Thursday, March 22, 2012

නූරි --- 13

සිතේ ඇතිවන වේදනාව නූරිව විඩාවට පත් කළේය. සියල්ල සිදුවූයේ තමාගේ වරදින් යැයි ඈ කල්පනා කළාය. යෞවන වියේ ඇතිවන ක්ශණික හැගීමකට මුල්තැන දෙමින්, හෙට සිට තරින්දට මුහුණදීමේ අපහසුතාවය නැවත මතකයට නගා ගනිමින් ඈ දුව ගොස් අල්මාරිය මත තිබූ කුඩා බෝතලය සිය සුරතට තද කර ගත්තාය.

***********
"නූරි, ළමයො ඇයි කලුවරේ, ලයිට් ගියා වද්ද ? " අම්මා කඩයට ගොස් නැවත එන අතරදී අඩ අදුරේ ගිලී ඇති නිවස දැක, දියණිය පෙනෙන්නට නැතත් විමසුවාය.

පිළිතුරක් නොලද තැන ඈ හඩ නගා "නූරි  ඊ ..." යැයි පැවසුවාය.

"පුතේ බලන්න අක්කි කොහෙද කියල... "

"අම්මි, අක්කි කාමරේ වැටිල ... එන්න....."
කුඩා ඔනෙල්ගේ කෑගැසීමෙන්. මව කාමරයට දුව ගියාය. එය වැටීමක් නම් නොවන බව අවබෝධ කරගත් ඇගේ මව, බොහෝ සේ අවුල් වූ සිතින්, අහළ පහළ පිරිසකගේ උදව්වෙන් නූරිව රෝහලට ‍රැගෙන යන ලදි.

"අහවල් එකක් උනාද මගෙ දරුවට , දෙය්යනේ... "
රෝහලට යන අතරදීත් නූරිගේ මවගේ වේදනාබර වචන ඈ සමග උන් අන් පිරිසවද අඩවන්නට සමත් විය. සැමදෙනාගේම සිත්වල තිබුනේ කුතුහලයකි.

"ඇයි අක්කෙ, දරුවට මොකකටවත් සැර වැර වත් කෙරුවද මේ දවස්වල ?"
පිරිස අතර සිටි කාන්තාවක් විමසුවාය..

"අනේ,, මයෙ කෙල්ලට අපි කවද්ද දෙය්යනේ නිය පිටින් පාරක් වත් ගැහුවෙ.. "
රෝහලට ඇතුලත් කල විගස ජයසේන මහතාද රෝහලට පැමිණියේය. වහ වහා ක්‍රියාත්මක වූ රෝහල් කාර්ය මණ්ඩලය හදිසි ප්‍රතිකාර අංශය වෙත නූරි ව යොමු කළහ.





නූරි සියදිවි නසා ගැනීමට තැත් කර තිබිණි. රෝහල් බංකුව මත ජයසේන මහතාද, ඔහුගේ සිරුරට හේත්තු වී කදුලු වගුරමින් සිටිනා බිරිදද දු‍ටු වෛද්යවරයා ඔවුන්ව පසෙකට කැදවා ප්‍රශ්න කරන්නට විය.

"බයවෙන්න දෙයක් නැ, ළමය බය කරන්න වෙන්නැති මෙහෙම දෙයක් කරන්න ඇත්තෙ... ඒත් මට මේකට හේතුව නම් දැනගන්න ඕනෙ.."

"ඩොක්ටර් මේ ඇත්තමයි, අපිට කිසිම දෙයක් හිතාගන්න බෑ.. අපෙ දරුවට එහෙම දෙයක් කරගන්න කිසිම හේතුවක් තිබ්බෙ නෑ අපි දන්න විදියට.. "

"ඒක හරි පුදුමයක්නෙ.. මොකද අපි ළගට ඔහොම ළමයි ගොඩක් එනව, මං කියන්නෙ මේ වයස හොද නෑනෙ, එක එක දේවල්වලට පැටලිල ජීවිතෙ නැති කරගන්න උත්සහ කරන ලමයි සෑහෙන්න ඉන්නව... ඔය මොකක් හරි පොඩි හේතුවක් ඇති මේ වයසට... "

"අනේ මන්ද ඩොක්ටර්, අපි දැනුවත්ව නම් කිසි හේතුවක් නෑ, කෝකටත් මං දූගෙ ඉස්කෝලෙ යාලුවෙක්ගෙන් වත් ආරංචි කරල බලන්න්නම්කො.. "

නූරිගෙ පියා මේ පිළිබදව තරින්ද ගුරුන්ගෙන් විමසීමට සිතා ගත්තේය.

