එයා දෙන්නගෙන් ඕනෙම සහෝදරයෙක් ලගට ගිහින් අහයි "මම ඔයාගේ සහෝදරයාගෙන් හරි පාර ඇහුවොත් එයා දෙන උත්තරය මොකක්ද " කියලා.

    එතකොට ලැබෙන උත්තර -

    බොරු කියන කෙනා - හැමවෙලේම බොරු කියන නිසා ඇත්ත සහෝදරයා පෙන්වන ඇත්ත පාර වෙනුවට බොරු පාර පෙන්වනවා.

    ඇත්ත කියන කෙනා - තමන්ගේ සහෝදරයා හැම වෙලේම බොරු කියන බව දැනගෙන එයා පෙන්වන බොරු පාර පෙන්වලා දෙනවා.

    ඒ නිසා කවුරු උත්තරේ දුන්නත් ඒ පාරේ නැතුව අනික් පාරේ ගියානම් හරි :)

    ReplyDelete
    Replies
    1. නිවැරදි & පැහැදිලියි ....... ස්තුතියි ...

      Delete
  11. රජතුමා ඇතුලෙ නැත්තෙ නැහැ නේද ?

    මට මතක නැහැ නොවැ !

    ReplyDelete
    Replies
    1. රජතුමා ?? හෙහ්... හරි කමක් නෑ කවුරුහරි ඉතිං...........

      Delete
  12. මං කියන්නේ නැහැ.එහෙම කිචුවොත් කට්ටිය හිතන්නේ නැතිව යනවා නේ.

    ReplyDelete
  13. අපි මුලින්ම පාරවල් දෙක නම් කරගෙන ඉමු. එතකොට ලේසි

    A - නිවැරදි පාර
    B - වැරදි පාර

    ඉන්නේ දෙන්නගෙන් කවුරු උනත් එයාගෙන් අහනවා මෙන්න මේ ප්‍රශනය.

    මම අනිත් මුරකාරයාගෙන් ඇහුවොත් හරි පාර මොකක්ද කියල එයා දෙනවා කියල හිතන උත්තරේ මොකක්ද ? අහල ඒ කියන පාරේ නැතුව අනික් එකේ යනවා

    අපි දැන් මේක වෙන්නේ කොහොමද බලන්න මුරකාරයෝ දෙන්නව වෙන වෙනම අරගෙන බලමු ඒ ගොල්ලෝ දෙන උත්තරය.

    1. ඇත්ත කියන කෙනාගේ උත්තරය - ඇත්ත කියන කෙනා ඇත්ත කියන නිසා එය අනිවාර්යෙන්ම දන්නවා අනික් එක්කෙනා කියන්නේ බොරු උත්තරය කියල. එතකොට ඇත්ත කියන කෙනාගේ උත්තරය තමයි B

    2. බොරු කියන කෙනාගේ උත්තරය - බොරු කියන කෙනා බොරු කියන නිසා එය දෙන උත්තරය වෙන්නෙත් B , මොකද එය දන්නවා 1 මුරකාරයා ඇත්ත කියන කෙනා කියල. එතකොට මෙය බොරු කියන කෙනා හින්ද මෙය දෙන්නේ බොරු උත්තරය.

    එතකොට අපි යන්න ඕනේ හරි පාර තමයි A

    මම ඔයාල ගොඩක් අයගේ බ්ලොග් කියවනවා එත් මුල්ම comment එක දැම්මේ මේ post එකට.

    ReplyDelete
    Replies
    1. ඔබට ඊළඟ වටයට යන්න ඉස්සෙල්ල මොනවහරි කියන්න තියෙනවද?

      Delete
    2. පැහැදිලි පිළිතුරක් ... ස්තුතියි ඔබට ........
      මල් මිටියාවතට සාදරයෙන් පිළිගමි ...

      Delete
  14. හොරා මගේ කොමෙන්ට් ඒක දැම්මේ නෑ.

    ReplyDelete
    Replies
    1. ආහ් දැම්මා දැම්මා .. මේ අර ජයග්‍රාහී ඇනෝ වෙන්ටැති නේද ?