"දන්න අදුනන තරුණ සර් කෙනෙක් ඉන්නව ඩොක්ටර්, මං ඒ සර්ගෙන්වත් අහල බලන්නම්.. දරුවට මෙහෙම දෙයක් කරගන්න ඕනෙනම් ඒක කරගන්න ඕනතරම් හේතු තිබ්බ පහුගිය කාලෙනම් අපි පවුලම වැටිල හිටිය  නිසා.. "

පියා තවදුරටත් වෛද්යවරයාට ගෙවුණු කළ සිදුවූ සිදුවීම්ද සැකෙවින් විස්තර කළේය.

******************************

නූරි වස බී රෝහලේ යන පුවත විදුලි වේගයෙන් පාසැලේ ළමුන් අතර පැතිරෙන්නට විය. හේතුව සැම කෙනෙකුටම කුතුහලයක් බැවින්, හේතු නිර්මාණය කරන්නට ද බොහෝ අය පටං ගෙන තිබිණි.

තරින්ද විජේරත්න ගුරුන්ටනම් මෙය ප්‍රහේළිකාවක් නොවීය. නූරි දක්ශ දැරියක් හා යමක් කියූ විට අවබෝධ කර ගැනීමේ සමතියක් යැයි  සිතූ බැවින්ම මිසක ඔහු දුරකථනයෙන් ඈට කථා නොකරන්නට ඉඩ තිබිණි. ගුරු කාමරයෙ හිස් පු‍ටුවකට බරදී ඔහු අරමුණක් නොමැතිව හිස් බැල්මෙන් ඈත බලා සිටියේය.

"මගෙත් වැ‍රැද්ද, ඒ ළමයට ප්‍රශ්න මදිවට මේ වෙලාවෙ ඕක කිව්වෙ... "
සිතුවිලි සිතට එන්න පටන්ගත්විට ඔහුගේ සිත ඔහුට දොස් පවරන්නට විය. ඊයේ දිනදී නූරිගේ පියාද ඔහු හමු වී මේ පිළිබද දන්නා තොරතුරක් ඇතිදැයි විමසූ අවස්ථාවේදී ඔහු බොහෝ සේ අපහසුතාවයට පත්වුණු අයුරු සිහියට නැගිණි.

"පුතා, අපෙ ළමයගෙ මොනාහරි පටලැවිල්ලක් එහෙම තිබ්බ කියල ආරංචියක් වත් නැද්ද ?"

"අනේ , නෑ අන්කල්, මේ ළමයගෙ එහෙම කිසි හේතුවක් තිබ්බෙ නෑ, අපි ළමයි එක්කමනෙ ඉන්නෙ ... "

"දරුවගේ ජීවිතේටනම් අනතුරක් නෑ කියපු හින්ද හිතට බයක් නෑ.. ඒත් අපි හොයල බලන්න එපැයි දරුවො, කාගෙන්වත් බලපෑමකට බයේවත් ළමය මෙහෙම කරගන්න ගියාද කියල.. "

"ඔව්, ඒක නම් ඇත්ත තමයි.. අන්කල් බය වෙන්න එපා, ඉස්කෝලෙන් මම විස්තර හොයල බලන්නම්කො ... "

*******************

තෙසතියකට පසුව නූරි සුවය ලබා නිවෙසට ආවාය. පෙරදී කෙළිදෙලෙන් පසුවූ සිසුවිය වෙනුවට, බොහෝ සෙයින් නිහඩ දැරියක් වූ නූරි වැඩි කාලයක් තම කාමරයටම වී කාලය ගත කළාය. පාසැලට යාම බොහෝ සේ ප්‍රතික්ශේප කරන්නට වූවාය. සතියකට වතාවක් මිතිලා අවුත් දුක් සැප බලා යාම සිදු විය.

"මගෙ රත්තරන් පුතේ, ඔයා ඔහොම හැසිරුණොත් අපි කාටත් හිතට වේදනයි නේද ! අපිව දාල නුවරට එන්න පුලුවන්කම අප්පච්චිට තියෙද්දිත්නෙ අප්පච්චි අපි ඔක්කොම අරගෙන නුවර ආවෙ .. ඒ අපි හැමෝම සතුටින් එකට ඉන්න ඕනෙ හින්දනෙ දරුවො.. ඔයා ඔහොම කථා නොකර පැත්තකට වෙලා හිටියොත් අපෙ සතුට කෝ පුතේ.. ඇයි මගෙ පුතාට ඉස්කෝලෙ යන්න බැරි .. ? මොකක්ද ප්‍රශ්නෙ ...  "

නූරි කට පියාගෙන කාමරයට ගියාය. සිය හැගීම් වෙනුවෙන් පොර බැද, ඒ අසාර්ථක වූ කල්හි, ඈ පලිගන්නේ ඇගේ අහිංසක දෙමාපියන්ගෙන් බව බොහෝ තරුණ දුවනියන්ට මෙන්ම ඈටද අමතක වී තිබිණි.

තරින්ද ගුරුන්ගේද සිත බොහෝ ව්යාකූල වී තිබිණි. මේ සියල්ල සිදුවූයේ ඔහුගේ වරදින්ය යන හැගීමෙන් මිදෙන්නට ඔහුට නොහැකි වී තිබිණි. පන්තිය අතරතුරදී නූරිගේ දෑස් සොයා ඒ අකීකරු දෑස් සරන්නට පටන්ගෙන තිබිණි. නූරි සිටින දිනවල ඇගේ වගක්වත් සිතට නොදැනුන නමුත් ඈ නොසිටින මේ දිනවල ඈම සිහිවන්නේ ඇයිදැයි සිතට වදදෙන ප්‍රශ්නයක්ම විය. ඒ රවුන් මුහුණ නැතිව ඔහුටද පාලු දැන්නෙන්ට පටන් ගෙන තිබිණි. "මේ කෙල්ල මට වශියක් වත් කළාවද්ද" සමහර අවස්ථාවලදී ඔහු එහෙමද සිතුවේය.

නිතර හිනාවෙන් තිබූ නිවෙස කෙටි කලකින්ම අදුරු ගුප්ත ස්වරූපයක් ගන්නා ලදි. කළ හැකි දෙයක් නොවූයෙන් නූරිව තාවකාලිකව ගමේ මහගෙදර නැවැත්වීමට ඇගේ දෙමාපියන් විසින් තීරණය කරන ලදි.
වෛද්ය වරුන් පවසන ආකාරයට ඇයට රෝගයක් නොමැති බැවින්, ඇයට අවශ්ය දිනෙක නිහඩ බව බිදිනු ඇතැයි ජයසේන මහතාට වෛද්යවරුන් කියා තිබිණි.

"ඔන්නොහෙ එයාට තව ටිකක් කල් දෙමු.. ඊට පස්සෙ බලමු. .. අපි කෝකටත් දරුවව, ගමේ එක්කරන් යං.. අක්ක එක්ක ඉන්නකොට ඔය කට ඇරිල එයි .. "

මිතිලා පැමිණ මිතුරියට කතා කොට, සුපුරුදු ලෙසම පිළිතුරක් නොලැබුවාය. ඒත් අද ඈ වෙනදා මෙන් ඉක්මණින් නොගියාය. බලෙන්ම මෙන් ‍රැදී සිට, නූරිගේ මව නොමැති අවස්ථාවකදී හතරට පහට නැමූ කොලයක්, නූරිගෙ සුරතේ ගුලි කළාය.

"මොකක්ද ?" දුබල කටහඩින් නූරි විමසුවාය.

"සර් දුන්නෙ, ලියුමක් වෙන්නැති"

"මට, ඇයි ?"

"මං දන්නෙ නෑ, ඔයා පස්සෙ බලන්න.. " පහත් ස්වරයෙන් මිමිණූ මිතිලා යන්නට ගියාය.

නූරි ගැහෙන දෑතින් ලියුම අතට ගත්තාය.

"එක්කො හෙට ගමේ ගියාම බලනවා" ඈ එය පරෙස්සමින් ඇදුම් බෑගයේ යටටම දැම්මාය.





19 comments:

  1. මෝඩ ගහක්නෙ...