      Delete
  15. අනේ මන්දා........... කම්පනාවට එන්නෙම නෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කම්පනා කොලාට හිත වෙන දිහාක වෙන්ටැ !

      Delete
  16. මට කෝල් අ ෆ්‍රෙන්ඩ් ඔප්ෂන් ඒක දෙන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. බෑ බෑ.. ඔයාට කෝල් අ ෆ්‍රෙන්ඩ් දුන්නත් ඔය යාලුවො විශ්වාස කරන්ට පුලුවන්ද ? කෙටිකාලීන බර අඩු කිරීම වගේ හොර උත්තරයක් දේවි... සැලෙන්න එපා යාලූ ... සිතන්න

      Delete
  17. සරි ලේසියි... ප්‍රශ්න දෙකයි අහන්නේ

    හරිපාර කියනවද ? නැද්ද ?

    ReplyDelete
  18. අනික් සහෝදරයා කියන්නෙ මොකද්ද කියලා අහන එක නේද? එතකොට හරි පාර ඒ කියන පාර නෙවේ අනිත් එක..

    ReplyDelete
    Replies
    1. //අනික් සහෝදරයා කියන්නෙ මොකද්ද කියලා අහන එක නේද?//


      හෙහ්... මේ කොහෙ හරි පාරක් ගැන කියවිලා තියෙනවද ?

      ස්තුති රූ

      Delete
  19. ආ..මාත් දන්නවා උත්තරේ...

    එයාගෙන් අහන්න ඕන "ඔයාගේ සහෝදරයා හරි පාර හැටියට මොන පාර පෙන්නාවිද" කියලා...

    මේක කලින් අහල තියනවා. ඒ වෙලාවේ පැය භාගයක් විතර හිතලා විසඳ ගත්තේ...

    ReplyDelete
  20. දෙන්නටම රුපියල් 500 ගානේ දුන්න නම් පාර පෙන්නනවා හරියටම.........

    ReplyDelete
  21. උත්තරේ දීල ගොඩක් කල්නේ... එහෙනම් ෆලෝ පාර දාල මම යනවා...

    ReplyDelete
  22. පරක්කු වැඩියි වගේ...හෙහ්...හෙහ්..

    ReplyDelete
  23. අහ්හ් උත්තරේ කියලා තියෙනවා නේද :ඩි (හොද වෙලාවට අම්මෝ)

    ReplyDelete
  24. ඔයා කෝ.හොයාගන්නත් නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. ඒකතමයි අයියෙ බලන්නකෝ...අපිට දැන් පිකටින් එකෙක්වත් පටන් ගන්නවෙයි වගේ.....

      Delete
  25. මමත් පරක්කු වැඩියි වගේ.

    ReplyDelete
  26. සම්මානි අක්කේකේකේකේකේ....කෝ අනේ ඔයා.....

    සමහරවිට ඔයා වැඩ ඇති නේද​??? පුළු පුළුවන් වෙලාවට ඇවිත් ලියන්න...බ්ලොග් එක දාල යන්න එපා.....

    ReplyDelete
  27. මේ මගේ අලුත් බ්ලොග් එකට එන පාර. ඉඩක් තියේ නම් පොඩ්ඩක් ගොඩ වෙලා යන්න..
    http://wehimandarama.blogspot.com/
    -වර්ෂා..

    ReplyDelete
  28. සම්මානි, මොකෝ සද්දේ වහලා.. කෝ නූරි ?

    ReplyDelete
  29. ඔතන පොඩි අවුලක් තියෙනවා. බොරු කියන පුද්ගලයා "මට සහෝදරයෙක් නෑ!" කියල කිව්වොත් මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත ප්‍රති පතති වෙනස් නොකරන නිසා ඒ යකා ටොම් පචයක් කිවුවොත් .......

      Delete
  30. "Google Earth" theyanakal api kagen wath paarawal ahanne ne.

    Ela theravillak ah. Patta.....

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....