    කතාව ලස්සනයි.. ඉතිරිය එනතෙක් බලා සිටිමි..

    ReplyDelete
    Replies
    1. ස්තුති සෙන්න, ඉතිරිය ළගදීම දැමීමට බලාපොරොත්තු වෙමි.

      Delete
    2. කෝ ඉතිරිය ??

      Delete
  2. බලන්නකො සම්මානි මම කියපු දේමනෙ මේ මෝඩි කරල තියෙන්නෙ..ඒ වුනාට එයා මෙහෙම කරන එක වැරදියි..අම්මගෙ අසනීපෙ මතක් වුනේ නැද්ද.. :(

    ReplyDelete
    Replies
    1. ඒයි මං ඒත් බැලුව, නූරි මෙහෙම එකක් කළේ ඇයි කියල.. බැලින්නම් සිත් රූ ගෙන් උපදෙස් අරගෙනනේ... අනේ අනේ... හිහි .. ස්තුති සිත් රූ ...

      Delete
  3. සන්තොස දායකයි,අද තමා කතාවට එකතු උනේ,එතිරි ටිකත් කියවලාම එන්නම්කෝ........

    ReplyDelete
    Replies
    1. කලාකාරයාවත් සාදරයෙන් පිළිගනිමි .. ඉතිරියත් කියවා එන්න එහෙනම් ..

      Delete
  4. ගෙදරක වස බෝතලයක් තියෙන්නෙම හොඳ නැහැ. අපේ ගෙදරණං හොයාගන්නවත් නැහැ. එකට මේ ගෙවල් වල

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත වර්ණා.. ළමා සිත් ආවේගශීලි නිසා..

      Delete
  5. එහෙම වෙලාවකට හිතට එන පීඩනේ කියාගන්න බැරි තරම්.මං මේ කල්පනා කළේ තරින්ද සර් මොනවා ලියල ඇත්ද කියල.

    ReplyDelete
    Replies
    1. වර්ශා කොහොමද කාලෙකට පස්සෙ... විභාගෙට ලෑස්තිද දැන් ?

      අපි බලමු නංගො සර් මොනා ලියලද කියල....

      Delete
  6. අයියෝ නුරි හරි මෝඩයි නේ...:)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. එක්තරා මෝඩකමකුත් තමා ඒකත්..

      Delete
  7. හිත කදාවැටුන වෙලාවක් හිතට එන හයියට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙනවා.ඒ වෙලාවට කිසිදෙයක් මතක නැතිවෙන තරමටම අඳුරු වෙනවා.ඒත් අම්ම,තාත්ත ගැන හිතද්දී හැම දුකක්ම හංගගන්න වෙනවා.

    කතාව කොටස් මග හැරුන.ආවෙත් කියෙව්වා.කුතුහලය නිසා දාන්නම අක්කට ඉක්මනින්ම දන්නා වෙයි වගේ...හ්ම්ම්..

    කතාව ලස්සනට ගලාගෙන යනවා.

    ReplyDelete
    Replies
    1. සිහින ත් කාලෙකට පස්සෙ...

      ඉක්මණටම දාන්න ඕනෙ ඉතිරියත්..

      Delete
  8. සතුටුයි අද තමා කතාවට එකතු වුණේ.

    ReplyDelete
  9. සතුටුයි අද තමා කතාවට එකතු වුණේ.

    ReplyDelete
  10. මමත් අද තමයි මේ බ්ලොග් එක දිහාට ආවේ...
    කොටස් ගොඩක් ගිහින් නිසා මුකුත් කියන්න තරම් දන්නේ නැහැ
    කතා ඔක්කොම හිමීට බලාගෙන එන්නම්කෝ.

    ඔන්න මමත් පස්සෙන් පන්නන්න තියා ගත්තා... :)

    ReplyDelete
  11. මීට පස්සේ ඉතින් බලන් ඉන්න වෙනවා අනිත් එවුව ලියනකල්.. හෆොයි.. මට තිබුනේ තව සති දෙකකින් විතර බලන්න පටන් ගන්නයි.. කොහොමටත් 13 මහා නරක නොම්මරයක්..

    ReplyDelete

හිතෙන දෙයක් කියලා යන්න... ඔබට හිතුන දේ ලියා තැබුවොත් එය මගේ ගමනට ශක්තියක් වේවි....